Health Mlafia සෞඛ්‍ය මාෆියාව

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,096
    25,196
    113
    අත්‍යාවශ්‍ය ඖෂධ ශ්‍රී ලංකාවෙන් ඉවත් කර ගනී.. ප‍්‍රමිතියක් නැති පර්යේෂණ මට්ටමේ බාල බෙහෙත්වලින් ලංකාව පිරේ.. ජන ජීවිතය මාරක අනතුරේ..


    ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනවා තිබෙන මිල කප්පාදු කිරීම් නිසා අත්‍යාවශ්‍ය ඖෂධ බොහෝමයක් ශ්‍රී ලංකාවෙන් ඉවත් කරගැනීමට නියමිත බව වාර්තාවේ. දැනටමත් එවැනි ඖෂධ වර්ග කිහිපයක්ම දිවයිනෙන් ඉවත් කරගෙන තිබෙන බවත් දැනගන්නට ලැබේ.

    අත්විය හැකි අනිසි ප්‍රතිඵලයන්ට බියෙන් මහා පරිමාන ඖෂධ නිශ්පාදන සමාගම් මාධ්‍ය හා අදහස් දැක්වීමට මහත් භීතියක් දක්වයි. ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ වන විට ඇතිව තිබෙන සංවාදය වන්නේ උද්ගතව තිබෙන තත්ත්වය යටතේ තත්ත්වයෙන් පහළ මට්ටමකින් යුතු සහ පරීක්ෂණයට ලක් නොකළ ඖෂධ වර්ග ශ්‍රී ලංකා වෙළදපලට පැමිණීමේ අවදානමක් පවතින බවයි. එවැනි ඖෂධ භාවිතයෙන් රෝගාබාධ පමණක් නොව මරණ සංඛ්‍යාව ද ඉහළ යෑමට තිබෙන බරපතල වාතාවරණයයි.



    “පසුගිය වසරේදීම ඇතැම් නිෂ්පාදනයන් ඉවත් කර ගැනුනා. තවත් ඒවා පවතින්නේ ඉවත් කර ගැනෙනු ඇති තත්ත්වයක. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීමට සහ ගෝලීය වශයෙන් නිශ්පාදන පිරිවැය ඉහළ ගොස් තිබීමට ගැලපෙන ලෙස ඖෂධ මිල තීරණය කිරීමට යාන්ත්‍රණයක් නොමැති වීමයි මෙම තත්ත්වයට ප්‍රධානම හේතුවයි” යැයි එක්තරා ආරංචි මාර්ගයක් වැඩිදුරටත් කියා සිටියේය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ හිතුමතයට මිල තීන්දු කිරීම් අනුව කටයුතු කිරීමට විදේශයන්හි සිට ක්‍රියාත්මක වන මහා පරිමාන ඖෂධ නිශ්පාදන සමාගම්වලට හැකියාවක් නොමැති බවය.

    ශ්‍රී ලංකාවෙන් ඉවත් කරගැනීමේ අවදානමේ තිබෙන ඖෂධ
    ■ අලිමිටා මිලි ග්‍රෑම් 100 සහ 500 එන්නත් – ඊලයි ලිලි (ප්‍රංශ) – පෙනහලු පිළිකා ප්‍රතිකාර සදහා භාවිතා කෙරෙන ඖෂධයක්

    ■ වොල්ටේ‍රන් එස්ආර් මි.ග්‍රෑ100 – නෝවැරිටිස් (ස්විට්සර්ලන්තය) – ප්‍රදාහයන් පාලනය කිරීම සදහා භාවිතා කෙරෙන ඖෂධයක්

    ■ ජනුවියා මි.ග්‍රෑ100 – එම්එස්ඩී (ඉතාලිය) – දියවැඩියාව පාලනය කිරීම සදහා භාවිතා කෙරෙන ඖෂධයක්
    ■ රොසෙපින් මි.ග්‍රෑ1 එන්නත් – රෝෂේ (ස්විට්සර්ලන්තය) – මෙනින්ජයිටිස් පාලනය කිරීම සදහා භාවිතා කෙරෙන ප්‍රතිජීවක ඖෂධයක්



    ■ හරබෙසෙර් මි.ග්‍රෑ30, 60, සහ 90. – ටනාබෙල් (ජපානය) – හෘද රෝග සදහා භාවිතා කෙරෙන ඖෂධයක්
    ■ දියවැඩියාව පාලනය කිරීම සදහා අත්‍යාවශ්‍යම හෝමෝනයක් වන ඉන්සියුලින් අනුසාරයෙන් නිපදවා තිබෙන ඖෂධ වර්ග කිහිපයක්ම නුදුරේදීම මෙරටින් ඉවත් කර ගැනෙනු ඇති බවද දැනගනත හැකිවිය

    ■ මහා පරිමාන ඖෂධ නිශ්පාදන සමාගම් මෙරට වෙළදපලින් ඔවුන්ගේ නිශ්පාදන ඉවත් කරගෙන නැතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය විශ්වාසයෙන් යුතුව කියා සිටිය ද, පසුගිය වසරේ දී පහත සදහන් ඖෂධ වර්ග මෙරටින් ඉවත් කරගෙන තිබේ.
    ■ ටෙනොර්මින් මි.ග්‍රෑ 25, 50, සහ 100, පෙති – ඇස්ට්‍රා සෙනේකා (ස්විට්සර්ලන්තය)
    ■ කොසාර් මි.ග්‍රෑ 50 පෙති – මර්ක් ෂාර්ප් සහ ඩෝම් (එක්සත් රාජධානිය)
    ■ හයිසාර් පෙති – (ඉහත සදහන් කළ සමාගමේ නිශ්පාදනයකි)
    ■ ෆොසාමැක්ස් මි.ග්‍රෑ 70 පෙති – (ඉහත සදහන් කළ සමාගමේ නිශ්පාදනයකි)
    ■ බෙන්සොයිට් මි.ග්‍රෑ250 පෙති සහ කුඩු – සැන්ඩොස් (බංගලාදේශය)

    ටෙනොර්මින් හෘද රෝග ප්‍රතිකාර සදහා යොදා ගැනෙන ඖෂධයක් වන අතර, කොසාර් සහ හයිසාර් ආතතිය පාලනය කිරීම සදහා භාවිතා කෙරෙන ඖෂධ වර්ගයන්ය. බෙන්සොයිට් පෙති සහ කුඩු දෙවර්ගයම ප්‍රතිජීවකයන්ය.

    ස්නායු රෝග, දියවැඩියා ප්‍රතිකාර සදහා භාවිතා කෙරෙන ඖෂධ සහ අන්තශ්ශෛකික ප්‍රතිජීවක ඇතුලු පිළිකා මර්දන ඖෂධ වර්ග 10ක මිල කප්පාදු කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පියවර ගත්තේය. 2016 ඔක්තෝබර් මාසයේ දී ඖෂධ වර්ග 48ක මිල සංශෝධනය කෙරිණ.

    දියවැඩියාව, හෘද රෝග, අධි රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් මට්ටම, ඇදුම, උදරාබාධ, හෝමෝනමය ආබාධ සහ සාමාන්‍ය මානසික ව්‍යාකූලතා සදහා ප්‍රතිකාර ලෙස යොදා ගැනෙන ඖෂධ ඒ අතර විය.

