GMOA Activist Wants President To Save Specialist Doctor From Criminal Prosecution

Omega_Jay

Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ඇත්ත තමයි, අවුරුඩු 39ක ලස්සන කාන්තාවක්,,,, රටට සම්පතක්. කාන්තාවකට උනත් ශොට් එකක් දාල ආතල් එකේ ඉන්න පුලුවන් කියල පෙන්නල මුලු මහත් කාන්තා සමාජයටම ශක්තියක් දුන්න දිරිල ලදක්.. කාන්තාවකට 160ක වේගෙන් රොන්ග් සයිඩ් එකෙන් උනත් යන්න පුලුවන් කියල රටටම පෙන්නුවෙ ඇයයි! බලන්න, මිය ගිය පොලිස් කාරයා බීල වගකිම් වලින් මිදිල සුක්කානම පුතාට දුන්න! එත් අපේ එඩිතර දොස්තර අම්මා එහෙම පසුබට උනේ නෑ, මොන බාදයකක් ආවත් ජයගන්න පුලුවන් ශක්තියක් කාන්තා පරපුරට තියනව කියල ඇය ඔප්පු කරා....

    සමාජයක් විදියට අපි තීරනය කරන්න ඔනෙ නැගීගෙන එන කාන්තා ශක්තියට අතහිත දෙනවද, නැත්තන් නිතියේ පරමාදිපත්‍ය වගේ වැඩකට නැති දෙයක් වෙනුවෙන් පෙනී ඉන්නවද කියන එක....

    hammo :lol::lol:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,349
    1
    4,038
    113
    How many families lost their loved ones due to reckless driving in SL since this incident. Have Social Media given any publicity to that. Did all the drivers were tested for alcohol level at the time of the accident. Were they produced to hospitals or even arrested.
    The hard truth is that innocent lives are lost in SL for reckless driving and we were sleeping till it happens to one of us.

    This publicity is because it was a Police Officer who died.
    What about innocent lives lost and Police inaction due to the victims being poor and drivers being rich!(corruption, bribery etc)
    Get the statistics how many lives lost in this year alone before this incident and how many were prosecuted - this will show where the problem lie. Even if you hand the doctor the menace or fatal accident cannot remove without addressing the core issue.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    3766f2f403a5a3e20efeb9278c122305_L.jpg


    අපරාදේ මේ වගේ උන් හැපිලා මැරෙන්නේ නැත්තේ

    card එක "Peduru" 2003 AL කරේ ,2004 2nd shy campus ගියේ , ගෙවල් දෙවුන්දර පැත්තේ ( auto miraj manager ගේ ගෙවල් පැත්තට කිට්ටුයි ) St. Thomas එකට ගියේ , පිස්සු *කයෙක් , අවාසනාවකට කටපාඩම් බුද්ධිය පහල වූ එකෙක් , campus එකේදිත් ගුටිකැවා කියලා ආරන්චියි ,

    ඉතා පහලින් ජීවිතය පටන්ගෙන ඉහලට ගියවිට සිදුවූ මානසික විකුර්තියක්
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    මාත් ඒ වෛද්‍යවරිය සමගයි. අර සීසීටීවී කැමරා වලින් පෙන්නපු සේරම ඇත්ත තමයි. එතුමිය දුම් පානයට හා ඇල්කොහොල් පානයට යොමු උනේ ඇයි කියලා ගොඩක් දෙනා දන්නෙ නෑ. මෙන්සස් වේදනාවෙන් දවසක් හරි දුක් විඳපු කෙනෙක් හැටියට ඒ වේදනාව අඩු කරගන්න මත් ද්‍රව්‍ය ගත්තා වෙන්නත් පුළුවන්. ඔබේ මව පියා සහෝදර සහෝදරියො කෑල්ල භාර්යාව වයිප් මේ දුක විඳිනවා. අම්මගෙන් බීපු කිරිවලනාමයෙන් වත් මේ වෛද්‍යවරියගෙ තත්වෙ තේරුම්ගෙන ඇය වෙනුවෙන් පෙනී සිටින ලෙස මා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.
    ඔල්මොරොන්දම්ද යකොව්
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    පාදඩදෙනියයි උගෙ පස්ස ලෙවකන මාලු සොයිසා හේරත් බල්ලා ඇතුළු සෙට් එක පාරෙ හැප්පිලා මලා නම් වඩාත් හොදයි. දොස්තරලගෙ නම කෑවා.පාරෙ බැහැලා යන්න බෑ මේ හැතිකරේ නිසා.

    True,eka eka prathigami politicianta puka denna GMOA eka use karana nisa apita lankave inna bari venava:lol:
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    card එක "Peduru" 2003 AL කරේ ,2004 2nd shy campus ගියේ , ගෙවල් දෙවුන්දර පැත්තේ ( auto miraj manager ගේ ගෙවල් පැත්තට කිට්ටුයි ) St. Thomas එකට ගියේ , පිස්සු *කයෙක් , අවාසනාවකට කටපාඩම් බුද්ධිය පහල වූ එකෙක් , campus එකේදිත් ගුටිකැවා කියලා ආරන්චියි ,

    ඉතා පහලින් ජීවිතය පටන්ගෙන පටන්ගෙන ඉහලට ගියවිට සිදුවූ මානසික විකුර්තියක්




    ඒක තමා මූ එහෙනම් මෙ නටන්නෙ .මූණ දැක්කාම හිතුනා මට උඹ කියපු අන්තිම ලයින් එක. එහෙනම් හරි. පොඩිකාලෙ ඉඳන් නොලැබිච්ච ගෞරවෙ ටික ටික එද්දි ඔහොම වෙනවා ගොඩාක් උන්ට.
     

