බ්‍රයිස්මේඩ් නාඩගම් පුවත

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    බ්‍රයිස්මේඩ් නාඩගම් පුවත

    බ්‍රයිස්මේඩ් නාඩගම් පුවත.
    හැටහුටාමාරක් මගුල්වලට "යාලු මනමාලි" ලෙස රංගනයෙන් දායක වීම තමන්ගේ මගුල කල් යෑමට හේතුවන බව ආච්චිගේ අදහස ය.. අදහස සාධාරණ වීමට හේතු දෙකක් ය.. එකක් නම් දහාටෙන් විස්සෙන් කසාද බැඳගන්න උන්ට කොහොමත් යාලු මනාලියන් විය නොහැකි වීම හා අවුරුදු විසිහතරක් පමණ ආතල් එකේ හිඳ කසාද බැඳගන්නා උන්ට ඇති තරම් යාලු මනාලියන්ට යෑමේ අවස්ථා හිමි වීම ය.. යාලු මනාලියන්ට යාමට නොහැකි වන, රස්සාවට පෙර පරස්තාව කරගත් එවුන්, "ඕකි බඳින්න පරක්කු උනේ බ්‍රයිස්මේඩ්ලටම ගිය නිසා ය.." යනුවෙන් කතා හදන්නේ එවිට ය... දෙවැන්න, සහය නිළියගේ චරිතය කොන්ද කැඩෙන වැඩක් නම්, ප්‍රධාන නිළිය වීම හොම්බෙන් යාමට සිදුවන වැඩක් බව අත්දැකීමෙන් අවබෝධ වීම නිසා කලබලයෙන් විවාහ වී නිවිසැනසිල්ලේ පසුතැවීමට ඇති අකමැත්ත ය..
    බ්‍රයිස්මේඩ් නාඩගමේ උපත් කතාව, සූරපප්පා සහ වැඩ දොළහ ඇසුරෙන් නිර්මාණය වුණ එකක් ය.. "නංගි මගේ බ්‍රයිස්මේඩ්ට එනවාදැයි..?" අසන තැන පටන් ඇත්තේ වැඩ කෝටියක් සම්පූර්ණ කිරීමට ය..
    කෙසේ වුවත්, කට්ටට මුල්ගල් තබා වැඩ ආරම්භ කෙරෙන්නේ "නංගි මෙසිමන්ට් දෙන්ඩ යමුදැයි..?" අසන තැන සිට ය.. එතැන් පටන් මෙසිමන්ට් ගැනීම්, කරාබු තේරීම්, මාල තේරීම්, අතට දාන ඒවා තේරීම්, ඔළුවට ගහන ඒවා තේරීම් ඇතුළු එකී මෙකී නොකී දාහක් තොරොම්බල් තේරීම් අතර හොඳම එක සෙරප්පු තේරීම් ය.. "අක්කෙ මට හීල්ස් දාලා පුරුදු නැතැයි.." කී විට දෙවෙනි මනමාලයා පොල්ගසක් වීමේ සම්භාවිතාව වැඩි ය.. අඩු තරමේ උගේ පපුවට කිට්ටු වෙන්නටවත් හැකි උස සෙරප්පු අඩියක් සොයා DSI, රන්පා, හෙලන්කා ආදී සාප්පු පීරන්නට සිදුවන්නේ ඉන්පසුව ය.. ලෝස් නැතිව වියදම් කරන මනාලියක් සැට් වීම යාලු මනාලිය වන එකීගේ පූර්ව ආත්ම භවයක තුලාභාර දාන දුන් මහා පුණ්‍යකර්මයක ආනිසංසයක් බව හැඟෙන්නේ දණිස් පොල්කටු උච්චි තාන් තාන් තාන්, ගොරක දේන් දේන් දේන් තාලයට මැඩ්ලින් ගසද්දී ය... සාප්පු පන්සීයකට විතර ගොඩවෙන අතරවාරයේ එන බඩගින්න ගැන එහෙව් මනාලියෝ සිතනවා ය.. දෑතින් දෙන දේට බොක්කෙන් බෙලෙක්කෙන් ම ලෝබකම් කරන අදින්නපුබ්බක ප්‍රවර්ගයට අයත් මනාලියක සැට් වීම නම් යාලු මනාලිය වන එකී ටොපියක් බෙදාගෙන නොකෑමේ සුළු වරදකට වුවද ඒ ආත්මයේ ම පඩිසන් දෙන්නක් ය.. තොලකට තෙමෙන්නට බීම විදුරුවක් අරන් නොදෙන මනාලියන් සමඟ ගමන් යන්නට සැට් වන්නේ එවිට ය...
    අපේ වැඩ පාඩු කරගෙන මනාලිය සමග රට වටේ යනවා මදිවට ගේට්ටුවෙ මුරකාර විදුහල්පති තැනට බයේ ඇහිබැමි උගුල්ලන්නට බෑයි කියද්දී සැලෝන් අක්කා ලව්වා මරිසි දම්මනවා ය.. එයා තොල් උරුක් කොට කියන "ඕහ් පුවර් ගර්ල්.. හැදුවද කියලා හොයන්න බැරි වෙන්න මං හදන්නම් ඩාලිං.. ඔව්වද මං කළේ අනේ.. මේං මෙතන චූට්ටක් ප්ලක් කළා ම හොඳට ම ඇති පැටියෝ..." වැනි ඉච්චා වදන් මංගච්චනවා බලා ඉන්නට බැරි ම තැන "එහෙනං ඉතිං ඕන එකක්.." කියා ඒ අක්කාට මුණ දෙනවා ය.. ඉන්පසු ඉතිං මගුලට පහුවදා සිට ම ඔලිව් තෙල් ඉලීම් ය, ඇහිබැමි වැවීම් ය.. ඉස්කෝලෙට අසුවුණොත් කුණු බැණුම් ය..
    මගුල දා රාත්‍රියේ කලමනා ටික මල්ලක ඔබාගෙන නිදිමරගාතෙන් හෝටලයට දුවනවා ය.. ගවුම් අඳින මගුලක් නං කරදරවලින් භාගයක් තොලොංචි ය.. ඔසරි අඳින මගුලක්
    නං දෙගුණයක් කරදර ඇවිත් ඔසරිය අස්සේ පැල පදියම් වෙනවා ය.. අඳින්නට පෙර දත් මදින්නට බලද්දී බුරුසුව නැති ය.. එවිට අමතක වීම පිළිබඳ දැනෙන ආශික් එක විස්තර කරන්නට කටට එන වචන හොඳ මදි ය.. අපිව කවුරු ඉඹින්නදැයි සිතා කඩියන් සේ සැරසෙන අතරවාරයේ "නංගි මේ කටු ටික අල්ලගෙන ඉන්නවද..?" වැනි උපකාර ඉල්ලීම් ය.. "උදව්වට කෙල්ලෙක් ගෙනාවෙ පොල් ගාන්නද ගෑනියේ.." වැනි ප්‍රතිචාර දැක්වීම් උපන්ගෙයිම වළලා දමා, "කෝ දෙන්න අක්කෙ.." කියමින් එය ඉල්ලාගන්නේ දත් තිස්දෙකම පෙන්වා සිනාසෙමින් ය... ඉන්පසු සුළු මොහොතක් "බකන්නිලා" කෝලම කරළියේ ය.. අඳිමින් සිටි ඔසරි පොට එක අතක තබාගෙන, රෙද්දෙ, හැට්ටෙ පිටින් හරනෙල් කටු දික් කරගෙන ඔහේ බලා සිටින යාලු මනාලියට තවත් ගැලපෙන නාමයක් නැති ය..
    බොහෝ විට ඒ අවස්ථාවේ දී යාලු මනාලියගේ මුහුණේ ඇත්තේ මුලින්ම උලන පදනම් ආලේපය පමණක් වන බැවින් තම්බා පොතු සුද්ධ කළ අල ගෙඩියක ස්වරූපය ඒ මුහුණට කදිම නිදසුන ය.. ඒ අව් අස්සේ මනාලියට අමතක වූ කුමක් හෝ මෙව්වා එකක් දෙන්නට පැමිණි ඇගේ සොයුරෙක් හෝ වෙනත් කොල්ලෙක් කුරුට්ටෙක් ය.. ඌ අපේ ෆවුන්ඩේෂන් එක ගෑ මුහුණ දැක බිය වූ පසු තවම මේකප් කර අවසන් නැති ය, මේ පදනම් ආලේපය බව ද ඌට එක්ස්ප්ලේන් කළ යුතු ය.. නැත්තං ඌ අපිව එතනම කිණ්ඩි දමා චකබ්ලාස් කර දමනවා ය.. මෝහිනි ය, එම්බාම් කළ මිනියක් ය වැනි කතා කියා ඌ ගිය පසු නැවත ලහි ලහියේ මේකප් ඉලීම් ය, සෙල්පි ගැසීම් ය, ෆීලින් ක්‍රේසි විත් බ්‍රයිඩ් ඇන්ඩ් අදර් පීපල්ස් ය..
    ..... Con...
     
