මේ රටේ දොස්තරලාගෙන් 95%ක් ලෙඩ්ඩු ගැන හිතලා වැඩ කරන මිනිස්සු. සංගමේ ඉදගෙන රටට ශෝ දාන උන් නිසා ජරා ප්රතිරූපයක් මිනිස්සු මවාගෙන ඉන්නේ. වෝඩ් එකේ ලෙඩ්ඩුන්ට කෑම ගෙනල්ලා දෙන, සමහර වෙලාවට තමන්ගේ වාහනෙන් ගිහින් ලෙඩ්ඩුව ගෙවල් වලට යවනවා ඩිස්චාර්ජ් කරාට පස්සේ ලෙඩාව එක්ක යන්න කවුරුත් එන්නේ නැති තැන්වලදි. මේවා මේ රටේ වෙනවා මචන්ලා. ඉන්ටර්න් වලට ඩොකෙක් ගිය ගමන් දෙන්නෙ 50කට අඩු සැලරි එකක්. ඒකටත් පැය 24ම වාට්ටුවේ ඉන්න ඕන නිවාඩු නෑ. අවුරුද්දක් ඒ කට්ට කාලා වුනාම පඩි වැඩි වෙනවා ටිකක්. අනික හැමෝම ප්රයිවට් කරන්නේ නෑ. ඓ සුලුතරයක් කරනවා ඒකෙන් සුලුතරයක් හොඳට සාර්ථක වෙනවා. එකට හැමෝම බැදෙන්නේ නෑ. බෑන්ක් ලෝන් එකක් ගත්තත් ලක්ශ 30ක් මාසෙට කීයක් ගෙවන්න ඕනද? . අවුරුදු 5ක් මැරීගෙන ඉගෙනගෙන තව අවුරුදු ගානක් කට්ට කාලා රස්සාව කරලා වෙඩින් එකට කාර් වලට ලෝන් ගහලා, ඉන්කම් ටැක්ස් එකෙනුත් මාසෙකට 8000ක් 10000ක් රජයට බදු ගෙවලා මිනිස්සු කියන්නේ දොස්තරලා සුර සැප විදින සල්ලි වලට මිනිස්සු මරන ජාතියක් කරලා. අවුරුදු 4න් 4 ට්රාන්සර්, පවුල් ජීවිත නෑ, ලමයෙක් ඉස්කෝලෙකට දාන්න කොච්චර අමාරුද කියලා ලමයි ඉස්කෝල දාන්න යන අය දන්නවා ඇතිනේ, අවුරුදු 5කට සැරයක් දෙන හිඟන පර්මිට් එකයි ප්රයිවට් ප්රැක්ටිසුයි ගැන මිනිස්සු කියානවා වෙලාවකට හිනාවෙන්නද අඩන්නද කියලා හිතාගන්න බෑ.