ඇයි මෙහෙම?

rayrox

Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    මම පොස්ට් එකක් දැම්ම ඊයේ pre shoot එකක් කරන්න කඩවත walking path එක ගැන විස්තර ටිකක් දැනගන්න. උදව් කළා ගොඩක් දෙනෙක්.



    හැමෝටම ස්තුතියි.. :love::love::love:



    මේ ඒ පොස්ට් එක.


    https://www.elakiri.com/forum/showthread.php?t=1865366


    ඒ අතරේ එක මහත්මයෙක් අමුතු කතාවක් දුන්නා මට private msg කරලා.

    ElKos කියලා පොරක් මට private msg කළා මේ වැඩේ කරලා දෙන්නම් කියලා.
    එයා කියනවා,


    "කඩවත ඇල්දෙනිය බිම්බාරාම පන්සලේ ලොකු හාමුදුරුවෝ අපේ බාප්පා. මට පුළුවන් උන්වහන්සේට කියලා වැඩේ කරලා දෙන්න. ඔබතුමා පුළුවන් නං අද හවස පන්සලට එන්නකෝ. අපේ අලුත් අවාස ගෙයට ආධාර උපකාරයක් එහෙම කරන්නකෝ."


    මෙන්න මෙහෙම කිව්වම මම ඇහුවා විස්තර, මේක ඇත්තටම ගාස්තුවක් ගෙවනවා නම් කරන්න ඕනේ දේ මොකක්ද කියල. අවසර ගන්නවා නම් කොහොමද කරන්න ඕනේ කියලා.



    අද උදේ මට බැනල මැසේජ් එකක් එවල මම ඊයේ අවේ නැ කියල,


    "උබ ඇයි පන්සලට ආවේ නැත්තේ? කිව්වනි වැඩේ කරලා දෙන්නම් කියලා. ඉදිරි දවස් වල නං හාමුදුරුවෝ නැහැ. බුරුමයේ වඩිනවා.

    උබ මහා කිසි සැලකිල්ලක් නැති මිනිහෙක්. "



    මම ආයේ කිව්වා මට විස්තර කියන්න කියලා,
    මේ මිනිහ මෙන්න මේ මැසේජ් එක දාලා මාව බ්ලොක් කරලා.



    "එහෙනම් ඉතිං උබට ඕනි විදියට කරගනින්. තව විස්තර අහ අහ ඉන්නේ, වැඩේ කරන විදිය කිව්වමත් මුන්ගේ ලොකු ලයින්. හිගන කාලකන්නියෙක්ද කොහෙද."


    ඇයි මෙහෙම කරන්නේ කියල මට හිතාගන්න බෑ. නියම ආකාරයෙන් වැඩේ කරගන්න නම් මට පන්සල් වලට ආධාර කරලා කරගන්න ඕනේ නැනේ. ඒ වගේ දේකට ආධාර කරන්න තියෙන අකමැත්ත නෙවෙයි, ඒත් බලෙන් කියවල ආධාර ඉල්ලලා මෙහෙම බැනලත් ගියාම ආධාර දෙන එකත් එපා වෙනවා.
     
    • Like
    Reactions: Dishta Didin

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    attachment.php
     
    • Like
    Reactions: rayrox

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මේත් එයා නේද?


    Report Private Message Private Message: බිජ්ජක් කතා කරයි


    ElKos ElKos is online now
    Junior Member
    ElKos is an unknown quantity at this point

    Posts: 0
    Join Date: Aug 2018
    බිජ්ජක් කතා කරයි - Today, 09:11 PM
    මල්ලි සමලිංගිකද?

    https://www.elakiri.com/forum/showthread.php?t=1865555
    මේ thread එක දාපු member ට ElKos යවපු PM එකක් වෙන්න ඕනේ.

    හොඳ වෙලාවට ඔයා නොගියේ... :P
     
    Last edited:
    • Like
    Reactions: rayrox

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහ් මටත් මොන මොනවදෝ කියල බැනල මැසේජ් වගයක් එවල තිබ්බ, ඔය පිස්සො කියන ඒව ගනන් ගන්ඩ එපා..රිප්ලයි නොකර උන්නම ඉවරයි..:cool:
     
    • Like
    Reactions: rayrox

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63

    මේත් එයා නේද?



    https://www.elakiri.com/forum/showthread.php?t=1865555
    මේ thread එක දාපු member ට ElKos යවපු PM එකක් වෙන්න ඕනේ.

    හොඳ වෙලාවට ඔයා නොගියේ... :P

    අහ් මටත් මොන මොනවදෝ කියල බැනල මැසේජ් වගයක් එවල තිබ්බ, ඔය පිස්සො කියන ඒව ගනන් ගන්ඩ එපා..රිප්ලයි නොකර උන්නම ඉවරයි..:cool:


    Ow ban. Aparade uta reply karapu ekatath padui.. Pissoth innawa ne neda ban
     
    • Like
    Reactions: erozan