මිනීමරු ඩොකාට රෙදි නැතුව කඩේ යන දොස්තරලා...

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    so now..,

    this is fight between the whole police department and GOMA ...:baffled:

    lets see whos more powerfull...
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    balapan arun dala thiyena comments tika unta kohoma manasikathwayak athida :dull:

    man kiyan naha hema doca ma mehemai kiyala eth meh wage ewata doclama wirudda wenawa nam thama watinne :yes: eyalage profession ekatama thama haniyak wenne. minihek weraddak kala nam ekata education, salli kohethma balapanna baha
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,093
    86,288
    113
    ආශ්චර්යමත් රටක
    specialist කියල අලි පුකෙන් ඇවිත් නෑනේ...
    වෛද්‍යවරු මෙහෙම කාලකන්නි වැඩ කරන කොට, බිල එලවල මිනිස්සු හප්පන එකට වඩා එක බේරගන්න අලුගුත්තේරු වැඩ කරනකොට, වෛද්‍ය ආචාරධර්මවලට පිටින්, හැල්ලු වෙන්නේ මුළු වෘත්තියම.......

    මගේ පෞද්ගලික මතය, වුර්තිය මෙතෙනට අදාලම නැත, නිතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ.
    අර කවින්ගාව බෙර ගන්න හදන ගොන් දොස්තරලට කියන්න තියෙන්නේ, profession එක කන්නේ නැතුව වැඩක් බලා ගනිල්ලා කියන එක.:angry::angry::angry:
    උබල මිනිස්සු ඉස්සරහට නොගියට අපි මිනිස්සු එක්කයි ජිවත් වෙන්නේ මේ මහා සමාජයේ. තොපි කරන වැඩ වලින් අපිටත් පාරෙ බැහැල යන්න බැරි වෙනවා.

    :yes::yes::yes::yes::yes::yes::yes:

    oya gani & ekige pawle aya nam ali puken awith kiyala tamai hitan atte. :rolleyes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,093
    86,288
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ සල්ලි වලින් පිනට ඉගනගෙන. (හරියටම කිව්වොත් ඉගන ගන්න දේකුත් නෑ මුන්ව නිකන් පාස් කරන්නෙ ) අපේ රටේ මිනිස්සුන්ටම පාට් දාන ලංකාවෙ ගෑනු දොස්තරලගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. ලංකාවෙ මෙඩිසින් ඩිග්‍රි කියන්නෙ තනිකරම කුණු ඩිග්‍රිස්. වෙන රටවල පඩේකට ගනන් ගන්නෙ නෑ.

    අන්න මචන් මිනිස්සු. රුසියාවෙ සුපිරිම මෙඩිසින් ඩිග්‍රියක් කරල රටට ණය නැතුව ඉන්න සුපිරි ඩයල්. එහෙම ඩිග්‍රි කරපු එවුන් කවදාවත් ඔය වගේ බලු වැඩ කරන්නෙ නෑ.

    hammata. uba mekatat awada :rofl:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,093
    86,288
    113
    ආශ්චර්යමත් රටක
    බීපු උන්ටනං කිසි චාන්ස් එකක් දෙන්න නරකයි. මම වයින් ග්ලාස් එකක් වත් බිලා ඩ්‍රයිව් කරලා නෑ......:dull::dull:
    තව දෙයක්, වාහනේ හප්පපු කෙනාට තුවාල නෑ බොරුවට හොස්පිටල් එකේ ඉන්නවා කියල තිබුන, බොරුවට වෙන්න පුළුවන්, ඒවගේම මේ වගේ ලොකු අනතුරකදී whiplash වුනොත් බාහිරින් නොපෙනුනාට බෙල්ලේ හා මොළය ඇතුලේ ප්‍රශ්න ඇතිවෙනවා, සති ගණන් හොස්පිටල් වල ඉදලා මාස ගණන් කොලර් දාන් ඉන්න වෙන ආබාද. ඒත් පිටතට පෙන්නේ නෑ........ :baffled::baffled:
    මොක වුනත් දඬුවමනම් රිදෙන්නම දෙන්න ඕන අනික් බීල යන උන්ටත් උනගැනෙන්න.


    aniwa.. :yes:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,585
    13,218
    113
    මෙම සටහන කළුබෝවිල සේවය කරන මා මිත්‍ර වෛද්‍යවරයෙක් ලබාදුන් තොරතුරු අනුව සැකසූවෙමි. තොරතුරු වල නිරවද්‍යභාවය කැමති කෙනෙකුට සොයා බලා දැනගත හැක.

    * පසුගිය 30 වැනි දින බොරලැස්ගමුවේ දී බීමතින් ජීප් රියක් පදවාගෙන ආ කාවිංගා ගුණවර්ධන නම් රත්නපුර සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරියක් වංගුවක් කෙලින් කරගෙන අධික වේගයෙන් වාහනයක් ඉස්සර කිරීමට යාමේදී අනික් පැත්තෙන් ආ මෝටර් රථයක් හප්පා දැමූ අතර ඉන් කොළඹ පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයට අනුයුක්තව සේවය කළ අජන්ත ගාමිණී ගමගේ නමැති පොලිස් පරීක්ෂකවරයා මියගියා.

    * අධික බීමතින් සිටි ඇය පොලීසියෙන් ඉදිරිපත් කරන්නේ කළුබෝවිල රෝහලටයි. ඇයගේ දෙමව්පියන්ද වෛද්‍යවරුන් වන අතර ඔවුන් මෙම රෝහලේ ඉහළ තනතුරු දරා තිබෙනවා. මීට අමතරව ඇයද මෙහි සේවය කර තිබේ.

    * මේ සියලු කරුණු මත ඇය පරීක්ෂා කරන රෝහලේ වෛද්‍යවරයා පොලීසියට නිල වශයෙන් කොකා පෙන්වා ඒ වනවිටත් මත්පැන් ගඳ වහනය වෙමින් සිටි ඇය නොබිව් බවට සහතිකයක් ලබා දෙනවා.

    * නමුත් පොලීසියේ ස්ථානීය පරීක්ෂාවේදී බැලුම පුම්බා ඇය බීමතින් සිටි බවට සනාථ කරගෙන ඇත. මීට අමතරට රෝහලට ඇතුල් කල පසු නැවතත් බැලුම් පරීක්ෂාවක් කරන අතර ඇය පැහැදිළිවම බීමතින් සිටි බව හෙළි වනවා.

    * ඇය එදින රාත්‍රියේ රාත්‍රී සමාජ ශාලාවකට ගොස් සූර් වී ඇති බව සමාජ ශාලා කළමනාකරුගේ සාක්ෂියෙන් මෙන්ම ඇයට මත්පැන් දුන් වේටර්වරයාද සනාථ කරනවා.

    * පසුව තවත් බීමත් මිතුරු මිතුරියන් පටවාගෙන අධික වේගයෙන් වංගු කෙළින් කරමින් ඇය රථය පදවා ඇත්තේ තවත් මත්පැන් සාදයකට සහභාගී වීමටයි.

    * මේ අතර අනතුරට පත් පවුලේ ඉරණම සෝචනීය එකක් වනවා. රෝහල් ගත කරද්දීත් පස් හැවිරිදි පුතා දෑතින් ඔසවාගෙන ආවේ (පසුව මියගිය) පියා බව රෝහලේ සේවය කල අය පවසා තිබුනා. ඔහුට එතරම් අමාරුවක් එම අවස්ථාවේ තිබී නැති අතර ශරීර අභ්‍යන්තරයට ලේ ගැලීම නිසා සුළු වේලාවකින් තත්වය බරපතල වී ඔහු මිය යනවා.

    * ඊට අමතරව කුඩා දරුවාගේ තත්වයද ඉතා අවාසනාවන්ත එකක් වන්නේ ඔහුගේ සුශුම්නාවේ ඉහල කොටසේ අස්ථි බිඳීමක් වාර්ථා වීමත් සමඟයි. මේ අනුව ඔහුගේ ජීවිතය ඉතා අවදානම් වන අතර ජීවත් වුවත් සදාකාලික අබ්බගාතයෙකු වීමට ඉඩ ඇති බව වෛද්‍ය මතයයි. බීමත් කාලකන්නි වෛද්‍යවරියක් විසින් මේ අනුව මත්පැන් ටිකක් හා තාවකාලික ආතල් එකක් වෙනුවෙන් මුළු පවුලක්ම විනාශ කර තිබෙනවා.

    * බීමත් කාලකන්නි වෛද්‍යවරියගේ පැටිකිරිය සොයා යාමේදී ලැබුණු තොරතුරු අනුව ඇය මීට කලින් විවාහ වී සිටි අතර බීමත්කම, වල්කම හා නයිට් ක්ලබ් නිසා එම විවාහය කඩාකප්පල් කරගෙන තිබෙන අයෙක්.

    * අමතරව ඇයට අවුරුදු අටක නමයක පමණ දරුවෙක්ද සිටින අතර ඔහුගේ අනාගතය ගැන සිතා පියා විසින් මැයගෙන් වෙන්කර හදා ගනී.

    * මුල් විවාහයෙන් වෙන් වීමෙන් පසුව ඇය තවත් වෛද්‍යවරයෙකු සමඟ අයථා සම්බන්ධයක් පවත්වා ඇති අතර ඔහුද වෙනත් කාන්තාවන් ගණනාවක් අමාරුවේ දැමූ කාමාතුරයෙක්. ඔහුගේ අනියම් සම්බන්ධයක් නිසා එම සම්බන්ධය කැඩී යන අතර වෛද්‍යවරිය තවදුරටත් නයිට් ක්ලබ් හා මත්පැන් වලට ඇබ්බැහි වනවා.

    * පවුලක්ම වනසා දැමූ මැය දැනට බන්ධනාගාරයෙන් බේරීම සඳහා කිසිදු තුවාලයක් නැතුව රෝහල්ගතවී සිටිනවා. ඇයට හිතවත් වෛද්‍යවරුන් ඇයව ටිකට් නොකපා තබා ගන්නේ බන්ධනාගාරය මඟහැර කෙලින්ම උසාවියට ඉදිරිපත් කිරීමටයි.

    * ඊළඟට වැදගත් වන්නේ මෙම අසික්ශිත ක්‍රියාව සාධාරණීකරනය කරන වෛද්‍යවරුන්ගේ හැසිරීමයි. බොරු වෛද්‍ය වාර්ථා ලබාදීම ගැන චෝදනා වලට කිසිම දොස්තරවරයෙක් වචනයක් වත් කියන්නේ නෑ. රෝහල, වෛද්‍ය සභාව මේ අකටයුත්තේදී නිහඬයි.

    * මීට අමතරව මා හිතවත් කළුබෝවිල වෛද්‍යවරයා විසින් වෛද්‍යවරුන්ට පමණක් වෙන්වූ Facebook Group එකක් මට පෙන්වූ අතර මිනීමරු දොස්තර වෙනුවෙන් පෝළිමේ කඩේ යන දොස්තරලා රැසක් එහි Comment කර තිබෙනවා. පහත Screenshots ඔහුගේ අවසරය පරිදි ගත් ඒවාය.


    https://image.ibb.co/hsfYpK/Comment33.jpg

    * මින් එක ඩොකෙකුට අනුව බීමත් රියදුරන් පාරේ මිනී මරමින් යාම අපට ප්‍රශ්ණයක් විය නොහැක. එය අපට ප්‍රශ්ණයක් විය හැක්කේ ඔවුන් අපේ සල්ලි වලින් බොන්නේ නම් පමණි. මේ හිපොක්‍රටීස් ප්‍රතිඥාව දුන් වෛද්‍යවරු හිතන හැටිය.


    https://image.ibb.co/iZJxGz/Comment11.jpg

    * තවත් එකෙකුට අනුව යුක්තිය සාධාරණත්වය බලු නොවටී. කල යුතු වන්නේ මිනී කීයක් මැරුවත් "අපේ එකා" වෙනුවෙන් කඩේ යාමයි. (චනිත් පැදුරුආරච්චි දෙහිඅත්තකණ්ඩිය රෝහල)

    මෙවැනි පහත් ගෝත්‍රික හැසිරීම් ප්‍රදර්ශණය කරන්නේ ලංකාවේ වෛද්‍ය ක්ශේත්‍රයේ අයම වීම කරුමයකි.



    https://image.ibb.co/dE5zUK/Comment22.jpg
    * තවත් එකෙකු කියන්නේ මියගිය තිදරු පියා බීමතින් සිටි නිසා පුතා වාහනය පැදවූ ලෙස පොලීසියෙන් ලියා ඇති බවයි. වැරැද්ද මියගිය අහිංසකයෙකුගේ පිට පැටවීමේ මෙම උත්සහය පිළිකුල් සහගතය. අනික වාහනය පැදවූයේ මොකා වුවත් වැරදිකාරයා බීමත් දොස්තරී මිස වෙන මොකෙක්ද? මොළයේ ආබාධයක් නැති ඕනෑම කෙනෙකුට කැමරා දර්ශන බැලීමෙන් මරු විකල්ලෙන් වාහන පැදවූයේ කවුදැයි පෙනේ.

    මීට කලින්ද අප දුටු දෙයක් නම් එක දොස්තරයෙකු වරදක් කල විට එය විවේචනය කිරීම පසෙක තබා එම දොස්තරයා රැකීමට පෝළිම් සාදාගෙන අනික් දොස්තරලා ගේ පැමිණීමයි.

    වරක් මීගමුවේ කමාතුර මිනීමරු දොස්තරයෙක් අහිංසක තරුණියක් දූශණය කර මරා දැමූ අතර ඌව අත්තඩංගුවට ගත් විට අනික් දොස්තරලා පළමුවෙන්ම කලේ දවස් පඩියට වැඩ කල අහිංසක කාන්තාවකගෙන් පළිගැනීමයි. ඒ අර කමාතුර මිනීමරුවාට විරුද්ධව සාක්ෂි දීම නිසාය.

