පොලී නංගී

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    කිරිහරක් විකුණා පොලී නංගීට ලක්‍ෂ ගණන් පිදූ පොළොන්නරුවේ මිනිස්සු; කෝටි 04ක් අරන් නංගි පැනලා!

    poli1.jpg

    ‘‘මචං රුපියල් ලක්‍ෂයක් තිබුණොත් මාසෙකට රුපියල් දහදාහක් පොලිය ගන්න පුළුවන්. මාස දහයකදි ලක්ෂෙ නිකම්ම අතේ.’’

    ඇදහිය නොහැකි පොලියක් තැන්පත්කරුවන්ට ලබාදෙන අපූරු පොලී මුදලාලි කෙනකු ගැන නගරයේ ති‍්‍රරෝද රථ නැවතුමේ ති‍්‍රරෝද රථ රියැදුරන්ට ආරංචිය ආවේ ඒ අන්දමටය.

    ‘‘අනේ නිකං හිටහං සල්ලි ටික එකතු කරගෙන පොල්ලක් තියල යන පොරක්ද දන්නේ නෑ’’ තවෙකෙකු කීවේය.

    ‘‘නෑ... නෑ... මෙයා පොරක් නෙවෙයි හොඳ අක්කා කෙනෙක්. මගේ වීල් එකෙත් කීප වතාවක්ම ගමන් ගිහිල්ලා තියෙනවා. දැන් ගොඩක් අය එයා ළඟ සල්ලි දානවා. විශ්වාසයි.

    පොලොන්නරුවේ සේවාගම පොලී අක්කා ගැන කටින් කට ආරංචිය ගියේ ඒ අන්දමටය. සමහරු ඇයට කීවේ පොලී නංගී කියාය. මන්ද ඇය තරුණ වයසේ පසුවූ එක්දරු මවක බැවිනි. තමන් වෙත පැමිණෙන ගනුදෙනුකරුවන් ඇද බැඳ තබා ගන්නට ඇගේ රූමත් බවද එක් හේතුවක් වන්නට ඇත.

    කෙසේ නමුත් ඇගේ ආකර්ෂණීය පොලිය ගෙවන මූල්‍ය ව්‍යාපාරය ගැන ආරංචිය පැතිර යන්නට වැඩි දවසක් ගතවූයේ නැත. එනිසාම ගනුදෙනුකරුවෝ පෝළිමේ ඈ වෙත එන්නට වූහ. හදිසියකට සුළු මුදලක් පවා අතමාරුවකට කෙනකුට නොදෙන අය පවා පොලී නංගිගේ හිත හොඳ ගනුදෙනුකරුවන්ව සිටි බව කියති. මේ අන්දමට ඇය කරා පැමිණි විවිධ පිරිස් රුපියල් ලක්‍ෂ 30 - 40, 15 - 20 ආදි වශයෙන්ද මුදල් තැන්පත් කරන්නට පෙළඹී ඇත. තවත් සමහරුන් බැංකු පොත්වල දමා ඉතිරි කරගෙන තිබූ මුදල් ද ආපසු ලබාගෙන පොලී නංගී ළඟ තැන්පත් කළහ. එයට හේතුව මුලින් මුදල් ලබාගත් ගනුදෙනුකරුවන්ට මේ පොලී කාන්තාව ගිවිස ගත් පරිදි නියමිත පොලී ප‍්‍රමාණය ඒ ආකාරයෙන්ම ගෙවීමත්, ඒ ආරංචිය තටු ලැබ ඉතා වේගයෙන් බොහෝ ඈතට ඉගිල යෑමත්ය.

    කිසිවකුත් සැක පහළ නොකළ මේ කාන්තාවගේ පොලී ව්‍යාපාරය දවසින් දවස සරු විය.

    විශ‍්‍රාමික රජයේ සේවකයන්, ස්වයං රැකියාවල නිරතව දෛනිකව මුදල් ඉපැයූ උදවියද ඉහළ පොලිය අපේක්‍ෂාවෙන් මුදල් තැන්පත් කර බලා උන්හ. ඇතැම් කාන්තාවන් මැයගේ මේ ඉහළ පොලියට කෙතරම් ගිජුවී ද යත් තම කනකර පැළඳ සිටි රන් අබරණ ගලවාදී ඒවා උගස් කර මුදල් ලබාගෙන තැන්පතු ලෙස රඳවා ගන්නැයි භාරදී තිබෙන බවද දැනගන්නට ලැබිණි.