    THILINANB

    Junior member
  • Oct 20, 2008
    148
    11
    18
    Why ur heading include GMOA? As far as I know he is not a GMOA committee member and GMOA is not justified this incident.
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    දොස්තරලා කියන්නේ සමාජයේ උසස්ම අය හෝ ධනවත් අය නෙවෙයි.කුලවත් අයත් නෙවෙයි.බුද්ධිමත් අයත් නෙවෙයි.උගත් අය විතරයි.උගත්කමයි,බුද්ධිමත් කමයි එකක් නෙවෙයි දෙකක්.දෙක අතර ලොකු වෙනසක් තියෙනවා.උගතුන් බහුලයි.බුද්ධිමතුන් බහුල නෑ.විශ්වවිද්‍යලයක උනත් බුද්ධිමතුන් අඩුයි.නැතිම තරම්.මේක තේරුම් ගනිල්ලා.දොස්තරලා සේරම වගේ අවුරුදු 28-30 වෙනකම් ඉතාම දුප්පත් ජීවිත ගත කරපු අය.අඩු කුලවල සමාජයේ පීඩනයට පත් උන පවුල් වල අය.පහලම මට්ටමේ අය.හුගක් අයගේ තාත්තලා කම්කරුවො සහ අඩු ආදායම් රජයේ සේවකයන් විතරයි.ඒක නිසා ඒ අය ගැන සමාජ වෛරය ඇති කරගන්න එපා.දොස්තරලා ආඩම්බරයි,උඩගුයි කියල ඒක වෛරයක් කරගන්න එපා.මොකද ඒ අය උගතුන් මිසක් බුද්ධිමතුන් නෙවෙයි.ඕනම මෝඩයෙක් තත්වයෙන් උඩ යනකොට ඒ වගේ ආකල්පමය වෙනසක් වෙනවා. උඹලත් එහෙම තමයි.හෙට ලොටරි එකක ඇදුනොත් අද ඉන්න උඹ නෙවෙයි හෙට ඉන්නෙ උඹ බුද්ධිමතෙක් නෙවෙයි නම්.ඒක පදනම් කරගෙන වෛරකාරි ලෙස හැසිරෙන එක නවත්තගන්න.


    මෙ කතාවට මන් එකඟයි
    ඕක තෙරුම් ගත්තානම් මෙ රටෙ හැම මිනිහාම මෙ රටෙ ඇතිවෙන ප්‍රශ්න ගොඩාක්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,768
    40,418
    113

    මේ යකාට තාම වෙරිද කොහේද ..... :angry::angry::angry:

    ඔල්මොරොන්දම්ද යකොව්


    :baffled::baffled:
    ඇත්ත තමයි, අවුරුඩු 39ක ලස්සන කාන්තාවක්,,,, රටට සම්පතක්. කාන්තාවකට උනත් ශොට් එකක් දාල ආතල් එකේ ඉන්න පුලුවන් කියල පෙන්නල මුලු මහත් කාන්තා සමාජයටම ශක්තියක් දුන්න දිරිල ලදක්.. කාන්තාවකට 160ක වේගෙන් රොන්ග් සයිඩ් එකෙන් උනත් යන්න පුලුවන් කියල රටටම පෙන්නුවෙ ඇයයි! බලන්න, මිය ගිය පොලිස් කාරයා බීල වගකිම් වලින් මිදිල සුක්කානම පුතාට දුන්න! එත් අපේ එඩිතර දොස්තර අම්මා එහෙම පසුබට උනේ නෑ, මොන බාදයකක් ආවත් ජයගන්න පුලුවන් ශක්තියක් කාන්තා පරපුරට තියනව කියල ඇය ඔප්පු කරා....

    සමාජයක් විදියට අපි තීරනය කරන්න ඔනෙ නැගීගෙන එන කාන්තා ශක්තියට අතහිත දෙනවද, නැත්තන් නිතියේ පරමාදිපත්‍ය වගේ වැඩකට නැති දෙයක් වෙනුවෙන් පෙනී ඉන්නවද කියන එක....
    :love::love:
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    හිතපන් නිකන් හරි ඔය අනතුර මේ කියන දෙවිදියකට සිද්ද උනා නම්,

    1. අනතුර කරපු එකා saitam එකේ ඉගෙනගන්න එකෙක් නම්?

    2. පොලිස් කාරයෙක් හෝ සිවිල් වැසියෙක් හප්පලා මේ ගෑනි මරුනනම්?

    පර බමුනුකුලේ දොස්තර හැත්ත මෙලහකට දීපව්‍යාප්ත වැඩවර්ජනයක් කරලා තියෙයි අනතුර කරපු එකාව වහාම හිරේ දාලා උපරිම දඩුවම් දෙන්න කියලා.

    සිරාම බන්..එහෙනම් මේලහකට ඔකූන් Strike



    ඇත්ත තමයි, අවුරුඩු 39ක ලස්සන කාන්තාවක්,,,, රටට සම්පතක්. කාන්තාවකට උනත් ශොට් එකක් දාල ආතල් එකේ ඉන්න පුලුවන් කියල පෙන්නල මුලු මහත් කාන්තා සමාජයටම ශක්තියක් දුන්න දිරිල ලදක්.. කාන්තාවකට 160ක වේගෙන් රොන්ග් සයිඩ් එකෙන් උනත් යන්න පුලුවන් කියල රටටම පෙන්නුවෙ ඇයයි! බලන්න, මිය ගිය පොලිස් කාරයා බීල වගකිම් වලින් මිදිල සුක්කානම පුතාට දුන්න! එත් අපේ එඩිතර දොස්තර අම්මා එහෙම පසුබට උනේ නෑ, මොන බාදයකක් ආවත් ජයගන්න පුලුවන් ශක්තියක් කාන්තා පරපුරට තියනව කියල ඇය ඔප්පු කරා....

