කලණ ඇතාට හිංසා කළ අය උසාවියට ඉදිරිපත් කෙර&#354

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කලණ ඇතාට හිංසා කළ අය උසාවියට ඉදිරිපත් කෙර&#354

    දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ කලණ හස්තියාට නිසි පරිදි පහසුකම් ලබා නොදී හිසාවට පත් කිරීම නිසා එම දේවාලයේ බස්නායක නිලකවරයාගේ ලේකම් සහ ඇත්ගොව්වා
    අත්අඩංගුවට පත්වුණා.
    ඔවුන්ව ශරීර ඇප මත ඊයේ මුදා හැරියා.
    කොළඹගේ සුනිල් ශාන්ත හා ධනුෂ්ක ලීල් කුමාර එම දෙදෙනාය.සැකකරුවන් අලියාගේ යකඩ දම්වැල මාරු නොකිරිම නිසා එම සතාගේ පාදය දරුණු ලෙස තුවාල වී වේදනාවෙන් පසුව තිබීම හා ඒ සඳහා ප්‍රතිකාර කිරිම ද නිසි ලෙස සිදුවී නැති බව


    පොලිසිය අධිකරණය වෙත කරුණු දක්වමින් කියා තිබුණි.
    කලණ අලියාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවෙන් අධිකරණය වාර්තාවක්ද කැඳවා ඇත.
    සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ සිටියේ සත්ත්ව හිංසා ආඥා පනත යටතේය.

    "කලණ" හස්තියාගේ ඉදිරිපස දකුණු පාදයේ විශාල තුවාලයක් ඇතිවි ඌ වේදනාවෙන් පසුවන බවට මාධ්‍ය මහින් වාර්තා කිරිමෙන් පසු වනජීවී සංරක්ෂිණ නියෝජ්‍ය අමෘත්‍ය පාලිත මතවරප්පෙරුම මහතා පෙරේදා (27) දේවාල භූමියට පැමිණ හස්තියා පරීක්ෂා කළේය. පසුව නියෝජ්‍ය ඇමැතිවරයා අඩවි ආරක්ෂක නිලධාරින් හමුවී ගන්දර පොලිසියට ගොස් හස්තියාට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියේය.
    සැකකරුවන් දෙදෙනා පසුව අත්අඩංගුවට පත්විය.
    හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා දෙවිනුවර පූජා භූමියට 'කලණ' නම් සුරතල් අලි පැටියා පරිත්‍යාග කර තිබුනේ 1990 දශකයේය. වසර කීපයක් කෙළිදෙළෙන් හැදුණු වැඩුණු 'කලණ” ප්‍රදේශයේ පෙරහරවල, වාර්ෂික ඇසළ පෙරහද ගමන් කළ ආඩම්බරකාරයෙක් විය. තුරුණු වියට පත් කලණ කෙටි කලකින් දැව කොටන්


    අදින්නකු බවට පත්ව කුරුණෑගල ප්‍රදේශයට යන්නට සිදුවූයේ දෛවයේ සරදමකටය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග දේවාලයට පූජා කළ 'අභය' නම් අලීයාද කොටන් අදිමින් සිටියදී කොටයක් සමඟින් කන්දකින් පහළට ඇද වැටී මියයැම පිළිබඳව හිටපු බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණස්කර මහතා දැන ගැනීමෙන් අනතුරුව කලණ කඩිනමින් දේවාලයට කැඳවා ගත්තේ දැඩි පරිශ්‍රමයකින් පසුවය. එතැන් සිට 'කලණ' හා 'ලසඳා' එහි රඳවා ඔවුන් වෙනුවෙන් නාන තටාකයක්ද තැනුවේ ඔවුන් නිරෝගීව තබා ගැනීමටය.
    පසු කලෙක කලණ වෙනත් පෙරහරවල ගමන් කළද දෙවිනුවර ඇසළ පෙරහර මංගල්‍යය සමය වන විට මද කිපෙන තත්වයට පත්වීම නිසා ඇසළ පෙරහරේ ගමන් කිරීමේ අවස්ථාව අහිමිවී එකම ගසක බැඳ දමා වසර ගණනාවක් පුරා හිරවී සිටින්නට සිදුවූයේය. මේ හේතුව නිසාම මාස ගණන් නිසි ලෙස තටාකයට බැස රිසි සේ දිය නෑමේ හා ජල ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි විය. ඉදිරිපසට පසුපසට හිර කර විලංගු යොදා සිටි කලණ ළඟට විසි කරන යමක් කා පයිප්පෙන් දමන වතුර ටිකක් බී ජීවිතය ගැටගසා ගන්නට සිදුවූයේ වේදනාකාරී පරිසරයද සමඟය.
    ඌට සතෙකු ලෙස නිදහසේ ජීවත්වන්නට හැකි පරිසරයක් ඉක්මණින් උදාවේ නම් එය මහත් භාග්‍යයකි.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වෙලාවට තෙවරප් පෙරන පොරක් හිටියෙ . වයසක පොරම හිටියනම් දන්නෙම නැතුව දුක් විදල මැරිල යයි :sorry::sorry::sorry:

    එකම විතරක් නෙමෙයි ප්‍රශ්නෙ.දැන් ඉතින් සත්ව සංවිධාන කියන සෙට් එක කොහු ඉදල් උස්සන් එවි පංසල් වල අලි ඇත්තු ඇති කරන එකටයි පෙරහැරට අලි ගන්න එකටයි...:sorry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එකම විතරක් නෙමෙයි ප්‍රශ්නෙ.දැන් ඉතින් සත්ව සංවිධාන කියන සෙට් එක කොහු ඉදල් උස්සන් එවි පංසල් වල අලි ඇත්තු ඇති කරන එකටයි පෙරහැරට අලි ගන්න එකටයි...:sorry:

    එහෙම එකෙක් තමා තෙර්ඩ් එක දාල තියෙන්නෙ.. :yes: