ලංකාවේ ISP ලා Unlimited දෙන්න බය ඇයි?

lisa8

Junior member
  • Sep 4, 2025
    14
    56
    13
    යාලුවනේ, අද මට හිතුණා ලංකාවේ මේ නමට විතරක් තියෙන "Unlimited Internet" කියන විහිළුව ගැන පොඩ්ඩක් කතා කරන්න. දැන් ඉස්සර වගේ FUP දාලා ඩේටා කැපෙන්නේ නැති වුණාට, මුන් කරන්නේ ඊට වඩා ලොකු වංචාවක්. Unlimited කියලා මුන් අපිට දෙන්නේ 1Mbps, 2Mbps, 4Mbps වගේ හිර කරපු ස්පීඩ් එකක්. ඇත්තටම මේකට Unlimited කියන්න පුළුවන්ද? තප්පරේට යන ගාණ ලිමිට් කරලා තියෙනවා නම්, ඒකෙන් මාසෙට උපරිම ගන්න පුළුවන් ප්‍රමාණය ගණිතමය වශයෙන් කලින්ම තීරණය වෙලා ඉවරයි. ඉතින් ඕකේ ඇති Unlimited එකක් නැහැ, තියෙන්නේ නම විතරයි.

    අපේ ISP ලා මේ වගේ පැකේජ් දෙන්න ප්‍රධානම හේතුව මුන් හිතාගෙන ඉන්නේ ලංකාවේ මිනිස්සුන්ට ඇත්තම Unlimited (Speed limit නැති) දුන්නොත් මුළු ඉන්ටර්නෙට් එකම බාගෙන, මුන්ගේ නෙට්වර්ක් එකම හබක් වෙයි කියලා. මුන් හිතන්නේ සිංහලුන්ට අන්ලිමිටඩ් දුන්නොත් දවසම PC එක දාගෙන තියෙන ඔක්කොම HDD පිරෙන්න බායි කියලා. ඔව්, සමහරවිට මුල් මාස දෙක තුනේ එහෙම වෙයි. ගෙදර තියෙන හැම Hard Disk එකක්ම පිරෙනකන් මුන් බායි. ඒකට හේතුව තමයි කාලයක් තිස්සේ ඩේටා හිඟා කාපු එක.

    හැබැයි ISP ලා තේරුම් ගන්න ඕනේ එක දෙයක් තියෙනවා. මිනිස්සු මෙහෙම පිස්සුවෙන් වගේ බාන්නේ මුන්ට ඕනේ වෙලාවට ඕනේ දෙයක් බලන්න තරම් ඩේටා හරි ස්පීඩ් එකක් හරි නැති නිසයි. හැමතිස්සෙම ඩේටා ඉවර වෙයි කියන බයට තමයි කට්ටිය හම්බෙන වෙලාවට Hard Disk පුරවගන්නේ. මුන් බය නැතුව True Unlimited (Full Speed) දුන්නොත්, මාසයක් දෙකක් යද්දී මිනිස්සුන්ටම ඕක එපා වෙනවා. එතකොට උන්ට තේරේවි Unlimited කියන්නේ Hard Disk පුරවන එක නෙවෙයි, ඕනේ වෙලාවක බය නැතුව YouTube එකේ 4K වීඩියෝ එකක් බලන්න පුළුවන් එක, ඕනේ Game එකක් Update කරගන්න පුළුවන් එක කියලා.

    ඇත්තටම මේ නෙට්වර්ක් වල තදබදය ඇති වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ වැරද්දෙන් නෙවෙයි, ISP ලා දෙන මේ "හිඟන ස්පීඩ්" නිසයි. එක ෆයිල් එකක් බාන්න පැය ගාණක් නෙට්වර්ක් එකේ ඉන්න මිනිස්සුන්ට සිද්ධ වෙලා තියෙන්නේ ස්පීඩ් නැති නිසා. ස්පීඩ් එක දුන්නොත් විනාඩි පහෙන් බාලා මනුස්සයා නෙට්වර්ක් එකෙන් අයින් වෙනවා. මිනිස්සුන්ට නිදහස දුන්නොත් උන් නිකම්ම Normal usage එකට හැඩගැහෙනවා. ඒක තේරුම් ගන්න තරම් අපේ ISP ලාට මොළයක් නැද්ද, නැත්නම් අපේ සල්ලි ටික මිරිකන්න හදන්නේ මෙහෙම බොරු "Unlimited" විකුණලාද?
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    True Unlimited වල සාමාන්‍යෙන් ගෙවන්නේ වේගෙට මිට්ටෝ
     
    • Like
    Reactions: shenat

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    461
    462
    63
    Ubama reason eka dala thiyanawa.
    Unlimited denna beri oya films download karana un torrents banne TB walin. dekala ethi ne. ekak oka illegal wedak. den nemei oya issue eka thadata thibbe ADSL early stage eke. ethakota ape ISP lath initial stage eke hitiye

    minissunta nidahasa dena ekada wenna one nettam minissu illegal weda nokarana inna ekada ? Den lassanata Netflix balanna wenama package thiyanawa ewa dagena balana un innawa. ehema thiyeddith me inna hingana horu hinda anith unta asadarana kam wenawa.

    eka gena moko hithanne oya ?
     