    මිල සංශෝධනය සිදුවූයේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය හදුන්වාදෙන ලද උපරිම සිල්ලර මිල නියාමනය කිරීමේ මිල සූත්‍රයක් යටතේය. නමුත් එම මිල සූත්‍රය සකස් කර තිබෙන්නේ කෙසේදැයි යන්න කිසිවෙකුත් නොදන්නා බව බොහෝ දෙනාගේ අදහස වන අතර, විවිධ අවස්ථාවල දී විවිධ මිල සූත්‍රයන් භාවිතා කර තිබෙන බවටද මතයක් පවතී.

    නම සදහන් නොකිරීමේ පොරොන්දුව මත අදහස් දැක්වූ වෛද්‍යවරු කිහිපදෙනෙක්ම කියා සිටියේ මෙම ඖෂධ ඉවත් කරගැනුනහොත් රටේ ජනතාව අනතුරේ වැටෙනු ඇති බවයි. ඖෂධ නිශ්පාදන සමාගම්වලට ජනතාව සූරා කෑමට ඉඩ නොතබා, ඖෂධවල මිල තීරණය කිරීමට නියමාකාර මිල සූත්‍රයක් පැවැතිය යුතු බව අවධාරණය කළ ඔවුහු, ගුණාත්මක තත්ත්වයෙන් උසස් ඖෂධ ලබාගැනීමට ශ්‍රී ලංකා පුරවැසියන්ට අයිතියක් තිබෙන බවද කියා සිටියහ.



    රෝගීන් බොහෝමයක් සාමාන්‍ය තත්ත්වයේ ඖෂධ වර්ගවලට යහපත් ප්‍රතිචාර නොදැක්වූවද, නියම තත්ත්වයෙන් යුතුව නිශ්පාදනය කරන ලද ඖෂධ වර්ගය ලබාදුන් වහාම මරණයේ දොරකඩින් නැවත ජීවිතයට පැමිණි අවස්ථා එමට තිබෙන බවද ඔවුහු පෙන්වා දුන්හ.

    ඇත්තය. මෙය අසන නිලධාරීහු මහා පරිමාන ඖෂධ නිශ්පාදන සමාගම්වලින් වෛද්‍යවරුන්ගේ සාක්කු තරවන නිසා මෙවැනි ප්‍රකාශයන් කරන බව කියනු ඇත. නමුත් එය සත්‍යයම නොවේ.

    “එහෙම කරන සමහර අය ඇති. නමුත් අපි බහුතරයක් රෝගීන්ගේ සුබසාධනය ඉතාම ඉහළින් සළකනවා.” යයි නම සඳහන් කිරීමට අකමැති අයෙක් පැවසුවේය.

    අවශ්‍ය වන්නේ ඖෂධ වර්ග පරීක්ෂා කිරීම සදහා හැකියාව හොඳ මට්ටමේ රසායනාගාර ඇති කිරීමෙන් රටට නිසි ඖෂධ ලබාගැනීම මිස ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යංශය වර්තමානයේ සිදුකරමින් සිටින ආකාරයට ඖෂධ වර්ගවල මිල කපා හැරියේයැයි නැවත නැවතත් ප්‍රචාරය කිරීම නොවන බව ඇතැම්හු පවසති. මිල කප්පාදු කිරීමක් සිදුව ඇතත්, එය රෝගියා වෙත කෙසේ බලපාන්නේදැයි කිසිවෙකුටත් දැනුමත් නොමැති බව ඔවුහු පෙන්වා දෙති.

    තමන්ට ලබාදෙන ඖෂධ ක්‍රියාත්මක වන්නේ දැයි හෝ නොවන්නේදැයි යන්න රෝගීන් නොදන්නා බව කියා සිටි තවත් වෛද්‍යවරු පිරිසක් වැඩිදුරටත් සදහන් කළේ මිල අඩුකර ඇති බවට කුමන ප්‍රචාරයන් සිදු කෙරුනද, ප්‍රතිකාර ලබාදීමේ ක්‍රියාවලියේ දී හිටිහැටියේම තමන් ලබාගන්නා ඖෂධ වර්ගය වෙනස් කිරීමට රෝගියාට සිදුවන බවය. එවැනි අවස්ථාවලදී රෝගියාට අත්වන්නේ කුමන ප්‍රතිලාභයක් ද? ඔවුහු විමසූහ.

    ඇතැම් ඖෂධ වර්ග ලබාගැනීමේ දී පෙර භාවිතා කරමින් සිටි ඖෂධ වර්ගයට වඩා සුවයක් ලැබුණු බව සනාථ කළ රෝගීන් කිහිපදෙනක් ද වූහ.

    ඩොලරයේ ඉහළ යාම, උසස් තත්ත්වයේ ඖෂධ වර්ග බොහෝමයක් ශ්‍රී ලංකාවෙන් ඉවත්ව යාමට මං පාදන්නක් වනු ඇති බවට අනතුරු අගවන ඖෂධ නිශ්පාදන ක්ෂේත්‍රය දිගු කාලීන අභියෝගයන්ට මුහුණ දෙන්නට සිදුවනු ඇති බවත්, කෙටි කාලීනව ගතහොත් හදිසි ඖෂධ හිගයන් ඇතිවනු ඇති බවත්, පෙන්වා දේ. එම අවස්ථා මගහරවා ගැනීමට නම් විදෙස් ඖෂධ නිශ්පාදන සමාගම්වල නියෝජිත දේශීය සමාගම්වලට එම සමාගම් හා වැඩිදුර සාකච්ඡාවල නිරතවීමට සිදුවනු ඇත. රුපියලේ වටිනාකම දිගින් දිගටම පහත යමින් තිබෙන අවස්ථාවක එය අභියෝගයකි.

    “කුඩා වෙළදපලක් තිබෙන රටක, මිල පිළිබඳ නිශ්චිත අගයක් නොපවතින වාතාවරණයක, අනයනකරුවන් හැටියට අපට සිදුවන්නේ මහා පරිමාන සමාගම් හා නිතර සාකච්ඡා කරන්නටයි. නමුත් එය ටිකෙන් ටික දුෂ්කර වෙමින් පවතිනවා. මිල පාලනයේ සහ තත්ත්වයෙන් උසස් ඖෂධ වර්ග ගෙන ඒම අතර පැහැදිලි සමතුලිතතාවයක් පැවතිය යුතුමයි.” යයි ඖෂධ ක්ෂේත්‍රයේ ඇති තතු දන්නා තවත් අයෙක් පැවසීය.

    “ඔව්. මිල වැදගත්”

    “නමුත් මිල වැඩි සියලුම ඖෂධ තත්ත්වයෙන් පහළ බව සිතීම අප කිසිසේත්ම නොකළ යුතු දෙයක්. මේ නිසාම ඖෂධයක තත්ත්වය කියන දෙය අන්තිමට නොසළකා හැරෙන තත්ත්වයකටම යන්න පුලුවන්”

    “අද බොහෝමයක් නිශ්පාදනවලට ව්‍යාජ ලිපි ලේඛණ සකස් කරගන්නට පුලුවන්කම තිබෙන නිසා, තත්ත්ව පරීක්ෂාව මනාව සිදුවිය යුතුමයි. එය අදාළ සමාගම ලබාදෙන ඖෂධ සාම්පලය පරීක්ෂා කිරීමට පමණක් කිසිසේත්ම සීමා නොවිය යුතුයි. මොකද සාම්පල පරීක්ෂාව සදහා ඔවුන් ලබාදෙන්නේ හොදම සාම්පල නිසා. ඒ නිසා අහඹු ලෙස තෝරා ගන්නා සාම්පලයන්ද පරීක්ෂා කළ යුතුයි”

    “ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමග අපි පැවැත්වූ සාකච්ඡා මේ තිබෙන යථාර්ථය දෙස බැලීමේ දී දැන් එතැනින් ඔබ්බට යා යුතුව තිබෙනවා. අනෙක ඇයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඖෂධයක් ලියාපදිංචි කිරීම සදහා වන ගාස්තුව ඩොලර්වලින් අය කරන්නේ ? එහෙම නම් ඒ ඖෂධයේ මිලත් තිබෙන්නේ ඕනේ ඩොලර්වලින්මයි” තවත් අයෙක් පැවසුවේ ය.

    මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය සම්බන්ධ කරගැනීමට ගත් උත්සාහයන් කිසිවක් සාර්ථක වූයේ නැත.

    – lankadeepa
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මට යාලුවෙක් කිව්වා
    උන් බෙහෙතක් ‍රටින් ගෙන්නනවා කියලා
    ඒකට උන්ට වියදම විතරක් 8000ක් යනවලු
    රජයෙන් ඒකම ඉන්දියාවෙන් ගෙනල්ලා 800ට දෙනවලු
    අරුන්ට 8000ට වත් අරක විකුණන්න දෙන්නෙත් නෑලු ඒක 800ට දෙන්න කියනවලු
    ඕවා ගොඩක් වෙලාවට ඉන්දියාවේ ටෙස්ට් කරලා වත් නැතුව ඇතිලු
    දැන් ඒ නිසා උන් ඒ බෙහෙත ගෙන්වන්නේ නෑලු
    මම ලගදි දැක්කා ගොසිප් සයිට් එකක ගොඩක් බෙහෙත්
    ප්‍රඩක්ට් හදන කොම්පැණි ලංකාව එක්ක ගණුදෙනු නතර කරන සීන් එකක්
     
    • Like
    Reactions: 047

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    Oka Mafia ekak thamai. Habai oya kiyawana Rajithayath okema hawulkarayek. Rajitha kiyana gon haraka nisa danatamath loku company (quality drugs) lankawen giya. E company walata Lankawa nathi una kiyala danennewath na.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    මට යාලුවෙක් කිව්වා
    උන් බෙහෙතක් ‍රටින් ගෙන්නනවා කියලා
    ඒකට උන්ට වියදම විතරක් 8000ක් යනවලු
    රජයෙන් ඒකම ඉන්දියාවෙන් ගෙනල්ලා 800ට දෙනවලු
    අරුන්ට 8000ට වත් අරක විකුණන්න දෙන්නෙත් නෑලු ඒක 800ට දෙන්න කියනවලු
    ඕවා ගොඩක් වෙලාවට ඉන්දියාවේ ටෙස්ට් කරලා වත් නැතුව ඇතිලු
    දැන් ඒ නිසා උන් ඒ බෙහෙත ගෙන්වන්නේ නෑලු
    මම ලගදි දැක්කා ගොසිප් සයිට් එකක ගොඩක් බෙහෙත්
    ප්‍රඩක්ට් හදන කොම්පැණි ලංකාව එක්ක ගණුදෙනු නතර කරන සීන් එකක්


    Aththa. Multinational company unge European Labs wala hadana beheth dan meheta ewanne na. Un karanne Unge India wala thiyena Labs walin thamai ewanne. Mokada unta oya kiyana ganan walata denna bari nisa. Indian Lab wala ewage quality eka ithin kohomada danne na. Lankawe Quality test karanna kisima lab ekak na. Ona kunu godak meheta genna puluwan sample test eka pass nam.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේ ගැන මීට කලින් කිරියේ වෙන​කෙනෙකුත් කතා කරලා තියනව මම දැක්කා.

    චැනලින් සෙන්ටර්වලින් උබලා බෙහෙත් අරන් තියනවද​? පොඩි උණක් හැදිලා බෙහෙත් ගන්න ගියත් පෙති 10කට වැඩිය දෙනවා. තව ෆාමසියෙන් ගන්නත් මොකක් හරි ලියලා දෙනවා. ඒත් ඒ ලෙඩේටම හන්දියේ ඉන්න ඩොකාගෙන් බෙහෙත් ගත්තොත් එයා දෙන්නේ පෙති 4ක් වගේ පොඩි ගානක්. මෙතනත් මොකක් හරි අවුලක් තියනවා මචන්. චැනලින් සෙන්ටර්වල දොස්තරලා පෙති ජාති ගොඩක් දෙන්නෙ ඇයි? අනිත් දේ තමයි ඒ තැන්වලින් පොඩි උණකටත් amoxicillin 500mg කරල දෙනවා. ෆාමසියේ වැඩ කරන අය කියනවා මේක පොඩි පොඩි ලෙඩවල්වලට බොන්න එපා කියලා. අනිත් දේ තමයි මේ කරල​ පොඩි උන්ටත් දෙනවලු. මේවගේ තව බෙහෙත් ජාති ගොදක් ගැන මත ෆාමසියක වැඩ කරන කෙනෙක් කිව්ව බන්.:(


    මේවා ගැනත් හොයන්න ඕනි බන්

    මමනම් ඔවා දැනගෙන ගොඩක් කල්.ඔව අද ඊයේ පටන් ගත්ත සීන් නෙමේ ..මමනම් පෙනඩොල් පෙත්තක්වත් ගත්ත කාලයක් මතක නෑ . ඔපෙරෙෂන් එකක් කොරන්න විතරමයි බටහිර ඩොකෙක් ලගට යන්නේ.එහෙම යන්නෙත් රජය විසින් අපිට යන්න සිද්ද කරලා තියන නිසයි.ආයුර්වේදයේත් ශල්ය ශාෂ්ත්‍රයක් තියනවා.ඒවා ක්‍රියත්මක කරන්න තහනම් වෙද්දුන්ට..:yes::yes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඉන්දියාවේ අමුතු දොස්තරලා:shocked:

    36289911_886627964854119_1155584732222717952_n.jpg



    මා කලක් ඉන්දියාවේ ගත කරන සමයක සුලු රෝගී තත්වයක් හේතුවෙන් ප්රාන්ත රෝහලකට ඇතුල් උනෙමි.හෙදියක් හෝ රෝගියෙක් සොයා ගැනීමට ඉතා අපහසු වූ අතර අoගසම්පූර්ණ විශාල ගොඩනෑගිල්ල පාලුවට ගොස් තිබුණි. කෙලවර කුඩා බන්කුවක පත්තරයක් කියවමින් සාමාන්ය සෙරෙප්පු හැදි පුද්ගලෙයෙකු දුටු මා "දොස්තර කොහිදෑයි” ඇසුවෙමි. "මම තමයි දොස්තර "ඔහු පිලිතුරු දුණි.මා මවිතයට පත් වූයේ ලන්කාවේ දොස්තරලාත් සමග සන්සන්දනය කිරිම මගිනි . ඊලගට මා මෙහි රොගීන් නැත්තේ ඈයිදෑයි කියා ඇසුවෙමි .
    "ඈයි? ලෙඩවෙන්නද ආස ? " එම්.බි.බි.එස් උපාදියක් හිමි දොස්තරගේ පිලිතුර එය විය. ලොව 2වන වැඩිම ජනගහනයක් හිමි රටේදී විදි මේ සිදුවීම මට කිසිදා අමතක නොවේ. ඇත්ත වශයෙන්ම යම් වෙදකමක් සත්යයක්නම් රෝහල් හිස්වී යායුතු බව මට පසක් වුනේ එවිටය.
    ඉන්දියාවේ රොගින් ගනන ඉහල මට්ටමක තිබුනද ප්රතිශතයක් ලෙස එය ඉතා ඉහල මට්ටමකින් නොමෑතිවී තිබිය යුතුය . වසන්ගත තත්වවලදී රෝහල් පිරේ..එය සාමාන්ය තත්වයකි. මත්පෑන් බොන්නන් කොහොමත් කොයිරටෙත් ලෙඩ්ඩුය.
    මෙරට දොස්තරවරු යනු කවුරුන්දෑයි මට ඉගෑන්නුවේ එම සෙරෙප්පු හැදි පත්තරයක් කියවමින් සිටි දොස්තරය .

