දුමින්ද_මිනීමරුවෙක්ද?

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    දුමින්ද_මිනීමරුවෙක්ද?

    දුමින්ද මිනීමරුවෙක් වුණේ කොහොමද?


    2011 ඔක්තෝබර් 8 වැනිදා, පළාත් පාලන මැතිවරණය දා සිදුවුණු භාරත ලක්‍ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවෝ පස්දෙනෙක්, අධිචෝදනා 10කට වරදකරු කරන ලදහ. පුද්ගලයන් හතර දෙනකු ඝාතනය කිරීම, ඝාතනය කිරීමට තැත්කිරීම හා ගිනිඅවි පෙන්වා ඡන්දදායකයන් බියගැන්වීම පොදු අරමුණ කරගත් ‘නීති විරෝධී රැස්වීමක’ සාමාජිකයන් වීම, ටී56 නීතිවිරෝධී ගිනිඅවියක් සන්තකයේ තබාගැනීම ඇතුළු අධිචෝදනා ඒ අතර විය. ඔවුන් සියලූ දෙනාටම මරණීය දණ්ඩනය නියම කරමින් තීන්දුව දුන් මහාධිකරණ විනිසුරු මඬුල්ලේ එම තීන්දුව 2ට 1ක් ලෙස බෙදුණු තීන්දුවකි. පද්මිණී රණවක හා එම්සීබී මොරායස් යන විනිසුරුවරුන් බහුතරයේ තීන්දුව දුන් අතර, ශිරාන් ගුණරත්න විනිසුරු වෙනස් තීන්දුව දුන්නේය. බහුතරයේ තීන්දුව අනුව දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවෝ වරදකරුවන් කරන ලදහ. ඊට වෙනස් තීන්දුවට දැන් කිසිම නීතිමය බලයක් නැත.

    මහාධිකරණ තීන්දුවෙන් මරණ දඬුවම නියමවුණේ, දුමින්ද සිල්වා, පොලිස් සැරයන් අනුර තුෂාර ද මෙල්, චමින්ද රවි ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, සරත් බණ්ඩාර සහ ප‍්‍රියන්ත ජනතක බණ්ඩාර ගලගොඩ යන අයටය.

    රාජපක්‍ෂ සුරතලා

    duminda-new-02.jpg


    භාරත ලක්‍ෂ්මන් ඝාතන නඩුව මහත් ආන්දෝලනයක් ඇති කළේ එක අතකින් ඊට සම්බන්ධවී තිබුණු චරිතවල වැදගත්කම නිසාය. ඝාතනය වුණු භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ උපදේශකවරයාය. ඔහු ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂය, නිදහස් පක්‍ෂය ඇතුළු පක්‍ෂවල ප‍්‍රබල නායකයෙකි. ඔහු ඇතුළු සිව්දෙනකු ඝාතනය කළ බවට වරදකරු කරනු ලැබූ දුමින්ද සිල්වා රටේ ප‍්‍රකට සල්ලිකාරයෙකි. හිරු ටීවී සහ රේඩියෝ අයිතිකාරයාගේ සහෝදරයාය. පාතාල සාමාජිකයන් පිරිවරා විවිධ මැරකම් කරමින් සිටි දේශපාලකයෙකි. ඒ සියල්ලටමත් වඩා ගෝඨාභය රාජපක්‍ෂ හා මහින්ද රාජපක්‍ෂගේ සුරතලෙකි. මහින්දට දුමින්දගේ ගෙදර තමාගේ ගෙදර වගේ විය. ඊටත් වඩා දුමින්ද සිල්වා, ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂක මන්ත‍්‍රීවරයාය.

    මේ ඝාතනය සිදුවුණු දවසේ දුමින්දට වෙඩි වැදී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරන ලදුව, හිසේ ශල්‍ය කර්මයකට භාජනය කරන ලදි. එදා රාත‍්‍රී 2 වනතුරු ගෝඨාභය රාජපක්‍ෂ රෝහලේ සිටිමින් පෞද්ගලිකවම සියල්ල සොයාබැලූවේය. අලූයම් කාලයක කාටත් හොරා හෙලිකොප්ටර් යානයක් උපයෝගි කරගෙන දුමින්ද සිල්වා කටුනායක ගුවන් තොටුපොළට ගෙනගොස්, ඉතා සැලසුම් සහගතව සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ගෙනයන ලදි. ඊටත් අමතරව සිද්ධිය වී දින කිහිපයක් ගතවන විට, ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්‍ෂ මණ්ඩලය ඇතුළු ඉහළ කාර්ය මණ්ඩලය මාරුකර පාලන කටයුතු සඳහා වෙනත් කණ්ඩායමක් පත්කරන ලදි.

    මේ සියල්ල අනුව, භාරත ලක්‍ෂ්මන් ඝාතනය පිළිබඳව ඒ මොහොතේ නීතිය ක‍්‍රියාත්මක වුණු හැටි සිතාගත හැකිය. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ හෙළිවුණු තොරතුරු අනුව, ඒ කටයුතු සියල්ල සිදුවී තිබුණේ දුමින්ද සිල්වාට පක්‍ෂග‍්‍රාහීවය. ප‍්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය, අතුරුදන්වීමක් හැටියටත්, වසීම් තාජුදීන් ඝාතනය හදිසි අනතුරක් හැටියටත් පොලිස් පොත්වල ලියැවුණු ඒ කාලයේ දුමින්ද සිල්වා සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක වුණේත් ඒ විදියටමය.

    දුමින්ද සිල්වා සමගම මේ නඩුවේදී මරණ දඬුවම ලැබු එක් විත්තිකරුවකු වන්නේ චමින්ද රවි ජයනාත් හෙවත්, දෙමටගොඩ චමින්දය. දෙමටගොඩ චමින්ද යනු කොළඹ පාතාලයේ ප‍්‍රබල සාමාජිකයකු වූ, ඒ කාලයේ ඒ ප‍්‍රදේශය හොල්ලාගෙන සිටි දරුණු පාතාලයෙකි. මිනීමැරුම සිදුවන අවස්ථාවේ ඔහු සිටියේ දුමින්ද සිල්වාගේ ජීප්රථයේය. ඔහුගේ අතේ තිබුණු නීති විරෝධී ගිනි අවිය ගැන පසුව විස්තර කරමු. රටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂක මන්ත‍්‍රීවරයා සමග නමගිය පාතාලයෙකු නීති විරෝධී ගිනිඅවියක් සමග සිටීම, සැලකිය හැක්කේ පන්සලේ දායක සමිතියේ සාමාජිකයන් පිරිසකගේ හමුවීමක් ලෙසින් නම් නොවේ.

    අහිංසක දුමින්ද

    m6shqFg.png


    භාරත ලක්‍ෂ්මන් ඝාතනයට අදාළ මහාධිකරණ තීන්දුව දීමට පෙර, ඒ ගැන විවිධාකාර කතාබහ සමාජය තුළ ඇතිවිය. ඉන් එකකට පදනම් වී තිබුණේ, දුමින්ද සිල්වාගේ සල්ලිකාර පාර්ශ්වයට ඕනෑම කෙනකු මිලදී ගැනීමට තිබුණු හැකියාවයි. එය ඇත්තය. තමාගේ සහෝදරයා බේරාගැනීමට කෝටිපති ව්‍යාපාරිකයකු වුණු ‘හිරු’ නාලිකාවේ අයිතිකරු රෙනෝ සිල්වා, ඕනෑම මුදලක් වියදම් කිරීමට සූදානම්වූ බවද, ඕනෑම කෙනකු සමග එකතුවීමට සුදානම්වූ බවද අලූත් දෙයක් නොවීය. මේ නිසා, මහාධිකරණ තීන්දුව ගැනද, විනිසුරු මඬුල්ල ගැනද විවිධාකාර ප‍්‍රවෘත්ති ඒ කාලයේ පළවිය. කොහොම නමුත්, තීන්දුව දුන් දා කිරිබත් කා, මල්මාලා පළඳවා, රතිඤ්ඤා පත්තුකර උසාවියෙන් එළියට එන ‘නිර්දෝෂී, අහිංසක’ දුමින්ද සිල්වා පිළිගැනීමට සියලූ කටයුතු සූදානම්කොට තිබුණි. හිරු මාධ්‍ය ජාලයේ සියලූම දෙනා සිටියේ දුමින්ද නිවැරදිකරුවී එළියට එනු ඇතැ’යි කියන දැඩි විශ්වාසයෙනි. එහෙත් සියල්ල කනපිට හැරුණි. ජයග‍්‍රහණය පතා සිටියවුන්ගේ ගෙවල්, මළගෙවල් බවට පත්විය. දුමින්ද ඇතුළු විත්තිකරුවන්ට මරණ දඬුවම නියම විය.