    සමාජයක් විදියට අපි තීරනය කරන්න ඔනෙ නැගීගෙන එන කාන්තා ශක්තියට අතහිත දෙනවද, නැත්තන් නිතියේ පරමාදිපත්‍ය වගේ වැඩකට නැති දෙයක් වෙනුවෙන් පෙනී ඉන්නවද කියන එක....


    අම්මු යකො උම්බ...උම්බත් හිට්යානෙද? ඔක වෙද්දි.?:P
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,438
    28,154
    113
    චමිලා දිසානායකගේ ඝාතනය සහ වෛද්‍ය සමන්ත ඉන්ද්‍රජිත් පනාවැන්න භූමිකාව

    2007 වසරේ මීගමුව රෝහලේදී ඉන්දික සුදර්ශන බාලගේ නම් ඉන්ටර්න් වෛද්‍යවරයෙකු විසින් චමිලා දිසානායක නම් 23 හැවිරිදි ඇගළුම් සේවිකාවක දුෂණය කැර රෝහලේ හයවැනි මහලෙන් බිමට දමා මරා දැමුවේය. මේ අපරාධය කිරීම නිසා මීගමුව මහාධිකරණ විනිසුරු එච් එම් ඒ ගෆුර් මහතා ඝාතනය පරිවේශනීය සාක්‍ෂි මගින් සාධාරණ සැකයෙන් ඔබ්බට ගොස්‌ ඔප්පු වූ බව පෙන්වා දෙමින් ඉන්දික සුදර්ශන බාලගේ හට මරණීය දණ්ඩනය නියම කරන ලදි. ඔහුට ස්ත්‍රී දුෂණ චෝදනාවට වසර පහළොවක බරපතල වැඩ සහිත සිරදඩුවම් හා රුපියල් දහදාහක දඩයක් ද මරණය සිදු කිරීමේ චෝදනාවට මරණ දඬුවම ද නියම විය.

    balage.jpg


    මේ වන විට බාලගේ සිටින්නේ සිරගතවය. එහෙත් චමිලාගේ මරණය සම්බන්ධයෙන් මෙතෙක් නොවිසඳුනු ගැටළු කීපයක් තිබේ. එසේම මේ අපරාධය යට අනාවරණය නොවුනු කරුණු ඇත. චමිලා ගේ ඝාතනය සිදු කල ඉන්දික සුදර්ශන බාලගේ හට එක් පුද්ගලයෙකු දිගින් දිගටම කොන්දේසි විරහිතව සහාය දෙන ලදි. මේ පුද්ගලයා පිලිබඳව මුලින්ම හෙළි කරන්නේ මීපුර වෙබ් පුවත්පතේ කතෘ ෆ්‍රෙඩී ගමගේ මහතා විසිනි. මීපුර වෙබ් පුවත්පත පෙන්වා දෙන අන්දමට බෝගහවත්ත කිරිදිවැල පදිංචි වෛද්‍ය සමන්ත ඉන්ද්‍රජිත් පනාවැන්න චූදිත සුදර්ශන බාලගේ හට වෘත්තිය මට්ටමටත් එහා ගොස් වෛද්‍ය ආචාර ධර්ම වලට පටහැනිවද උපකාර කොට තිබේ. තමන් ගේ වෘත්තියද අවධානමට හෙලමින් වෛද්‍ය පනාවැන්න ස්ත්‍රී දූෂක ඝාතකයෙකු රැක්කේ මන්ද ?

    චමිලාගේ ඝාතනයේදී තිරය පසුපස සිට මතභේදකාරී ක්‍රියාවන් සිදු කල වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න පිලිබඳව කරුණු සොයා බැලීමට පොලිසිය මෙන්ම ජනමාධ්‍ය උත්සහ ගත්තේ නැත. එහෙත් මීපුර පුවත්පතේ කතෘ ෆ්‍රෙඩී ගමගේ මහතා විසින් ඔහුගේ පුවත්පත හරහා යම් යම් හෙලිදරව් කිරීම් කොට තිබුනද එය ප්‍රමාණවත් වූයේ නැත. මෑතකදී ෆ්‍රෙඩී ගමගේ මහතා ටොරොන්ටෝ නගරයට පැමිණි අතර මම ඔහුව හමුවී චමිලාගේ ඝාතනය පිලිබඳව වැඩිමනත් තොරතුරු ලබා ගැනීමට උත්සහ කලෙමි. එහෙත් කාලවේලාවේ මඳකම නිසා අපට හමු වීමට බැරි විය. එහෙත් ෆ්‍රෙඩී ගමගේ මහතා විසින් සොයා ගන්නා ලද තොරතුරු ඔස්සේ අපට චමිලාගේ ඝාතනය සහ වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න භූමිකාව පිලිබඳ යම් අදහසක් ලබා ගත හැකිය.