    පසුව නඩුව යන අතරතුර මෙම මිනීමරුවා ඇප පිට සිටි අතර ඌට රැකියාවක් නැති නිසා මීගමුවේම වෙනත් පෞද්ගලික ඩිස්පැන්සරියක් කරන දොස්තරයෙක් ඌට තමාගේ ඩිස්පැන්සරියේ වැඩ කරන්නට ඉඩ දී තිබුනි. ඒ හොර නමකිනි. මෙය පසුව මාට්ටු වූ අතර ගම්වැසියන්ගේ විරෝධය හමුවේ රෝහලෙන් මේ වැඩේ නවතන ලෙස එම දොස්තරයාට කියූ අතර ඌ එය තඹේකට මායිම් නොකලේය. ගුටි කන තැනට දුරදිග ගියපසු මිනීමරුවා හැලීමට සිදුවිය. දැනට ඌ ජීවිතාන්ත සිරදඬුවම් විඳිමින් සිටී.

    මෙවැනි උදාහරණ එමට ඇත. මෙම ගෝත්‍රික හැසිරීම් පසෙක තබා වැරැද්ද වැරැද්ද ලෙස දකින්නට දොස්තරලා කවදා පුරුදු වේදැයි සැක සහිතය.



    පිස්සෝ කලබල උනාට දොස්තර කලබල නැත.


    අයි.පී ට මරු කැඳවූ මෝටර් රියේ වෛද්‍යවරියට බීමතින් සිටියාට නඩු
    (ඉන්දිකා රාමනායක)

    පැපිලියාන, වික්‍රමරත්න මාවතේදී පසුගිය 30 වැනිදා අලුයම පොලිස් පරීක්‍ෂකවරයකුට මරුකැඳවූ මෝටර් රථය පැදවූ වෛද්‍යවරිය මත්පැන් බී සිටි බවට නඩු පැවරීමට පොලිසියෙන් සිදුකළ ස්වසන වායු පරීක්‍ෂණය ප්‍රමාණවත්යැයි රථවාහන සහ මාර්ග ආරක්‍ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.



    අනතුර සිදුවූ දින එම වෛද්‍යවරිය පොලිසිය විසින් ස්වසන වායු පරීක්‍ෂණයකට භාජන කළ අවස්ථාවේ ඇය බීමතින් සිටි බව හෙළි වූ බව කී නියෝජ්‍ය පොලිස්පතිවරයා එම ස්වසන වායු පරීක්‍ෂණ වාර්තා ඇයට එරෙහිව නඩු පැවරීමට යොදාගන්නා බවද කියා සිටියේය.
    ස්වසන වායු පරීක්‍ෂණය සඳහා දකුණු අප්‍රිකාවෙන් ගෙන්වන ලද අතිවිශේෂ බැලුනයේ කහ පැහැති පටියක් ඇති බවත් බීමතින් සිටින පුද්ගලයකු එය පුම්බන විට එම පටිය කොළ පැහැයක් ගන්නා බවත් ඔහු කීය.
    අනතුර සිදුවූ දින වෛද්‍යවරිය එම බැලුනය පිම්බූ අවස්ථාවේ එය කොළපාට පැහැයක් ගත් බවද අජිත් රෝහණ මහතා කීය.
    මෙම වෛද්‍යවරිය පරීක්‍ෂා කළ වෛද්‍යවරයකු ඇගේ මුවින් මත්පැන් ගඳක් වහනය නොවන බවට වාර්තාවක් ඉදිරිපත් කළද එය ප්‍රමාණවත් නොවන බව අජිත් රෝහණ මහතා කියා සිටියේය.
    අනතුර සිදුවීමට කලින් මෙම වෛද්‍යවරිය සාදයකට සහභාගි වී ඇති අතර එම ස්ථානයේ සීසීටීවී කැමරා දර්ශන ඇතුළු සාක්කි පොලිසිය සතුව ඇති බවත් ඒවා අධිකරණයට ඉදිරිපත් කරන බවත් ඔහු සඳහන් කළේය.
    අජිත් රෝහණ මහතා මෙසේ පැවසුවේ රාජ්‍ය පරිපාලන හා නීතිය, සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ඊයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,585
    13,218
    113
    specialist කියල අලි පුකෙන් ඇවිත් නෑනේ...
    වෛද්‍යවරු මෙහෙම කාලකන්නි වැඩ කරන කොට, බිල එලවල මිනිස්සු හප්පන එකට වඩා එක බේරගන්න අලුගුත්තේරු වැඩ කරනකොට, වෛද්‍ය ආචාරධර්මවලට පිටින්, හැල්ලු වෙන්නේ මුළු වෘත්තියම.......

    මගේ පෞද්ගලික මතය, වුර්තිය මෙතෙනට අදාලම නැත, නිතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ.
    අර කවින්ගාව බෙර ගන්න හදන ගොන් දොස්තරලට කියන්න තියෙන්නේ, profession එක කන්නේ නැතුව වැඩක් බලා ගනිල්ලා කියන එක.:angry::angry::angry:
    උබල මිනිස්සු ඉස්සරහට නොගියට අපි මිනිස්සු එක්කයි ජිවත් වෙන්නේ මේ මහා සමාජයේ. තොපි කරන වැඩ වලින් අපිටත් පාරෙ බැහැල යන්න බැරි වෙනවා.


    උබ ඔය පාදෙනියගේ වැදී සංගමේ සාමාජිකාත්වේ ගත්තේ නැද්ද ?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,585
    13,218
    113
    ඩොක්ටර් රුවන්ගේ මේ බ්ලොග් එක කියවපන්කෝ.

    http://transyl2014.blogspot.com/

    මේක සුපිරි බ්ලොග් එකක්
    මිනිහ ඔය පාදෙනියලා වගේ ගල් යුගේ ඉන්න වැද්දොන්ට හොදට පහර දෙනවා
    කොහොමත් මෙහෙ ඉන්න කබ්බෝන්ට වඩා රෂියන් මෙඩිසින් කරපු දොස්තරලා ගව් ගානක් දුරින් ඉන්නේ .
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    පා...දෙණිය
    පා...... දෙණිය
    පා............. දෙණිය
    වඩිනු මැන වැදී රජුණි


    විදග්ධ පුක් ශෝධක...
    උඹව දැක්ක කල්...

    මේ දවස්වල වැඩ වැඩියි නේද? කී දෙනෙක්ගේ කියලා හෝදන්නද අප්පා.
     
    Jul 20, 2018
    210
    31
    0
    anton_malli's Avatar
    anton_malli anton_malli is online now
    Senior Member
    anton_malli is a jewel in the roughanton_malli is a jewel in the roughanton_malli is a jewel in the roughanton_malli is a jewel in the roughanton_malli is a jewel in the roughanton_malli is a jewel in the rough

    Posts: 949
    Join Date: Sep 2018
    Add to anton_malli's Reputation Report Post
    Yesterday, 07:53 PM
    ඩොක්ටර් රුවන්ගේ මේ බ්ලොග් එක කියවපන්කෝ.

    http://transyl2014.blogspot.com/
    Last edited by anton_malli; Yesterday at 07:57 PM.