    ‘පැත්ත ගියත් ඇත්ත කියන’ හිරු නාලිකාව, තමන්ගේම ආදර්ශ පාඨය විලිලජ්ජාවට පත්කරමින්, එදින ප‍්‍රවෘත්තිවලින් වාර්තා කළේ, ‘මුල්ලේරියාවේ සිදුවුණු වෙඩි තැබීමක්’ ගැන පමණය. භාරත ලක්‍ෂ්මන් නම් දේශපාලකයකු එහිදී ඝාතනය වුණු බවත්, ඊට දුමින්ද සිල්වා නමැති තම නාලිකාව අයිතිකරුගේ සහෝදරයා මරණ දඬුවමට නියමවුණු බවත් හිරු ප‍්‍රවෘත්තියට ඇතුළත් නොවීය. විත්තිකරුවන් හැඳින්වුණේ පළමු, දෙවැනි ලෙස අංකවලින් පමණකි.

    තමන්ට මරණ දඬුවම නියම කරමින් මහාධිකරණය දුන් තීන්දුවට එරෙහිව දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනය, පසුගිය මාර්තු 26, 27, මැයි 8, 10, 14, 18 ජුනි 4, 6, 13, 18, ජූලි 18, 20 හා 25 දිනවල ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාගයට ගැනිණ. දැන් විභාගය අවසන්වී ඇති අතර, අගෝස්තු 10 වැනිදා වන විට පාර්ශ්ව දෙක ලිඛිත දේශන ඉදිරිපත් කළ යුතුය. ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරන දිනයෙක අභියාචනය පිළිබඳ තීන්දුව ලැබෙනු ඇත. නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ කරුණු දැක්වීය.

    හිරු හා මව්බිම

    qhZ5jH8.png


    අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග වෙමින් පැවති කාලයේ, දුමින්ද සිල්වාගේ අයියාගේ ‘හිරු’ නාලිකාවත්, ‘මව්බිම’ ඇතුළු සල්ලිකාර දැවැන්තයන්ගේ පත්තරත් අමුතු මෙහෙයුමක් පටන්ගත්තේය. දුමින්ද සිල්වා අහිංසකයකු බවත්, ඔහු මහාධිකරණයෙන් වරදකරු කළේ දේශපාලන පළිගැනීමකට බවත්, දුමින්දගේ අහිංසකකම ගැන ඔහුගේ නීතිඥයන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ දක්වන කරුණු ශ්‍රේෂ්ඨාධිකරණය එකහෙළා පිළිගත් බවත්, ඊටත් එහා ගොස් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාද ඒවා පිළිගත් බවත් ප‍්‍රබන්ධ කරන ලද ප‍්‍රවෘත්තිවලින් කියාපාන ලදි. විත්තිකරුවන්ගේ නීතිඥවරුන් අධිකරණය ඉදිරියේ දක්වන කරුණු විවිධ ඉන්ද්‍රජාල හරහා උලූප්පා පෙන්වමින් දුමින්ද අහිංසක දරුවකු බවට පත්කරන්නට, සිය ස්වාමීන්ගේ අණ අනුව වැඩකළ හිරු නාලිකාවේත් මව්බිම පුවත්පතේත් ඊනියා මාධ්‍යකරුවන් සහ සංස්කාරකවරුන්, එම අභියාචනා විභාගයේදී නීතිපතිවරයා ඉදිරිපත් කළ එකම වැදගත් කරුණක්වත් උපුටා දක්වන්නට උත්සාහ ගත්තේ නැත. පළකරන ලද බොහෝ කරුණු තමන්ට වුවමනා හැටියට තෝරාගත් කෑලි පමණක් විය. සමහර කරුණු වුවමනාවෙන්ම විකෘතිකර තිබුණි. රටේ ඉහළම අධිකරණයේ විභාගවන නඩුවක කරුණු වුණත්, මේ අශ්ලීල මාධ්‍යකාරයන්ට තමන්ට වුවමනා හැටියට නමන්නට හැකි බව පසුගිය කාලයේ හිරු නාලිකාවත්, මව්බිම පුවත්පතත් සැලකිල්ලෙන් බලන අයට පෙනෙනු ඇත.

    මේ නිසා, ඇත්ත ගැන කතාකිරීම අවශ්‍යය.
    ඒ ‘පැත්ත ගියත් ඇත්ත කියන’ වැනි පුස් වචන අපයෝජනය කිරීම සඳහා නොවේ. රටේ යුක්තිගරුක ජනතාවට හැම පැත්තක්ම දැනගැනීමට ඇති අයිතියට ගරු කිරීමටය. ඊනියා මාධ්‍යකරුවන් හා ඔවුන්ගේ ස්වාමිවූ සල්ලිකාරයන් හංගන පැත්ත එළිදරව් කිරීමටය.

    අභියාචනා විභාගයේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පැහැදිලි කළේ, විත්තිකරුවන් වෙනුවෙන් කළ දේශනවලදී ඉදිරිපත් කළ දේවල්, මහාධිකරණ නඩු විභාගයේදී ඉදිරිපත් කරන ලද සාක්‍ෂිවලින් ඉතාම සුළු කොටසක් බවයි. ඒ සුළු කොටස මත පිහිටා මහාධිකරණ නඩු තීන්දුව දෝෂ සහිත බව පෙන්වන්නට උත්සාහ කරනු පෙනුණු බවද ඔහු කීවේය. ප‍්‍රකට අඟුලාන මිනීමැරුම් නඩුවේ තීන්දුව කෙරෙහි අධිකරණයේ අවධානය යොමුකරවමින් ඔහු තවදුරටත් කිව්වේ, අභියාචනයකදී නීතිමය කරුණු සැලකිල්ලට ගන්නට පෙර, මුල් නඩු විභාගයේදී ඉදිරිපත්වී ඇති සියලූ සාක්‍ෂි සමස්තයක් හැටියට ගෙන සැලකිල්ලට ලක්කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු බවය.

    ඒ අනුව, සමස්ත චිත‍්‍රය ගැන අදහසක් ගන්නට කැමැත්තක් ඇති අයකුට උදව් වන පරිදි, අභියාචනයේදී උපුටා දක්වන ලද වැදගත් කරුණු කිහිපයක් මෙසේ දැක්විය හැකිය.

    මුණගැහීම වළක්වන්නට

    LKO4LcZ.png


    මහාධිකරණයේදී සාක්‍ෂි දුන්, දුමින්ද සිල්වාගේ ප‍්‍රධාන ආරක්‍ෂක නිලධාරියකු වූ උපපොලිස් පරීක්‍ෂක හරිශ්චන්ද්‍ර, 2011 ජනවාරි සිට දුමින්ද සිල්වාගේ ආරක්‍ෂක කටයුතු භාරව සිටියේය. සිය සාක්‍ෂියේදී ඔහු, රාජපක්‍ෂවරුන්ගේ අලූත් සුරතලකු වූ දුමින්ද සිල්වා හා පරණ දේශපාලන නායකත්වය වූ භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර අතර කොළොන්නාවේ දේශපාලන අධිකාරිය සඳහාවූ බලඅරගලය විස්තර කළේය. භාරත ලක්‍ෂ්මන් හා දුමින්ද සිල්වා කිසිම පොදු ස්ථානයකදී මුහුණට මුහුණ හමුවීමක් සිදුවීම වැළැක්වීමට තමා පෞද්ගලිකවම උත්සාහ ගත් බවද සාක්‍ෂිකරු කියාසිටියේය. එක් අවස්ථාවකදී දුමින්ද සිල්වාට නොදන්වාම භාරත ලක්‍ෂ්මන් හමුවීමට ඔහුගේ නිවෙසට ගිය මේ පොලිස් නිලධාරියා, එසේ මුහුණට මුහුණ හමුනොවීමට වගබලාගන්නා ලෙස භාරත ලක්‍ෂ්මන්ගෙන් ඉල්ලා සිටියේය. භාරත ලක්‍ෂ්මන්ද ඒ සම්බන්ධයෙන් යහපත් ප‍්‍රතිචාරයක් දැක්වූ අතර, මේ නිසා තමා ඇමතීමට නියමිතව සිටි දේශපාලන රැස්වීම්වලට පවා නොයන්නට තරම් ඔහු සැලකිලිමත් වූයේය. මේ සාක්‍ෂියෙන් පැහැදිලි වන්නේ කුමක්ද? භාරත ලක්‍ෂ්මන් මුහුණට මුහුණ හමුවුණොත්, දුමින්ද සිල්වාගේ පැත්තෙන් විය හැකි අනතුර ගැන යම් පූර්ව අදහසක් මේ උපපොලිස් පරීක්‍ෂකවරයාට තිබුණු බව නොවේද? එහෙත්, අවාසනාවකට මෙන්, මේ පොලිස් නිලධාරියා, ඝාතනය සිදුවුණු මොහොතේදී දුමින්ද සිල්වාගේ ආරක්‍ෂක කණ්ඩායමේ නොසිටියේය.

