ශ්‍රී ලංකාවේ වර්තමාන ආරක්‍ෂක කටයුතු පිළිබඳ තමාගේ පැහැදීමක් නොමැති බව තිරසර සංවර්ධන හා වනජීවී සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. වත්මන් යහපාලන රජය බලයට ඒමට පෙර එදා තමා යටතේ සිටි හමුදාව ඉතා හොඳ මානසික මට්‌ටමකින් හා ජවයකින් සිටි නමුත් අද එවන් තත්ත්වයක් නොමැති බවත් ෆීල්ඩ් මාර්ෂල්වරයා පවසනවා.
මෙවැනි දුර්වල ආරක්ෂක තත්වයක් මත හදිසියේ යුද්ධයක් ආවොත් ගැටලු මතුවන බවත් හිටපු හමුදාපතිවරයා සදහන් කරනවා.
මේ අතර උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කිරීමද ෆීල්ඩ් මාර්ෂල්වරයාගේ දැඩි විරෝධයට ලක්ව තිබෙනවා.
උතුරු නැගෙනහිර ඇතැම් හමුදා කඳවුරු ඉවත් කිරීමට මූලස්‌ථානය තීරණය කර ඉවත් කළත් එම ක්‌ෂේත්‍රයේ නිලධාරීන්ගෙන් හෝ විමසීමක් කර නොමැති බව තමන්ට දැනගන්නට ලැබී ඇති බව කී ෆීල්ඩ් මාර්ෂල්වරයා හිතුමතේ වහන්න අනවශ්‍ය කඳවුරු එම ප්‍රදේශවල නොතිබූ බවද පවසනවා.
ජනතාවගේ ඉඩම් ජනතාවට භාරදිය යුතු වුවත් කඳවුරු ඉවත් කරන්නේ නම් වෙනත් තැනක කඳවුරු පිහිටුවිය යුතු බවද හිටපු හමුදාපතිවරයා පවසනවා. රටේ ආරක්‍ෂාව හා දේශපාලනය එකට පටලවාගෙන කටයුතු නොකළ යුතු බව ද වැඩිදුරටත් හිටපු හමුදාපතිවරයා සඳහන් කළේය.
තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශයේ ඊයේ (07 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා මේ බව සඳහන් කළේය.
Neth news