    චමිලා දිසානායක ගේ ඝාතනය සහ වෛද්‍ය සමන්ත ඉන්ද්‍රජිත් පනාවැන්න භූමිකාව



    2007 වසරේ මීගමුව රෝහලේදී ඉන්දික සුදර්ශන බාලගේ නම් ඉන්ටර්න් වෛද්‍යවරයෙකු විසින් චමිලා දිසානායක නම් 23 හැවිරිදි ඇගළුම් සේවිකාවක දුෂණය කැර රෝහලේ හය වැනි මහලෙන් බිමට දමා මරා දැමුවේය. මේ අපරාධය කිරීම නිසා මීගමුව මහාධිකරණ විනිසුරු එච් එම් ඒ ගෆුර් මහතා ඝාතනය පරිවේශනීය සාක්‍ෂි මගින් සාධාරණ සැකයෙන් ඔබ්බට ගොස්‌ ඔප්පු වූ බව පෙන්වා දෙමින් ඉන්දික සුදර්ශන බාලගේ හට මරණීය දණ්ඩනය නියම කරන ලදි. ඔහුට ස්ත්‍රී දුෂණ චෝදනාවට වසර පහළොවක බරපතල වැඩ සහිත සිරදඩුවම් හා රුපියල් දහදාහක දඩයක් ද මරණය සිදු කිරීමේ චෝදනාවට මරණ දඬුවම ද නියම විය.

    මේ වන විට බාලගේ සිටින්නේ සිරගතවය. එහෙත් චමිලාගේ මරණය සම්බන්ධයෙන් මෙතෙක් නොවිසඳුනු ගැටළු කීපයක් තිබේ. එසේම මේ අපරාධය යට අනාවරණය නොවුනු කරුණු ඇත. චමිලා ගේ ඝාතනය සිදු කල ඉන්දික සුදර්ශන බාලගේ හට එක් පුද්ගලයෙකු දිගින් දිගටම කොන්දේසි විරහිතව සහාය දෙන ලදි. මේ පුද්ගලයා පිලිබඳව මුලින්ම හෙළි කරන්නේ මීපුර වෙබ් පුවත්පතේ කතෘ ෆ්‍රෙඩී ගමගේ මහතා විසිනි. මීපුර වෙබ් පුවත්පත පෙන්වා දෙන අන්දමට බෝගහවත්ත කිරිදිවැල පදිංචි වෛද්‍ය සමන්ත ඉන්ද්‍රජිත් පනාවැන්න චූදිත සුදර්ශන බාලගේ හට වෘත්තිය මට්ටමටත් එහා ගොස් වෛද්‍ය ආචාර ධර්ම වලට පටහැනිවද උපකාර කොට තිබේ. තමන් ගේ වෘත්තියද අවධානමට හෙලමින් වෛද්‍ය පනාවැන්න ස්ත්‍රී දූෂක ඝාතකයෙකු රැක්කේ මන්ද ?

    චමිලාගේ ඝාතනයේදී තිරය පසුපස සිට මතභේදකාරී ක්‍රියාවන් සිදු කල වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න පිලිබඳව කරුණු සොයා බැලීමට පොලිසිය මෙන්ම ජනමාධ්‍ය උත්සහ ගත්තේ නැත. එහෙත් මීපුර පුවත්පතේ කතෘ ෆ්‍රෙඩී ගමගේ මහතා විසින් ඔහුගේ පුවත්පත හරහා යම් යම් හෙලිදරව් කිරීම් කොට තිබුනද එය ප්‍රමාණවත් වූයේ නැත. මෑතකදී ෆ්‍රෙඩී ගමගේ මහතා ටොරොන්ටෝ නගරයට පැමිණි අතර මම ඔහුව හමුවී චමිලාගේ ඝාතනය පිලිබඳව වැඩිමනත් තොරතුරු ලබා ගැනීමට උත්සහ කලෙමි. එහෙත් කාලවේලාවේ මඳකම නිසා අපට හමු වීමට බැරි විය. එහෙත් ෆ්‍රෙඩී ගමගේ මහතා විසින් සොයා ගන්නා ලද තොරතුරු ඔස්සේ අපට චමිලාගේ ඝාතනය සහ වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න භූමිකාව පිලිබඳ යම් අදහසක් ලබා ගත හැකිය.

    මොණරාගල, දඹලුගල, කටුකූරමණ්‌ඩිය ගමේ උපත ලද චමිලා දිසානායක කටාන ස්මාර්ට් ෂර්ට්" ඇගළුම් කම්හලේ සේවිකාවක වූවාය. ඇයගේ පියයුරක වූ ගැටිත්තක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට 2007 නොවැම්බර් 12 වැනිදා ද ඇය මීගමුව රෝහලේ සායනය වෙත පැමිණ සිටියාය. ඇයව බලන ලද්දේ ඉන්දික සුදර්ශන බාලගේ නමැති වෛද්‍යවරයා. ඔහු සීමාවාසික වෛද්‍යවරයෙකු විය. බාලගේ විසින් සායන පොත සෙවීම සඳහා යෑයි කියමින් මීගමුව රෝහලේ හය වැනි මහලට චමිලාව ගෙන ගියේය. හය වැනි මහල යනු වෛද්‍යවරුන් ගේ නිල නේවාසිකාගාර තිබූ මහළ විය. මෙම මහලේදී ඔහු චමිලාව දූෂණය කොට පසුව ඇයව හය වන මහලෙන් බිමට තල්ලු කොට මරා දැමුවේය. ඇයව හය වන මහලෙන් බිමට තල්ලු කිරීමට පෙර බාලගේ සිහිසන්ව සිටි චමිලාව කාඩ්බෝඩ් එකක් මත තබා ඇදගෙන යන අයුරු බියට්‍රිස් නම් රෝහල් කම්කරු සේවිකාව දුටුවාය. බියට්‍රිස් මෙම සිදුවීම නොදැක්කේ නම් චමිලා ගේ මරණය සිය දිවි නසා ගැනීමක් ලෙස සනිටුහන් වනු නිසැකය.

    තරුණියගේ ඝාතනය සිදුවූ රාත්‍රියේ මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කල පොලිස්‌ පරීක්‍ෂක තිලක්‌ කුමාර සුබසිංහ මහතා බාලගේ ගේ 6 වන මහලේ 33 වෙනි කාමරය පරික්‍ෂා කල අතර එම කාමරයේ තිබී ව්‍යාඝ්‍රා" පෙති හමු විය. තවද ඔහුගේ කාමරයට ඉදිරි පස තිබූ ගබඩා කාමරයෙන් චමිලා දිසානායක ගේ යට ඇඳුම සහ ඇයගේ හෑන්ඩ් බෑග් එක සොයා ගන්නා ලදි. මරණ පරීක්‍ෂණයේදී දූෂණයට ලක්විමට පෙර චමිලාගේ ගෙල මිරිකා තිබුන බව රාගම වෛද්‍ය පීඨයේ කථිකාචාර්‍ය හා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි බී. ප්‍රසන්න ප්‍රියංජිත් මහතා විසින් සනාත කලේය.

    මේ ඝාතනය වූ අන්දම ගැන සිතන විට ප්‍රශ්න කීපයක් මතුවේ. චමිලාගේ සායන පොත අස්‌ථානගත වූයේ කෙසේද ? මේ තරුණික කිහිප වතාවක් සායනයට ආ තැනැත්තියකි. බාලගේ මෙම අපරාධය සැලසුම් කලේ ඝාතනය සිදු කල දිනයට පෙරද ? එය හිතා මතා අස්ථාන ගත කලේද ? ඔහුගේ සැලසුම වූයේ තරුණියව කිසිවෙකු නොමැති හය වන මහලට ගෙන යාමටය. එම මහලේදී තවත් පුද්ගලයෙකු තරුණියව බිල්ලට ගැනීමට සූදානම්ව සිටියේද ? හය වන මහලට ගෙන ආ චමිලාට කෑගැසීමටවත් නොදී ඇයව මෙල්ල කර ගත්තේ කෙසේද ? ඒ වන විට ගොඩනැගිල්ල තුල හෙදියන් සහ කම්කරු සේවිකාවන් කිහිප දෙනෙකු සිටි නමුදු ඔවුනට කෑගැසීමක් ඇසුනේ නැත. චමිලාව මෙල්ල කර ගැනීම සඳහා තවත් පුද්ගලයෙකු බාලගේට උදව් කලේද? එක් අයෙකු තරුණියව අල්ලාගෙන සිටින විට තවත් අයෙක් ඇයගේ ගෙල මිරිකුවේද ? කොට පුද්ගලයෙකු වූ බාලගේට විසංඥව සිටි තරුණියව ජනේලය දක්වා ඔසවා ජනේලයෙන් පහළට තල්ලු කල හැකි වූයේ කෙසේද ? තරුණියගේ ශරීරය ජනේලය දක්වා එසවීමට තවත් දෑතක් උපකාරී වූයේද ?

    චමිලා දූෂණයට ලක්ව සිටියද ඇයගේ යෝනි මාර්ගයෙන් ශුක්‍රාණු හමු නොවේ. අධිකරණ වෛද්‍ය විද්‍යාව පිලිබඳ තරමක දැණුමක් තිබූ බාලගේ ඇයව දූෂණය කිරීමේදී කොන්ඩොමයක් පළදන්නට ඇත. මෙහිදී අපට මතුවන ප්‍රශ්නය නම් චමිලා සමූහ දූෂණයට ලක් වූයේද යන්නයි. ඇයගේ ශරීරයේ තුවාල හැට ගනනක් තිබුණි. සමහර තුවාල දූෂකයා විසින් පහර දීම නිසා ඇතිවූ ඒවාය. චමිලා විදුළි සෝපානේ නැගී බාලගේ සමග ඉහළ මාලයට යන්නේ උදෑසනය. ඇය හය වන මහලේ සිට බිමට තල්ලු කරන්නේ දහවලය. මේ කාලය වන තෙක් ඇය සිටියේ බාලගේ සතු නේවාසික කාමරයේය. මේ කාමරේ බාලගේට අමතරව යම් අයෙකු සිටියේද ? ඒ කාලය අතර තුර චමිලා තවත් පුද්ගලයෙකුගේ දූෂණයට ලක් වූයේද ?

    මාගේ අදහස අනුව සුදර්ශන බාලගේ සීරියල් දූෂකයෙකු මෙන්ම සීරියල් ඝාතකයෙකි.චමිලාට අපරාධයක් කිරීමට පෙර ඔහු කාන්තාවන් කීප දෙනෙකුට අතවර කොට තිබුණි. මේ අතවර කිසිම පොලිස් පොතක සඳහන් වන්නේ නැත. වරක් රාගම රෝහලේ හෙදියක් විශක් එන්නත් කොට ගෙන දිවි නසා ගත්තාය. මෙය දිවි නසා ගැනීමක් නොව බාලගේ විසින් අතවර කොට විශක් එන්නත් කොට මරා දමන ලද කාන්තාවක් බවටත් මතයක් පවතී. මෙම හෙදිය ඔහුගේ බිරිඳ ගේ යෙහෙලියකි. කෙසේ නමුත් මේ මරණය සනිටුහන් වන්නේ දිවි නසා ගැනීමක් ලෙසටය. බාලගේ ප්‍රතිකාර සඳහා පැමිණි ගැහැණු ළමුන් කෙරෙහි අනිසි බලපෑම් කරන බව සමහර වෛද්‍යවරු සහ හෙදියෝ ආවේදනය කොට තිබුණි. වරක් මීගමුව රෝහලේදී එක් තරුණ කාන්තාවකට රෝගී පරික්‍ෂාවේදී අනිසි අතවරයක් කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනාවක් ආවේය. මේ අවස්ථාවේදී බාලගේ ගේ සහායට එන්නේ වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්නයි. ඔහු අනෙකුත් වෛද්‍යවරුන් ද පොලඹවා අදාල කාන්තාව මානසික රෝගී කතක් බව කියමින් බාලගේව එම චෝදනාවෙන් මුදා ගනියි. යම් ලෙසකින් මේ අවස්ථාවේදී බාලගේට චෝදනා ගොනු වූයේ නම් මේ වන විට චමිලා ජීවතුන් අතර වීමටත් ඉඩ තිබුනි. එහෙත් පනාවැන්න ගේ මැදිහත් වීම නිසා බාලගේ බේරී ගියේය.

    බාලගේ සහ පනාවැන්න අතර වෘත්තීය භාවයටත් එහා ගිය මිත්‍ර සබඳතාවක් තිබුනේය. බාලගේ බිරිඳ හෙදියකි. ඇය සේවා මුරයන් කරන විට බාලගේ නේවාසික කාමරයට කාන්තාවන් ගෙන ආ බව නම හෙළි කිරීමට අකමැති රෝහල් සේවකයෙකු පැවසීය. වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්නද බාලගේ ගේ කාමරයේ නිතර ගැවසුනේය. මේ දෙදෙනා අතර කුමන සබඳතාවක් තිබුනේද කියා පොලිසිය සොයා බැලුවේ නැත. චමිලා ඝාතනය වූ පසු මීගමුව පොලිසිය විසින් සුදර්ශන බාලගේව අත් අඩංගුවට ගත් වහාම වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න කලබල වෙයි. ඔහු එස් එම් එස් එකක් හයවන මහලේ නේවාසිකව සිටි වෛද්‍යවරු වෙත යවයි. මේ පණිවිඩයේ සඳහන් වන්නේ නේවාසිකාගාර කාමර වල දොර අගුල් සුරක්‍ෂිත නොමැති බව කියා මීගමුව රෝහලේ අධිකාරීවරයාට ලිඛිතව පැමිණිලි කරන ලෙසයි. තවද එහි පිටපතක් රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයටද යවන ලෙස ඔහු දන්වයි. පොලිසිය යම් නඩු භාණ්ඩයක් මේ නේවාසික කාමර අතරින් සොයා ගනී කියා ඔහු බිය වූයේද ? එසේ වූයේ නම් නේවාසිකාගාර කාමර වල දොර අගුල් සුරක්‍ෂිත නොමැති නිසා එය භාණ්ඩය පිටස්තරයෙකු ගෙනා දැමූ බව කීමට පරිසරය සකස් කර ගැනීමටද ? වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න විසින් යැවූ එස් එම් එස් එක පිලිබඳව අනාවරණය කරන්නේ මීපුර පුවත්පත විසිනි. එහෙත් මීගමුව පොලීසිය මෙම එස් එම් එස් එක පිලිබඳව විමසිලිමත් වීමට හෝ වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න ගේ නිල කාමරය පරික්‍ෂා කිරීම අතපසු කරයි.

