මේ පාර Google Pixel 3 Launch එකේදී අන්ත අසරණ වුනු Pixel Fans ලට පණ දුන්නු feature එක මොකද්ද කියල ඇහුවොත් කටක් ඇරල මුලින්ම කියන්න පුලුවන් feature එක තමයි Night Sight කියන්නේ..
මේ Night Sight කියන්නේ ඇත්තටම Google ලගේ එක්තරා දරුණු magic එකක් විදියට හදුන්වන්න පුළුවන් feature එකක්. (මෙතනදී මම කියන්නේ නැහැ මේ වගේ feature එකක් මුලින්ම smartphone වලට හදුන්වලා දුන්නේ Google ලා කියලනම්) මේකේදී මම දකින හොදම දේ තමයි Google ලා මේ feature එක implement කරපු ඒ අපූරු විදිය. ඉතින් අපි සරලව මේ Night Sight feature එක දිහා බලමු පොඩ්ඩකට.
අපි දන්නවා Google Pixel වල HDR+ Image capture technique එක කියන්නේ ලෝකේ Camera industry එක කනපිට ගහපු අවස්ථාවක් බව. ඒ කිව්වේ Professional photographer කෙනෙක් ගෙන් මේ Google Pixel වල Image Capture කරන HDR+ technique එක ඇහුවොත් ඒ ගොල්ලෝ උනත් මේක ගැන ගොඩක්වෙලාවට දන්නේ නෑ මොකද මේක වෙනමම implementation එකක්. සාමන්ය HDR technique එක ඒ අය දන්නවා උනත් මේක ඒකට පොඩ්ඩක් වත් සමාන වෙන්නේ නැහැ මොකද මේකේදී ගන්නේ Underexposed images විතරයි ඒකත් Frames බරගානක් ගන්නවා උදාහරනයක් විදියට තනි Photo එකක් capture කරන්න HDR+ වලදි Frames 10කට වඩා ගන්නවා දැන්. Computational photography ගැන දැන් වෙනම අහන්න එපා ඒක Podcast episode එකකින් වගේ කතාකරන්න තරම් වටින මාතෘකාවක් කියලයි හිතෙන්නේ.
කොහොමහරි Google ලා මේ පාර HDR+ දියුණු කරන් එද්දී තදටම එයාලා study කරලා තිබුන තැනක් තමයි Photography වලදිනම් භාවිතාකරන වචනෙන්ම කිව්වොත් මේ Ghosting අයින් කරන එක. මොකද අපි දන්නවා Moving වෙන object එකක Frames 10ක් විතර එකදිගට ගනිද්දී මේ Frames 10ම object එක එකම තැන එකම විදියට තියෙන්නේ නැහැ. එතකොට මේ Frames 10ක් විතර නිකන්ම එකතුකරොත් තනි Photo එකක් හදන්න මෙතන Ghosting මොනතරම් දරුණුවට වෙනවද කියන එක මම අමුතුවෙන් තේරුම් කරන්න ඕනේ නෑනේ. ඉතින් මෙන්න මේකට තමයි Google ලා Machine learning පාවිච්චි කරල එයාලගේ Ghosting අයින් කරන process එක වෙනම තලයකට ගෙනාවේ. මම හිතන්නේ මේ වෙද්දී නම් ලෝකේ තියන දියුණුම Ghosting remove කරන process එක තියෙන්නේ Google ලගෙ ලග.
ඉතින් Google ලට මේ Ghosting remove කරන සුපිරි process එක සෑහෙන්න උවමනාවෙන්න ඇති මේ අලුත් සුපිරි Night Sight featutre එකටත්. අපි දන්නවා ගොඩක්ම ආලෝකය අඩු වෙලාවකදි හොද photo එකක් Flash නැතිව ගන්නනම් shutter speed එකත් ගොඩක්ම අඩුවෙන්න ඕනේ ඒවගේම Iso වැඩිවෙන්නත් ඕනේ. ඉතින් සාමන්ය HDR+ වලදි image එකකට maximum අඩුවෙන shutter speed එක 1/7 වගේ. ඒත් Night sight වලදී අපි බැලුවොත් මේ shutter speed එක උපරිම 0.3 වලට විතර අඩුවෙනවා. මේ කිව්වේ තනි Frame එකකට විතරයි. අපි සාමන්ය විදියට බැලුවොත් Night Sight වලදි Google ලා Total shutter speed එක තප්පර 5කට ආසන්න තත්වේ image එකක් තමයි ලබාගන්නේ Shutter speed එක 0.3 වල frames කිහිපයක් capture කරල ඒවා එකට එකතුකරල. ඉතින් එතකොට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ මේ වගේ ගොඩක්ම අඩු shutter speed එක්ක Frames අරන් එකට එකතු කරද්දී Ghosting remove කරන්න සරලවම කිව්වොත් ලෝකේ දැනට තියෙන හොදම තත්වේ Process එක ඕනේ, ඉතින් අමාරු නෑ ඒක Google ලා ලගම තියෙන නිසා!
ඊට අමතරව මම දැකපු Google ලා Night sight එකට කරල තියෙන අනිත් Improvement එක තමයි Iso 8000 වලට විතර ආසන්න තත්වෙට වැඩිකරල තියෙනවා මේ පාර විවිද Software techniques ගොඩක් හරහා. ඉතින් කොහොමහරි මේ වගේ දරුනු තත්වේ image processing වලට ලොකු processing power එකකුත් ඕනේ කරනවා. මෙන්න මේ නිසාම තමයි In the first place ම Google ලා එයාලගේ Custom Pixel Visual core Chip එක design කලේ මේ වැඩේටම.
Pixel 3 එකේ Night Sight feature එක ගැන දැනට කියන්න පුලුවන් දේවල් මෙච්චරයි මට හොයාගන්න ලැබුනේ. තව details ලැබුනම ඉස්සරහට update කරන්නම් මේකම...
Geshan -Android වැඩකාරයෝ FB