    මොණරාගල, දඹලුගල, කටුකූරමණ්‌ඩිය ගමේ උපත ලද චමිලා දිසානායක කටාන ස්මාර්ට් ෂර්ට්" ඇගළුම් කම්හලේ සේවිකාවක වූවාය. ඇයගේ පියයුරක වූ ගැටිත්තක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට 2007 නොවැම්බර් 12 වැනිදා ද ඇය මීගමුව රෝහලේ සායනය වෙත පැමිණ සිටියාය. ඇයව බලන ලද්දේ ඉන්දික සුදර්ශන බාලගේ නමැති වෛද්‍යවරයා. ඔහු සීමාවාසික වෛද්‍යවරයෙකු විය. බාලගේ විසින් සායන පොත සෙවීම සඳහා යෑයි කියමින් මීගමුව රෝහලේ හය වැනි මහලට චමිලාව ගෙන ගියේය. හය වැනි මහල යනු වෛද්‍යවරුන් ගේ නිල නේවාසිකාගාර තිබූ මහළ විය. මෙම මහලේදී ඔහු චමිලාව දූෂණය කොට පසුව ඇයව හය වන මහලෙන් බිමට තල්ලු කොට මරා දැමුවේය. ඇයව හය වන මහලෙන් බිමට තල්ලු කිරීමට පෙර බාලගේ සිහිසන්ව සිටි චමිලාව කාඩ්බෝඩ් එකක් මත තබා ඇදගෙන යන අයුරු බියට්‍රිස් නම් රෝහල් කම්කරු සේවිකාව දුටුවාය. බියට්‍රිස් මෙම සිදුවීම නොදැක්කේ නම් චමිලා ගේ මරණය සිය දිවි නසා ගැනීමක් ලෙස සනිටුහන් වනු නිසැකය.

    තරුණියගේ ඝාතනය සිදුවූ රාත්‍රියේ මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කල පොලිස්‌ පරීක්‍ෂක තිලක්‌ කුමාර සුබසිංහ මහතා බාලගේ ගේ 6 වන මහලේ 33 වෙනි කාමරය පරික්‍ෂා කල අතර එම කාමරයේ තිබී ව්‍යාඝ්‍රා" පෙති හමු විය. තවද ඔහුගේ කාමරයට ඉදිරි පස තිබූ ගබඩා කාමරයෙන් චමිලා දිසානායක ගේ යට ඇඳුම සහ ඇයගේ හෑන්ඩ් බෑග් එක සොයා ගන්නා ලදි. මරණ පරීක්‍ෂණයේදී දූෂණයට ලක්විමට පෙර චමිලාගේ ගෙල මිරිකා තිබුන බව රාගම වෛද්‍ය පීඨයේ කථිකාචාර්‍ය හා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි බී. ප්‍රසන්න ප්‍රියංජිත් මහතා විසින් සනාත කලේය.

    මේ ඝාතනය වූ අන්දම ගැන සිතන විට ප්‍රශ්න කීපයක් මතුවේ. චමිලාගේ සායන පොත අස්‌ථානගත වූයේ කෙසේද ? මේ තරුණික කිහිප වතාවක් සායනයට ආ තැනැත්තියකි. බාලගේ මෙම අපරාධය සැලසුම් කලේ ඝාතනය සිදු කල දිනයට පෙරද ? එය හිතා මතා අස්ථාන ගත කලේද ? ඔහුගේ සැලසුම වූයේ තරුණියව කිසිවෙකු නොමැති හය වන මහලට ගෙන යාමටය. එම මහලේදී තවත් පුද්ගලයෙකු තරුණියව බිල්ලට ගැනීමට සූදානම්ව සිටියේද ? හය වන මහලට ගෙන ආ චමිලාට කෑගැසීමටවත් නොදී ඇයව මෙල්ල කර ගත්තේ කෙසේද ? ඒ වන විට ගොඩනැගිල්ල තුල හෙදියන් සහ කම්කරු සේවිකාවන් කිහිප දෙනෙකු සිටි නමුදු ඔවුනට කෑගැසීමක් ඇසුනේ නැත. චමිලාව මෙල්ල කර ගැනීම සඳහා තවත් පුද්ගලයෙකු බාලගේට උදව් කලේද? එක් අයෙකු තරුණියව අල්ලාගෙන සිටින විට තවත් අයෙක් ඇයගේ ගෙල මිරිකුවේද ? කොට පුද්ගලයෙකු වූ බාලගේට විසංඥව සිටි තරුණියව ජනේලය දක්වා ඔසවා ජනේලයෙන් පහළට තල්ලු කල හැකි වූයේ කෙසේද ? තරුණියගේ ශරීරය ජනේලය දක්වා එසවීමට තවත් දෑතක් උපකාරී වූයේද ?

    චමිලා දූෂණයට ලක්ව සිටියද ඇයගේ යෝනි මාර්ගයෙන් ශුක්‍රාණු හමු නොවේ. අධිකරණ වෛද්‍ය විද්‍යාව පිලිබඳ තරමක දැණුමක් තිබූ බාලගේ ඇයව දූෂණය කිරීමේදී කොන්ඩොමයක් පළදන්නට ඇත. මෙහිදී අපට මතුවන ප්‍රශ්නය නම් චමිලා සමූහ දූෂණයට ලක් වූයේද යන්නයි. ඇයගේ ශරීරයේ තුවාල හැට ගනනක් තිබුණි. සමහර තුවාල දූෂකයා විසින් පහර දීම නිසා ඇතිවූ ඒවාය. චමිලා විදුළි සෝපානේ නැගී බාලගේ සමග ඉහළ මාලයට යන්නේ උදෑසනය. ඇය හය වන මහලේ සිට බිමට තල්ලු කරන්නේ දහවලය. මේ කාලය වන තෙක් ඇය සිටියේ බාලගේ සතු නේවාසික කාමරයේය. මේ කාමරේ බාලගේට අමතරව යම් අයෙකු සිටියේද ? ඒ කාලය අතර තුර චමිලා තවත් පුද්ගලයෙකුගේ දූෂණයට ලක් වූයේද ?

