කාරුණික ඉල්ලීමයි......කාටහරි පුලුවන්ද මේ සින්දුවට විචාරයක් ලියන්න.
කලින් ලියලා තිබුනා නම් ලින්කුව දාන්න පුලුවන්ද.
මේ නගරය අළුත් වෙලා
මේ නගරය අලුත් වෙලා
වැව් දිය රැළි ගිලන් වෙලා
අත් අල්ලන් ඔහේ ඇවිද ගිය
පටු මාවත් පුළුල් වෙලා
එදා අප දුටු පෙම්වතුන්
වෙලා අද හොඳ පිංවතුන්
අකුරු පොත් පත් පිරුනු අත් වල
එල්ලිලා අද පොඩි පුතුන්
පෙම් කරපු තැන් පුරුදු
වසා සුවිසල් මැදුරු
පෙම්වතුන් අද සිර වෙලා
අපි මචං පේජ් එකෙන් ඉස්සුවේ
කලින් දාලා තිවුනද දන්නේ නෑ මචං
උඹ ඇත්තටම ඕන වෙලා ඉල්ලපු එකක්ද කියලත් දන්නේ නෑ

මේ නගරය යන පද පේළි ඇසෙද්දී, දකිද්දී අපේ හිතට ආමන්ත්‍රණය කරන එක් හුරුපුරුදු ගීයකි. මර්වින් පෙරේරා ශූරීන් ගැයූ ප්‍රේමකීර්ති ද අල්විස් සොඳුරු නිර්මාණකරුවානන් විසින් පද බැඳි ඒ නිර්මාණය අසා නැත්තෙකු නොමැති තරම් යැයි කීම අතිශෝක්තියක් නොවේ.
එහෙත් අපි අද පවසන්නට යන්නේ ඒ ගීතය ගැන නොවේ. මීට වසර 2 කට පමණ පෙරාතුව අපි මචන් කණ්ඩායමක් ලෙස එකතු වීමට පෙර අපි මචන් අපේ මුල් ගමන් සගයා මාධව හේවාවසම් විසින් පද බැඳ සංගීතය එක් කල එක් ගීයක් විය. ප්‍රවීණ ගායන ශිල්පී ටී. එම් . ජයරත්නයන් විසින් යෞවනත්වයට ඔහුගේ නොමසුරු දායකත්වය ලබා දෙමින් ඊට හඬ පෞර්ශ්‍යය මුසු කරන ලදී.
" මේ නගරය අළුත් වෙලා"
යනුවෙන් ගැයුනු ඒ ගීතය ඇතැම් විට ඔබ අසා තිබෙන්නටත් පුළුවන. එදා අද ඔබ මා දුටු නගරයේ වෙනස් කම්, මැකී ගිය සුන්දරත්වය, ජීවන පෙරළියට සාපේක්ෂව ඔබ මා අත්විඳි වෙනස්කම්, මෙතෙක් නොළියවුනු මෙතෙක් නො ඇසූ ඔබ බලා සිටියත් ඔබට නොහැඟුනු ඒ කතාව පවසනු ඇත.
ප්‍රේමකීර්ති එදා දුටු මහනුවර රැඳි සුන්දරත්වය අද හාත්පස වෙනස් ය. ඔබ අප සමඟ නගරයේ සුන්දරත්වය මහළු වී ඇත. බැලූ බැල්මට අළුත් නගරයකි. එදා සිසිළ දුන් වැව් දිය රළ ගිළන්වී ඇතැයි හැඟෙයි. රූස්ස වන සේනාවන්ගෙන් සෙවන දුන් පටු මාවත් මායිම් බිඳ දමා පුළුල්ව ඇත. සුහුඹුල් තාරුණ්‍යයේ පෙම් රස විඳි තාරුණ්‍යය අද ඔවුනොවුන් දෑත් අල්ලා දළඳා වඳින්නට යයි. දෙදෙනා තුන හතර වී දරු පැටව් අත දරා නගරය දෙස බලන ඔවුන්ට එදා දෑත් පැටළුනු සොඳුරු තැනිතලා, හෙවන දුන් තුරු ලතා සොයා ගැනීමට නොහැක. ඔවුනොවුන්ගේ නම් කෙටූ පළු මාර ගස් කඳන් අද එතැනම ඉදිවී ඇති මහ මන්දිර වල ගෘහ භාණ්ඩයක් වන්නට ඇත. යොවුන් පෙම්වතුන් පෙම්වතියන් ඒ මන්දිර අතර ඇති එක් නිවාඩු නිකේතනයක පාළු අඳුරු කාමරයක අඳුරේ ආදරය සොයනවා විය හැක. මේ අද නගරයයි. ප්‍රේමකීර්ති ද අල්විස් ශූරීන් නොදුටු අප දකින නගරයයි. ඔබේ මගේ හෙට උපදින දරු පරම්පරාව මීටත් අළුත් නගරයක මහා වෙනස්කම් දකිනවා නො අනුමානය.
අපි Machan අපේ හඬ මුසුවෙන් මේ ගීතය ඔබේ හදවත් ආමන්ත්‍රණය කලා නම් එය අප ලැබූ ජයග්‍රහණයයි. අප හඹා යන ඉලක්කයයි.
අපි Machan
මේ ටී එම් ගැයූ ගීතය
ආර දෙකකින් ගැයුණාට රස විඳින්න පුළුවන් ගීත දෙකක්