    පුංචි පොලිසියක්

    rMDoShx.png


    ගෝඨාභය රාජපක්‍ෂගේ නියමය මත, දුමින්ද සිල්වාගේ ආරක්‍ෂාව සඳහා ඇමති ආරක්‍ෂක කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් 10දෙනකු අනුයුක්ත කර තිබුණි. ඒ මිරිහාන පොලිසියෙන් අනුයුක්ත කර සිටි නිලධාරීන් 3කට අමතරවය. මේ ඇමති ආරක්‍ෂක කොට්ඨාසයේ නිලධාරීන් සඳහා පිස්තෝල 9ක්, එක් රිවෝල්වරයක් හා මිරිහාන පොලිසියේ නිලධාරීන් තිදෙනාට ටී56 ගිනි අවි දෙකක්ද නිකුත් කර තිබුණි. අන් කිසිම සාමාන්‍ය මන්ත‍්‍රීවරයකුට නොලැබුණ අන්දමට තිබුණු මේ ආරක්‍ෂාව පෙනුණේ, ‘පුංචි පොලිසියක්’ ලෙසය.

    තනි සිද්ධියක් නොවේ.ක‍්‍රියා දාමයකි. භාරත ලක්‍ෂ්මන් ඝාතනය එදා ඇතිවුණු හුදෙකලා සිද්ධියක් නොවේ. ක‍්‍රියාදාමයකි. පැමිණිල්ලේ ස්ථාවරයත් නීතිමය තත්ත්වයත් ගොඩනැගෙන්නේ එම ක‍්‍රියාදාමය මතය.

    එදා පළාත් පාලන මැතිවරණය පැවැති දිනයයි. දුමින්ද සිල්වා ඇතුළු විත්තකරුවන් එදා මුලින්ම එකතුවුණේ තමිල්නාඩු වත්ත නම් ස්ථානයකදීය. නඩුවට හේතුවන ‘නීති විරෝධී රැස්වීම’ ආරම්භවන්නේ එතැන සිටය. ඊට එකතුවුණු සියලූම දෙනා ඒ අනුව නීති විරෝධී රැස්වීමේ සාමාජිකයෝය. ඉන්පසු පිරිස කන්දේ විහාරය නම් ස්ථානයකට ඔවුහු ආහ. ඉන්පසු මේ පිරිස වාහනවලින් රාජසිංහ විදුහල ආසන්නයට පැමිණියෝය. රාජසිංහ විදුහල අසළදී තරුණයකුට, දුමින්ද සිල්වා ඇතුළු මේ ‘නීති විරෝධී රැස්වීමේ’ සාමාජිකයන්ගෙන් කෙනෙක් පහර දුන්නේය. එතැනින් පසු ඔවුහු රාහුල විද්‍යාලයේ පැවැති ඡන්ද මධ්‍යස්ථානය අසළට ආහ. ඉන් පසුව ඝාතනය සිදුවුණු හිඹුටාන ප‍්‍රදේශයට ආවෝය. තමිල්නාඩු වත්තෙන් ආරම්භවුණු නීති විරෝධී රැස්වීම මෙලෙස තැන් කිහිපයකට ගියේය.

    නීති විරෝධී රැස්වීම

    දණ්ඩ නීති සංග‍්‍රහය අනුව, යම්කිසි නීති විරෝධී පොදු අරමුණක් ඉටුකර ගැනීම සඳහා පස්දෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් එක්ව කටයුතු කරන අවස්ථාවක් නීති විරෝධී රැස්වීමකි. එම නීති විරෝධී රැස්වීමට සහභාගි වුණු සියලූම දෙනා, එහිදී සිදුවන සියලූ අපරාධවලට, තම තමන් පෞද්ගලිකව කළාක් මෙන් වගකිව යුතුය. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට වැඩිදුරටත් පැහැදිලි කළේ, නීති විරෝධී රැස්වීම ආකාර දෙකකට පවතින බවය. ඒවා නම්, වරද මුල් කරගත් නීති විරෝධී රැස්වීම් හා පුද්ගලයා මුල් කරගත් නීති විරෝධී රැස්වීම් වශයෙනි. නීති විරෝධී රැස්වීම්වල කලාතුරකින් දක්නට ලැබෙන ලක්‍ෂණයක් වන්නේ නායකත්වයක් තිබීමයි. මේ සිදුවීම් දාමයේදී දුමින්ද සිල්වා, මේ නීති විරෝධී රැස්වීමට නායකත්වය දුන් බව සාක්‍ෂිවලින් තහවුරු වී තිබේ.

    අධිචෝදනා පත‍්‍රයේ තිබුණු චෝදනා නගා තිබුණේ, මේ නීති විරෝධී රැස්වීම ගමන් කළ විවිධ ස්ථානවලදී එහි සාමාජිකයන් සිදුකළ අපරාධ සම්බන්ධයෙනි. රාහුල විදයාලය අසළ සිදුවීම සම්බන්ධයෙන්, කැරලි ගැසීමේ වරද, එම ස්ථානයේ රාජකාරි කළ විශේෂ කාර්ය බලකායේ පොලිස් කොස්තාපල් දමිත් සුරංගගේ පපුවට පිස්තෝලයක් තබා තර්ජනය කිරීම, ප‍්‍රසන්න සෝලංගආරච්චිගේ බිරිඳ මධුෂානි පතිරණ සාපරාධි ලෙස බියගැන්වීම යන චෝදනා එල්ලවී තිබුණි. හිඹුටාන අපරාධ ස්ථානයට අදාළව භාරත ලක්‍ෂ්මන් ඇතුළු 4දෙනකු වෙඩි තබා ඝාතනය කිරීම, භාරතගේ ආරක්‍ෂක නිලධාරියකු වුණු උපපොලිස් පරීක්‍ෂක ගාමිණීට වෙඩි තබා මිනිමැරීමට තැත්කිරීම යන චෝදනා නගා තිබුණි. ඉහත සියලූම චෝදනාවල පසුබිම, ගිනි අවි පෙන්වා ඡන්දදායකයන් සාපරාධී ලෙස බියගැන්වීම වෙයි.

    ඡන්දදායකයන් බියගැන්වීම

    නීති විරෝධී රැස්වීම ආරම්භ වුණු තමිල්නාඩු වත්තේ, එක ළඟ පිහිටා තිබුණු ඡන්දපොළ දෙකක් අතර, ඡන්දය ආරම්භ වූ මොහොතේ සිට පැය හතරකට අධික කාලයක්, දුමින්ද සිල්වා නමැති ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂක පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා පුටුවක් තබා හිඳගෙන සිටියේය. ඔහු කළේ කුමක්ද? ඡන්දපොළවලට යන ඡන්දදායකයන්ට, එජාපයට ඡන්දය නොදෙන ලෙසත්, ආණ්ඩු පක්‍ෂයට ඡන්දය දෙන ලෙසත්, එජාපයට ඡන්දය දෙන්නට ආවා නම් ආපසු හැරී යන ලෙසත් බලපෑම් කිරීමයි. ඒ අවස්ථාවේදී සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් දෙදෙනකු දුමින්ද සිල්වා දෙපස ටී56 ගිනිඅවි අත දරාගෙන හිඳ ඇත. නිල ඇඳුමක්වත් නැති ටී56 දරා සිටින දෙදෙනකුද තබාගෙන ජනතාවගේ රහස් ඡන්දයේ වටිනාකමට නිගා කළ මේ පුද්ගලයා, නිදහසේ ඡන්දය දැමීමට ඇති අයිතියටද බාධා කළේය. හිරුටවත්, මව්බිමටවත් මේ අපරාධය පෙනෙන්නේ නැත. ඔවුන්ගේ ප‍්‍රවෘත්තිවල ඒ ගැන සඳහනක්වත් නැත.