    මාගේ අදහස අනුව සුදර්ශන බාලගේ සීරියල් දූෂකයෙකු මෙන්ම සීරියල් ඝාතකයෙකි.චමිලාට අපරාධයක් කිරීමට පෙර ඔහු කාන්තාවන් කීප දෙනෙකුට අතවර කොට තිබුණි. මේ අතවර කිසිම පොලිස් පොතක සඳහන් වන්නේ නැත. වරක් රාගම රෝහලේ හෙදියක් විශක් එන්නත් කොට ගෙන දිවි නසා ගත්තාය. මෙය දිවි නසා ගැනීමක් නොව බාලගේ විසින් අතවර කොට විශක් එන්නත් කොට මරා දමන ලද කාන්තාවක් බවටත් මතයක් පවතී. මෙම හෙදිය ඔහුගේ බිරිඳ ගේ යෙහෙලියකි. කෙසේ නමුත් මේ මරණය සනිටුහන් වන්නේ දිවි නසා ගැනීමක් ලෙසටය. බාලගේ ප්‍රතිකාර සඳහා පැමිණි ගැහැණු ළමුන් කෙරෙහි අනිසි බලපෑම් කරන බව සමහර වෛද්‍යවරු සහ හෙදියෝ ආවේදනය කොට තිබුණි. වරක් මීගමුව රෝහලේදී එක් තරුණ කාන්තාවකට රෝගී පරික්‍ෂාවේදී අනිසි අතවරයක් කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනාවක් ආවේය. මේ අවස්ථාවේදී බාලගේ ගේ සහායට එන්නේ වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්නයි. ඔහු අනෙකුත් වෛද්‍යවරුන් ද පොලඹවා අදාල කාන්තාව මානසික රෝගී කතක් බව කියමින් බාලගේව එම චෝදනාවෙන් මුදා ගනියි. යම් ලෙසකින් මේ අවස්ථාවේදී බාලගේට චෝදනා ගොනු වූයේ නම් මේ වන විට චමිලා ජීවතුන් අතර වීමටත් ඉඩ තිබුනි. එහෙත් පනාවැන්න ගේ මැදිහත් වීම නිසා බාලගේ බේරී ගියේය.

    බාලගේ සහ පනාවැන්න අතර වෘත්තීය භාවයටත් එහා ගිය මිත්‍ර සබඳතාවක් තිබුනේය. බාලගේ බිරිඳ හෙදියකි. ඇය සේවා මුරයන් කරන විට බාලගේ නේවාසික කාමරයට කාන්තාවන් ගෙන ආ බව නම හෙළි කිරීමට අකමැති රෝහල් සේවකයෙකු පැවසීය. වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්නද බාලගේ ගේ කාමරයේ නිතර ගැවසුනේය. මේ දෙදෙනා අතර කුමන සබඳතාවක් තිබුනේද කියා පොලිසිය සොයා බැලුවේ නැත. චමිලා ඝාතනය වූ පසු මීගමුව පොලිසිය විසින් සුදර්ශන බාලගේව අත් අඩංගුවට ගත් වහාම වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න කලබල වෙයි. ඔහු එස් එම් එස් එකක් හයවන මහලේ නේවාසිකව සිටි වෛද්‍යවරු වෙත යවයි. මේ පණිවිඩයේ සඳහන් වන්නේ නේවාසිකාගාර කාමර වල දොර අගුල් සුරක්‍ෂිත නොමැති බව කියා මීගමුව රෝහලේ අධිකාරීවරයාට ලිඛිතව පැමිණිලි කරන ලෙසයි. තවද එහි පිටපතක් රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයටද යවන ලෙස ඔහු දන්වයි. පොලිසිය යම් නඩු භාණ්ඩයක් මේ නේවාසික කාමර අතරින් සොයා ගනී කියා ඔහු බිය වූයේද ? එසේ වූයේ නම් නේවාසිකාගාර කාමර වල දොර අගුල් සුරක්‍ෂිත නොමැති නිසා එය භාණ්ඩය පිටස්තරයෙකු ගෙනා දැමූ බව කීමට පරිසරය සකස් කර ගැනීමටද ? වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න විසින් යැවූ එස් එම් එස් එක පිලිබඳව අනාවරණය කරන්නේ මීපුර පුවත්පත විසිනි. එහෙත් මීගමුව පොලීසිය මෙම එස් එම් එස් එක පිලිබඳව විමසිලිමත් වීමට හෝ වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න ගේ නිල කාමරය පරික්‍ෂා කිරීම අතපසු කරයි.

    චමිලාගේ ඝාතනය පිලිබඳ සැකකරුවෙකු වූ සීමාවාසික වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලගේ රිමාන්ඩ් කෙරෙන අතර ඔහුව රඳවා තබන්නේ මීගමුව බන්ධනාගාරයේය. මීගමුව බන්ධනාගාරයේදීද ඉන්ද්‍රජිත් පනාවැන්න බාලගේ ගේ පිහිටට පැමිනේ. ඒ කෙසේද යත් වෛද්‍ය සමන්ත ඉන්ද්‍රජිත් පනාවැන්න මීගමුව බන්ධනාගාරයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන නිසාය. මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන බන්ධනාගාර නිලධාරියාව නම්මා ගන්නා වෛද්‍ය පනාවැන්න බාලගේව සිරකුඩුවේ නොතබා බන්ධනාගා රෝහලේ තබා ගනියි.

