බ්‍රයිස්මේඩ් නාඩගම් පුවත
බ්‍රයිස්මේඩ් නාඩගම් පුවත.
හැටහුටාමාරක් මගුල්වලට "යාලු මනමාලි" ලෙස රංගනයෙන් දායක වීම තමන්ගේ මගුල කල් යෑමට හේතුවන බව ආච්චිගේ අදහස ය.. අදහස සාධාරණ වීමට හේතු දෙකක් ය.. එකක් නම් දහාටෙන් විස්සෙන් කසාද බැඳගන්න උන්ට කොහොමත් යාලු මනාලියන් විය නොහැකි වීම හා අවුරුදු විසිහතරක් පමණ ආතල් එකේ හිඳ කසාද බැඳගන්නා උන්ට ඇති තරම් යාලු මනාලියන්ට යෑමේ අවස්ථා හිමි වීම ය.. යාලු මනාලියන්ට යාමට නොහැකි වන, රස්සාවට පෙර පරස්තාව කරගත් එවුන්, "ඕකි බඳින්න පරක්කු උනේ බ්රයිස්මේඩ්ලටම ගිය නිසා ය.." යනුවෙන් කතා හදන්නේ එවිට ය... දෙවැන්න, සහය නිළියගේ චරිතය කොන්ද කැඩෙන වැඩක් නම්, ප්‍රධාන නිළිය වීම හොම්බෙන් යාමට සිදුවන වැඩක් බව අත්දැකීමෙන් අවබෝධ වීම නිසා කලබලයෙන් විවාහ වී නිවිසැනසිල්ලේ පසුතැවීමට ඇති අකමැත්ත ය..
බ්‍රයිස්මේඩ් නාඩගමේ උපත් කතාව, සූරපප්පා සහ වැඩ දොළහ ඇසුරෙන් නිර්මාණය වුණ එකක් ය.. "නංගි මගේ බ්රයිස්මේඩ්ට එනවාදැයි..?" අසන තැන පටන් ඇත්තේ වැඩ කෝටියක් සම්පූර්ණ කිරීමට ය..
කෙසේ වුවත්, කට්ටට මුල්ගල් තබා වැඩ ආරම්භ කෙරෙන්නේ "නංගි මෙසිමන්ට් දෙන්ඩ යමුදැයි..?" අසන තැන සිට ය.. එතැන් පටන් මෙසිමන්ට් ගැනීම්, කරාබු තේරීම්, මාල තේරීම්, අතට දාන ඒවා තේරීම්, ඔළුවට ගහන ඒවා තේරීම් ඇතුළු එකී මෙකී නොකී දාහක් තොරොම්බල් තේරීම් අතර හොඳම එක සෙරප්පු තේරීම් ය.. "අක්කෙ මට හීල්ස් දාලා පුරුදු නැතැයි.." කී විට දෙවෙනි මනමාලයා පොල්ගසක් වීමේ සම්භාවිතාව වැඩි ය.. අඩු තරමේ උගේ පපුවට කිට්ටු වෙන්නටවත් හැකි උස සෙරප්පු අඩියක් සොයා DSI, රන්පා, හෙලන්කා ආදී සාප්පු පීරන්නට සිදුවන්නේ ඉන්පසුව ය.. ලෝස් නැතිව වියදම් කරන මනාලියක් සැට් වීම යාලු මනාලිය වන එකීගේ පූර්ව ආත්ම භවයක තුලාභාර දාන දුන් මහා පුණ්‍යකර්මයක ආනිසංසයක් බව හැඟෙන්නේ දණිස් පොල්කටු උච්චි තාන් තාන් තාන්, ගොරක දේන් දේන් දේන් තාලයට මැඩ්ලින් ගසද්දී ය... සාප්පු පන්සීයකට විතර ගොඩවෙන අතරවාරයේ එන බඩගින්න ගැන එහෙව් මනාලියෝ සිතනවා ය.. දෑතින් දෙන දේට බොක්කෙන් බෙලෙක්කෙන් ම ලෝබකම් කරන අදින්නපුබ්බක ප්‍රවර්ගයට අයත් මනාලියක සැට් වීම නම් යාලු මනාලිය වන එකී ටොපියක් බෙදාගෙන නොකෑමේ සුළු වරදකට වුවද ඒ ආත්මයේ ම පඩිසන් දෙන්නක් ය.. තොලකට තෙමෙන්නට බීම විදුරුවක් අරන් නොදෙන මනාලියන් සමඟ ගමන් යන්නට සැට් වන්නේ එවිට ය...