    කිරි දෙනුන් ඇතිකර දිනපතා කිරි විකුණා ආදායම් ලැබූ ස්වයං රැකියාවක නිරතව සිටි කාන්තාවක ඒ කිරිවලින් ලැබෙන ආදායම සහ කිරි දෙනුන් විකුණා එකවර මුදලක් ලබාගෙන පොලී වශයෙන් ලැබෙන මුදල කොපමණ ද යන්න ගණන් බලා තිබේ.

    කිරි හරකුන් නඩත්තු කිරීමට ගතවන කාලය, වෙහෙස මෙන්ම ලැබෙන ආදායම ද අනුව බලන විට කිරි දෙනුන් විකුණා ගත හැකි මුදලට ලොකු පොලියක් ලබාගත හැකි බව කල්පනා කළාය. ඒ අනුව ඇය කළේ වහාම කිරි දෙනුන් තැරැව්කරුවකු මගින් විකුණා ලබාගත් මුදල එකෙණෙහිම පොලී කාන්තාවට ලබා දීමයි.

    මේ ආකාරයට සමාජයේ විවිධ තරාතිරම්වල ගනුදෙනුකරුවන් විශාල පිරිසක් ඒකරාශි කරගෙන සිටි පොලී කත පසුගිය දිනෙක හිටි අඩියේ අතුරුදන් වී තිබිණි.

    ඇය සොයාගෙන ඈ පදිංචි වී සිටි සේවාගම පිහිටි කුලී නිවස වෙත පැමිණි ගනුදෙනුකරුවන් පිරිසකට දැක ගැනීමට ලැබී ඇත්තේ ඒ නිවසේ දොරගුලූ දමා තිබෙන අන්දමයි.

    ටික වේලාවක් දොරට තට්ටු කළ නමුත් පාලූ නිවස තුළින් කිසිදු ප‍්‍රතිචාරයක් නොලද නිසා ඇගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබා ගත්හ. එයින් ලැබුණු පිළිතුරු ප‍්‍රතිචාරයක් නැත යන්නයි.

    ‘‘පොලී නංගී මාරුවෙලා.’’

    ඒ ආරංචියද වැඩිදෙනා අතරට යන්නට එතරම් කාලයක් ගතවූයේ නැත.

    ආකර්ෂණීය පොලියක් අපේක්‍ෂාවෙන් මුදල් තැන්පත් කළ උදවියගේ බඩපපුව හෝස් ගා පත්තු වී ගියේ එවිටය.

    ඇතැමුන් පොලොන්නරුව පොලිසියට සහ පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ විශේෂ වංචා විමර්ශන අංශය වෙත පැමිණ පැමිණිලි කරන්නට වූහ.

    තමන් සතු මුදල් රුපියල් ලක්‍ෂ ගණනින් පොලී කාන්තාව ළඟ තැන්පත් කළ බව ඔවුහු සිය ප‍්‍රකාශවලින් කියා සිටියහ.

    ඒ අනුව පොලිසිය දැනට සිදුකර තිබෙන විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මේ කාන්තාව විසින් වංචනිකව ලබාගෙන ඇති මුදල රුපියල් කෝටි 04 ක් පමණ වන බවයි.

    ‘‘පොලී නංගීගේ’’ ගැටයට හසුවුණු තවත් සමහරුන් සමාජයට මුහුණදීමට නොහැකිව දැඩි ලැජ්ජාවකින් පසුවන බවද දැනගන්නට ඇත.

    ඒ නිසාම පොලිසියට පැමිණිලි කිරීමට යාමට බොහෝ දෙනා මැළිකමක් දක්වන බවද වැඩිදුරටත් අනාවරණය විය.

    මේ වනවිට ප‍්‍රදේශය හැර ගොස් සිටින බවට තොරතුරු ලැබී තිබෙන සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු සිදුකරන බව පොලිස් නිලධාරීහු කියති.