    ලන්කාවේ දොස්තරලා ව්යාපාරිකයින්ය . බිස්නස් යනු බිස්නස් ය . රොගින් නොමෑති වුනොත් බිස්නස් කර හමාරය.ඒ නිසා ලෙඩ්ඩු සම්පූර්ණයෙන් සනීප නොවි සිටිය යුතුය .නැතිනම් වෙනත් අතුරු ආබාද සෑදෙන ආකාරයේ බෙහෙත් දී සනීප කලයුතුය . ඖෂධ විකුනාගෑනීම සදහා දොස්තරවරු තම ගරුත්වය පාවාදී ඇත . මා දිනක් ලන්කාවේ ඩිස්පෙන්සරියකට ගියේ බඩේ අමාරුවකටය .එහිදි පෙති කරල් හත් අට වර්ගයක්ම ලබා දුණි. මිලද ඉතා සැරය .මාගේ නෑදෑ අයකුවන දොස්තරවරයෙකුගෙන් මේ දුන් බේත් ගැන ඇසීමෙන් ඔහු පැවසුවේ ඔය ලෙඩේට ඔතරම් බෙහෙත් ගොඩක් අනවශ්ය බවය . ඔතනින් පෙති කරල් 2 වර්ගයක් පමණක් රෝගය සනීප වීමට ප්රමානවත් බව ඔහුගේ නිර්දේශයයි . මේ එක් සරල උදාහරණයක් පමණි.
    රජයේ රෝහලකට ගියොත් රෝගීන්ට කුණු බෑනුම්ය. එම දොස්තරගේම පෞද්ගලික චෑනල් එකකට රින්ගුවොත් අපට සලකන්නේ කිරිකෑටියෙකුට මෙනි.

    ඖෂධ සමාගම් සහ විස ආහාර විකුණන බහුජාතික සමාගම් සහ වෙනත් මත්දව්ය සමාගම් අතර යටින් ඩීල් තිබෙනවා විය යුතුය . ඔවුන්ට දුප්පත් රටක දේශපාලකයින් අල්ල ගෑනීම එතරම් ගේමක් නොවේ.. මෙය ලෝක මට්ටමින් ක්රියාත්මක වන මාෆියාවකි. මෙරට රජයේ දුර්වලකමද මීට එක් හේතුවකි

    රට්ටු විසින් නිර්මාණය කර දුන් ගෞරවයට මුවා වී මෙරට දොස්තරවරුන් කරන මේ ජාවාරමට තිත නොතැබුවොත් රටේ ජනතාවගේ ජීවිත අනතුරේය...

    අද බටහිර ඩොකෙක් වීමද ෆාමසියක් කිරිමද සසර පලදෙන මහා පාපකර්මයකට හේතු වී ඇත ..:yes:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,096
    25,196
    113
    සෞඛ්‍ය ඇමති ගේ මාධ්‍ය ලේකම් ගේ ළමා ස්ත්‍රී දූෂණ අපයෝජනය

    නුවර පදිංචි කරුවකු වන මාධ්‍ය ලේකම් විසින් ඔහුගේ රියදුරුගේ 14 හැවිරිදි දියණිය ටව්න්හෝල් සුවසිරිපාය නිළ කාමරය තුල 2018 ඔක්තෝබර් මසක දිනකදී අපයෝජනය කර ඇත.එය දැන් සීල් තබා ඇත.

    කිසිම ජඩ මාධ්‍යක මේවා පල නොවන්නේ ඇයි ?

    විස්තර පසුව....

    Raper's Name: Nipun Ekanayake

    https://m.facebook.com/nipun.ekanayake.7/albums/10152051065384247/?ref=content_filter

    A announser of Sirasa Gammedda
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,096
    25,196
    113
    KDU Medical Faculty සුදු අලියා -1
    කරාපිටිය වෛද්‍යපීඨයට අනුබද්ධව වෙද සිසුන් පුහුණු කිරීම ආරම්භකල අතර මේ සඳහා Army,Navy,Airforce සිසුන් අනුයුක්ත කල අතර, බොහෝ දෙනා corrupted රාජ්ය නිලදාරීන් ගේ , ඇමති පවුල් වල හෝ ඉහල සම්භන්දතා ඇති අයගෙන් තෝරා ගැනුණි.ධනවත් ලාංකික ද්වී පුරවැසියන් හා විදේශීය සිසුන් ද අයත් විය. ඔවුන් සියල්ල ඉහල ධනවත් රාජ්‍ය නිළදාරීන්ගේ ළමුන් ආවරණය පිණිස බඳවාගත්තවුන් වේ ... ( සියළු සමාජ ස්තර නියෝජනය වන බව පෙන්වීමට ) .

    මෙහි මූලික අරමුණ ලෙස millitary අංශ වල රෝහල් ජාලයක් පටන් ගෙන රටේ එවක පාලකයන්ගේ ඒකාධිපති නැඹුරුව ට සුදුසු millitary work force බිහිකරගැනීමයි.
    සාමාන්‍ය වෙද සිසුන් හා මිශ්‍රව ඉගේනීම් කටයුතු පවත්වා ගෙන ගියද , ඉතා දුර්වල මට්ටමක සිටි සිසුන් නිබඳවම කරාපිටිය ආචාර්ය වරුන්ගේ නිග්‍රහයට ලක් විය. ඉතා පහළ IQ මට්ටමෙන් පැමිණි සිසුන් ට වෛද්‍ය ශාස්ත්‍රය තබා , ලංකාවේ පහළ මට්ටමේ කාර්මික පාඨමාලාවකට වත් සුදුසු මට්ටමක නොවූ බව පැහැදිලි වූ බැවින් සියළුම විභාග,ප්‍රායෝගික පරීක්ෂණ අසමත් වී ජංජාලයකට මැදි වී සිටි වෙලාවේ...... ඉහල බලවතෙකුගේ උදව්වේන් රත්මලානේ Medical Faculty ස්තාපනය වුණි.
     
    Last edited:

    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    සෞඛ්‍ය ඇමති ගේ මාධ්‍ය ලේකම් ගේ ළමා ස්ත්‍රී දූෂණ අපයෝජනය

    නුවර පදිංචි කරුවකු වන මාධ්‍ය ලේකම් විසින් ඔහුගේ රියදුරුගේ 14 හැවිරිදි දියණිය ටව්න්හෝල් සුවසිරිපාය නිළ කාමරය තුල 2018 ඔක්තෝබර් මසක දිනකදී අපයෝජනය කර ඇත.එය දැන් සීල් තබා ඇත.

    කිසිම ජඩ මාධ්‍යක මේවා පල නොවන්නේ ඇයි ?

    විස්තර පසුව....