    චමිලාගේ ඝාතනය පිලිබඳ සැකකරුවෙකු වූ සීමාවාසික වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලගේ රිමාන්ඩ් කෙරෙන අතර ඔහුව රඳවා තබන්නේ මීගමුව බන්ධනාගාරයේය. මීගමුව බන්ධනාගාරයේදීද ඉන්ද්‍රජිත් පනාවැන්න බාලගේ ගේ පිහිටට පැමිනේ. ඒ කෙසේද යත් වෛද්‍ය සමන්ත ඉන්ද්‍රජිත් පනාවැන්න මීගමුව බන්ධනාගාරයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන නිසාය. මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන බන්ධනාගාර නිලධාරියාව නම්මා ගන්නා වෛද්‍ය පනාවැන්න බාලගේව සිරකුඩුවේ නොතබා බන්ධනාගා රෝහලේ තබා ගනියි.



    ඉන්දික සුදර්ශන බාලගේට ඉන්දික එස් බාලසූරිය යනුවෙන් බොරු නමක් දී තිබෙන අයුරු

    කොලඹ බන්ධනාගාර රෝහල මෙන්ම මීගමුව බන්ධනාගාර රෝහලද අති දූෂිත එකකි. අවංකව සේවය කරන වෛද්‍යවරු අතර පගාවට ධනවත් සිරකරුවන් රෝහලේ තබා ගැනීම , ව්‍යාජ වෛද්‍ය සහතික ලබා දීම මෙන්ම රැඳවියන්ට යම් යම් ඖෂධ හොර රහසේ විකුණන වෛද්‍යවරු සිටිති. බාලගේ මීගමුව බන්ධනාගාරයේ මත් ද්‍රව්‍ය භාවිතා කල සිරකරුවන්ට ට්‍රැමඩෝල් වැනි ඖෂධ විකුණූ බවට තොරතුරු තිබේ. බාලගේට මෙම ඖෂධ ලැබුනේ කා හරහාද යන්න ගැටළුවකි. කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ පහළ මධ්‍යම පාන්තික පවුලකින් එන වෛද්‍ය පනාවැන්න මේ වන විට අධික ධනයක් උපයාගෙන තිබේ. ඔහු ආදායම් බදු ගෙවන්නේද නැත. වෛද්‍ය පනාවැන්න වත්කම් සහ ධනය උපයා ගත් ආකාරය පිලිබඳව යම් විමර්ශණයක් කරන්නේ නම් තව බොහෝ කරුණු මතු වනු ඇත.

    යම් කාලයට පසුව බාලගේට ඇප ලැබේ. මේ වන විට ඔහුගේ වැඩ තහනම් කොට ඇත. බාලගේට ආදායමක් නැත. යළිත් ඔහුගේ පිහිටට එන්නේ වෛද්‍ය සමන්ත ඉන්ද්‍රජිත් පනාවැන්නයි. වෛද්‍ය පනාවැන්න ඔහු විසින් මීගමුව කුරණ අංක 7 දරණ ස්ථානයේ පවත්වාගෙන ගිය ආරෝග්‍යා වෛද්‍ය මධ්‍යස්ථානයේ පූර්ණ කාලීන සේවය සඳහා බාලගේව බඳවා ගනියි. එහෙත් මෙය නීති විරෝධීය. බාලගේ මනුෂ්‍ය ඝාතනයක් පිලිබඳව ඇප පිට සිටින සැක කරුවෙකි. ඔහු විසින් කරන ලද ඝාතනයේ ස්වභාවය අනුව ඔහුට රෝගීන්ට ප්‍රතිකාර කිරීමට නීතිය අනුව ඉඩක් නැත. තවද ඔහු තවමත් සීමාවාසික හෙවත් ඉන්ටර්න් වෛද්‍යවරයෙකි. ඔහුට පුද්ගලික සේවයේ යෙදීමට ඉඩක් නොමැත. එහෙත් වෛද්‍ය පනාවැන්න ව්‍යාජ ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකයක් සහිතව ඉන්දික සුදර්ශන බාලගේට ඉන්දික එස් බාලසූරිය යනුවෙන් බොරු නමක් දී තමන් ගේ ආරෝග්‍යා වෛද්‍ය මධ්‍යස්ථානය භාර දෙයි. තවද වෛද්‍ය පනාවැන්න ගේ බලපෑම් මත ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියාද බාලගේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිලිබඳව මුණිවත රකියි.

    මීපුර පුවත් පත පෙන්වා දෙන අන්දමට වෛද්‍ය පානාවැන්න රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ හිටපු ප්‍රධාන නිළධාරියෙක්ද වෙයි.එමෙන්ම මීගමුවේ පුද්ගලික බෙහෙත් ශාලා පවත්වාගෙන යනු ලබන වෛද්‍යවරුන්ගේ සංගමයේදි නිළධාරියෙකි. බාලගේ මෙන් නොව ඔහුට වසර ගනනාවක සේවා අත්දැකීම් තිබෙන රජයේ සේවකයෙකි. එවැනි පුද්ගලයෙකු ඝාතක සැකකරුවෙකු වෙනුවෙන් මෙතරම් රිස්ක් එකක් ගත්තේ මන්ද කියා මීපුර පුවත්පත අසයි. සුදර්ශන බාලගේ වෛද්‍ය පනාවැන්නව බ්ලැක්මේල් කලේද කියා සැකයක් මතුවේ. එසේ බ්ලැක්මේල් කලේ කුමන රහසක් පොලිසියට එළිදරවු නොකිරීම සඳහාද ?

    මේ කාලය තුලදී මොවුන් දෙදෙනාගේ හැසිරීම නිරීක්‍ෂණය කරන විට බාලගේ වෛද්‍ය පනාවැන්නව පාලනය කරන බවට සැක මතු වෙයි. බාලගේ ගේ නඩුවට වියදම් කරන්නේ වෛද්‍ය පනාවැන්න ගේ ඩිස්පැන්සරියෙන් එන මුදල්‍ ය. ඔහු දිවා රෑ ගත කරන්නේ මේ ස්ථානයේය. බාලගේ ගේ අනිසි ක්‍රියාකලාපය නිසා පනාවැන්නගේ පුද්ගලික ඩිස්පැන්සරියේ සිටි තරුණියද ඉවත්ව යයි. මේ ගැටුමේදී වෛද්‍ය පනාවැන්න ගන්නේ තම සායනයේ වසර ගනනාවක් සේවය කල තරුණියගේ පැත්ත නොව නීති විරෝධීව වෛද්‍ය ප්‍රතිකාර කරන චූදිත ස්ත්‍රී දූෂක ඝාතකයාගේ පැත්තයි.