    • Like
    Reactions: msan and lilman

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,958
    12,032
    113
    Oka kiyannama fake ekak hadan awada pons.. :lol:
    1 - 4mbps nemei dan 100 - 1000 mbps ma true unlimited fiber thiyanawa..
    Dotee kalee umbe gedatta fiber naththan adu ganee town eke kada kamarayak hari kuliyata ganin..
    Fiber wala oya limit prashna na..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ත්‍රෙඩ් එක දාපු එකා ආපහු එලකිරියට එන දවස හරියටම කියන එකාට SLT එකෙන් කිලෝබයිට් 10ක් තෑගි දෙනවලු
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    ධනිකයා මේකට අත ගහලා අයි එස් පී කෙනෙක් වෙලා පොර එහෙමම ෆුඩ් චෙන් එකටට්ග් බැහැලා සැපක් දුන්නම තමා ඔහේලට වැටහෙන්නෙපොර හිච්චි බේසෝස් වෙන්ඩ ගේම දෙන්නෙ කියාලා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    Ubama reason eka dala thiyanawa.
    Unlimited denna beri oya films download karana un torrents banne TB walin. dekala ethi ne. ekak oka illegal wedak. den nemei oya issue eka thadata thibbe ADSL early stage eke. ethakota ape ISP lath initial stage eke hitiye

    minissunta nidahasa dena ekada wenna one nettam minissu illegal weda nokarana inna ekada ? Den lassanata Netflix balanna wenama package thiyanawa ewa dagena balana un innawa. ehema thiyeddith me inna hingana horu hinda anith unta asadarana kam wenawa.

    eka gena moko hithanne oya ?
    ඉතින් ටොරන්ට් බාන උන්ට දඩ ගහන්න ඕනේ . කිපවරක් කරාම අසාදු දාන්න ඕනේ.

    අන්ලිමිටඩ් ආව කියලා ඔහොම බාන්නේ මාස 2-3යි. පස්සේ බාන එකාටත් එපා වෙනවා කෙලින්ම ඕනේ වෙලාවක සෙනිකව බාල බලන්න පුලුවන් නම් .
    අනික ගන්න හැම එකාම පිස්සුවෙන් වගේ බාන් නෑ දේවල් . මෙහෙම සලාක කරලා තව දුරටත් ඉස්සරට යන්න බෑ මේක නිකං කොමියුනිස්ට් ඉන්ටනෙට් නේ සලාක කරලා මිනිස්සූ ඇද බැද තියලා නෙට් යුස් කරන්න කියන්නේ .
    දෙන්න බැරි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් නෑ අපිව හිගන ගානට තියලා මුං සෙටප් හදලා තියෙන්නේ . අපිට වඩා ඩස්පි ඉන්න පයිරෙව්ට් කරන ඉන්දියාවෙත් අන්ලිමිටඩ් දෙන්නේ . මුංගේ බොරු හිල
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    පෙරේතකම එකක් දෙන්න කැපසිටියක් නැ අනිත් එක
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113
    eka bath piganak kana ekai 10kage bath pigan ekek kanawai wage wadak . Speed aken thamai jillmart eka danna wenne SLT ekata.

    down kirilla paththakin thiyamu komath IT set ekath mulin misused wadi wenawa .
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,787
    1
    6,652
    113
    Ubama reason eka dala thiyanawa.
    Unlimited denna beri oya films download karana un torrents banne TB walin. dekala ethi ne. ekak oka illegal wedak. den nemei oya issue eka thadata thibbe ADSL early stage eke. ethakota ape ISP lath initial stage eke hitiye

    minissunta nidahasa dena ekada wenna one nettam minissu illegal weda nokarana inna ekada ? Den lassanata Netflix balanna wenama package thiyanawa ewa dagena balana un innawa. ehema thiyeddith me inna hingana horu hinda anith unta asadarana kam wenawa.

    eka gena moko hithanne oya ?
    සිංහළු ... ලංකාවේ උන් ...