    Raper's Name: Nipun Ekanayake

    https://m.facebook.com/nipun.ekanayake.7/albums/10152051065384247/?ref=content_filter

    A announser of Sirasa Gammedda


    any proof..?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,096
    25,196
    113
    සෞඛ්‍යයේ 'කඩා පනින හමුදාව' ඇමැති චමල් අහෝසි කරයි

    අජිත් අලහකෝන්

    වසර ගණනාවක් තිස්සේ සෞඛ්ය අමාත්යාංශය මගින් ක්රියාත්මක කළ "කඩා පනින හමුදාව" අහෝසි කිරීමට සෞඛ්ය හා පෝෂණ ඇමැති චමල් රාජපක්ෂ මහතා නියෝග කර ඇතැයි අමාත්යාංශ ප්රකාශකයෙක් ඊයේ (15 දා) "දිවයින"ට පැවැසුවේය.

    කඩා පනින හමුදාව හෙවත් සෞඛ්ය අමාත්යාංශයේ විමර්ශන ඒකකය අහෝසි කරන ලෙසට ඇමැතිවරයා විසින් සෞඛ්ය ලේකම්වරියට උපදෙස් දී ඇතැයිද හෙතෙම කීවේය. ඒ අනුව ඊයේ සිට මෙම විමර්ශන ඒකකයේ ක්රියාකාරකම් නතර වී ඇත. රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්ය ඇමැතිවරයා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව "කඩා පනින හමුදාව" අහෝසි කිරීමට චමල් රාජපක්ෂ ඇමැතිවරයා පියවර ගෙන ඇති බවද ඉහත ප්රකාශකයා කීවේය. රාජකාරි අවස්ථාවලදී පෞද්ගලික චැනල් සේවයේ යෙදෙන වෛද්යවරුන් සහ සෞඛ්ය සේවකයන්ගේ විනය හා අක්රමිකතා පිළිබඳ සොයා බැලීමේ කටයුතු සිදුකළ මෙම විමර්ශන ඒකකය අහෝසි කිරීම පිළිබඳ සෞඛ්ය ක්ෂේත්රයේ බොහෝ පිරිසක් විරෝධය දක්වන බවද එම ප්රකාශකයා වැඩිදුරටත් පැවැසුවේය.

    - http://divaina.com/daily/index.php/p...11-15-14-03-59
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    මේ ගැන මීට කලින් කිරියේ වෙන​කෙනෙකුත් කතා කරලා තියනව මම දැක්කා.

    චැනලින් සෙන්ටර්වලින් උබලා බෙහෙත් අරන් තියනවද​? පොඩි උණක් හැදිලා බෙහෙත් ගන්න ගියත් පෙති 10කට වැඩිය දෙනවා. තව ෆාමසියෙන් ගන්නත් මොකක් හරි ලියලා දෙනවා. ඒත් ඒ ලෙඩේටම හන්දියේ ඉන්න ඩොකාගෙන් බෙහෙත් ගත්තොත් එයා දෙන්නේ පෙති 4ක් වගේ පොඩි ගානක්. මෙතනත් මොකක් හරි අවුලක් තියනවා මචන්. චැනලින් සෙන්ටර්වල දොස්තරලා පෙති ජාති ගොඩක් දෙන්නෙ ඇයි? අනිත් දේ තමයි ඒ තැන්වලින් පොඩි උණකටත් amoxicillin 500mg කරල දෙනවා. ෆාමසියේ වැඩ කරන අය කියනවා මේක පොඩි පොඩි ලෙඩවල්වලට බොන්න එපා කියලා. අනිත් දේ තමයි මේ කරල​ පොඩි උන්ටත් දෙනවලු. මේවගේ තව බෙහෙත් ජාති ගොදක් ගැන මත ෆාමසියක වැඩ කරන කෙනෙක් කිව්ව බන්.:(


    මේවා ගැනත් හොයන්න ඕනි බන්




    amoxicillin 500mg bonne mole amaruwata....
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,096
    25,196
    113
    කඩීජා පදනම සහ මනුසත් දෙරණ මූලිකත්වයෙන් මහරගම අපේක්ශා රෝහලට ලබා දුන් පෙට් ස්කෑනර් යන්ත්‍රය සඳහා Technical Evaluation Committee අනුමැතිය ලැබුනේ GE Brand සඳහා වන අතර රාජිත ගේ පූර්ණ අනුග්‍රහයෙන් ඇමති මණ්ඩලේ එකඟතාව මත අවසරය ලබාදී ඇත්තේ Siemens brand සඳහා ය. මේ සඳහා ඉහල මට්ටමේ ඩීල් ගේම් එකක් ක්‍රියාත්මක වී ඇත. Local agent for Siemens - DIMO
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,096
    25,196
    113
    GMOA to urge new Health Minister to investigate charges on Rajitha
    2018-10-29 15:38:57 22 12060


    The Government Medical Officers’ Association today urged the Health Minister that is to be appointed to immediately investigate the charges on former Health Minister Dr. Rajitha Senaratne.

    Addressing a press conference, GMOA Secretary Dr. Haritha Aluthge said a Presidential Investigation Committee should be appointed over the matter.

    Despite properly acquiring the Dr. Neville Fernando Teaching Hospital (NFTH), Dr. Aluthge said former Minister Senaratne had pumped over Rs 250 million to the institution wasting the public funds.

    He further said that during the tenure of Dr. Senaratne as the minister, several anomalies had taken place in the tender process when purchasing drugs.

    Dr. Aluthge urged that the benefits received by the former minister directly and indirectly related to his decisions as the Health Minister while neglecting the technical decisions by the Sri Lanka Medical Council (SLMC) should be investigated.

    The GMOA said that further delay in investigating the former minister would allow him space to destroy or amend documents related to the charges.

    Therefore, Dr. Aluthge said that the newly appointed Health Minister should take adequate permanent measures to safeguard the Health Sector in the future. (Thilanka Kanakarathna)
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,096
    25,196
    113
    රුපියල් බිලියනයක ට වැඩ වටිනා anesthetic machine tender එකක් සඳහා අනුමැතිය Technomedic Group නම් සමාගමකට ලැබී ඇත. මේ සමාගම විවිධ නම් වලින් පෙනී සිටිමින් විවිධ වියාපාර සිදු කරන අතර Technomedic International ,Meditechnology Holding , Nextgen Healthcare , Eurovision ඒවායින් කිහිපයකි.

    අයිතිකරුවන් ලෙස සමරදිවාකර සහ ගීගනගේ නම් සඳහන් අය කටයුතු කරයි. මෙයින් ගීගනගේ , සිරිසේන මලයාගේ අනුහසින් SLT හි අධ්‍යක්ෂ වරයකු ලෙස ද කටයුතු කර ඇත.

    පුදුමයට කරණය නම් තෝරාගත් Mindray සමාගමේ අයිතමය විශාල ප්‍රමාණයකට Quality recalls ලක්ව ඇති බව සඳහන්ය .

    Pls follow fda web link (FDA යනු ඇමරිකා වේ බෙහෙත් හා උපකරණ ලියාපදිංචිය සහ නියාමනය කරන රජයේ අධිකාරියකි.)

    https://www.accessdata.fda.gov/scripts/cdrh/cfdocs/cfRES/res.cfm?id=161422

    මෙම සමාගම් කිහිපය Kothalawata Defense University Hospital, Werahera සඳහා උපකරණ මිලදී ගැනීමේදී ප්‍රමුකතාවය ලැබී , විශාල ජනතා මුලක් අවභාවිත වී ඇති බව ආරංචිය.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,096
    25,196
    113
    Thanks for "ultra"

    Copied from https://www.elakiri.com/forum/showthread.php?t=1878478

    ප්‍රතිජීවක ඖෂධ අවභාවිතය නිසා ලෝකයම මරණය අබියස







    “මගේ කකුලෙ තුවාලයක් තියෙනවා. ඉකිලියේ කුද්දටියකුත් ඇවිත්. හරිම අමාරුයි. මට මොනවා හරි ඇන්ටිබයොටික් එකක් දෙන්නකෝ”

    “මම කරල් ටිකක් දෙන්නම්. පැය අටකට සැරයක් ගන්නකෝ. බේත් ටික ඉවර වෙනකම් නොවරදවාම ගන්න. නවත්වන්න එපා.”