    එම ස්ථානයට ආ ප‍්‍රදේශයේ ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු දුමින්ද සිල්වා එතැනින් ඉවත්කිරීමට උත්සාහ දරා තිබේ. පසුව සහකාර පොලිස් අධිකාරිවරයකු පැමිණ, ‘මන්ත‍්‍රීතුමාගේ ක‍්‍රියාකලාපය නිසා ඡන්දපොළවල් අවලංගු වීමේ අවදානමක් තිබෙන බව’ දුමින්ද සිල්වාට කීවේය. ඉන්පසු දුමින්ද සිල්වා එතැනින් ඉවත්ව, අසළ පිහිටි රමේෂ් යන අයගේ නිවෙසට ගොස් මත්පැන් පානය කරන්නට පටන් ගත්තේය

    සවස 2.45ට පමණ, තමිල්නාඩු වත්තෙන් පිටත්වී මේ නිති විරෝධී රැස්වීමේ සාමාජිකයෝ වාහන ගණනාවකින් රාහුල විද්‍යාලය අසළට ආවෝය

    ටී56 මාරුකිරීම

    A8sCZdw.png


    කන්දේ විහාරය ආසන්නයේදී, තමාගේ රියට ඉදිරියෙන් ගමන්ගත් ලෑන්ඞ් රෝවර් රථයේ එක ටී56 ගිනිඅවියක් පමණක් තිබෙනු දුමින්ද සිල්වාට දැනගන්නට ලැබිණ. ඒ ගැන ඔහු තම රියේ සිටි දෙමටගොඩ චමින්ද (3විත්තිකරු) නම් පාතාල සාමාජිකයාගෙන් විමසුවේය. එවිට දෙමටගොඩ චමින්ද හා ඉදිරි රියේ සිටි අනුර තුෂාර ද මෙල් (1 විත්තිකරු) රියවලින් බැස, දුමින්ද සිල්වාගේ රියට පසුපසින් පැමිණි වෑන් රියේ තිබුණු ටී56 ගිනිඅවිය 1 විත්තිකරු වෙත ලබාදී තිබේ. අවිය ගත් ඔහු යළිත් ඉදිරියෙන් තිබුණු ලෑන්ඞ් රෝවර් රියට ගොඩවී ගමන්කොට තිබේ. මෙලෙස ගිනිඅවිය මාරු කළේ කුමක් සඳහාද?

    රාහුල විදයාලයේ ඡන්දපොල අසළදී මේ මැරයෝ පිරිස මහජනතාව බියගැන්වීම යළි ආරම්භ කළහ. නීති විරෝධී රැස්වීමේ සාමාජිකයෝද එහි සිටි ගැහැනුන්ට හා පිරිමින්ට පහර දුන්හ. ඒ මොහොතේ, ටී56 ගිනිඅවිවලින් සන්නද්ධ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙදෙනකු එහි සිටියත්, සිය අවිවලින් වෙඩි නොතබා, මේ මැරයන් පාලනය කරගැනීමට ඔවුහු මහත් වෙහෙසක් ගත්හ. විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ මේ සාමකාමී මැදිහත්වීම නොසැලකූ දුමින්ද සිල්වාගේ එක් මැරයෙකු කළේ කුමක්ද? එක් නිලධාරියකුගේ පපුවට පිස්තෝලයක් තබා තර්ජනය කරන්නට තරම් චණ්ඩිකමක් පෙන්වීමයි. යම් හෙයකින් මෙම නිලධාරීන් සිය ගිනිඅවි පාවිච්චි කළා නම් එතැන විය හැකිව තිබුණු විනාශය කොතෙක් විය හැකිද?

    කොන්ද පණ නැති පොන්නයෝ

    මේ අවස්ථාවේදී පහරකෑමට ලක්වුණු කාන්තාවෝ, ‘ගෑනුන්ට ගහන පිරිමි පොන්නයෝ, කොන්ද පණ නැති පිරිමි’ කියමින් බැනවැදුණෝය. තමන්ට ශක්තියෙන් සමාන හෝ වැඩි පුද්ගලයකුට පහරදීම සාමාන්‍ය පුද්ගලයකු කළත්, ආයුධ සන්නද්ධව සිටිමින්, නිරායුධව සිටි කාන්තාවන් පිරිසකට පහරදුන් මේ පාතාල මැරයන් පිරිස හැඳින්විය යුත්තේ කෙසේද? හිරු හා මව්බිම කියන විදියට, සත්ගුණවත් දුමින්ද සිල්වා උපාසක මහතා හා ඔහුගේ උපාසක නඩය ලෙසද?

    කොහොම නමුත් අවසානයේ දුමින් සිල්වා හා මැරයන් දමනය කරගන්නට විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට හැකිවිය. දුමින්ද සිල්වා ඇතුළු මැරයෝ තම වාහනවල නැගී එතැනින් ඉවත්ව ගියහ. පහර කෑ කාන්තාවන්ගේ කෝපය, තමන් ආරක්‍ෂා කර නොගැනීම ගැන, විශේෂ කාර්ය බලකා පොලිස් නිලධාරීන් වෙතද එහිදී එල්ලවිය. ‘පොන්න පොලිස්කාරයෝ, ගෑනුන්ට සත්තුන්ට වගේ ගහලා යනකං බලාගෙන හිටියා.’ කියමින් ඔවුහු නිලධාරීන්ටද දොස් කීහ. තමන් ගිනිඅවි භාවිත කළේ නම් සිදුවිය හැකිව තිබුණු විනාශය, කාන්තාවන් පහරකෑමට වඩා ඉතා භයානක බව පොලිස් නිලධාරීන් පැහැදිලි කළ පසු, ඔවුන් නිහඬවුණු බවද සාක්‍ෂිවලදී පැහැදිලි කොට තිබේ.

    එතැන සිටි කාන්තාවන් අතර ප‍්‍රසන්න සෝලංගආරච්චිගේ බිරිඳද එක් අයෙකි. දුමින්ද සිල්වා තමාට පහරදී තමාගේ් ඇඳුමෙන් කොටසක්ද ඉරාදැමූ හැටි ඇය සාක්‍ෂි දෙමින් පැහැදිලි කර ඇත. අවසානයේ ඇය බේරාගත්තේ වෙනත් ඥාති කාන්තාවක විසින්, අසළ තිබූ යකඩ වැටකට ඇය මුවා කරගැනීමෙනි. එහෙත්, විත්තිකරුවන්ගේ පාර්ශ්වයෙන් කියැවුණේ, ඇය සුරූපී කාන්තාවක නිසා, දුමින්ද සිල්වා ඇය ගැන ආකර්ෂණයෙන් ඈ වෙතට ගොස්, ‘නංගී ඔයා කාටද ඡන්දේ දැම්මේ’ යනුවෙන් කුළුපගව විමසුවා පමණක් බවය. එහෙත් ඉදිරිපත්වුණු සාක්‍ෂි අනුව, රාහුල විදුහල අසළ පහරදීම්වලට දුමින්ද සිල්වා නායකත්වය දෙමින් පෞද්ගලිකවම මැදිහත්වී තිබේ. ඒ නිසා රාහුල විදුහල ආසන්න සිදුවීම ගැන නගා ඇති චෝදනාවලට දුමින්ද සිල්වා පැහැදිලිවම වැරදිකරුය.

    ඒ මොහොත එළැඹිණි

    රාහුල විදුහලෙන් නික්මී ඉන්පසු ඔවුන් පැමිණියේ ඊට කිලෝමීටර් බාගයක් පමණ දුරින් පිහිටි අවසන් වෙඩි තැබීම සිදුවුණු තැනටය. හිඹුටානටය.

    මහාධිකරණයේදී පැමිණිල්ලේ එක් වැදගත් සාක්‍ෂියක් වුණේ, පොලිස් කොස්තාපල් ලසන්ත වනසුන්දරගේ සාක්‍ෂියයි. ඔහු දුමින්ද සිල්වාගේ පෙරගමන් රථයේ පිස්තෝලයක්ද අතැ’තිව ගමන් කොට තිබේ. හිඹුටාන ඝාතන ස්ථානයේදී ඔවුන් ගමන් කළ රථයට පිටුපසින් දුමින්ද සිල්වා සිටි ලෑන්ඞ් ක‍්‍රෑෂර් රථය ආවේය.

    ඒ මොහොත එළැඹිණි. උපපොලිස් පරීක්‍ෂක හරිශ්චන්ද්‍ර වරෙක මැදිහත්වී, වුවමනාවෙන්ම වළක්වාගන්නට මහත් පරිශ‍්‍රමයක් ගත් බිහිසුණු මොහොතයි ඒ. දුමින්ද ගමන් කළ දිසාවට ප‍්‍රතිවිරුද්ධ දිසාවෙන් භාරත ලක්‍ෂ්මන් ජීප් රථයකින් පැමිණියේය. භාරතගේ රථය, දුමින්ද සිල්වාගේ පෙර ගමන් රථය පසුකළ සැණින්, දුමින්ද සිල්වාගේ ජීප් රථය පාර හරහට දමා භාරතගේ රථයේ ගමන නවත්වන ලදි. දුමින්ද රියෙන් බැස භාරතගේ රිය අබිමුව සිටගත්තේය. ඔහු සිටියේ හොඳටම බීමත්වය. භාරත ලක්‍ෂ්මන්ද රියෙන් බැස දුමින්ද වෙත පැමිණ තමාට බාධා කළේ ඇයිදැයි ඇසීය. එකෙණෙහි කිසිම හේතුවක් නැතිව දුමින්ද සිල්වා භාරතගේ මුහුණට අතින් පහරක් ගැසුවේය. භාරත වැටෙන්නට ගියේය. ඒ මොහොතේ භාරත සිටි දිශාවෙන් වෙඩි පහරක් ආවේය. එය දුමින්ද සිල්වාගේ නළලට වැදී ඔහු බිම වැටිණි.

    එහිදි පැමිණිල්ල වෙනුවෙන් පෙන්වා දෙන ලද්දේ, දුමින්ද සිල්වාට එසේ තුවාල වීමටත් පෙර, ඔහු නායකත්වය දුන් නීති විරෝධී රැස්වීමේ පරමාර්ථය භාරත ලක්‍ෂ්මන්ට පහර දීමෙන් ඉටුකරගත් බවයි.භාරතට ඇමති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් දෙදෙනකු, ගිනි අවි සහිතව ආරක්‍ෂාවට ලබාදී තිබුණි. කරන ලද විමර්ශනවලදී හෙළිවුණේ, දුමින්දට වෙඩි තබන ලද්දේ එම ආරක්‍ෂකයන් දෙදෙනාගෙන් කෙනකු බවය.

    ආරක්‍ෂකයා වෙඩි තබයි

    rnqWXgU.png


    ඒ ආරක්‍ෂකයා කළ දේ නිවැරදිය. තම ප‍්‍රභූවරයා වෙත එල්ලවූ ප‍්‍රහාරය මැඬ පැවැත්වීම සඳහා ඔහු කළ දේ නීත්‍යනුකූලද, සිය රාජකාරිය නිසි පමණින් ඉටුකරමින් කරන ලද්දක්ද වෙයි. ප‍්‍රභූවරුන් සඳහා ආරක්‍ෂාව සැපයීමේදී පොලිස් නිලධාරීන් අනුගමනය කළ යුතු ක‍්‍රියා පටිපාටිය විස්තර කෙරෙන චක‍්‍රලේඛ උපුටා දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පැහැදිලි කළේ, භාරත ලක්‍ෂ්මන්ගේ ආරක්‍ෂක නිලධාරියා සිය යුතුකම්, වගකීම හා පුද්ගලික ආරක්‍ෂාව යන සිද්ධාන්ත තුළ ක‍්‍රියා කිරීමේදී දුමින්ද සිල්වාට තුවාල සිදුවුණු බවයි.

    දුමින්දට වෙඩි වැදීමෙන් පසු අවට සිටි පිරිස ක්‍ෂණයකින් එතැනින් ඉවත්වුණු අතර, අනුර තුෂාර ද මෙල් නමැති පොලිස් නිලධාරියා (1 විත්තිකරු) තම අත තිබුණු ගිනි අවියෙන් අහසට වෙඩි තබන්නට විය. එකෙණෙහි සරත් බණ්ඩාර නමැති විත්තිකරු එම ගිනිඅවිය උදුරාගෙන භාරත ඇතුළු ඔහුගේ පිරිස දෙසට දිගින් දිගටම වෙඩි තැබීය.

    තවත් පාතාලයෙක්

    දුමින්ද සිල්වා සතුව නිල පිස්තෝලයක් තිබේ. එය මන්ත‍්‍රීවරයකු වන ඔහුට රජයෙන් ආරක්‍ෂාව සඳහා සපයන්නකි. මේ පිස්තෝලය කිසිවකුට හදිසියකදී තියාගන්නට දෙන්නටවත් අදාළ මන්ත‍්‍රීවරයාට නීතියෙන් තහනම්ය. එහෙත් ඒ මොහොතේ දුමින්දගේ පිස්තෝලය තිබුණේ ඔහු ළඟ නොවේ. 10 වැනි විත්තිකාර ගලගොඩ ළඟය. මේ ගලගොඩ, හිටපු යුදහමුදා කොමාන්ඩෝ සෙබළෙකි. ඔහුට විරුද්ධව කොල්ලකෑමේ වරද සඳහා නඩු දෙකක් පානදුර හා අවිස්සාවේල්ල මහාධිකරණවල විභාග වෙමින් පැවැත්තේය. දුමින්ද සිල්වා ළඟ සිටි තවත් පාතාල මැරෙයකි මේ ගලගොඩ.

    දුමින්ද සිල්වාට වෙඩි වැදුණු සැණින් ගලගොඩද තමා සතුව තිබුණු දුමින්ද සිල්වාගේ පිස්තෝලයෙන් භාරත ලක්‍ෂ්මන්ගේ ආරක්‍ෂක නිලධාරියාට වෙඩි තැබීය. එයින් ආරක්‍ෂක නිලධාරියාගේ බාහුවකට, වම් ඇසට, හා මොළයට මාරාන්තික තුවාල සිදුවිය. එසැණින්, දුමින්ද සිල්වාගේ ආරක්‍ෂක, 1 විත්තිකාර අනුර ඇතුළු අන් අය ටී56 ගිනිඅවි භාවිත කරමින් භාරත ලක්‍ෂ්මන් දෙසට වෙඩි වරුසාවක් එල්ල කරන ලදි. භාරතගේ අතේ කිසිම අවියක් තිබුණේ නැත. ඔහු සමග එතැන ඝාතනය වුණු අනෙක් තිදෙනා වන දමිත ජයතිලක, මනිවේල් කුමාරස්වාමි හා මොහොමඞ් අස්මි යන අය අතද කිසිම ගිනිඅවියක් තිබුණේ නැත. ඔවුහු පස්දෙනාම සිටියෝ නිරායුදවය. ඔවුන් ජීවිතවලින් වන්දි ගෙවූයේ භාරත ලක්‍ෂ්මන් සමග ඒ මොහොතේ එකට ගමන් ගනිමින් සිටි පාපයටය.

    ඇත්ත වශයෙන්ම වෙඩි තැබීම ඇරඹීමත් සමග භාරත ලක්‍ෂ්මන් ජීවිතාරක්‍ෂාව පතා එම ස්ථානයේ පිටුපසට දිවගියේය. ඔහු දුවමින් සිටින විට පිටුපසින් එළවමින් ටී56 ගිනිඅවියකින් වෙඩිතබා තිබේ. අවම වශයෙන් වෙඩි පහරවල් 24ක් මේ පසුපස හැරී දුවමින් සිටි නිරායුද මිනිසාගේ සිරුරේ පිටුපසට වැදී තිබුණේය.