    ස්ත්‍රී දූෂක මිනීමරුවෙකු ලෙස නම් කල බාලගේට එරෙහිව මීගමුව නගරයේ උද්ඝෝෂණ පැවැත්වේ. එසේම මීපුර පුවත්පත විසින් ද දිගින් දිගටම ඝාතක සැකකරුවෙකු කුරණ පවත්වාගෙන යන ආරෝග්‍යා වෛද්‍ය මධ්‍යස්ථායේ රෝගීන්ට ප්‍රතිකාර කරන බව පෙන්වා දෙයි. තමන් ගේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය වර්ධනය කර ගැනීමේ සහ රෝගීන් ආකර්ෂණ කිරීම සඳහා වෙහෙසෙන වෛද්‍යවරයෙකු කිසිසේත් සිදු නොකරන දෙයක් වෛද්‍ය පනාවැන්න කරයි. ඔහු මහජන කෝපය හමුවේදී පවා බාලගේ ඉවත් නොකොට ඔහුව තම පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ තබා ගනියි. මේ නිසා සුදර්ශන බාලගේ වෛද්‍ය පනාවැන්නව බ්ලැක්මේල් කලේද කියා සාධාරණ සැක මතුවේ.

    බාලගේ සහ වෛද්‍ය පනාවැන්න අතර පවතින අසාමාන්‍ය සමිප සම්බන්ධතාව සම්බන්ධයෙන් මී පුර වෙබ් පුවත් පත මෙසේ ලියයි ; බාලගේ ට නඩු ගාස්තු ගෙවාගන්නට හෝ කන්න අදින්න මුදල් නැති නම් එයට ආධාර කරනවා විනා නිතිය ඉදිරියේදි මෙන්ම සිය වෘත්තිය ජිවිතය තුලදිද ඔහු බරපතල ලෙස පච වෙමින් මෙසේ කරන්නේ ඇයි? මෙය එක්තරා අන්දමකට ගත් කළ පනාවැන්න ගේ වෘත්තිය ජිවිතය තුල මරාගෙන මැරෙන මෙහෙයුමකි.තමන්ගේ වෘත්තිය ජිවිතයත් කිර්තිනාමයත් පරදුවට තබා කිසිවෙක් මෙවන් ප්‍රවේශයකට යනු ඇතැයි සිතන්නටවත් නොහැකිය.අඩුම තරමින් මේසන් බාස් කෙනෙක්වත් එසේ නොකරනු ඇත- මීපුර . නමුත් වෛද්‍ය පනාවැන්න බාලගේ වෙනුවෙන් අති විශාල අවධානමකට කර ගැසුවේය. එයට හේතුව කිම ?

    බාලගේ ගේ නඩුවේ ප්‍රධාන සාක්‍ෂිකාරිය බියට්‍රිස් ය. බාලගේ සිහි නොමැතිව සිටි චමිලා කාඩ්බෝඩ් එකක් මත තබා ඇදගෙන යනු ඇය දුටුවාය. බ්‍රියට්‍රිස් ඇසින් දුටු සාක්ෂිය මෙම නඩුවේ තීරණාත්මක සාක්ෂිය වන නිසා දැන් රෝහලේ කම්කරු සේවිකාවක වන බියට්‍රිස් හට බාලගේ ගේ මෙහෙයවීම මත විවිධ බලපෑම් එල්ල වෙයි. නමුත් දුප්පත් බියට්‍රිස් තම ස්ථාවරය වෙනස් කරන්නේ නැත. ඒ නිසා ඇයගේ රැකියාව නැති කර දමයි. බියට්‍රිස් ගේ රැකියාව නැති කිරීම සඳහා අපගේ කතා නායකයා තිරය පසුපස සිට විශාල කාර්‍යභාරයක් කරයි. එය සිදු කරන්නේ බාලගේ ගේ නියෝගය සහ අවශ්‍යතා මතය. තම රැකියාව නැතිවීමේ අවධානම තිබුනද බියට්‍රිස් අසත්‍ය සාක්‍ෂියක් දීම ප්‍රතික්ශේප කළාය. මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීමෙන් පසුව බියට්‍රිස් ගේ ධෛර්‍යය ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් ද අල්විස්‌ මහතා ගේ සම්මානයටද ලක් විය.

    බාලගේ ගේ ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගැනීම සඳහා ශළ්‍ය වෛද්‍ය විශේෂඥ ධම්මික වික්‍රමසිංහ මහතාගෙන් අත්සන ලබාගැනිමට උත්සහ කරයි. එහෙත් රෝහලක් තුලදී රෝගී තරුණියක ඝාතනය කල බවට සැක කරුවෙකු වූ බාලගේ වෙනුවෙන් තම අත්සන යෙදීම ශළ්‍ය වෛද්‍ය විශේෂඥ ධම්මික වික්‍රමසිංහ ප්‍රතික්ශේප කරයි. මෙහිදී බාලගේ වෛද්‍ය පනාවැන්න හරහා වෛද්‍ය විශේෂඥ ධම්මික වික්‍රමසිංහට තදබල ලෙස බලපෑම් කරයි. වෛද්‍ය පනාවැන්න බාලගේට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දීමට අනෙකුත් වෛද්‍යවරුන් ද පොළඹවවයි. බාලගේට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දීමට වෛද්‍ය පනාවැන්න වෙහෙසුනේ මන්ද ? ඔහු නොයෙකුත් විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ නිලධාරීන් පසු පස ගොස් ආයාචනා කලේ බාලගේ ගේ බලකිරීම් මත නිසාද ?

    මේ අතර වෛද්‍ය පනාවැන්න මහතා මීගමුවේ ජනප්‍රිය පුද්ගලයෙකු අමතා පනාවැන්න ගේ සියළු අනිතික ක්‍රියා හෙළි කරමින් මීපුර වෙබ් අඩවිය විසින් ගෙන යන මාධ්‍ය මෙහෙයුම නවතා දමන්නට උදව්වක් කළ හැකිද කියා ඇසූ බව මීපුර වෙබ් පුවත් පත පවසයි. මීපුර පුවත්පත හෙළි කරන චෝදනා හමුවේ වෛද්‍ය පනාවැන්න භාවිතා කරන්නේ ෆ්ලැට් න්‍යායයි. නගරයේ හොර ගබ්සා මධ්‍යස්ථාන ගැන නොලියන්නේ මන් ද කියා ඔහු මීපුර පුවත්පතින් අසයි. එසේම තමන් ට චෝදනා කරන්නන් එන් ජී ඕ කාරයන් බව කියයි. මේ අතර ඔහු වැඩි ආරක්‍ෂාව සඳහා දේශපාලන ව්‍යාපෘතියකට අත ගසා තිබෙන භික්‍ෂුවක් සමග මිතුදම් ඇති කර ගනියි.