    balage_1.jpg

    ඉන්දික සුදර්ශන බාලගේට ඉන්දික එස් බාලසූරිය යනුවෙන් බොරු නමක් දී තිබෙන අයුරු

    කොලඹ බන්ධනාගාර රෝහල මෙන්ම මීගමුව බන්ධනාගාර රෝහලද අති දූෂිත එකකි. අවංකව සේවය කරන වෛද්‍යවරු අතර පගාවට ධනවත් සිරකරුවන් රෝහලේ තබා ගැනීම , ව්‍යාජ වෛද්‍ය සහතික ලබා දීම මෙන්ම රැඳවියන්ට යම් යම් ඖෂධ හොර රහසේ විකුණන වෛද්‍යවරු සිටිති. බාලගේ මීගමුව බන්ධනාගාරයේ මත් ද්‍රව්‍ය භාවිතා කල සිරකරුවන්ට ට්‍රැමඩෝල් වැනි ඖෂධ විකුණූ බවට තොරතුරු තිබේ. බාලගේට මෙම ඖෂධ ලැබුනේ කා හරහාද යන්න ගැටළුවකි. කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ පහළ මධ්‍යම පාන්තික පවුලකින් එන වෛද්‍ය පනාවැන්න මේ වන විට අධික ධනයක් උපයාගෙන තිබේ. ඔහු ආදායම් බදු ගෙවන්නේද නැත. වෛද්‍ය පනාවැන්න වත්කම් සහ ධනය උපයා ගත් ආකාරය පිලිබඳව යම් විමර්ශණයක් කරන්නේ නම් තව බොහෝ කරුණු මතු වනු ඇත.

    යම් කාලයට පසුව බාලගේට ඇප ලැබේ. මේ වන විට ඔහුගේ වැඩ තහනම් කොට ඇත. බාලගේට ආදායමක් නැත. යළිත් ඔහුගේ පිහිටට එන්නේ වෛද්‍ය සමන්ත ඉන්ද්‍රජිත් පනාවැන්නයි. වෛද්‍ය පනාවැන්න ඔහු විසින් මීගමුව කුරණ අංක 7 දරණ ස්ථානයේ පවත්වාගෙන ගිය ආරෝග්‍යා වෛද්‍ය මධ්‍යස්ථානයේ පූර්ණ කාලීන සේවය සඳහා බාලගේව බඳවා ගනියි. එහෙත් මෙය නීති විරෝධීය. බාලගේ මනුෂ්‍ය ඝාතනයක් පිලිබඳව ඇප පිට සිටින සැක කරුවෙකි. ඔහු විසින් කරන ලද ඝාතනයේ ස්වභාවය අනුව ඔහුට රෝගීන්ට ප්‍රතිකාර කිරීමට නීතිය අනුව ඉඩක් නැත. තවද ඔහු තවමත් සීමාවාසික හෙවත් ඉන්ටර්න් වෛද්‍යවරයෙකි. ඔහුට පුද්ගලික සේවයේ යෙදීමට ඉඩක් නොමැත. එහෙත් වෛද්‍ය පනාවැන්න ව්‍යාජ ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකයක් සහිතව ඉන්දික සුදර්ශන බාලගේට ඉන්දික එස් බාලසූරිය යනුවෙන් බොරු නමක් දී තමන් ගේ ආරෝග්‍යා වෛද්‍ය මධ්‍යස්ථානය භාර දෙයි. තවද වෛද්‍ය පනාවැන්න ගේ බලපෑම් මත ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියාද බාලගේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිලිබඳව මුණිවත රකියි.
    මීපුර පුවත් පත පෙන්වා දෙන අන්දමට වෛද්‍ය පානාවැන්න රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ හිටපු ප්‍රධාන නිළධාරියෙක්ද වෙයි.එමෙන්ම මීගමුවේ පුද්ගලික බෙහෙත් ශාලා පවත්වාගෙන යනු ලබන වෛද්‍යවරුන්ගේ සංගමයේදි නිළධාරියෙකි. බාලගේ මෙන් නොව ඔහුට වසර ගනනාවක සේවා අත්දැකීම් තිබෙන රජයේ සේවකයෙකි. එවැනි පුද්ගලයෙකු ඝාතක සැකකරුවෙකු වෙනුවෙන් මෙතරම් රිස්ක් එකක් ගත්තේ මන්ද කියා මීපුර පුවත්පත අසයි. සුදර්ශන බාලගේ වෛද්‍ය පනාවැන්නව බ්ලැක්මේල් කලේද කියා සැකයක් මතුවේ. එසේ බ්ලැක්මේල් කලේ කුමන රහසක් පොලිසියට එළිදරවු නොකිරීම සඳහාද ?

    මේ කාලය තුලදී මොවුන් දෙදෙනාගේ හැසිරීම නිරීක්‍ෂණය කරන විට බාලගේ වෛද්‍ය පනාවැන්නව පාලනය කරන බවට සැක මතු වෙයි. බාලගේ ගේ නඩුවට වියදම් කරන්නේ වෛද්‍ය පනාවැන්න ගේ ඩිස්පැන්සරියෙන් එන මුදල්‍ ය. ඔහු දිවා රෑ ගත කරන්නේ මේ ස්ථානයේය. බාලගේ ගේ අනිසි ක්‍රියාකලාපය නිසා පනාවැන්නගේ පුද්ගලික ඩිස්පැන්සරියේ සිටි තරුණියද ඉවත්ව යයි. මේ ගැටුමේදී වෛද්‍ය පනාවැන්න ගන්නේ තම සායනයේ වසර ගනනාවක් සේවය කල තරුණියගේ පැත්ත නොව නීති විරෝධීව වෛද්‍ය ප්‍රතිකාර කරන චූදිත ස්ත්‍රී දූෂක ඝාතකයාගේ පැත්තයි.