    උපුටාගැනීම ~~අනිද්දා~~
     
    Last edited:

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    එල්ටීටීඊයෙන් ගත් අවි

    අපරාධ ස්ථානයේ තිබී ටී56 වර්ගයේ හිස් පතොරම් කොපු 27ක් පොලිසිය භාරයට ගන්නා ලදි. ටී56 ගිනි අවියක මැගසින් එකක වරකට ගබඩා කළ හැකි පතොරම් සංඛ්‍යාව 30කි. ඒ අනුව, සම්පූර්ණ මැගසිනයකින් මේ අවස්ථාවේ වෙඩි තබා ඇත. ඒ සියලූම පතොරම් නික්මී ඇත්තේ එකම ගිනි අවියකින් බව රස පරීක්‍ෂකවරයා තහවුරු කළේය. එම ගිනි අවිය, 2011 නොවැම්බර් 1වැනිදා සොයාගත්තේ 3 විත්තිකාර දෙමටගොඩ චමින්දගේ භාරයේ තිබියදීය. එහි අනුක‍්‍රමික අංකය සොයා බලන විට, එය යුද හමුදාවට නිකුත් කරන ලද ගිනි අවියක් බව තහවුරු විය.

    2000 අප්‍රියෙල් 22 දින යුද හමුදාව හා එල්ටීටීඊ සංවිධානය සමග අලිමංකඩදී සිදුවුණු ගැටුමකදී එල්ටීටීඊ සංවිධානය විසින් රැගෙන ගොස් තිබුණු අවියකි ඒ. නඩුවේදී සාක්‍ෂි දුන් බි‍්‍රගේඩියර් ගමගේ නම් හමුදා නිලධාරියා ඒ බව තහවුරු කළේය. එල්ටීටීඊය පැහැරගෙන ගොස් තිබිණු ගිනි අවියක් දෙමටගොඩ චමින්ද අතට ආවේ කෙසේද? මහාධිකරණය ඉදිරියේ මේ ප‍්‍රශ්නය පැනනැගුණු අවස්ථාවේදී 3 විත්තිකරු ඒ ගැන පැහැදිලි කළ යුතුව තිබුණු නමුත් එවැන්නක් සිදුනොවීය.

    දුමින්දට වෙඩි වැදීම

    2UQS5kh.png


    දුමින්ද සිල්වාගේ අයියාගේ හිරු නාලිකාවත්, මව්බිම ඇතුළුව ඔවුන් සමග ව්‍යාපාරික සන්ධානවල සිටින අනෙකුත් මාධ්‍යත්, ඉහළින් උපුටා දක්වන්නේ, සිද්ධිය ආරම්භයේදීම දුමින්දට වෙඩි වැදුණු බවයි.

    පසුගිය ජූලි 29 වැනිදා මව්බිම පුවත්පතට ‘ගාමිණි මුලින්ම දුමින්දගේ හිසට වෙඩිතැබීමත් සමග බහින්බස් වීම මහා ඛේදවාචකයක් බවට පත්වුණා’ මැයෙන්වූ ලිපියක, එහි ලේඛක කමල් මහේන්ද්‍ර වීරරත්න මෙසේ කියයි.

    ‘හිඹුටානේදී අහම්බෙන් මුහුණට මුහුණ හමුවූ අවස්ථාවේ හටගත් බහින්බස් වීමේදී භාරතගේ මුහුණට අත තබා ඉවතට තල්ලූ කර දමා ආපසු හැරී යද්දී භාරතගේ ආරක්‍ෂක ගාමිණී නමැත්තා හිසටම තැබූ වෙඩි පහරවල් දෙකෙන් දුමින්ද සිල්වා මළකඳක් මෙන් ඇදවැටුණු බවත්, හිඹුටාන වෙඩි තැබීම ආරම්භ වුණේ එම සිද්ධියෙන් බවත් නීතිපතිවරයාද පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පිළිගැනීම මෙම නඩු විභාගයේදී සිදුවූ වැදගත් සිදුවීමක් විය.’

    මේ වාක්‍යවලින් දුමින්ද සිල්වා හිතෛෂී මාධ්‍යකරුවන් මහජනතාවට පෙන්වන්නට හදන්නේ, වෙඩි තබාගැනීම ආරම්භයේදීම දුමින්දට වෙඩි වැදී මළකඳක් සේ වැටුණු බවය. ‘එහෙම නම් කොහොමද භාරත මැරුවායැයි කියා දුමින්දට මරණ දඬුවම දෙන්නේ?’ ඔවුන් හිතාමතාම ජනතාව අවුලට දමන්නේ එම ප‍්‍රශ්නය හරහාය. බැලූ බැල්මට ඇත්තය. මුලින්ම වෙඩි වැදුණේ දුමින්දට නම්, මිනිමැරුමට දුමින්ද වැරදිකරු වෙන්නේ ඇයි?

    ප‍්‍රශ්නයේ අනෙක් පැත්ත

    මේ ප‍්‍රශ්නය පමණක් ගත්විට එය සාමාන්‍ය ජනතාව නොමග යවනසුලූය. ඒ එහි නීතිමය අනෙක් පැත්තක් තිබෙන නිසාය. ඒ අනෙක් පැත්ත මේ අය වුවමනාවෙන්ම හංගන නිසාය. ඔවුන් නැවත නැවත කියන්නේ තමන්ට වාසි සහගත කෑල්ල පමණක් නිසාය.දුමින්දට එරෙහි චෝදනාවල ප‍්‍රධාන තර්කයක් වන්නේ නීති විරෝධී රැස්වීමක් අරඹා ඊට නායකත්වය දෙමින්, අපරාධකාරී ක‍්‍රියාවල යෙදුණ දුමින්ද සිල්වා, එම නීති විරෝධී රැස්වීමේ ප‍්‍රතිඵල හැටියට සිදුවුණු හැම අපරාධයකටම වගකිව යුතු බවයි.

    උදාහරණයක් මගින් මෙසේ පැහැදිලි කළ හැකිය. කොල්ලකෑමක් සඳහා කොල්ලකරුවන් 5 දෙනකු ගියායැයි සිතමු. කොල්ලකෑම ආරම්භයේදීම ප‍්‍රතිප‍්‍රහාරයක් මගින් එක් කොල්ලකරුවකු තුවාල වී එම ස්ථානයේ කිසිවක් කරකියා ගත නොහැකිව සිටියදී, සෙසු කොල්ලකරුවන් විසින් එම අපරාධය කළත්, තුවාල ලද කොල්ලකරුද ඒ අපරාධ වගකීමට බැඳීසිටියි. තුවාල ලද නිසා තමා කොල්ලකෑමට වගකිව යුතු නැතැයි තර්කයක් ඉදිරිපත් කිරීම හාස්‍යය දනවන්නකි.

    ඉංග‍්‍රීසි නඩු තීන්දුවකින් දක්වන්නේ, යම් කෙනකු යම් ඉලක්කයක් වෙත ඊතලයක් මුදාහැරීමෙන් පසුව, එම ඊතලය මුදාහැරීම ගැන පසුතැවිලි වී එය ඉලක්කයට නොවැදේවා කියා ප‍්‍රාර්ථනා කිරීමෙන් කිසිම පලක් නැති බවයි. කළ යුතුව තිබුණේ ඊතලය මුදාහැරීමෙන් වැළකීමය.

    දුමින්ද වගකිව යුතුයි

    m95Jm2v.png


    ඒ නිසා, මහාමාර්ගය හරස්කොට, භාරත ලක්‍ෂ්මන් වෙත ප‍්‍රහාරය ආරම්භ කළ දුමින්ද සිල්වාට අතරමගදී වෙඩි වැදීම නිදහසට කාරණයක් හැටියට ගත නොහැකිය. ප‍්‍රථමයෙන් වෙඩිවැදුණේ කාටද යන කරුණ මෙහිදී අදාළ නොවේ. භාරත ලක්‍ෂ්මන්ට පහර දී, ඔහුගේ ආත්ම ආරක්‍ෂාවේ අයිතිය ඔහුගේ ආරක්‍ෂක නිලධාරියාට ක‍්‍රියාත්මක කිරීමට පදනම සකස් කරන ලද්දේ, දුමින්ද සිල්වා විසින්ය. එනිසා ඔහුට වෙඩි වැදීමෙන් පසුව වුවද, සිදුවුණු සමස්ත ක‍්‍රියාවලියටම ඔහු වගකිව යුතු වෙයි.

    චමින්ද පැනයයි

    3 වැනි විත්තකාර දෙමටගොඩ චමින්ද නම් පාතාල සාමාජිකයා ඝාතනය සිදුවුණු දිනට පසුදිනම ඉන්දියාවට පලාගියේය. එහෙත්, ලංකා රජයේ දැනුම්දීමක් අනුව ඉන්දියානු බලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගන්නා ලදුව, 2011 ඔක්තෝබර් 13 දින ලංකාවට පිටුවහල් කරන ලදි. මෙසේ ‘පිටුවහල් කරන ලද’ ගුවන් මගියකු සාමාන්‍යයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගුවන් තොටුපොළේදී නිල වශයෙන් භාරදිය යුතුය. එහෙත්, එවැනි භාරදීමක් සිදුනොවීය. ඒ වෙනුවට සාමාන්‍ය ගුවන් මගියකු හැටියට ගුවන් තොටුපොළෙන් පිටතට එන්නට චමින්දට හැකිවිය. බලධාරී කිසිවකුගේ විශාල බලපෑමකින් තොරව එවැනි දෙයක් කිරීම පහසු නොවේ.

    නඩුවේදී සාක්‍ෂි දුන් ආගමන විගමන නිලධාරීහු, ඔහු සාමාන්‍ය මගියකු ලෙස ගුවන් තොටුපොළෙන් නික්ම ගිය බව තහවුරු කළහ. එහෙත් ගුවන් තොටුපොළෙන් නික්ම එද්දී කටුනායක 18 කණුව අසළදී ඔහු අත්අඩංගුවට ගැනීමට සිඅයිඞීයට හැකිවිය. චමින්ද නියම ක‍්‍රමවේදයට පටහැණිව, නිරුපද්‍රැතව ගුවන් තොටුපොළට පැමිණීම පිටුපස අදිසි බලවත් හස්තයක් තිබෙන බවට අනාවරණය වුණු බවත්, ඒ ගැන තම උසස් නිලධාරීන්ට දැන්වූ විට, තමන්ට පවරා ඇති වැඬේ හරියාකාරව කරන ලෙසත් ඊට පරිබාහිර වැඩ නොසොයන ලෙසත් ඔවුන් තමන්ට උපදෙස් දුන්නේයැයි සාක්‍ෂි දුන් ආගමන විගමන නිලධාරීහු කීහ.

    විකෘති වාර්තා කිරීම

    වැදගත් වන්නේ, මේ සිදුවීම් දාමය ගැන දුමින්ද සිල්වාගේ මාධ්‍ය මෙහෙයුම්කාරයන් කළ විකෘති වාර්තා කිරීමය. දුමින්ද සිල්වා වෙනුවෙන් ඔහුගේ නීතිඥයන් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු නඩුවේ තීන්දුවවත්, විනිසුරුවරුන්ගේ මතයවත් නොවේ. එහෙත් ඒවා එලෙස මවාපාන්නට කටයුතු කිරීමෙන්, මහජනතාව නොමග යැවීමට තැත්කරනවාට අමතරව, ගත යුතු තීරණය ගැන අධිකරණයට බලපෑම් එල්ල කිරීමක්ද සිදුවෙයි. හිරු නාලිකාව සිය ප‍්‍රවෘත්තිවලදී පෙන්වන්නේ, විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ යම් සිද්ධිමය කරුණු, ‘අධිකරණය ඉදිරියේ ඔප්පුවුණු’ ඒවා හැටියටය. ඒ තුළින් දැනදැනම ජනතාවගේ මෙන්ම විනිසුරුවරුන්ගේද මනස ව්‍යාකුල කිරීමට උත්සාහයක් ගැනේ.

    මාධ්‍යවේදීන්ට කප්පම්

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හෙළිදරව් කරගෙන ඇති තවත් සිත්ගන්නාසුලූ කරුණක් තිබේ. එනම්, මෙම අභියාචනයේදී පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන කිසිම කරුණක් මුද්‍රිත මාධ්‍යවල පළනොකිරීමට රහස් මෙහෙයුමක් ක‍්‍රියාත්මක වී ඇති බවට ලද තොරතුරුය. දුපතක් ගැන කියන ජාතිකවාදී සතිඅන්ත පුවත්පතක දේශපේ‍්‍රමය ඇඟ පුරා උලාගෙන වෛරී වාර්තාකරණයක යෙදෙන, මලක නමක් ඇති මාධ්‍යවේදියකු විසින් දුමින්ද සිල්වාගේ පාර්ශ්වයෙන් මුදල් ගෙන, විවිධ ජාතික පුවත්පත්වල මාධ්‍යවේදීන්ට රුපියල් ලක්‍ෂ එකහමාර බැගින් ඒ සඳහා කප්පම් ගෙවා ඇති බවයි.

    විත්තියේ නීතිඥවරුන් අධිකරණය ඉදිරියේ කියාපාන කරුණු අධිකරණය ඉදිරියේ ඔප්පුවූ කරුණු නොවේ. ඒවා ඔප්පුවූ කරුණු වන්නේ නම්, විනිසුරන් සිටිය යුතු නැත. අධිකරණ පද්ධතියක්ද අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ හිතු හිතූ බොරු කියන නීතිඥවරුන් පිරිසක් හා ඔවුන් කියන බොරු නිතර දෙවේලේ විසුරුවා හරින ටෙලිවිෂන් හෝ ගුවන්විදුලි නාලිකාත් පුවත්පතුත් පමණකි.

    ඉහත ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණ විභාගයේදී පැමිණිල්ල විසින් අවධාරණය කළ කාරණා කිහිපයකි. මේවා විත්තිකරුවන්ගේ පදයට නටන මාධ්‍යවලින් කියන්නේ නැත. එනිසා ජනතාව, අනෙක් පැත්ත නොදැන ඝාතකයන් පාතාලයන් ගැන අනුකම්පාවෙන් බලන තත්ත්වයක් ඇතිවිය හැකිය. එහෙත්, ඇත්ත ඊට වෙනස්ය.

    අරුන ජයවර්ධන

    උපුටාගැනීම ~~අනිද්දා~~
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මේ ආටිකල් එක පත්තරේ දැක්කා, සුපිරිම ලිපියක්. තැන්කු ෂෙයාර් කරාට.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නීතියේ ඇසින් කෙසේ වෙතත් මටනම් මු මිනිමරුවෙක් .එහෙම කියන්න හේතුව භාරතව මරාපි නිසා නම් නෙමේ මොකද භාරතත් සත්ගුණවත් උපාසකයෙක් නෙමේ උත කොළොන්නාවේ කසිප්පු කුඩු ජාවාරම් කාරයෙක් :cool:

    දුමින්ද නිමල් ලන්සා අර ඔක්කොම සාක්ෂි තියෙද්දිත් බදුරුදින්ගේ බලපෑමෙන් උසාවියෙන් නිදහස් කරපු හම්බය ඇතුළු මෙරටට කුඩු ගෙන බෙදාහරින හැම එකාම මිනීමරුවෝ .මුන්ට දුටුතැන වෙඩිතියන්න ඕන .එකෙන් තව දහස ගානක තරුණ ජිවිත බේරෙනවා :angry::angry:
     
    Last edited:

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මේ ආටිකල් එක පත්තරේ දැක්කා, සුපිරිම ලිපියක්. තැන්කු ෂෙයාර් කරාට.

    අපි එහෙම කිවුවට දුමින්දට පවු කියන වහල්ලු තවමත් ඉන්නවා බන් මේ එළකිරියේ
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    පැනයට පිලිතුරු දී පස් කමින්ග් අවුට් ක්‍රීඩාන්ගනයේ ජූස් එකක් ගැසීමට අවස්තාව ලබගන්න



    පස්ස පැත්තේ ගියත් ඇත්ත නොකියන හිරු ගේ මීලග දුමීව නිදහස් කරගැනීමේ නාටකය කුමක්ද?
     
    Last edited:
    • Like
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මේ ආටිකල් එක පත්තරේ දැක්කා, සුපිරිම ලිපියක්. තැන්කු ෂෙයාර් කරාට.
    You must spread some Reputation around before giving it to anton_malli again.



    මරුසිරා;23735325 said:
    නීතියේ ඇසින් කෙසේ වෙතත් මටනම් මු මිනිමරුවෙක් .එහෙම කියන්න හේතුව භාරතව මරාපි නිසා නම් නෙමේ මොකද භාරතත් සත්ගුණවත් උපාසකයෙක් නෙමේ උත කොළොන්නාවේ කසිප්පු කුඩු ජාවාරම් කාරයෙක් :cool:

    දුමින්ද නිමල් ලන්සා අර ඔක්කොම සාක්ෂි තියෙද්දිත් බදුරුදින්ගේ බලපෑමෙන් උසාවියෙන් නිදහස් කරපු හම්බය ඇතුළු මෙරටට කුඩු ගෙන බෙදාහරින හැම එකාම මිනීමරුවෝ .මුන්ට දුටුතැන වෙඩිතියන්න ඕන .එකෙන් තව දහස ගානක තරුණ ජිවිත බේරෙනවා :angry::angry:


    පැනයට පිලිතුරු දී පස් කමින්ග් අවුට් ක්‍රීඩාන්ගනයේ ජූස් එකක් ගැසීමට අවස්තාව ලබගන්න

    පස්ස පැත්තේ ගියත් ඇත්ත නොකියන හිරු ගේ මීලග දුමීව නිදහස් කරගැනීමේ නාටකය කුමක්ද?

    Article eka okkoma read kare naha but hodata liyana thiyenawa wage :yes: :)
    Unbiased opinion ekak neda :)
    Thank you for sharing :yes:





    REP 24 ++
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Unbiased :lol::lol::lol:

    Dumindayawa haduwe UNP eken, oka thama UNP ekata kaalayak salli wisikale madi nokiyanna. Passe unge raja fm, hiru, sun wage channel walata shot eka waduna nisa mr ge paththata panala ewa tika goda dagaththa.
    Kohomahari kamak naa kudu karayo tikata shot wenawa nam.

    Dumindayath Bharatha ekkama marunanam hodai.
    Dennama kudu karayo.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    tnaks for sharing bro..
    patta post1...
    dumiyath ewelama maruwa nam usawiyea nadu kaarayanta gewana padiyath ithurui..
     

    waligamaya

    Well-known member
  • මරුසිරා;23735325 said:
    නීතියේ ඇසින් කෙසේ වෙතත් මටනම් මු මිනිමරුවෙක් .එහෙම කියන්න හේතුව භාරතව මරාපි නිසා නම් නෙමේ මොකද භාරතත් සත්ගුණවත් උපාසකයෙක් නෙමේ උත කොළොන්නාවේ කසිප්පු කුඩු ජාවාරම් කාරයෙක් :cool:

    දුමින්ද නිමල් ලන්සා අර ඔක්කොම සාක්ෂි තියෙද්දිත් බදුරුදින්ගේ බලපෑමෙන් උසාවියෙන් නිදහස් කරපු හම්බය ඇතුළු මෙරටට කුඩු ගෙන බෙදාහරින හැම එකාම මිනීමරුවෝ .මුන්ට දුටුතැන වෙඩිතියන්න ඕන .එකෙන් තව දහස ගානක තරුණ ජිවිත බේරෙනවා :angry::angry:

    :yes::yes:

    Totally agree
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    මරුසිරා;23735325 said:
    නීතියේ ඇසින් කෙසේ වෙතත් මටනම් මු මිනිමරුවෙක් .එහෙම කියන්න හේතුව භාරතව මරාපි නිසා නම් නෙමේ මොකද භාරතත් සත්ගුණවත් උපාසකයෙක් නෙමේ උත කොළොන්නාවේ කසිප්පු කුඩු ජාවාරම් කාරයෙක් :cool:

    දුමින්ද නිමල් ලන්සා අර ඔක්කොම සාක්ෂි තියෙද්දිත් බදුරුදින්ගේ බලපෑමෙන් උසාවියෙන් නිදහස් කරපු හම්බය ඇතුළු මෙරටට කුඩු ගෙන බෙදාහරින හැම එකාම මිනීමරුවෝ .මුන්ට දුටුතැන වෙඩිතියන්න ඕන .එකෙන් තව දහස ගානක තරුණ ජිවිත බේරෙනවා :angry::angry:

    :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,674
    40,259
    113
    ඇස් දෙක අඳුරුයි නැති දා ලොක්කයියේ
    උනුහුම නැති දා රෑ සීතයි මගෙ අයියේ
    හීනෙන් ඇවිල්ලා යන්නකො සුදු අයියේ
    එලියට ගන්න මගෙ පණ දෙන්නම් අයියේ
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මරුසිරා;23735325 said:
    නීතියේ ඇසින් කෙසේ වෙතත් මටනම් මු මිනිමරුවෙක් .එහෙම කියන්න හේතුව භාරතව මරාපි නිසා නම් නෙමේ මොකද භාරතත් සත්ගුණවත් උපාසකයෙක් නෙමේ උත කොළොන්නාවේ කසිප්පු කුඩු ජාවාරම් කාරයෙක් :cool:

    දුමින්ද නිමල් ලන්සා අර ඔක්කොම සාක්ෂි තියෙද්දිත් බදුරුදින්ගේ බලපෑමෙන් උසාවියෙන් නිදහස් කරපු හම්බය ඇතුළු මෙරටට කුඩු ගෙන බෙදාහරින හැම එකාම මිනීමරුවෝ .මුන්ට දුටුතැන වෙඩිතියන්න ඕන .එකෙන් තව දහස ගානක තරුණ ජිවිත බේරෙනවා :angry::angry:

    :yes:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,329
    9,069
    113
    Around the world
    ඉදිරියේදී, සමාව දෙන ජනපති අපේක්ෂකයෙකුට හිරු එකෙන් හොද තල්ලුවක් දෙයි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,674
    40,259
    113
    මරුසිරා;23735325 said:
    නීතියේ ඇසින් කෙසේ වෙතත් මටනම් මු මිනිමරුවෙක් .එහෙම කියන්න හේතුව භාරතව මරාපි නිසා නම් නෙමේ මොකද භාරතත් සත්ගුණවත් උපාසකයෙක් නෙමේ උත කොළොන්නාවේ කසිප්පු කුඩු ජාවාරම් කාරයෙක් :cool:

    දුමින්ද නිමල් ලන්සා අර ඔක්කොම සාක්ෂි තියෙද්දිත් බදුරුදින්ගේ බලපෑමෙන් උසාවියෙන් නිදහස් කරපු හම්බය ඇතුළු මෙරටට කුඩු ගෙන බෙදාහරින හැම එකාම මිනීමරුවෝ .මුන්ට දුටුතැන වෙඩිතියන්න ඕන .එකෙන් තව දහස ගානක තරුණ ජිවිත බේරෙනවා :angry::angry:


    දුමින්ද මහත්තය තමයි ඉස්සර ආරක්ශක අමාත්‍යංශයෙ අධීක්ශක විදිහට වැඩ කරේ. ඒ තනතුරට පත් කරේ අපෙ ගෝටාබය මහත්තයා. නිකන් වැඩ බැරි සොක්කෙකුට ඒ වගේ තනතුරක් දෙන්නෙ නෑනේ. දුමින්ද මහත්තයා තමයි රටේ හිටපු උන්ගෙ කුඩු ජාවාරම් කාරයෝ, උන්ගෙ පාතාලේ මැරයෝ සේරම ටික අතුගාලා දාලා ගෝටාබය මහත්තයට කොළඹ හදලා ගන්න උදව් කරේ.

    අංගුලිමාලත් වැරදි කරා. පෙර පිනට බුදු හාමුදුරුවො හමුවෙලා හැදුනා. දුමින්දත් මහත්තයත් වැරදි කරන්න ඇති. ඒත් ගෝටාබය මහත්තයව හම්බ උනාට පස්සෙ දුමින්ද මහත්තයත් හැදුනා.

    උබලා මේ ඔප්පු කරන්නෙ මොකවත් නෙවේ, අර ප්‍රභාකරන් කාරයා කියපු දේවල් තමයි. මෝඩ සිංහළුන්ට ඕනම දෙයක් මතක තියෙන්නෙ සතියයි. දුමින්ද මහත්තයා ඒ දවස්වල රටට කරපු සේවය තොපිට මතක නෑ. පහාර තුප්පහි කුහක සිංහළු.
     
    • Like
    Reactions: waligamaya

    Similar threads