    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    මනාලියගේ මුහුණේ වල ගොඩැලි වසා දමා මට්ටම් කරන අතරවාරයේ ඇගේ දුරකථනයට නිවනක් නැති ය.. මනාලයාගෙන් ඇමතුම් ය, ගෙදරින් ඇමතුම් ය, කැමරාමන්ගෙන් ඇමතුම් ය, හෝටලයෙන් ඇමතුම් ය.. "මගෙ ඔළුව විකාර වෙලා තියෙන්නෙ.. අයියෝ තව පැයයි.. කැමරාමන් එනවලු.." ඈට දාහක් ගැටළු ය.. සැලෝන් අක්කා කුයික් වන්නේ එවිට ය.. යාලු මනාලියන් සමග ඇති පෙර වෛරයක් පිරිමහන්නට මෙන් කොණ්ඩයට කටු ගසනවා ය.. ඔළුවෙත් ඇනෙනවා ය.. ඒ අව් අස්සේ ඔළුවෙ ගහන මල් ටික සොයාගන්නට නැත.. හෝටල් කාමරය අංගොඩ වාට්ටු සමඟ සැසඳීම ජාතික මානසික විද්‍යායතනයට කරන නිගරුවක් ය.. මනාලිය ගෙයින් එළියට බහින නැකත උදාවත් ම ඈ හෝටල් කාමරයෙන් එපිටට ගොස් බකන් නිලා ඉන්නවා ය.. ගෙදරින් එළියට යෑමේ නැකත කරන්නේ හෝටලයේ සිට ය..
    කැමරාමන්ගේ බලකිරිල්ලට ම හෝටල් කාමරයෙන් එළියට ගන්නවා මිසක සැලෝන් අක්කා අපිව දෙන පාටක් නැත.. මූණෙ දාහක් පාට උලනවා ය, අලුත් ඇහිපිහාටු අලවනවා ය.. ඒක අලවන්නට දැමූ මැලියම් ජුන්ඩක් ඇහැට ගිය විට එතන මල කෙළියක් ය.. කෙසේ හෝ පණ කෙන්ද බේරාගෙන එතනින් එළියට පැමිණෙන්නේ ඊළඟ වික්‍රමය සඳහා ය.. ඒ පොටෝ ෂූට් කෙරුවාව ය.. ප්‍රී සූට් එකට කකුල් රිදෙනතුරු උඩ පැන්නාට, නැටුවාට පසු මගුල් ෂූට් එකටත් ඒ ටික ම කරන්නට ඕනෑ ය.. කැමරාමන් "නංගි බෙස්මන්ට ලං වෙන්න.. කෝ.. තව චුට්ටක්.. තව චුට්ටක්.." කියද්දි ම, "තමුසෙ ඔය යාලු මනමාලයට ඉන්න එකා එක්ක එහෙම වැඩිය සිරික්කිය දාන්නෑ තේරුණාද..? ලං වෙලා ෆොටෝ ගහන්නෙ එහෙම නෑ.. ඌ එක්ක ෆොටෝ ගහලා අහු උනොත් බලාගන්නම්කො මං.." යනුවෙන් වෙන්ඩ හබියා කළ තර්ජන ගර්ජන ඔළුව වටේ රැව් පිළිරැව් දෙනවා ය.. කොල්ලාගෙන් බේරෙන්නටත් ඕනෑ ය.. කැමරාමන් කියන උලව් කරන්නටත් ඕනා ය.. කොහෙන් ගියත් වෙන්නේ අනුන්ගෙ මගුලක් නිසා තමන්ගේ මගුලට කෙලවීම ය..
    යාලු මනාලයා ජෙන්ටල්මන් කෙනෙක් උනොත් හොඳ ය.. ඌ පැණියෙක් උනොත් ඒ යකාගෙනුත් නොම්බරය නොදී ජාමෙ බේරාගත යුතු ය.. පැයක් දෙකක් යද්දී කකුල් දෙකටත්, කොන්දටත් තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්නාන්සේලාගේ පිහිට ය.. අඩිපතුල් පුපුරු ගසද්දීත් කැමරාමන් අඩියක් ඉස්සරට, අඩියක් පස්සට කියමින් වන් ටූ ත්‍රී බම්බල්
    බී කරද්දී සපත්තු දෙක උගේ බෙල්ලෙ එල්ලන්නට නොහිතුණොත් පුදුම ය.. නමුත් මෙතන වැදගත් වන්නේ ම කැමරාමන්ව ටෝක් කරගැනීම ය.. අන්තිමේදී පොටෝ එකක් හරි ඉල්ලාගැනීමට නම් පෙර සිට ම ඌව ටෝක් කරගත යුතු ය.. මගුල අහවර වූ පසු වැදගත්කමක් ඇත්තේ උගෙන් පමණ ය.. ඒ නිසා කැමරාමන් කියන කියන අතට හැරුණාට පාඩුවක් නැත...
    ෆ්ලවර් ගර්ල්ස් බේජ් බෝයිස් යන පොඩි ඇච්චො බැච්චො සිටින මගුලක් තවත් කචල් ය.. ඊළඟ වැඩය වන්නේ උන් නැළවීම ය.. උන්ට ලලබායි කීම ය.. "අම්මා ඕනෑ ය, පොටෝවලට ඉන්නට බැරි ය, කකුල් රිදෙනවා ය.." කියමින් උන් අඬද්දී දේශපාලඥයෙක් සේ "හොඳට හිටියොත් අයිස්ක්‍රීම් අරන් දෙනවා ය.. ලස්සනට හිනා උනොත් පෝන් එකෙන් ගේම් එකක් ගහන්නට දෙනවා ය.." වැනි ලෝක බොරු කියා උන් ආණ්ඩුමට්ටු කළ යුතු ය.. කැමරාමන් කියන කියන අතට උන්ව හරවන්නට ඕනෑ ය.. එක අතකින් මනමාලිගෙ වේල් එකත්, අනිත් අතේ ඇඟිල්ලකින් උන්වත් එල්ලාගෙන ඉන්ට ඕනෑ ය..
    කැමරාකාරයාගේ හොම්බ දිග කැමරාව ඉදිරියේ දත් විලිස්ස විලිස්ස හිඳ අවසානයේ කපල් එක පෝරු මස්තකප්‍රාප්ත වූ පසු අෂ්ඨක අවසන් වන තුරු අපි කුඹුරේ පඹයන් සේ සිටගෙන ය.. පල්ලියේ මගුලක් නං මනමාලි යන යන තැන වේල් එක උස්සලා ම අතේ ජොයින්ට්වල පොට ගෙවිලා ය.. පල්ලියේ මගුල්වලට නං යාලු මනාලියන් දෙන්නෙක් ම ඕනෑ ය.. එක යාලු මනාලියෙක් මනාලියගේ වේල් එක උස්සාගෙන සිටින අතර, යාලු මනාලිගේ මල් පොකුර උස්සාගෙන සිටීමට තවත් එකියක් සිටීම වැදගත් ය.. යාර එකසිය හැටහතාමාරක් පමණ දිගට දිගේ දමන වේල් එක, මගුල අස්සේ මනාලිය නැගිටින, දණගහන, ඉඳගන්න වාරයක් පාසා ම පුටු පත්තෙන් පසුපසට දැමීම යාලු මනාලියගේ රාජකාරිය ය.. එයා හොස්ටස් සහ බ්‍රයිස්මේඩ් අතර ලොකු වෙනසක් නැති ය.. හැඩට ඇඳ පැලඳ අඩි දහයක් පමණ උඩින් ඇවිද්දා ට අපි දෙගොල්ලො ම කරන්නේ තේ අල්ලන, වේල් අල්ලන, කඩේ යන රාජකාරියක් ය..
    කැමරාකාරයා ඇන්ඩ් ටූ හන්ඩ්‍රඩ් අදර් පාටි පීපල්ස්ගෙන් සැඟවී කන්ග්‍රැජුලේෂන්ස් ගීතය නෑහෙන මානයක පිහිටි බාත්රූම් එකක් අස්සට රිංගාගෙන සුළු මොහොතක් ඒ තුළට වී ඉන්නේ අඩි උස සෙරප්පු හොයාගත් එකාලාගේ දෙමාපියන් සිහිකරමින් ය.. කන්න කට හොයාගත නොහැකි ගාණට හෙම්බත්ව සිටිද්දී ද ජෝඩුව සමඟ ඉඳගෙන කන්නට වෙන්නේ මවාගත් වැදගත්කමකින් ය.. බත් එක
    ඉස්සරහත් කැමරා අටවගෙන ය.. බත් ජූන්ඩක් කා බඩ පුරවාගත් විට ඇඟට දැනෙන සනීපය වචනවලින් විස්තර කරන්නට බැරි ය.. ලිප්ස්ටික් ටික බඩට යතැයි බියෙන් දවස තිස්සේ ම වතුරු උගුරක් බොන්නේ අතිශය ප්‍රවේශමෙන් ය.. සැරෙන් සැරේ ටිෂූ එකක් කට දෙපස තබා දහදිය පිසින්නේ සෙන්ටිමීටර කාලක් පමණ ඝනකමට දැමූ මේකප් තට්ටුව රැලි වැටෙන නිසා ය.. ඔයාකාරයෙන් වැඩිම වේලාවක් බඩගින්නේ සිටීම වැනි වැඩද අර කිවූ වැඩ කෝටියට ඇතුළත් ය..
    "හොඳම හරිය ඇඟිල්ලෙනෙ ඩාලිං.."
     