    ‘‘අපි හිතුවෙ නෑ ඒ නංගී එහෙම කෙනෙක් කියලා. ඒකයි අපි සල්ලි දුන්නේ.’’ වැඩි පොලියක් ලබාගැනීමේ අපේක්‍ෂාවෙන් මුදල් තැන්පත් කර සිහින බොඳවූ තරුණයෝ කිහිප දෙනෙක් අප සමඟ පැවැසූහ.

    ඔවුන් කිහිප දෙනාගේ පමණක් නොව මේ කාන්තාව වෙත මුදල් දී ඒවා ආපසු නොලද සියලූම දෙනාගේ සිහින මාළිගා දැන් සුනු විසුණුවී ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.

    සමාජයේ වෙසෙන විවිධ තරාතිරම්වල පුද්ගලයන්ගේ වංචනික කි‍්‍රයා පිළිබඳව නොඅඩුව අසන්නට ලැබෙන මෙවන් අවදියක පොලොන්නරුවේ සේවාගම සහ ඒ අවට බොහෝ පිරිසකගේ ඇස් වසා රුපියල් කෝටි 04 ක පමණ මහා පරිමාණ මුදල් වංචාවක් සිදුකරන්නට මේ කාන්තාවට හැකියාව ලැබුණේ කෙසේද යන්න විමතිය දනවන කරුණකි.

    කෙසේ නමුත් පොලිසිය පවසන්නේ මේ සැකකාර කාන්තාව නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා කි‍්‍රයාකරගෙන යන බවයි.

    පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධම්මික වීරසේකර, පොලිස් අධිකාරි තිස්ස ලාල්ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පොලොන්නරුව මූලස්ථාන පොලිසියේ වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්‍ෂක ඞී. එම්. එස්. කේ. දිසානායක, පොලොන්නරුව විශෙෂ වංචා විමර්ශන ඒකකයේ ස්ථානාධිපති, පොලිස් පරීක්‍ෂක දුමින්ද ප‍්‍රනාන්දු යන මහත්වරුන් ප‍්‍රමුඛ විශේෂ පොලිස් කණ්ඩායමක් ඒ සඳහා කටයුතු කරති.


    :angry::angry::angry:
     
    • Like
    Reactions: HSW

    SFG

    Active member
  • Apr 11, 2016
    196
    77
    28
    සක්විතිලට අහුවෙලා මට්ටුවෙලා නැති මිනිස්සු දැන දැන අමාරුවේ වැටෙන්නේ තණ්හාවට ගිහින්.ඔහොම වෙන්න ඕන මෝඩ වැඩ කරනවට :angry::angry::angry::angry:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඉකිමන් කාසි හොයන්ඩ තියෙන තණ්හාව හින්ද මිනිස්සු පරණ සිද්ධි වලින් පාඩම් ඉගෙන ගන්ඩ කැමති නෑ. සක්විති, දඬුවම් මුදලාලි වගේ සිද්ධි ගැන සැලකිල්ලෙන් බැලුවනම් මේකත් scam එකක් කියල ලේසියෙන් අඳුරගෙන බේරෙන්ඩ තිබ්බා. දැන් ඔය සල්ලි දාලා අමාරුවේ වැටුණු ජාතියේ මිනිස්සුන්ට මේක වංචාවක් කියල කලින් කවුරුහරි කිව්වට පිළිගන්නෙත් නෑ.
    මගේ යාලුවෙක් මට Bannercuts කියල එහෙක adds බලන්ඩ කතා කරනවා. package එකක් අරන් adds බලපුහාම සතියට ගානක් දෙනවලු. ඒක අහපුහම මතක් උනේ Seagull scam එක. මම elakiri එකේ ඒ scam එක ගැන තියෙන threads වල links යැව්වා දෙකේම එකම system එක වෙන්නේ කියල පෙන්නන්ඩ. ඒ උනාට මිනිහා ඒක පිලිගන්නේ ම නෑ. ලුමිනස්, පැනෝරා වගේ add බලන scams වලට අහු උන මිනිස්සු ඉද්දිත් Bannercuts වලට සල්ලි දාන්ඩත් ඕනෑ තරම් මිනිස්සු ඉන්නවා. පරණ ඒවා පෙන්නුවට "ඒවා එහෙම උනාට මේක එහෙම නෑ." කියල කියන්නේ.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    meya dan pitarata gihin athi.. monawa unath loku mudalak ne.. paw itin asarana minissuge salli.
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඇයි බං මුන් පාඩමක් ඉගෙන ගන්නේ නැත්තේ? :oo:
    අනික ඇයි මුන් නිකන්ම ඉඳලා සල්ලි හොයන්න යන්නේ?

