''නුවර එළිය'' Traveling HELP

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    එළකිරි යාලුවනේ මට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕනේ.
    නොදන්නා නිසයි මේ දේවල් දැනගන්න අහන්නේ.

    මේකයි, මමයි මගේ වයිෆුයි ලබන මාසේ(සැප්තැම්බර්) අන්තිම නුවර එළියේ පොඩි සංචාරයක් යන්න හිතන් ඉන්නවා, ඇත්තම කියනවනම් මමවත් වයිෆ්වත් කවදාවත් නුවරඑළි ගිහින් නැහැ, first time තමා අපි යන්න හදන්නේ, ඉතිං ගොඩක් දේවල් තියෙනවා දන්නේ නැති, අඩුම තරමේ ගිහින් බලන්න ඕනේ දේවල් ගැනවත් අයිඩියා එකක් නැහැ.
    එළකිරියේ යාලුවන්ගේ අදහස් අනුව තමයි මට මේ ගමන යන්න සිද්ධ වෙන්නේ
    :) ඒ නිසා මට මේ තොරතුරු ටික දැනගන්න පුලුවන්නම් උදව් කරන්න.

    අපි යන්න හදන්නේ සැප්තැම්බර් අන්තිම වගේ, කෝච්චියේ තමා යන්න හිතන් ඉන්නේ, ගිහින් යන දවසේ කොහේ හරි නැවතිලා, පහුවෙනිදා නුවර එළියේ වටේ ඇවිදලා ඊට පහුවෙනිදා ගෙදර එන්න තමයි හිතන් ඉන්නේ, දන්න කෙනෙක් කිව්වා කෝච්චියේ යනවනම් දැන්ම ටිකට් බුක් කරන්න වෙයි නැත්නම් ටිකට් නැතිවෙයි කියලා :dull:

    1.නුවර එළියේ යන්න කොයි කෝච්චියේද යන්න ඕනේ, කොහෙන්ද බහින්න ඕනේ.

    2.නුවර එළියේ ගියාම බලන්න තියෙන ගොඩක් ඒවා ලගින් ලගින් තියෙන්නේ කියලා සමහරු කියලා තියෙනවා දැකලා තියෙනවා, නුවරඑළියේ ඒවා බලන්න යන්න ස්කූටර් එහෙම කුලියට දෙන තැනක් තියෙනවද? මොකද සුද්දොන්ගේ ට්‍රැවල් වීඩියෝ වල උන් ට්‍රැවල් කරන්නෙම ස්කුටි වලින්.

    3.උදේ කෝච්චියෙන් ගිහින් බැස්සම හවස මුකුත් බලන්න ටයිම් නැති වෙනවා කියලා දැක්කා, එහෙම උනොත් ගිය ගමන් කොහේ හරි නවතින්නනේ වෙන්නේ, ලොකු ලොකු හොටෙල් නැතුව චාටර් ප්ලේසුත් නැතුව අලුත බැදපු ජෝඩුවකට නවතින්න තැනක් ගැන දන්නවද?

    4.වැදගත්ම ප්‍රශ්නේ තමයි ගිහින් බලන්න යන්නේ කොහෙද කියන එක :oo: ඒ ටික බලන්න යන්න පහසු පිළිවෙලක් ගැන පොඩි අදහසක් දෙනවනම් ටුක් ටුක් එහෙක හරි රවුම යන්න පුළුවන්? යන්න ඕනේ රවුම හදාගන්න එක ගැන කිසි අයිඩියා එකක් නැහැ අපිට.

    5.ආයේ කොළඹ එන්න ට්‍රේන් එකක් ගන්නේ කොහෙන්ද, ටයිම් එහෙම දන්නවද?

    මෙන්න මේ ගැටළු ටික විසදගෙන අපේ සංචාරය පිළිවෙලට කරගන්න උදව් කරන්න පුලුවන්නම් හරි වටිනවා :) ඇත්තමට මායි වයිෆුයි අපේ පළවෙනි විවහා සංවත්සරය අරමුණු කරගෙන තමයි මේ ගමන යන්නේ, එයාට මං වැඩි විස්තර කියන්නේ නැහැ. මට ඕනේ එයාවත් සප්‍රයිස් කරන්න :)

    ඉතිං අපේ ගමන පිළිවෙලක් නැතුව ගිහින් වාත වෙලා චාටර් වෙන්න බැරි නිසයි එළකිරියේ යාලුවන්ගේ අදහස් අනුව මේ ගමන යන්න හිතුවේ, ඒ නිසා දන්න අය පොඩ්ඩක් මට උදව් කරන්න.
    ස්තුතියි !

    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    1. නයිට්මේල් යන්න පුළුවන්, රෑ 8 ට තියෙන්නේ, එහෙමත් නැත්නම් උදේ පොඩිමැණිකේ තියනවා, උදේ 5.50 වගේ මතක (කොටුවෙන්)
    2. මේ ගැන නම් නොදනිමි
    3. එච්චර හවස් වෙන් නැ පොඩිමනිකේ එකේ ගියොත් වැඩිම උනොත් 1.30 වෙයි. නවතින්න තැනක් නම් booking.com එකෙන් බලන්න
    4. පොඩ්ඩක් net එකේ search පාරක් දල බලන්න, විස්තර ඔක්කොම තියෙනවා (lake gregory, queen elizebeth park, lovers leap, piduruthalagala, horton place, etc etc)
    5. මට මතක විදියට රෑ 9.30 ට වගේ night mail එක ටියෙඅන්ව කොලබ එන්න.. එච්චර වෙලා ඉන්න බැරි නම් ඕනේ තරම් bus තියෙනවා (intercity or semi)

    good luck
     
    A-K-I-L-A

    Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    බහින්න වෙන්නෙ නානුඔයෙන්...රෑ 8 night mail eke giyoth 3 විතර වෙද්දි නානුඔය..වැඩක් වෙයිද මන්ද...අාපහු colombo එනකොට නම් බදුල්ලෙන් 5.45 pm එන night mail එක අල්ල ගන්න පුලුවන්.10 විතර වෙද්දි නානුඔයට එයි.උදේ වෙනවා කොටුවට යද්දි...හැබයි nightmail ගමන එපා වෙනව බන්..හැම station එකකම ලියුම් බාගෙනනේ‍ යන්නෙ...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,056
    8,050
    113
    රූකඩ රාජ්ජේ

    සිකුරාදා රෑ නයිට් මේල් නැග්ග නම් සෙනසුරාදා පාන්දර 3 ට වගේ නානු ඔය ස්ටේෂන් එකෙන් බහින්න පුළුවන්. නානුඔය ස්ටේෂන් එකෙන් මට මතක විදියට බස් පටන්ගන්නේ පාන්දර 6 ට විතර නුවරඑලියට යන්න. යන්න කලින් තැනක් හොයා ගන්න නවතින්න. මං එහෙම තැන් දන්නේ නෑ. නවතින තැනට ගිහින් ටිකක් රෙස්ට් කරලා බදුල්ල බස් එකේ නැග්ගා නම් හග්ගල ගාඩ්න් යන්න පුළුවන්. පයක විතර ගමනක් මතක විදියට. ඒකෙ ඇවිදලා එන ගමන් පුළුවන් ග්‍රෙගරි වැව ලගින් බැහැලා පාක් එකේ ඇවිදින්න. එහෙමම රේස් කෝස් පහු කරන් එනකොට වික්ටෝරියා පාක් එකටත් යන්න පුළුවන්. මේ හැමදේම ටවුන් එකෙමයි තියෙන්නේ. ගොල්ෆ් ග්‍රවුන්ඩ් එකත් ඒ ලගමයි. රේස් කෝස් එක අශ්වයෝ එහෙම ඉන්නවා. නැගලා රවුමක් යන්න පුළුවන්

    කොටුව ස්ටේෂන් එකෙන් පුළුවන් සීට් බුක් කරන්න.

    ගූගල් මැප් එක බලන්න

    Last edited:

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    උඹ නයිට් මේල් යන්න එපා. එපාම වෙනවා. අනික පාන්දර 3 ට නානුඔයෙන් බහිද්දිම උඹට එපා වෙයි. මොකද නානුඔය ඉදන් අායෙම නුවරඑළියට බස්එකෙන් යන්න ඕනා. ඒ හන්දා උඹ කොටුවෙන් පොඩිමැණිකෙ උදේ 5.55 ගනින් නානුඔය ට. 1.30 වගේ වෙද්දි යනවා. නානුඔයෙන් අහ ගනින් ආයේ ට්රෙන් එක තියෙන වෙලාවල් කොළඹට. සීට් බුකින් එකක් දාගනින්. උදේ ගමන හොදයි. booking.com එකෙන් නවතින්න තැනක් දා ගනින් උඹේ බජට් එකට හරියන්න. හක්ගල ගාර්ඩන්, නුවරඑළිය බස්ටෑන්ඩ් එක ළග තියෙන වික්ටෝරියා පාර්ක් ග්රෙගරි වැව (පාර්ක්). ගූගල් මැප් බලබන්....
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,600
    48,863
    113
    සේදවත්ත
    . නුවර එලියට කෝච්චි තිබී ඈත නමුත් දෑන් නෑත එහෙත් පරන පාර බෑලීමට කෑලව අස්සේ යා හෑක. නුවර එලියේ බෑලීමට කියා දෙයක් නෑත ඔබට මූන් ප්ලේන්ස් යා හෑක, හග්ගල මල්වත්ත බෑලිය හෑක, ගෙගරි වෑව ගාව ආතල් එකක් ගත හෑක. මේ කාලය නුවර එලිය අම්බානක සීතලය සහ වෑස්සය. හොදම දේ දෙන්නා හීටරයක් ලෙස ක්‍රියාත්මක වීමයි
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    1.නුවර එළියේ යන්න කොයි කෝච්චියේද යන්න ඕනේ, කොහෙන්ද බහින්න ඕනේ.

    ට්‍රේන් එකේ යන්න... අමතක නොවෙන ගමනක් වේවි...නනු ඔය බහින්න..බැහැලා බස් එකේ යන්න

    2.නුවර එළියේ ගියාම බලන්න තියෙන ගොඩක් ඒවා ලගින් ලගින් තියෙන්නේ කියලා සමහරු කියලා තියෙනවා දැකලා තියෙනවා, නුවරඑළියේ ඒවා බලන්න යන්න ස්කූටර් එහෙම කුලියට දෙන තැනක් තියෙනවද? මොකද සුද්දොන්ගේ ට්‍රැවල් වීඩියෝ වල උන් ට්‍රැවල් කරන්නෙම ස්කුටි වලින්.

    Moons Plain / Lovers leap / Hanuman Kovil / Galway's Land National Park / Seetha Amman Temple / Mackwoods Tea Museum / Pedro Tea Factory / Bomburu Ella / Shanthipura View Point / Ambewela Farm

    3.උදේ කෝච්චියෙන් ගිහින් බැස්සම හවස මුකුත් බලන්න ටයිම් නැති වෙනවා කියලා දැක්කා, එහෙම උනොත් ගිය ගමන් කොහේ හරි නවතින්නනේ වෙන්නේ, ලොකු ලොකු හොටෙල් නැතුව චාටර් ප්ලේසුත් නැතුව අලුත බැදපු ජෝඩුවකට නවතින්න තැනක් ගැන දන්නවද?

    ගිය දවසෙ කොහේවත් යන්න එපා හොටෙල් එකට ගිහින් හොඳට කාලා බීලා පොඩි ඇලට් එකක් දාන්න.. දාලා හවසට ග්‍රෙගරි වැව පැත්තට ගිහින් පොඩි රවුමක් දාන්න උනු උනු අල පෙති කකා

    4.වැදගත්ම ප්‍රශ්නේ තමයි ගිහින් බලන්න යන්නේ කොහෙද කියන එක ඒ ටික බලන්න යන්න පහසු පිළිවෙලක් ගැන පොඩි අදහසක් දෙනවනම් ටුක් ටුක් එහෙක හරි රවුම යන්න පුළුවන්? යන්න ඕනේ රවුම හදාගන්න එක ගැන කිසි අයිඩියා එකක් නැහැ අපිට.

    මේක ගැන නම් මට අයිඩියා එකක් නෑ...මොකද මම කවදාවත් එහෙම ගිහින් නෑ නුවර එලියෙ..අපේ වාහන වලින් යනවා මිසක්

    5.ආයේ කොළඹ එන්න ට්‍රේන් එකක් ගන්නේ කොහෙන්ද, ටයිම් එහෙම දන්නවද?

    කොලඹ එන්න කලින් ඉදල්ගස් හින්නෙ එක දවසක් නතර වෙන්න....නතර වෙලා ඉදල්ගස් හින්නෙන් ට්‍රේන් එක ගන්න...නවතින තැන් තියෙනවා ගොඩක් නුවරෑලියේ..

    සහේලි රිසොට් හොඳයි හරිම නිදහස් ගස් අස්සෙන් එන මීදුම බලාගෙන ඉන්න පුළුවන්
    Sahelie Resort - 0777399312
    Peak Rest - 0779796180 / 0774192722 Idalgashinna
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    naadiya

    Active member
  • Jan 17, 2017
    91
    201
    33
    මචං, යන දවස හරියටම සෙට් නම් දැන්ම ටිකට් බුක් කරගන්න. නැත්නම් ටිකට් නෑ. මං weekend එකක මෙහෙම ගමනක් ගියා. ගිය හැටි කියන්නම් උඹට අයිඩියා එකක් එයි.

    -කොළඹ කොටුවෙන් සිකුරාදා රෑ නයිට් මේල් එක අරගෙන නානු ඔයෙන් බැස්සා. පාන්දර 3.30 වෙද්දී නානු ඔය.
    -නානු ඔය ඉඳන් නුවරඑලිය ටවුන් ඒකට යන්න පාන්දර 5 ට බස් එකක් තියනවා. ඒක එනකං පොඩ්ඩක් සීතලේ ගුලි වෙලා station එකේ ඉන්න පුළුවන් ;) නැත්නම් tuk එකක් අරගෙන යන්න පුළුවන්. Rs.500.00 විතර ගනියි.
    -නුවර එළියේ නවතින තැනක් booking.com එකෙන් බලලා ගන්න. අනික එතැනට කලින් කෝල් එකක් දීලා දැනගන්න check-in time තියෙන්නේ කීයටද කියලා. train එකේ එනවා කිව්වොත් සමහර තැන් වලින් එන විදිහ arrange කරලා දෙන්නත් පුළුවන්. (නුවරඑළිය ටවුන් එකට ළඟ තැනක් ගනින්)
    - ඊට පස්සේ උදේම පොඩි wash එකක් එහෙම දාලා ටවුන් ඒකට ඇවිත් හග්ගල යන බස් එකක් ගනින්. ඒක ලේසියි. ගිහිං එන්නත් පුළුවන් බස් එකේ. අමාරුවක් නෑ.
    - ඊට පස්සේ නුවරඑලිය ටවුන් එකේ පොඩි වටයක් එහෙම දාලා... හොඳ කන්න තැනක් බලලා කෑම අරගෙන (ටවුන් එක මැද තියනවා ටිකක් පොෂ් පිට කන්න araliya food court එක.
    - ග්‍රෙගරි වැව වටේ රවුමක් දාලා එතනින් කන්නත් පුළුවන්.
    - සඳ තැන්න.. බලන්න පුළුවන් තැනක්. හැබැයි සෆාරි ජීප් ගිනි ගණන්!
    - පිදුරුතලාගල කන්ද නගින්න පුළුවන් tuk එකක් අරගෙන.

    -- උඹට වෙනස්ම විදිහේ experience එකක් ගන්න පුළුවන් caravan එකක් hire කලොත්. :) රැයකට Rs.7000.00 විතර වෙන්නේ. හැබැයි පට්ට!

    ආපහු එන්න මං කළේ බස් එකක් ගන්න එක. හැබැයි හැම වෙලේම intercity නෑ කොළඹට. ඒ වෙලාවල් bus stand එකෙන් දැනගන්න පුළුවන්. ආ.. මතක් කරලා හවස Cargils එක පැත්තට ගිහිං වයින් බෝතලයක් හරි බියර් එකක් හරි අරගෙන පොඩ්ඩක් සප්පායම් වෙයන්. එතැන ඉස්සරහම BBQ දාන තැනක් තියනවා. නරකක් නෑ. ;)
     
    thank you very much මචං ගොඩක් තොරතුරු දැනගත්තා මේකෙන් :)