    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    "හොඳම හරිය ඇඟිල්ලෙනෙ ඩාලිං.." යන්න නිවැරදි බව හැඟෙන්නේ මගුලෙන් පසු ගෙදරට සේන්දු වූ විට ය.. ඇඟිල්ලේ හරිය හෙවත් අන්තිම හරිය බයිස්මේඩ් වන්නමේ සළුපිළි ඉවත් කොට පරණ පුරුදු ස්වරූපයට පැමිණීම ය.. නේචර් සීක්‍රට් කොම්පැණියේ සියළු ම ෆේස්වොෂ් වර්ග දමා සේදුවත් ඒ මේකප් යවනවා බොරු ය.. එක්වර ම ඇස් වටේ කළු වී භයානක පෙනුමක් ගන්නී ය.. ගෙවුණ වැලි කඩදාසියකින් මැද හෝ යාන්තං යථා ස්වරූපයට පැමිණියත් කොණ්ඩයට ගැසූ කටු ටික බේරාගන්නට නං තායිලන්‍තයේ ගලවාගැනීමේ හමුදාවට කෝල් කළ යුතු ම ය.. කොණ්ඩ ගස්වලට නොදෙවෙනි ප්‍රමාණයක් රැලි කටු ඔළුවේ ය..
    ඇන්දූ ඒවා ගලවන්නට මනාලියට නම් මනාලයාවත් සිටින බව සිහිවෙද්දී යාලු මනාලියෝ හූල්ල හූල්ලාම කොණ්ඩය ගලවාගන්නේ අවසානයේ මෙඩූසාගේ ස්වරූපය ගෙන ය... වැඩ කෝටිය අවසන් ය.. දැන් නං සීසර් රෝමය සමඟ යූරෝ ලක්සයක් දෙනවා කිව්වත් ගන්න පණ නැති ගාණට හෙම්බත් ය..
    ඒ මගුලෙන් මාස දෙක තුනකට පසු තව අක්කා කෙනෙක් "අනේ පැටියෝ මං බඳින්න යන්නෙ.. මගෙ බ්‍රයිස්මේඩ්ට එනවද..?" අසද්දී "තෝ බැන්දම මට පාන්ද..? මට බෑ.." යනුවෙන් අසන්නේ නැති ය. "අනේ එන්නම් අක්කේ.. ඕක මොකද්ද.." කියා දත් තිස් දෙක ම විලිස්සනවා ය.. ඉදින්, මේ වෑයම රජ වීමට නොව, ගෙදර කැබිනට් එකට තවත් මල් බොකේ එකක් රැගෙන ඒම පමණ ය...

    සැ.යු : හුදෙක් රසවින්දනය සඳහා ම පමණ ය.. සීරියස් ගෙන වලිගය පාගා නොගන්න.. ස්තූතියි

    FB eken issuwe...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    27.gif

    හික්... හික්... හික්... ඉල ඇදෙනව
     
    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    589
    729
    93
    Colombo

    Lokuwata dapan penne naa :angry:

    bump
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    :rofl:

    ෆ්ලවර් ගර්ල්ස් බේජ් බෝයිස් යන පොඩි ඇච්චො බැච්චො සිටින මගුලක් තවත් කචල් ය.
    ඊළඟ වැඩය වන්නේ උන් නැළවීම ය. උන්ට ලලබායි කීම ය.
    "අම්මා ඕනෑ ය, පොටෝවලට ඉන්නට බැරි ය, කකුල් රිදෙනවා ය.." කියමින් උන් අඬද්දී
    දේශපාලඥයෙක් සේ "හොඳට හිටියොත් අයිස්ක්‍රීම් අරන් දෙනවා ය..
    ලස්සනට හිනා උනොත් පෝන් එකෙන් ගේම් එකක් ගහන්නට දෙනවා ය.." වැනි ලෝක බොරු කියා උන් ආණ්ඩුමට්ටු කළ යුතු ය.

    :lol: :lol: :lol:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මම බෙස්ට්මන් හිටපු වෙඩිමක මගේ පාර්ට්නර් බ්‍රයිඩ්ස්මේට් එක්ක සෙට් උනා කපල් එක එහෙමෙන් හනී මූන් අපිත් එදා රෑම හනිමූන්...