උබට තියෙන්නේ ආදරයක් නෙමේ. අර ගෑනු ළමයා කෙරෙහි අනුකම්පාවක් වගේ දෙයක්. දැන් උබ ඒ ළමයව ලෙඩ වෙලා ඉන්නකොට ෆොටෝස් දැකලා තියෙනවද? හැබවින් දැකලා තියෙනවද? නැහැ.
ඔය ළමයා කීමෝ තෙරපි වගේ කරන කාලේ දැකල තියෙනවද?
උබ ඔක්කොටම කලින් මහරගම අපේක්ෂා රෝහලට පලයන්. එකේ ඉන්න අය දිහා බලපන්.
ඊට පස්සේ කල්පනා කරපන්.
මේ වගේ ලෙඩක් හැදුනොත් සම්පුර්ණයෙන්ම සුව වෙනවා කියලා කියන්නත් බැහැ. මොකද ආයේ අසනීපය මතු වෙන්න පුළුවන්.
ඩොක්ටර් ආරියසේන යූ ගමගේගේ කතාව දන්නවා නේද?
මට පොඩි උදාහරණයක් දෙන්න පුළුවන් මම පුද්ගලිකව දන්නා එකක්. මම අදුරන වෛද්‍යවරියක් සිටිනවා. එයාට මෙහෙම අසනීපයක් ආවා. පිළිකාවක්. අවුරුදු 30 දී වගේ ආවේ. ඊට පස්සේ බෙහෙත් කරලා, සර්ජරි එකකුත් කරා.
මේකෙන් පස්සේ දිගටම කීමෝ තෙරපි එහෙම අරගෙන හිටියේ. කොන්ඩෙත් වවුනා ආයේ.
මෙයා ඊට පස්සේ කසාඳ බැන්දා. කසාඳ බදිද්දී පිරිමියාගේ පැත්තේ අයටත් කියලා මෙහම අසනීපයක් තිබ්බා, බෙහෙත් කරා. දැන් සුවයි කියලා. ඇත්තටම සනීප වෙලා තමයි තිබ්බේ.
කසාඳ බැඳලා ළමයෙක් එහෙමත් හම්බුනා. කොහොම හරි මේ වෛද්‍යවරියට අවුරුදු 36 වගේ වෙනකොට ආයේ අර මුලින් මතුඋන අසනීප තත්වය ආයේ ආව. ආයේ පරීක්ෂණ කරලා බලද්දී මුලින් ශරීරයේ පිළිකාව සැදුනු තැනම ආයේ ගැටිත්තක් සැදිලා, අර වගේම වර්ධනය වෙනවා.
ඊට පස්සේ ආයේ සර්ජරි එකක් කරා.
පවුල් ජිවිතේ ඔක්කොම හබක්. මනුස්සයගේ පැත්තේ කට්ටිය දැන් හෝ ගාලා බනිනවා ඒ අයව රැවට්ටුවා කියලා.
උබ දැන් නිකන් අනුකම්පාව නිසා බැන්දට ඔය ළමයාට ආයේ අසනීප තත්වයක් අවොත් උබට ඒක දරා ගන්න පුලුවන්ද? උබලා දෙන්න යාළුවෙලා, හොදට අදුරන අය නම් කමක් නැහැ.