    මෙම සංව‍ාදය මගේ දෙසවනත වැකුණේ සිනමා පටයක හෝ ටෙලි නාට්‍ය ජවනිකාවකින් නොවේ. මා ඖෂධ කීපයක් මිල දී ගැනීම සඳහා ඖෂධ අලෙවිසැලකට ගොස් සිටියදී ඊ‍ට ගොඩ වැදුණු කෙනෙකු සහ වෙළෙඳ සහායකයකු අතර ඇති වූ සංවාදයකි එය.

    එය කන වැකුණු විගස මා තුළ ඇති වුයේ විමතියකි. ඒ කඩයකින් ලොසින්ජර් ඉල්ලන ආකාරයට ඇන්ටිබයොටික් හෙවත් ප්‍රතිජීවක ඖෂධ පහසුවෙන් මිල දී ගැනීම ය. අනෙක් පුදුමය නම්, වෙළෙඳ සහායක ද එකී ඖෂධ කිසිදු වෛද්‍ය නිර්දේශයකින් තොරව සරල කටයුත්තක් සේ සලකා අලෙවි කිරීමය. රෝගියා සහ වෙළෙඳ සහායක අතින් සිදු වන මෙම වරදින් අනිටු ඵල අත් විඳින්නට සිදු වන්නේ ඔවුන්ට පමණක් නොවේ. මුළු මහත් ලෝකයටම ය. එය තවත් විදිහකින් පවසන්නේ නම් 2050 වසර වන විට ප්‍රතිජීවක ඖෂධවලට එරෙහිව ඇති වන ප්‍රතිරෝධ ආසාදන හේතුවෙන් ලෝක ජනගහනයෙන් මිලියන 50 ක් මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු අඟවා ඇත.

    මේ පිළිබඳව අනාවරණය කරනු ලැබුවේ ප්‍රතිජීවක ඖෂධ නිසි භාවිතය සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය සම්මන්ත්‍රණයක දීය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී මෙය පැවැත්වූයේ නොවැ: 12 සිට නොවැ: 18 දක්වා ඇති ප්‍රතිජීවක ඖෂධ දැනුවත් කිරීමේ සතිය නිමිත්තෙනි.

    ලෝකයට හඳුන්වා දුන් ප්‍රථම ප්‍රතිජීවක ඖෂධය වන්නේ පෙන්සිලින් ය. ඒ 1920 දශකයේදී පමණ ය. පෙන්සිලින් සොයා ගැනීමට පෙර ඇති වූ පළමු වැනි ලෝක යුද්ධයෙන් විශාල සංඛ්‍යාවක් මිය ගිය ද දෙවැනි ලෝක සංග්‍රාමයෙන් එතරම් විශාල ප්‍රමාණයක් මිය නොගියේ ඒ වන විට පෙන්සිලින් ප්‍රතිජීවක ඖෂධය සොයා ගෙන තිබු නිසා ය. ඉන් අනතුරුව ප්‍රතිජීවක ඖෂධ රාශියක් ලෝකයට හඳුන්වා දෙනු ලැබිණි. අතීතයේ මිනිසාගේ පරම ආයුෂ අවුරුදු 50 වී තිබුණ ද වර්තමානයේ එය අවුරුදු 80 දක්වා දීර්ඝ වුයේ ප්‍රතිජීවක ඖෂධ සොයා ගැනීමෙන් බොහෝ ලෙඩ රෝග සුවපත් කර ගැනීමට හැකි වූ නිසා ය.

    ප්‍රතිජීවක ඖෂධ භාවිත කෙරෙන්නේ බැක්ටීරියා මඟින් වැළ‍ඳෙන රෝගවලට පමණි. වෛරස් මඟින් වැළ‍ඳෙන රෝග සඳහා ප්‍රතිජීවක ඖෂධ භාවිත නොකෙරේ. එහෙත් වර්තමානයේ කැස්ස, හෙම්බිරිස්සාවටත් ඉවක් බවක් නැතිව ප්‍රතිජීවක ඖෂධ භාවිත කිරීම නිසා ප්‍රතිජීවක ඖෂධවලට එරෙහිව ප්‍රතිරෝධ බැක්ටීරියා ඇති වීමෙන් ප්‍රතිජීවක ඖෂධවලින් රෝග පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් හට ගනී. මෙය සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වෙන්නේ “බෙහෙත් අහන්නේ නැතිව යෑම” යනුවෙනි. මෙය අද ලෝකය පුරා බරපතළ ප්‍රශ්නයක් වී තිබේ.

    “අද ප්‍රතිජීවක ඖෂධ අවභාවිතයක් සිදු වෙනවා. මෙය වැඩි වශයෙන් සිද්ධ වෙන්නේ දකුණු ආසියානු රටවල්වල. මේ ඖෂධ අවභාවිතයට රෝගීන්, ඖෂධ අලෙවි කරන ෆාමසි වගේම වෛද්‍යවරුනුන් වග කියන්න ඕනෑ. මොකද සමහර වෛද්‍යවරුන් වෛරස් ආසාදනවලටත් ප්‍රතිජීවක ඖෂධ දෙනවා. එවැනි ලෙඩ රෝගවලට ප්‍රතිජීවක ඖෂධ වැඩක් නැහැ. ඒ වගේම වෛද්‍ය නිර්දේශක් නැතිව ප්‍රතිජිවක ඖෂධ අලෙවි කිරීමට නොහැකි වුණත් අද ෆාමසිවලින් එය කරනවා. ඊළඟට රෝගියා කරන වැරදි කීපයක් තිබෙනවා. රෝගියා හිතුමතේට ප්‍රතිජීවක ඖෂධ ගැනීම වරදක්. ප්‍රතිජීවක ඖෂධ ලබා දිය යුත්තේ වෛද්‍යවරයා විසින්. සමහරු වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිජීවක ඖෂධ ඉල්ලා සිටිනවා. ඒ වගේම ප්‍රතිජීවක ඖෂධ නියමිත වේලාවට නියමිත මාත්‍රාවෙන් ලබා ගත යුතුයි. සමහරු ලෙඩේ සනීප වුණා කියලා බෙහෙත් නවත්වනවා. එය වැරදියි. ලෙඩේ සුව වුණත් නිර්දේශ කළ බෙහෙත් ප්‍රමාණය නියමිත විදිහට ගත යුතුයි. ඒ වගේම නියම කළ වෙලාවට ප්‍රතිජීවක ඖෂධ නියමිත ප්‍රමාණයෙන් ම ගන්න ඕනෑ. මෙවැනි හේතූන් නිසා ප්‍රතිජීවක ඖෂධ අවභාවිතය සිද්ධ වෙනවා. එයින් ප්‍රතිජීවක ඖෂධ ලෙඩ රෝගවලට ඔරොත්තු නොදෙන තත්වයක් ඇති වෙනවා. මෙය භයානක තත්වයක්.” යනුවෙන් දීර්ඝ වශයෙන් විස්තර කළේ ජයවර්ධනපුර රෝහලේ ක්ෂුද්‍රජීවි විශේෂඥ වෛද්‍ය කුෂ්ලානි ජයතිලක ය.

    මෙම භයානක තත්වය තවතවත් තීව්‍ර වන්නේ නව ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය ලෝකයේ ඖෂධ සමාගම් නවතා දමා ඇති බැවිනි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත බෙණරගම පවසන්නේ ලෝකයේ ඖෂධ නිෂ්පාදන සමාගම් වසර 20කින් වත් ලෝකයේ නව ප්‍රතිජීවක ඖෂධ නිපදවා නොමැති බව ය. ඊට හේතුව වසර 25ක් - 30ක් මුළුල්ලේ පර්යේෂණ සහ අත්හදා බැලීම් සිදු කරමින්, කෝටි ගණන් වියදම් කරමින් ඖෂධයක් නිපදවන විට ඊට ප්‍රතිරෝධී බැක්ටීරියා ඇති වීමෙන් ඖෂධය අපතේ යෑමෙන් විශාල නාස්තියක් සිදු වීමයි. අද වන විට ලෝකයේ ඖෂධ නිෂ්පාදන සමාගම් බැක්ටීරියා මඟින් ඇතිවන රෝගවලට එරෙහිව ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය කිරීම වෙනුවට බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, දියවැඩියාව,පිළිකාව යනාදී රෝග) සඳහා ඖෂධ නිෂ්පාදනය කිරීමට පෙලඹී ඇත. එමනිසා ප්‍රතිජීවක ඖෂධ ප්‍රයෝජනයට ගත් කාලය අවසන් වෙමින් පවතින බව වෛද්‍ය කුෂ්ලානි ජයතිලක පැවසුවාය.

    එහෙත් අපට ප්‍රතිජීවක ඖෂධ අත් හැර දැමිය නොහැකිය. ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියයන් බද්ධ කිරීම ඇතුළු ශල්‍යකර්ම සඳහා ප්‍රතිජීවක ඖෂධ අත්‍යවශ්‍ය සාධකයකි. නමුදු ප්‍රතිජීවක ඖෂධ හෙම්බිරිස්සාවක් වැනි සුළු ලෙඩකදීත් ගත් විට බරපතළ රෝගයකට ඔරොත්තු නොදෙන තත්වයක් ඇති වේ.

    “ඕනෑම කෙනෙකුගේ බඩවැල්වල බැක්ටීරියා ඉන්නවා. එහි ශරීරයට හිතකර බැක්ටීරියා වගේම අහිතකර බැක්ටීරියා වර්ග තිබෙනවා. ඒ වගේම පිටතින් ශරීරය තුළට බැක්ටීරියා ඇතුළු වෙන්න පුළුවන්. අහිතකර බැක්ටීරියාවන්ගෙන් ආසාදන ඇති වුණාම ප්‍රතිජීවක ඖෂධ ලබා දෙනවා. හැබැයි ප්‍රතිජීවක ඖෂධ බාගෙට අරං නැවැත්තුවොත්, නියමිත වේලාවට නොගත්තොත්, හිතුමතේට ගත්තොත් බැක්ටීරියා මැරෙන්නේ නැතිව ප්‍රතිරෝධයක් හදා ගන්නවා. ඒ ප්‍රතිරෝධය තිබෙන බැක්ටීරියා මරන්න සාන්ද්‍රණය වැඩි ප්‍රතිජීවක ඖෂධ දෙන්න සිද්ධ වෙනවා. ඒ ඖෂධ අධික මිලකින් යුක්ත නිසා ලොකු වියදමක් දරන්න වෙනවා. ඒ වගේම රෝගය සුවපත් වෙන්න ගත වන කාලය වැඩියි. සමහර විට රෝහල්ගත වෙන්න සිද්ධ වෙනවා. එය රටකට සුදුසු දෙයක් නෙවෙයි. අද අ‍පේ රටේ ඖෂධවලට කරන වියදමෙන් 13%ක් වියදම් කරන්නේ ප්‍රතිජීවක ඖෂධවලට. අවසානයේදී ප්‍රතිජීවක ඖෂධවලින් රෝග පාලනය කිරීමට නොහැකි තත්වයක් උද්ගත වෙනවා.

    එයින් සිද්ධ වෙන්නේ රෝගින් මිය යෑම. 2050 වර්ෂයේ ලෝක ජනගහනයෙන් මිලියන 10 කට ප්‍රතිජීවක ඖෂධවලට රෝග පාලනය කිරීමට නොහැකිව මිය යෑමට සිද්ධ වීම බේදවාචකයක්.” යනුවෙන් පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත බෙණරගම ය.

    මේ අනුව ප්‍රතිජීවක ඖෂධවලට එරෙහිව හට ගැනෙන ප්‍රතිරෝධිතාව සුළු කොට තැකිය හැකි කාරණයක් නොවේ. එය සිද්ධ වෙන්නේ සාමාන්‍ය ජනතාවගේ නොදැනුවත්කම නිසා විය හැකි වුවත් වෛද්‍යවරුන් මේ පිළිබඳව නොදන්නවා නොවේ. ඔවුහු මේ සම්බන්ධයෙන් හොඳාකාරව ම දනිති. එහෙත් ඉතා සුළු රෝගයකට පවා ප්‍රතිජීවක ඖෂධ ලබා දෙන උගත් වෛද්‍යවරු අපේ රටේ සිටිති. ඇතැම් විට ඔවුන් විසින් එසේ සිදු කරනු ලබන්නේ ඔවුන්ගේ ජනප්‍රියත්වය සහ වෛද්‍යවරුන් අතර ඇති තරගය නිසා විය හැකිය. එහෙත් එවැනි පටු පරමාර්ථ මූලික කරගත් වෛද්‍යවරුන් නිසා අවදානමට ලක් වන්නේ සාමාන්‍ය ජනතාව නොවේද ? “වන්ෂොට්” වෛද්‍යවරුන්ගෙන් අප ප්‍රවේශම් විය යුත්තේ එබැවිනි. ඊට අමතරව වෛද්‍යවරුන්ගේ සුදුසුකම් පිළිබඳව ද සැලකිලිමත් විය යුත්තේ අද රට පුරා සුදුසුකම් නැති වෛද්‍යවරුන් පෞද්ගලික සේවයේ යෙදී සිටින නිසාය. “අපේ සමහර වෛද්‍යවරුන් අනවශ්‍ය විදිහට ප්‍රතිජීවක ඖෂධ දෙන බව අපට වාර්තා වී තිබෙනවා. ඒ අයගෙන් අපි ඇහුවා ඇයි ඒ විදියට කරන්නේ කියලා. ඒ වෛද්‍යවරුන් අපට දීපු උත්තරය වුණේ වෛරස් ආසාදනය සුව වූ පසුව බැක්ටීරියා ආසාදනයක් එන්න පුළුවන්. එය වැළැක්වීමටයි ප්‍රතිජීවක ඖෂධ දෙන්නේ කියලා. රෝගයක් වැළ‍ඳෙන්න පෙර ප්‍රතිජීවක ඖෂධ දීමෙන් ඵලක් නැහැ. බැක්ටීරියා මඟින් රෝගය හැදුණට පසුවයි ඒ බැක්ටීරියා මරන්න ප්‍රතිජීවක ඖෂධ දෙන්නේ. මෙහිදී වෛද්‍යවරුන් ලොකු වැරැද්දක් කරනවා. අනවශ්‍ය විදියට ප්‍රතිජීවක ඖෂධ ගැනීමෙන් සිද්ධ වෙන හානිය ඉහළයි. කොළඹ විශ්ව විද්‍යාලයේ ඖෂධ වේදය පිළිබඳ මහාචාර්ය ප්‍රියදර්ශනි ගලප්පත්ති විස්තර කළාය.

