මෙම දූපත අයත් වන්නේ බ්රසීලයටයි.. බ්‍රසීලයේ සිට සැතැපුම් 25ක පමණ දුරින් ඈත සාගරයේ "Ilha da Queimada Grande" නම් මෙම භයානක දූපත පිහිටා තිබෙනවා.
මෙය මිනිස් වාසය සඳහා සුදුසු නොවෙන්නේ මෙම දූපත තමන්ගේ නිජ බිම කරගත් වෙනත් ජීවින් කාණ්ඩයක් සිටීම නිසායි..
"Ilha da Queimada Grande" දූපත නිජ බිම කරගෙන සිටින්නේ සර්පයන් ය. එම දූපතේ සෑම වර්ග අඩියක් පුරාවටම මාරාන්තික විෂකුරු සර්පයෙකු දැක ගැනීමට හැකියාවක් ඇති බව
එහි අධ්‍යයන චාරිකාවන් සඳහා ගිය සත්ත්ව විද්‍යාඥයින් පවසා තිබෙනවා.
මේ නිසාම බ්‍රසීල රජය විසින් මෙය මිනිසුන්ට තහනම් කලාපයක් කර ඇති බවත් එය තුළට ඇතුළ් වීම නීතියෙන් තහනම් කර ඇති බවත් සඳහන් වෙනවා...
දැනට සර්ප කුලයේ සිටින වඩාත් විසකුරුම සර්ප විශේෂයක් වන "golden lancehead" නම් මාරාන්තික විෂ සහිත පොළොං විශේෂයක් ද තමන්ගේ නිජ බිම විදියට ග්‍රැන්ඩේ දූපත පත් කරගෙන සිටින බවත් සඳහන් වෙනවා.
මෙම සර්පයන් දළ වශයෙන් 2000-4000 පමණ සිටින බව සඳහන්. මෙම සර්ප විශේෂයේ එක දෂ්ඨ කිරීමකින් ඔවුන්ගේ විෂ ශරීරගත වීමෙන් වැඩුණු මිනිසෙකු පැයකට අඩු කාලයක දී ජීවිතක්ෂයට පත් විය හැකි බවත් සඳහන්...
මෙම දූපතේ 1920 ට පෙර ජනාවාස තිබූ බව සඳහන් වුණත් සර්ප ගහනය වැඩි වීම නිසා මිනිස් ප්‍රජාව ඉවත් ව ගොස් අැති බව සඳහන්. එයට ආසන්න හේතුවක් වී තිබුනේ ග්‍රැන්ඩේ දූපතේ පිහිටා ඇති ප්‍රදීපාගාරයේ ආරක්ෂක නිලධාරීයා සහ ඔහුගේ පවුලේ සියලු දෙනා සර්ප ප්‍රහාරවලට ලක්ව මිය යාම සඳහන් කළ හැකි.. නමුත් දැන් බ්‍රසීල නාවික හමුදාව විසින් මෙම ප්‍රදීපාගාරය සහ අවට නිරතුරුව සෝදිසියට ලක් කරනවා. එයට හේතුව වන්නේ සංචාරයන් සඳහා ක්‍රියාදාමයන් තෝරා ගන්නා දෙස් විදෙස් සංචාරකයන් මෙම දූපතට හොරෙන් ඇතුළ් වී ජීවිතයට හානියක් කර ගනී යන සැකය යි...
මෙම දූපතේ සර්ප ගහනය වැඩි වීම, පිළිබඳ බොහෝ කතා පවතිනවා.. බොහෝ අය පවසන්නේ අතීතයේ සිටි මුහුදු කොල්ලකරුවන් විසින් තමන්ගේ වස්තුව සැඟවීමට
මෙම දූපත තෝරා ගත් බවත් එම වස්තුව ආරක්ෂා කිරීමට මෙලෙස ගැනත් දැමූ සර්පයන් වැඩි වුණු බවත්ය..
විද්‍යාඥයින් නම් පවසන්නේ මෙම පරිසරය සර්පයන්ට ඉතාමත් උචිත ලෙස නිර්මාණය වීමත්, මෙහි සිටින බොහෝ සර්පයන් මාරාන්තික විෂ සහිත වීමත් එම සර්පයන් ගොදුරු විලෝපිකයන්ගේ පැවැත්ම අඩු වීමට එම විෂ බලපාන නිසාත්, එම හේතු මුලික කරගෙන මෙම දූපත තුළ සර්ප ගහනය වැඩි වන්නට ඇති බවයි..
මෙම දූපත තුළ වෙනත් ජීවි කාණ්ඩයන් නැති තරම්ය.. මුල් කාල සීමාවේ පක්ෂි විශාල ලෙස සිටියත් සර්ප ගහනය වැඩි වීමත් සමඟ පක්ෂි ගහනය අඩුවී ඇති බව වාර්තා වෙනවා..
මෙම සර්පයන්ගේ ගොදුරු ලෙස දූපතට පිටතින් පැමිණෙන කුඩා සංචාරක පක්ෂින් හා වෙනත් කුඩා පක්ෂින් ගොදුරු වෙන බව සඳහන්..
බොහෝ කළු කඩ වෙළෙන්ඳන් හා ඔවුන්ගේ සහචරයන් විසින් මෙම දූපතට හොරෙන් ඇතුළ් වී සර්පයන්ගේ විෂ ලබා ගෙන ඒවා අධික මිල ගණන්වලට අලෙවි කරන බව ද සඳහන් වෙනවා..
මෙම සමහර විෂ ඖෂධ නිපද වීමටත් යොදා ගන්නා බව සඳහන්..
කොහොම වුණත් ඔබ "Ilha da Queimada Grande" දුපතට ඇතුළ් වෙනවා නම්, ඔබට ඔබේ ජීවිතේ වේදනකාරීම අත්දැකීමකට මුහුණ දෙන්නට වන බව නම් නිසැකයි.
බොහෝ සංචාරකයන් මෙම දූපතට යන බවට ඔට්ටු තබමින්, නීති කඩමින් දූපතට ගොස් මිය ගිය පුවත් ද බ්‍රසීලයෙන් වාර්තා වෙනවා..
- සංජය රණවක ගෙන් උපුටා ගන්නා ලදී -

+