    චමිලාගේ ඝාතනය නිසා ප්‍රකට වූ බාලගේ ගේ නාමයට පසු ඈඳුනු අනෙක් නාමය වෛද්‍ය පනාවැන්න ගේ බව මීපුර වෙබ් පුවත්පත පෙන්වා දෙයි . මේ කරුණ හේතුවෙන් මම වෛද්‍ය පනාවැන්නව ඇමතුවෙමි. චමිලා ඝාතනය වූ දින උදෑසන නවයේ සිට දහවල් එක දක්වා කාලය තුලදී ඔබ සිටියේ කොහේද ? කුමන රෝහලේ කොයි වාට්ටුවේද ? එසේම alibi හෙවත් අන්‍යස්ථානිකභාවය සනාත කිරීමට සාක්‍ෂි තිබේද කියා මම වෛද්‍ය පනාවැන්න ගෙන් ඇසුවෙමි. මගේ ප්‍රශ්නයට පිළිතුරු දෙනවා වෙනුවට ඔහු ෆ්ලැට් න්‍යායෙන් ගැලවී ගියේය. චමිලා ගේ ඝාතනය පිලිබඳව විමර්ශණ කණ්ඩායමටද මේ ප්‍රශ්නය වෛද්‍ය පනාවැන්න ගෙන් ඇසීමට අමතක විය. නව විමර්ශනයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරන්නේ නම් මේ ප්‍රශ්නය වැදගත් වෙයි.

    සුදර්ශන බාලගේ විසින් මෙතෙක් හෙළි කර නැතැයි පැවසෙන දේවල් රැසකි. චමිලා දිසානායක තරුණිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් චුදිත ඉන්දික සුදර්ශන බාලගේට තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර යමක් කීමට තිබෙන්නේ දැයි මීගමුව මහාධිකරණ විනිසුරු එම්.එම්.ඒ ගෆුර් මහතා විසින් විමසන ලද අවස්ථාවේ බාලගේ අනපේක්‍ෂිත පිලිතුරක් දුන්නේය. වැරදිකරුවන් මීගමුව රෝහල තුළ සිටින බව සඳහන් කළ බාලගේ ඔවුන්ටත් දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. බාලගේ මේ පවසන්නේ කවරෙක් පිලිබඳවද කියා චමිලා ඝාතනය විමර්ශණය කලවුන් යළි සොයා බැලිය යුතුය. එසේම තීන්දුව ප්‍රකාශ කිරීමෙන් පසුව දැඩි ලෙස ආතතියට හා බලාපොරොත්තු කඩවීමට ලක් වන බාලගේ චමිලාගේ මිනීමරුවන් (සහාපරාධියා ?) නීතියෙන් බේරී ගොස් නිදහසේ ඉන්නා බව කීවේය. බාලගේ මේ කියන්නෙ කවර පුද්ගලයා ගැනද ?

    බාලගේ මේ වන විට සිර දඞුවමට යටත්ව බන්ධනාගාරයේ සිටියි. බාලගේ ගෙන් යළි නව කට උත්තරයක් ලබා ගන්නේ නම් චමිලා ගේ ඝාතනයේ සැක මුසු ස්ථාන බොහෝමයක් නිරාකරණය කර ගැනීමට හැකි වනු ඇත. තවද දීර්ඝ කාලයක් සිරගතව සිටීම නිසා බාලගේ ගේ සිතැඟි සහ බලාපොරොත්තු වෙනස්ව තිබේ. මේ වන විට ඔහුට කිසිවෙකු ආරක්‍ෂා කිරීමට අවශ්‍ය නොවේ. එම නිසා නව විමර්ශනයකට සුදුසු කාලය එලැඹී ඇති බව සිතමි. බාහිර බලපෑම් වලින් තොරව විත්තිකාර ඉන්දික සුදර්ශන බාලගේ ගෙන් චමිලා ගේ මරණය පිලිබඳව නව කට උත්තරයක් හෝ පාපොච්චාරණයක් ලබා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ නම් මැනවි. තවද මෙවර බාලගේ ගෙන් ප්‍රශ්න කිරීමේදී මනෝ විද්වතෙකුගේ සහාය ගැනීම කාලෝචිතය.

    තම රෝගී තත්වයට ප්‍රතිකාර ගැනීමට ගිය චමිලා දිසානායක තරුණියට සිය කන්‍යාභාවය පමණක්‌ නොව ජීවිතයද අහිමි වූවාය. චමිලාට මේ අපරාධය කිරීමට රුකුල් දුන් , අපරාධ සහායක ලෙස ක්‍රියා කල හෝ අපරාධකරුවා ආරක්‍ෂා කිරීමට කටයුතු කල, ඔහුට රැකවරණය දුන් යම් අයෙක් වේද ඔහුවද නීතිය ඉදිරියට ගෙන ආ යුතුය. .

    වෛද්‍ය රුවන් එම් ජයතුංග
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,093
    86,288
    113
    ආශ්චර්යමත් රටක
    මේක සුපිරි බ්ලොග් එකක්
    මිනිහ ඔය පාදෙනියලා වගේ ගල් යුගේ ඉන්න වැද්දොන්ට හොදට පහර දෙනවා
    කොහොමත් මෙහෙ ඉන්න කබ්බෝන්ට වඩා රෂියන් මෙඩිසින් කරපු දොස්තරලා ගව් ගානක් දුරින් ඉන්නේ .

    I heard exactly same words from Sharma01. :rolleyes:
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ub ohoma kiyanawa, e wagema ubtath karadarayak prashanayak unoth ub danna ayagen yaluwangen udau gannawa neda. ub karana wade hari unath waradi unath ubta berenna neda one kohomahari. e wage thama e minissuth
     

    lakmal432

    Active member
  • May 25, 2017
    282
    84
    28
    ලංකාවෙ සල්ලි වලින් පිනට ඉගනගෙන. (හරියටම කිව්වොත් ඉගන ගන්න දේකුත් නෑ මුන්ව නිකන් පාස් කරන්නෙ ) අපේ රටේ මිනිස්සුන්ටම පාට් දාන ලංකාවෙ ගෑනු දොස්තරලගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. ලංකාවෙ මෙඩිසින් ඩිග්‍රි කියන්නෙ තනිකරම කුණු ඩිග්‍රිස්. වෙන රටවල පඩේකට ගනන් ගන්නෙ නෑ.
    Uba o/l wath hariyata pass netuwa eti neda bn
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    උබ ඔය පාදෙනියගේ වැදී සංගමේ සාමාජිකාත්වේ ගත්තේ නැද්ද ?

    ඇයි උබ අරන් දෙන්නද????

    නිකන් පුප්පන් කෑගහන්න එපා හිවලෝ. පාදෙණිය හරි GMOA එක හරි මේ සිද්දිය ගැන ඔය කවිගට සපෝට් එකට කටක් ඇරලා නෑ......
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,585
    13,218
    113
    ඇයි උබ අරන් දෙන්නද????

    නිකන් පුප්පන් කෑගහන්න එපා හිවලෝ. පාදෙණිය හරි GMOA එක හරි මේ සිද්දිය ගැන ඔය කවිගට සපෝට් එකට කටක් ඇරලා නෑ......

    දැන් උබ හිතන් ඉන්නේ පාදෙණිය හරි අර හිවල්ලු දෙන්න හරි tv එක ඉස්සරහට අවිත් අපේ දොස්තර නෝනා බිව්වේ නෑ කියල කියයි කියලද ? ?
    උබේ මොලේ තමයි මොලේ
    උබ දත් ගලවන්නේ ඇස් වාට්ටුවේද ?