අපේ වැඩ පාඩු කරගෙන මනාලිය සමග රට වටේ යනවා මදිවට ගේට්ටුවෙ මුරකාර විදුහල්පති තැනට බයේ ඇහිබැමි උගුල්ලන්නට බෑයි කියද්දී සැලෝන් අක්කා ලව්වා මරිසි දම්මනවා ය.. එයා තොල් උරුක් කොට කියන "ඕහ් පුවර් ගර්ල්.. හැදුවද කියලා හොයන්න බැරි වෙන්න මං හදන්නම් ඩාලිං.. ඔව්වද මං කළේ අනේ.. මේං මෙතන චූට්ටක් ප්ලක් කළා ම හොඳට ම ඇති පැටියෝ..." වැනි ඉච්චා වදන් මංගච්චනවා බලා ඉන්නට බැරි ම තැන "එහෙනං ඉතිං ඕන එකක්.." කියා ඒ අක්කාට මුණ දෙනවා ය.. ඉන්පසු ඉතිං මගුලට පහුවදා සිට ම ඔලිව් තෙල් ඉලීම් ය, ඇහිබැමි වැවීම් ය.. ඉස්කෝලෙට අසුවුණොත් කුණු බැණුම් ය..
මගුල දා රාත්‍රියේ කලමනා ටික මල්ලක ඔබාගෙන නිදිමරගාතෙන් හෝටලයට දුවනවා ය.. ගවුම් අඳින මගුලක් නං කරදරවලින් භාගයක් තොලොංචි ය.. ඔසරි අඳින මගුලක්
නං දෙගුණයක් කරදර ඇවිත් ඔසරිය අස්සේ පැල පදියම් වෙනවා ය.. අඳින්නට පෙර දත් මදින්නට බලද්දී බුරුසුව නැති ය.. එවිට අමතක වීම පිළිබඳ දැනෙන ආශික් එක විස්තර කරන්නට කටට එන වචන හොඳ මදි ය.. අපිව කවුරු ඉඹින්නදැයි සිතා කඩියන් සේ සැරසෙන අතරවාරයේ "නංගි මේ කටු ටික අල්ලගෙන ඉන්නවද..?" වැනි උපකාර ඉල්ලීම් ය.. "උදව්වට කෙල්ලෙක් ගෙනාවෙ පොල් ගාන්නද ගෑනියේ.." වැනි ප්‍රතිචාර දැක්වීම් උපන්ගෙයිම වළලා දමා, "කෝ දෙන්න අක්කෙ.." කියමින් එය ඉල්ලාගන්නේ දත් තිස්දෙකම පෙන්වා සිනාසෙමින් ය... ඉන්පසු සුළු මොහොතක් "බකන්නිලා" කෝලම කරළියේ ය.. අඳිමින් සිටි ඔසරි පොට එක අතක තබාගෙන, රෙද්දෙ, හැට්ටෙ පිටින් හරනෙල් කටු දික් කරගෙන ඔහේ බලා සිටින යාලු මනාලියට තවත් ගැලපෙන නාමයක් නැති ය..
බොහෝ විට ඒ අවස්ථාවේ දී යාලු මනාලියගේ මුහුණේ ඇත්තේ මුලින්ම උලන පදනම් ආලේපය පමණක් වන බැවින් තම්බා පොතු සුද්ධ කළ අල ගෙඩියක ස්වරූපය ඒ මුහුණට කදිම නිදසුන ය.. ඒ අව් අස්සේ මනාලියට අමතක වූ කුමක් හෝ මෙව්වා එකක් දෙන්නට පැමිණි ඇගේ සොයුරෙක් හෝ වෙනත් කොල්ලෙක් කුරුට්ටෙක් ය.. ඌ අපේ ෆවුන්ඩේෂන් එක ගෑ මුහුණ දැක බිය වූ පසු තවම මේකප් කර අවසන් නැති ය, මේ පදනම් ආලේපය බව ද ඌට එක්ස්ප්ලේන් කළ යුතු ය.. නැත්තං ඌ අපිව එතනම කිණ්ඩි දමා චකබ්ලාස් කර දමනවා ය.. මෝහිනි ය, එම්බාම් කළ මිනියක් ය වැනි කතා කියා ඌ ගිය පසු නැවත ලහි ලහියේ මේකප් ඉලීම් ය, සෙල්පි ගැසීම් ය, ෆීලින් ක්‍රේසි විත් බ්‍රයිඩ් ඇන්ඩ් අදර් පීපල්ස් ය..
..... Con...