    මේ වගේ stero type කරන්න එපා මිනිසුන්ව ... මොකද මම ඔබ හැමෝම එකම spectrum එකේ මිනිස්සු, වෙනසකට තියෙන්නේ ඉන්න තැන විතරයි වෙනස්. ( ආර්ථික සමාජයීය සංස්කෘතික )

    අවුල මිනිස්සුන්ගේ නෙවේ ...
    System එකේ ... ( Dhammika Perera කියනවා වගේ )

    ඉපදුණු දවසේ ඉදලා Free Healthcare වල ඉඳන්
    Free Education, Free logistics ( kind of ) දීලා මැරෙද්දි මැරුනමත් වල දාන්නේ ත බොහෝ විට Free ... එහෙම හැමදේම නිකන් අතට හම්බෙන් මිනිස්සුන්ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද ...

    ඉතින් මේක මිනිසුන්ගේ වරදක් නෙවේ.
    System එකේ අවුලක්, අපි හැමෝම අඩු වැඩි වශයෙන් මේ System එකේ Product එකක් ... වින්දිතයෙක් ....
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    "ඇත්තටම මේ නෙට්වර්ක් වල තදබදය ඇති වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ වැරද්දෙන් නෙවෙයි, ISP ලා දෙන මේ "හිඟන ස්පීඩ්" නිසයි."
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan

    1. The High Cost of International Bandwidth​

    Sri Lanka is an island nation connected to the rest of the world via undersea fiber optic cables (such as the SEA-ME-WE cables).

    • The Import Model: ISPs in Sri Lanka do not own the internet; they have to purchase bandwidth from global providers. This cost is incurred in US Dollars.
    • Volume Costs: This is not a fixed cost; it is volume-based. The more data users consume, the more the ISP has to pay upstream. If a small percentage of users downloads terabytes of data using “truly unlimited” plans, it skews the economics, making it impossible for the ISP to pay the upstream bills without charging everyone much higher rates.

    2. Currency Depreciation and Economy​

    This is a major factor specific to countries like Sri Lanka.

    • The Dollar Trap: ISPs earn revenue in Sri Lankan Rupees (LKR) but pay for bandwidth and equipment in US Dollars (USD). When the LKR depreciates (as it has significantly in recent years), the cost of importing bandwidth skyrockets.
    • Inability to Absorb Cost: In developed economies, ISPs might absorb the cost of heavy users because they have massive cash reserves. In Sri Lanka, margins are thinner, and currency fluctuation makes providing “all-you-can-eat” data financially risky.

    3. The “Heavy User” Problem (Network Congestion)​

    Internet bandwidth is a shared resource.

    • The 1% Rule: Statistics consistently show that a small percentage of users (often heavy downloaders, torrenters, or streamers) consume a vast majority of the total bandwidth.
    • Shared Infrastructure: In Sri Lanka, the “last mile” infrastructure (the cables coming to your house or the mobile towers) has a limited capacity. If 10 users on a single street are streaming 4K video 24/7 on a truly unlimited plan, the entire street’s internet slows down.
    • FUP as a Traffic Control: Fair Usage Policies (FUP) are implemented not just to save money, but to kick the heaviest users down to lower speeds so that the remaining 90% of users can browse and stream at acceptable speeds.

    4. Low ARPU (Average Revenue Per User)​

    The price Sri Lankans are willing (or able) to pay for internet is much lower than in developed nations.

    • Price Sensitivity: The market is highly competitive and price-sensitive. If an ISP were to offer a truly unlimited plan for, say, LKR 10,000 ($30) to cover their costs, most customers would switch to a competitor offering a 100GB cap for LKR 2,500 ($8).
    • Volume Game: ISPs rely on volume—getting millions of users on small, affordable plans—rather than getting a few users on expensive, premium unlimited plans.

    5. Lack of Domestic Peering and Content Caching​

    In countries with better internet, a lot of traffic stays “local” (domestic peering). Netflix, YouTube, and Apple have servers *inside* those countries, so local ISPs don’t have to pay to send that data across the ocean.

    • Limited Caching: While Sri Lanka is improving (with the likes of SLTIX and local Google caches), a significant portion of content still has to be fetched from servers in Singapore or Europe. Every time you load a webpage or stream a video that isn’t cached locally, it costs the ISP money in international transit fees.

    6. Mobile vs. Fixed Broadband Constraints​

    Much of Sri Lanka’s internet usage is via mobile (4G/5G).

    • Spectrum Scarcity: Mobile towers have a finite amount of spectrum (airwaves). There is a hard physical limit to how much data a single tower can handle at once. Truly unlimited mobile data would cause immediate network congestion (call drops and slow loading) for everyone connected to that tower. Fixed-line fiber (like SLT or Dialog Fiber) handles congestion better, but is still bound by the international bandwidth costs mentioned above.