    ස්ත්‍රී දූෂක මිනීමරුවෙකු ලෙස නම් කල බාලගේට එරෙහිව මීගමුව නගරයේ උද්ඝෝෂණ පැවැත්වේ. එසේම මීපුර පුවත්පත විසින් ද දිගින් දිගටම ඝාතක සැකකරුවෙකු කුරණ පවත්වාගෙන යන ආරෝග්‍යා වෛද්‍ය මධ්‍යස්ථායේ රෝගීන්ට ප්‍රතිකාර කරන බව පෙන්වා දෙයි. තමන් ගේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය වර්ධනය කර ගැනීමේ සහ රෝගීන් ආකර්ෂණ කිරීම සඳහා වෙහෙසෙන වෛද්‍යවරයෙකු කිසිසේත් සිදු නොකරන දෙයක් වෛද්‍ය පනාවැන්න කරයි. ඔහු මහජන කෝපය හමුවේදී පවා බාලගේ ඉවත් නොකොට ඔහුව තම පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ තබා ගනියි. මේ නිසා සුදර්ශන බාලගේ වෛද්‍ය පනාවැන්නව බ්ලැක්මේල් කලේද කියා සාධාරණ සැක මතුවේ.

    බාලගේ සහ වෛද්‍ය පනාවැන්න අතර පවතින අසාමාන්‍ය සමිප සම්බන්ධතාව සම්බන්ධයෙන් මී පුර වෙබ් පුවත් පත මෙසේ ලියයි ; බාලගේ ට නඩු ගාස්තු ගෙවාගන්නට හෝ කන්න අදින්න මුදල් නැති නම් එයට ආධාර කරනවා විනා නිතිය ඉදිරියේදි මෙන්ම සිය වෘත්තිය ජිවිතය තුලදිද ඔහු බරපතල ලෙස පච වෙමින් මෙසේ කරන්නේ ඇයි? මෙය එක්තරා අන්දමකට ගත් කළ පනාවැන්න ගේ වෘත්තිය ජිවිතය තුල මරාගෙන මැරෙන මෙහෙයුමකි.තමන්ගේ වෘත්තිය ජිවිතයත් කිර්තිනාමයත් පරදුවට තබා කිසිවෙක් මෙවන් ප්‍රවේශයකට යනු ඇතැයි සිතන්නටවත් නොහැකිය.අඩුම තරමින් මේසන් බාස් කෙනෙක්වත් එසේ නොකරනු ඇත- මීපුර . නමුත් වෛද්‍ය පනාවැන්න බාලගේ වෙනුවෙන් අති විශාල අවධානමකට කර ගැසුවේය. එයට හේතුව කිම ?

    බාලගේ ගේ නඩුවේ ප්‍රධාන සාක්‍ෂිකාරිය බියට්‍රිස් ය. බාලගේ සිහි නොමැතිව සිටි චමිලා කාඩ්බෝඩ් එකක් මත තබා ඇදගෙන යනු ඇය දුටුවාය. බ්‍රියට්‍රිස් ඇසින් දුටු සාක්ෂිය මෙම නඩුවේ තීරණාත්මක සාක්ෂිය වන නිසා දැන් රෝහලේ කම්කරු සේවිකාවක වන බියට්‍රිස් හට බාලගේ ගේ මෙහෙයවීම මත විවිධ බලපෑම් එල්ල වෙයි. නමුත් දුප්පත් බියට්‍රිස් තම ස්ථාවරය වෙනස් කරන්නේ නැත. ඒ නිසා ඇයගේ රැකියාව නැති කර දමයි. බියට්‍රිස් ගේ රැකියාව නැති කිරීම සඳහා අපගේ කතා නායකයා තිරය පසුපස සිට විශාල කාර්‍යභාරයක් කරයි. එය සිදු කරන්නේ බාලගේ ගේ නියෝගය සහ අවශ්‍යතා මතය. තම රැකියාව නැතිවීමේ අවධානම තිබුනද බියට්‍රිස් අසත්‍ය සාක්‍ෂියක් දීම ප්‍රතික්ශේප කළාය. මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීමෙන් පසුව බියට්‍රිස් ගේ ධෛර්‍යය ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් ද අල්විස්‌ මහතා ගේ සම්මානයටද ලක් විය.

    බාලගේ ගේ ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගැනීම සඳහා ශළ්‍ය වෛද්‍ය විශේෂඥ ධම්මික වික්‍රමසිංහ මහතාගෙන් අත්සන ලබාගැනිමට උත්සහ කරයි. එහෙත් රෝහලක් තුලදී රෝගී තරුණියක ඝාතනය කල බවට සැක කරුවෙකු වූ බාලගේ වෙනුවෙන් තම අත්සන යෙදීම ශළ්‍ය වෛද්‍ය විශේෂඥ ධම්මික වික්‍රමසිංහ ප්‍රතික්ශේප කරයි. මෙහිදී බාලගේ වෛද්‍ය පනාවැන්න හරහා වෛද්‍ය විශේෂඥ ධම්මික වික්‍රමසිංහට තදබල ලෙස බලපෑම් කරයි. වෛද්‍ය පනාවැන්න බාලගේට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දීමට අනෙකුත් වෛද්‍යවරුන් ද පොළඹවවයි. බාලගේට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දීමට වෛද්‍ය පනාවැන්න වෙහෙසුනේ මන්ද ? ඔහු නොයෙකුත් විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ නිලධාරීන් පසු පස ගොස් ආයාචනා කලේ බාලගේ ගේ බලකිරීම් මත නිසාද ?

    මේ අතර වෛද්‍ය පනාවැන්න මහතා මීගමුවේ ජනප්‍රිය පුද්ගලයෙකු අමතා පනාවැන්න ගේ සියළු අනිතික ක්‍රියා හෙළි කරමින් මීපුර වෙබ් අඩවිය විසින් ගෙන යන මාධ්‍ය මෙහෙයුම නවතා දමන්නට උදව්වක් කළ හැකිද කියා ඇසූ බව මීපුර වෙබ් පුවත් පත පවසයි. මීපුර පුවත්පත හෙළි කරන චෝදනා හමුවේ වෛද්‍ය පනාවැන්න භාවිතා කරන්නේ ෆ්ලැට් න්‍යායයි. නගරයේ හොර ගබ්සා මධ්‍යස්ථාන ගැන නොලියන්නේ මන් ද කියා ඔහු මීපුර පුවත්පතින් අසයි. එසේම තමන් ට චෝදනා කරන්නන් එන් ජී ඕ කාරයන් බව කියයි. මේ අතර ඔහු වැඩි ආරක්‍ෂාව සඳහා දේශපාලන ව්‍යාපෘතියකට අත ගසා තිබෙන භික්‍ෂුවක් සමග මිතුදම් ඇති කර ගනියි.

    චමිලාගේ ඝාතනය නිසා ප්‍රකට වූ බාලගේ ගේ නාමයට පසු ඈඳුනු අනෙක් නාමය වෛද්‍ය පනාවැන්න ගේ බව මීපුර වෙබ් පුවත්පත පෙන්වා දෙයි . මේ කරුණ හේතුවෙන් මම වෛද්‍ය පනාවැන්නව ඇමතුවෙමි. චමිලා ඝාතනය වූ දින උදෑසන නවයේ සිට දහවල් එක දක්වා කාලය තුලදී ඔබ සිටියේ කොහේද ? කුමන රෝහලේ කොයි වාට්ටුවේද ? එසේම alibi හෙවත් අන්‍යස්ථානිකභාවය සනාත කිරීමට සාක්‍ෂි තිබේද කියා මම වෛද්‍ය පනාවැන්න ගෙන් ඇසුවෙමි. මගේ ප්‍රශ්නයට පිළිතුරු දෙනවා වෙනුවට ඔහු ෆ්ලැට් න්‍යායෙන් ගැලවී ගියේය. චමිලා ගේ ඝාතනය පිලිබඳව විමර්ශණ කණ්ඩායමටද මේ ප්‍රශ්නය වෛද්‍ය පනාවැන්න ගෙන් ඇසීමට අමතක විය. නව විමර්ශනයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරන්නේ නම් මේ ප්‍රශ්නය වැදගත් වෙයි.

    සුදර්ශන බාලගේ විසින් මෙතෙක් හෙළි කර නැතැයි පැවසෙන දේවල් රැසකි. චමිලා දිසානායක තරුණිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් චුදිත ඉන්දික සුදර්ශන බාලගේට තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර යමක් කීමට තිබෙන්නේ දැයි මීගමුව මහාධිකරණ විනිසුරු එම්.එම්.ඒ ගෆුර් මහතා විසින් විමසන ලද අවස්ථාවේ බාලගේ අනපේක්‍ෂිත පිලිතුරක් දුන්නේය. වැරදිකරුවන් මීගමුව රෝහල තුළ සිටින බව සඳහන් කළ බාලගේ ඔවුන්ටත් දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. බාලගේ මේ පවසන්නේ කවරෙක් පිලිබඳවද කියා චමිලා ඝාතනය විමර්ශණය කලවුන් යළි සොයා බැලිය යුතුය. එසේම තීන්දුව ප්‍රකාශ කිරීමෙන් පසුව දැඩි ලෙස ආතතියට හා බලාපොරොත්තු කඩවීමට ලක් වන බාලගේ චමිලාගේ මිනීමරුවන් (සහාපරාධියා ?) නීතියෙන් බේරී ගොස් නිදහසේ ඉන්නා බව කීවේය. බාලගේ මේ කියන්නෙ කවර පුද්ගලයා ගැනද ?

    බාලගේ මේ වන විට සිර දඞුවමට යටත්ව බන්ධනාගාරයේ සිටියි. බාලගේ ගෙන් යළි නව කට උත්තරයක් ලබා ගන්නේ නම් චමිලා ගේ ඝාතනයේ සැක මුසු ස්ථාන බොහෝමයක් නිරාකරණය කර ගැනීමට හැකි වනු ඇත. තවද දීර්ඝ කාලයක් සිරගතව සිටීම නිසා බාලගේ ගේ සිතැඟි සහ බලාපොරොත්තු වෙනස්ව තිබේ. මේ වන විට ඔහුට කිසිවෙකු ආරක්‍ෂා කිරීමට අවශ්‍ය නොවේ. එම නිසා නව විමර්ශනයකට සුදුසු කාලය එලැඹී ඇති බව සිතමි. බාහිර බලපෑම් වලින් තොරව විත්තිකාර ඉන්දික සුදර්ශන බාලගේ ගෙන් චමිලා ගේ මරණය පිලිබඳව නව කට උත්තරයක් හෝ පාපොච්චාරණයක් ලබා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ නම් මැනවි. තවද මෙවර බාලගේ ගෙන් ප්‍රශ්න කිරීමේදී මනෝ විද්වතෙකුගේ සහාය ගැනීම කාලෝචිතය.

    තම රෝගී තත්වයට ප්‍රතිකාර ගැනීමට ගිය චමිලා දිසානායක තරුණියට සිය කන්‍යාභාවය පමණක්‌ නොව ජීවිතයද අහිමි වූවාය. චමිලාට මේ අපරාධය කිරීමට රුකුල් දුන් , අපරාධ සහායක ලෙස ක්‍රියා කල හෝ අපරාධකරුවා ආරක්‍ෂා කිරීමට කටයුතු කල, ඔහුට රැකවරණය දුන් යම් අයෙක් වේද ඔහුවද නීතිය ඉදිරියට ගෙන ආ යුතුය. .

    වෛද්‍ය රුවන් එම් ජයතුංග


    - https://lankanewsweb.net/sinhala/වි...-සහ-වෛද්‍ය-සමන්ත-ඉන්ද්‍රජිත්-පනාවැන්න-භූමිකාව
     
    Last edited: