අඩ අඩ ඇයි උබර් දුවන්නේ එහෙනම්
අයින් කරන් වෙන කම්පැනි එකකට දාන්න තිබ්බනේ
ලීස් එක ගෙවා ගන්න අඩ අඩ හරි දුවනවා කියන්නේ ලාබයක් ලැබෙනවා කියන එකනේ
ලාබයක් නැත්නම් ලිස් ගෙවන්න බැනේ
තව කන්න බොන්න තෙල් අනම් මනම් වලටත් සල්ලි යනවනේ
ඒවටත් ගිහින් ලිස් එකත් ගෙවන්න පුළුවන් නම් මොකක්ද ඔකේ පාඩුව
අපේ අයියල වසයි පාඩු පිට දුවන්න
මම දන්නා එකෙන් ඉන්නවා වාහනේ රෙන්ට් එකට අරගෙන තෙල් ගහගෙන දුවන එකෙක් උබර් ෆුල් ටයිම්
මම දිව්වේ මාස 3යි බන්. . මෙලෝ රහක් නැති වැඩක්. . මම උබටයි සරා හරි සයො ටයි කලින් ඕකට උත්තරේ දුන්න දිග කමෙන්ට් එකකින් ඒක හොයාගන්න බෑ. .
සරලව මෙහෙම කියන්නම්. .
කිලෝමීටරයට 35යි. .
ඒකෙන් 25% අඩුවුනාම 26.25. .
ට්‍රැෆික් එක්ක වැගන් ආර් එකක් සාමන්ය ලීටරේට කිලෝමීටර් 15යි. . 92න් ගැහුවත් කිලෝමීටරේකට 10.33 එතකොට කිලෝමීටරේකට 15.92
හයර් එකක් ගන්න යන දුරයි, හයර් ඉවරකරලා එන්න යන දුරයි, රයිඩර් ලොකේශන් දාල වැඩිපුර යන දුරයිත් ඕතනින් අඩුවෙන්න ඕනා. .
එතකොට කිලෝමීටරයකට 15ක් වගේ වෙන්නේ. .
ඒකෙනුත් ඉන්ශුවරන්ස් එකට අයින් කරන්න ඕනා. . වැගන් ආර් එකක හයරින් ශ්‍රී ලංකා එකේ දාන්න ලක්ශයක් යනවා. . 8333 මාසෙකට අයින් කරන්න ඕනා. .
කිලෝමීටරේට 15 ගානේ දවසට කිලෝමීටර් 150ක් දිව්වොත් දවසට 2250යි. .
මාසෙට දවස් 25ක් දිව්වොත් මාසෙට ලාබේ 56250යි. .
එතකොට 56250ක් හොයන්න වාහනේ මාසෙට කිලෝමීටර් 3750ක් දුවන්න ඕනා. . සර්විස් වලටයි වාහනේ ටයර් සහ අනෙකුත් ගෙවීම් වලට වාහනේ වටිනාකම අඩුවීමට? ඒකෙන් ඉන්ශුවරන්ස් වලට 8333 අඩුවුනාම?
අනික දවසට කිලෝමීටර් 150ක් දුවන්න කොච්චර කාලයක් පාරේ ඉන්න ඕනද?
අන්තිමට ඩ්‍රයිවර්ගේ පඩිය විතරයි ඉතුරු වෙන්නේ. . ඩ්‍රයිවර් කෙනෙක් දාලා කලොත් ඒකත් නෑ. .