    මෙම අවදානමට මුහුණ දී සිටින්නේ මිනිසුන් පමණක් නොවේ. හරකුන්, කුකුළන්, ඌරන්, ඉස්සන්, මත්ස්‍යයින් වැනි සත්ව ගොවිපළවල ඇති කරන සත්වයෝ පවා මෙම අවදානමට මුහුණ දී සිටිති. එනම් සතුන්ට රෝග වැළඳීමට පෙර ප්‍රතිජීවක ඖෂධ ලබා දීම සහ රෝග සුව වූ බව පෙන්වන විට ප්‍රතිජීවක ඖෂධ අතරමග නවතා දැමීමෙන් ප්‍රතිජීවක ඖෂධ කෙරෙහි ප්‍රතිරෝධි බැක්ටීරියා එම සතුන්ගේ ශරීර තුළ හට ගැනීම මෙන් ම සත්ව නිෂ්පාදන ධාරිතාව ඉහළ දැමීමට ප්‍රතිජීවක ඖෂධ භාවිත කරන අවස්ථා ඇත.

    ඒවා සෑම රටකින්ම ඉවත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් උපදෙස් දී තිබේ. අද වන විට ගවයකුගේ කිලෝ එකක මිලිග්‍රෑම් 45ක්ද කුකුළකුගේ කිලෝ එකක මිල ග්‍රෑම් 148ක් ද ඌරකුගේ කිලෝ එකක මිලිග්‍රෑම් 172ක්ද වශයෙන් ප්‍රතිජීවක තැන්පත් වී තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබේ.

    “සතුන් තුළ තිබෙන ප්‍රති‍රෝධි බැක්ටීරියා සතුන්ගේ මලපහ මඟින් පරිසරයට එකතු වෙනවා. ඒවා ගස්වලට එකතු වෙනවා. ඒ වගේම ගස්වලට යොදන දලීර නාශක වලිනුත් ප්‍රතිරෝධි බැක්ටීරියා ඇති වෙනවා. පරිසරයට එකතු වන ප්‍රතිරෝධි ජලයට එකතු වෙන්න පුළුවන්. මේ නිසා ප්‍රතිජීවක ප්‍රතිරෝධ බැක්ටීරියා ව්‍යාප්තිය චක්‍රයක් ආකාරයට සිද්ධ වෙන බව දක්වන්න පුළුවන්. ඒ නිසා අපි ප්‍රතිජීවක ඖෂධ නිසි පිළිවෙළට භාවිත කිරීම ගැන මිනිසුන්ගෙන් විතරක් පටන් අරං හරියන්නේ නැහැ. එය ශාක, සත්ව, ජලය, අවට පරිසරය යන සෑම අංශයකින්ම ආරම්භ කළ යුතුයි.” යනුවෙන් පැවසුවේ පේරාදෙණියේ පශූ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍ය පාලිකා ප්‍රනාන්දුය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුලිකත්වයෙන් One Health C0ncept හඳුන්වා දී තිබෙන්නේ ඊට පිළියමක් වශයෙනි. මීට වෛද්‍යවරුන්, ජනතාව, පශූ වෛද්‍ය, කෘෂිකර්මය, මත්ස්‍ය, පරිසරය යන සෑම අංශයක්ම සම්බන්ධ කරගෙන ජාතික ක්‍රමෝපායන් සැලසුම් කර ඇත. එසේ නොමැතිව ප්‍රතිජීවක ඖෂධ කෙරෙහි ප්‍රතිරෝධයන් ඇති වීමෙන් මතු වන අර්බුදයට මුහුණ දිය නොහැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත බෙණරගමගේ අදහස ය.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,096
    25,196
    113
    පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

    සෞඛ්‍ය ඇමතිගේ ‘’සුවපති ’’ කිරුළ බිම වට්ටන ඖෂධ මාෆියාව.

    අපේ රටේ සෞඛ්‍ය ඇමතිවරයාට ‘’සුවපති’’ කිරැළ පැළැන්දුවේ මීට මාස කීහිපයකට පෙරය. වර්තමාන සෞඛ්‍ය ඇමතිවරයා ‘’සුවපති’’ කිරුළ දරද්දී මේ රටේ ඖෂධ මාෆියාව තවමත් හොදින් ක්‍රියාත්මක වන බව කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබේ.

    එසේ කීම සදහා වන සාධක අප සංවිධානය සතුව ඇත.

    පාකිස්තානයේ Brooks Pharma සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන Minoxin Plus යන වෙළද නාමයෙන් හදුන්වන ඖෂධය පාකිස්ථානයේදි අලෙවි කරනු ලබන සිල්ලර මිල පාකිස්තානු රුපියල් 450/=කි. ලංකාවේ මුදලින් එය රුපියල් 590/= කි. නමුත් මෙම ඖෂධය Hemas pharmaceutical සමාගම ලංකාවට ගෙන්වා බෙදා හරින්නේ රුපියල් 5,679.00 ක මුදලකටය. ඒ අනුව එම ඖෂධය පාකිස්ථානයේ අලෙවි කරනු මිලට වඩා දසගුණයක් වන මුදලක් ගෙවා ශ්‍රී ලංකාවේ රෝගීන්ට මිලදී ගැනීමට සිදුව තිබේ.

    Brooks Pharma ආයතන විසින් නිෂ්පාදනය කරනු ලබන Arnil නැමැති ජෙල් එක (Diclofenac Sodium 1%) ඔවුන් අලෙවි කරන මිල රුපියල් 427.00 (20 g)කි. නමුත් එම ඖෂධය සොයා ගත් පරේෂක සමාගම( Innovator Brand) එම බෙහෙත අලෙවි කරනු ලබන්නේ රුපියල් 359.70 (20 g) ක මුදලකටය. තවද



    Aminophylline Compound ඖෂධය පරේෂක සමාගම අලෙවි කරන්නේ රුපියල් 150.50 (120 ml) කට වන අතර Brooks Pharma සමාගම Exalyn syr වෙළද නාමය යටතේ අදාල ඖෂධය අලෙවි කරනු ලබන්නේ රුපියල් 179.00 කටය.

    මේ අනුව අප රටේ ක්‍රියාත්මකවන ඖෂධ මාෆියාවේ දිග පළල හොදින් අවබෝධ කර ගත හැක. සාමාන්‍යයෙන් ලෝකයේ වෙනත් රටවල වැඩි මිලකට අලෙවි කරනු ලබන්නේ පරේෂක සමාගමේ ඖෂධය වන අතර වෙනත් සමාගම් වල නිෂ්පාදන අලෙවි වන්නේ ඊට අඩු මිලකටය. පාරිභෝගිකයින් පුරුදුව සිටින්නේ පරේෂක සමාගමේ ඖෂධය මිල වැඩි නිසා වෙනත් සමාගම්වල නිෂ්පාදනය කරනු ලබන ඖෂධය මිලදී ගැනීමටය. එහෙත් පාරිභෝගිකයා මුලා කරමින් වෙනත් සමාගමේ ඖෂධය වැඩි මිලට අලෙවි කරනු ලබයි. මෙය පාරිභෝගිකයා නොමග යැවීමකි.



    වහාම මෙම තත්වය පාලනය කිරීම සදහා මැදිහත් වන ලෙස අප සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටින අතර එසේ නොකරන්නේ නම් ඔබගේ ‘’සුවපති’’ කිරුළ බිම වැටෙන්නට ඉඩ තිබෙන බවද අවධාරණය කරමු.

    රංජිත් විතානගේ
    සභාපති
    පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය