කිරිහරක් විකුණා පොලී නංගීට ලක්ෂ ගණන් පිදූ පොළොන්නරුවේ මිනිස්සු; කෝටි 04ක් අරන් නංගි පැනලා!
‘‘මචං රුපියල් ලක්ෂයක් තිබුණොත් මාසෙකට රුපියල් දහදාහක් පොලිය ගන්න පුළුවන්. මාස දහයකදි ලක්ෂෙ නිකම්ම අතේ.’’
ඇදහිය නොහැකි පොලියක් තැන්පත්කරුවන්ට ලබාදෙන අපූරු පොලී මුදලාලි කෙනකු ගැන නගරයේ ති‍්‍රරෝද රථ නැවතුමේ ති‍්‍රරෝද රථ රියැදුරන්ට ආරංචිය ආවේ ඒ අන්දමටය.
‘‘අනේ නිකං හිටහං සල්ලි ටික එකතු කරගෙන පොල්ලක් තියල යන පොරක්ද දන්නේ නෑ’’ තවෙකෙකු කීවේය.
‘‘නෑ... නෑ... මෙයා පොරක් නෙවෙයි හොඳ අක්කා කෙනෙක්. මගේ වීල් එකෙත් කීප වතාවක්ම ගමන් ගිහිල්ලා තියෙනවා. දැන් ගොඩක් අය එයා ළඟ සල්ලි දානවා. විශ්වාසයි.
පොලොන්නරුවේ සේවාගම පොලී අක්කා ගැන කටින් කට ආරංචිය ගියේ ඒ අන්දමටය. සමහරු ඇයට කීවේ පොලී නංගී කියාය. මන්ද ඇය තරුණ වයසේ පසුවූ එක්දරු මවක බැවිනි. තමන් වෙත පැමිණෙන ගනුදෙනුකරුවන් ඇද බැඳ තබා ගන්නට ඇගේ රූමත් බවද එක් හේතුවක් වන්නට ඇත.
කෙසේ නමුත් ඇගේ ආකර්ෂණීය පොලිය ගෙවන මූල්‍ය ව්‍යාපාරය ගැන ආරංචිය පැතිර යන්නට වැඩි දවසක් ගතවූයේ නැත. එනිසාම ගනුදෙනුකරුවෝ පෝළිමේ ඈ වෙත එන්නට වූහ. හදිසියකට සුළු මුදලක් පවා අතමාරුවකට කෙනකුට නොදෙන අය පවා පොලී නංගිගේ හිත හොඳ ගනුදෙනුකරුවන්ව සිටි බව කියති. මේ අන්දමට ඇය කරා පැමිණි විවිධ පිරිස් රුපියල් ලක්ෂ 30 - 40, 15 - 20 ආදි වශයෙන්ද මුදල් තැන්පත් කරන්නට පෙළඹී ඇත. තවත් සමහරුන් බැංකු පොත්වල දමා ඉතිරි කරගෙන තිබූ මුදල් ද ආපසු ලබාගෙන පොලී නංගී ළඟ තැන්පත් කළහ. එයට හේතුව මුලින් මුදල් ලබාගත් ගනුදෙනුකරුවන්ට මේ පොලී කාන්තාව ගිවිස ගත් පරිදි නියමිත පොලී ප්‍රමාණය ඒ ආකාරයෙන්ම ගෙවීමත්, ඒ ආරංචිය තටු ලැබ ඉතා වේගයෙන් බොහෝ ඈතට ඉගිල යෑමත්ය.
කිසිවකුත් සැක පහළ නොකළ මේ කාන්තාවගේ පොලී ව්‍යාපාරය දවසින් දවස සරු විය.
විශ්‍රාමික රජයේ සේවකයන්, ස්වයං රැකියාවල නිරතව දෛනිකව මුදල් ඉපැයූ උදවියද ඉහළ පොලිය අපේක්ෂාවෙන් මුදල් තැන්පත් කර බලා උන්හ. ඇතැම් කාන්තාවන් මැයගේ මේ ඉහළ පොලියට කෙතරම් ගිජුවී ද යත් තම කනකර පැළඳ සිටි රන් අබරණ ගලවාදී ඒවා උගස් කර මුදල් ලබාගෙන තැන්පතු ලෙස රඳවා ගන්නැයි භාරදී තිබෙන බවද දැනගන්නට ලැබිණි.
කිරි දෙනුන් ඇතිකර දිනපතා කිරි විකුණා ආදායම් ලැබූ ස්වයං රැකියාවක නිරතව සිටි කාන්තාවක ඒ කිරිවලින් ලැබෙන ආදායම සහ කිරි දෙනුන් විකුණා එකවර මුදලක් ලබාගෙන පොලී වශයෙන් ලැබෙන මුදල කොපමණ ද යන්න ගණන් බලා තිබේ.
කිරි හරකුන් නඩත්තු කිරීමට ගතවන කාලය, වෙහෙස මෙන්ම ලැබෙන ආදායම ද අනුව බලන විට කිරි දෙනුන් විකුණා ගත හැකි මුදලට ලොකු පොලියක් ලබාගත හැකි බව කල්පනා කළාය. ඒ අනුව ඇය කළේ වහාම කිරි දෙනුන් තැරැව්කරුවකු මගින් විකුණා ලබාගත් මුදල එකෙණෙහිම පොලී කාන්තාවට ලබා දීමයි.
මේ ආකාරයට සමාජයේ විවිධ තරාතිරම්වල ගනුදෙනුකරුවන් විශාල පිරිසක් ඒකරාශි කරගෙන සිටි පොලී කත පසුගිය දිනෙක හිටි අඩියේ අතුරුදන් වී තිබිණි.
ඇය සොයාගෙන ඈ පදිංචි වී සිටි සේවාගම පිහිටි කුලී නිවස වෙත පැමිණි ගනුදෙනුකරුවන් පිරිසකට දැක ගැනීමට ලැබී ඇත්තේ ඒ නිවසේ දොරගුලූ දමා තිබෙන අන්දමයි.
ටික වේලාවක් දොරට තට්ටු කළ නමුත් පාලූ නිවස තුළින් කිසිදු ප්‍රතිචාරයක් නොලද නිසා ඇගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබා ගත්හ. එයින් ලැබුණු පිළිතුරු ප්‍රතිචාරයක් නැත යන්නයි.
‘‘පොලී නංගී මාරුවෙලා.’’
ඒ ආරංචියද වැඩිදෙනා අතරට යන්නට එතරම් කාලයක් ගතවූයේ නැත.
ආකර්ෂණීය පොලියක් අපේක්ෂාවෙන් මුදල් තැන්පත් කළ උදවියගේ බඩපපුව හෝස් ගා පත්තු වී ගියේ එවිටය.
ඇතැමුන් පොලොන්නරුව පොලිසියට සහ පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ විශේෂ වංචා විමර්ශන අංශය වෙත පැමිණ පැමිණිලි කරන්නට වූහ.
තමන් සතු මුදල් රුපියල් ලක්ෂ ගණනින් පොලී කාන්තාව ළඟ තැන්පත් කළ බව ඔවුහු සිය ප්‍රකාශවලින් කියා සිටියහ.
ඒ අනුව පොලිසිය දැනට සිදුකර තිබෙන විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මේ කාන්තාව විසින් වංචනිකව ලබාගෙන ඇති මුදල රුපියල් කෝටි 04 ක් පමණ වන බවයි.
‘‘පොලී නංගීගේ’’ ගැටයට හසුවුණු තවත් සමහරුන් සමාජයට මුහුණදීමට නොහැකිව දැඩි ලැජ්ජාවකින් පසුවන බවද දැනගන්නට ඇත.
ඒ නිසාම පොලිසියට පැමිණිලි කිරීමට යාමට බොහෝ දෙනා මැළිකමක් දක්වන බවද වැඩිදුරටත් අනාවරණය විය.
මේ වනවිට ප්‍රදේශය හැර ගොස් සිටින බවට තොරතුරු ලැබී තිබෙන සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු සිදුකරන බව පොලිස් නිලධාරීහු කියති.
‘‘අපි හිතුවෙ නෑ ඒ නංගී එහෙම කෙනෙක් කියලා. ඒකයි අපි සල්ලි දුන්නේ.’’ වැඩි පොලියක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් මුදල් තැන්පත් කර සිහින බොඳවූ තරුණයෝ කිහිප දෙනෙක් අප සමඟ පැවැසූහ.
ඔවුන් කිහිප දෙනාගේ පමණක් නොව මේ කාන්තාව වෙත මුදල් දී ඒවා ආපසු නොලද සියලූම දෙනාගේ සිහින මාළිගා දැන් සුනු විසුණුවී ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.
සමාජයේ වෙසෙන විවිධ තරාතිරම්වල පුද්ගලයන්ගේ වංචනික කි‍්‍රයා පිළිබඳව නොඅඩුව අසන්නට ලැබෙන මෙවන් අවදියක පොලොන්නරුවේ සේවාගම සහ ඒ අවට බොහෝ පිරිසකගේ ඇස් වසා රුපියල් කෝටි 04 ක පමණ මහා පරිමාණ මුදල් වංචාවක් සිදුකරන්නට මේ කාන්තාවට හැකියාව ලැබුණේ කෙසේද යන්න විමතිය දනවන කරුණකි.
කෙසේ නමුත් පොලිසිය පවසන්නේ මේ සැකකාර කාන්තාව නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා කි‍්‍රයාකරගෙන යන බවයි.
පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධම්මික වීරසේකර, පොලිස් අධිකාරි තිස්ස ලාල්ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පොලොන්නරුව මූලස්ථාන පොලිසියේ වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂක ඞී. එම්. එස්. කේ. දිසානායක, පොලොන්නරුව විශෙෂ වංචා විමර්ශන ඒකකයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක දුමින්ද ප්‍රනාන්දු යන මහත්වරුන් ප්රමුඛ විශේෂ පොලිස් කණ්ඩායමක් ඒ සඳහා කටයුතු කරති.

නෑ මුං සක්විතියගෙං වත් පාඩමක් ඉගෙන ගෙන නැති හැටි 