    පව් ඉතින් මොනවා උනත්. :sorry:
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඕක පොළොන්නරුවේ විතරක් නෙමේ. ලංකාවේ හැම තියෙනවා. මේ සල්ලි ගත්ත කෙනා මෙව්වා ආයේ දෙන්න ඇති මිට වඩා පොලියට වෙන වෙන අයට.

    දැන් සාමානයෙන් ලංකාවේ වෙන්නේ මෙහෙමයි.

    සල්ලි තියෙන මිනිස්සුගෙන් එව්වා ගන්නවා පොලි කෝස් එක කරන අය සීයට 10 වගේ පොලියට.ඒ කියන්නේ රුපියල් ලක්ෂයකට මාසෙට පොලිය දහදාහයි. ඉතිං අර ලක්ශේ අරං ඕක කොටස් කරලා වෙන වෙන අයට ආයේ පොලියට දෙනවා සීයට පහලව, විස්ස වගේ එව්වට. නැත්තන් ඔඩී කඩනවා.

    ඉතිං මෙහෙම පොලි කරන එක කරනවා නං කල්පනාවෙන් කරන්න ඕනි. මොකද මම පොලි කරන කෙනෙක් නං(උදාහරණයක් ලෙස), වෙන කාගෙන් හරි සල්ලි ගද්දි මාස තුනකට වගේ ගන්නේ.

    හැබැයි මම එව්වා ආයේ පොලියට දෙද්දී දෙන්නේ දවස ගානේ. ඒ කියන්නේ අද ලක්ෂයක් පොලියට දුන්නා නන ඒක හෙට ගන්නවා රුපියල් 500 ක පොලියත් එක්ක. නැත්තන් රුපියල් 700 ක පොලියත් එක්ක. (මෙහෙම දවසට පොලියට ගන්නා අය ඕනි තරං ඉන්නවා. වෙළෙන්දෝ එහෙම සැහෙන්න මෙහම ගන්නවා. දැන් හිතන්න මාළු බිස්නස් එකක් කරන කෙනෙක් ඉන්නවා. එයට සල්ලි නෑ මාළු ගෙන්න. ඉතිං එයා දවසට රුපියල් 700 පොලියට රුපියල් ලක්ෂයක් අරං එකේ මාළු ගෙනත් විකුනනවා. කොහොමත් ඒකෙන ලාබෙ හත්අටදහාක් හෙව්ව හැකිනේ.)

    ඔඩි කඩන්නේත් එහෙමයි. ලක්ෂ දහයේ වගේ ඔඩි එකක් කඩනවා නං එක දවසට රුපියල් 5000 ක් ගන්නවා.එහෙම කරන්න ඕනි ගේමක් මේක. හැබැයි කොච්චර කරත් කොයි වෙලේ හරි හිර වෙනවා.

    මොකද අපි සල්ලි දුන්නු අය පොල්ල තිබ්බොත් අපිට වෙන්නේ අපි සල්ලි ගත්තු අයට පොල්ල තියන්න. ලක්ෂයක් කියන එක මම මෙතන උදාහරණයක් ලෙස ගත්තට කෝටිය දෙක දවසට පොලියට ගන්නා අය ඉන්නවා. ඒ කියන්නේ එක දවසට පොලිය විතරක් පනස්දාහ, ලක්ෂෙ වෙනවා

     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මෙච්චර දේවල් රටේ වෙද්දිත් පාඩමක් ඉගෙන ගන්නේ නැති මේ වගේ මෝඩ මිනිස්සු ඉන්නවනේ. අධික තන්හාව තමයි
     

    Similar threads