WEDDING HALL IN KANDY

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    මචංලා..

    මට මහනුවර අවට වෙඩින් හෝල් ගැන විස්තර ටිකක් ඕනේ..

    - PLATE PRICE රු. 4000ට අඩු රසවත් කෑම වේලක් ලැබෙන
    - ඡායාරූප සදහා හොද වටපිටාවක් තියන
    - සුහද ශීලි කාර්්‍යමණ්ඩලයක් ඉන්න
    - පහසු ගමනාගමන හැකියාවක් තියන

    හොටෙල් මොනවද කියල කියන්න...


    :yes::yes::yes:REP 13++ බැගින් දෙනු ලැබේ..:yes::yes::yes:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    අම්පිටියේ ගෝල්ඩන් ක්‍රවුන් හෝටලය නම් පංකාදුයි හැබැයි උඹේ බජට් එකට සෙට් වෙන්නේ නැහැ. දීල තියෙන විස්තර අනුව නම්



    අමායා / රන්දෝලි ( ගමනාගමනය අපහසුයි / අනිත් ඒවා සුපිරි )
    ටෝමලීන් ( ගමනා ගමනය අපහසුයි )


    අර්ල්ස් රීජන්සි ඔය කියන දේවල් ටික තියෙනවා. හොද ලස්සන වටපිටාවක් තියෙනවා ෆොටෝ වලට. නුවර ඉදන් තැන්නකුඹුර යන්න ඕන. ඔය කියල තියෙන විදිහට රෙකමන්ඩ් කරන්න පුලුවන් එතන.



    පේරාදෙණිය රෙස්ට් හවුස් කෑම රසයි ගානත් ෂේප් මල් වත්තට අල්ලපු වැට වගේ. ඒත් හෝල් 3 ක් තියෙනවා වෙඩින් 3 ක් සෙට් උනොත් පාකින් ප්‍රශ්න තදබදේ වගේ දැකල තියෙනවා.


    රෝයල් කැන්ඩියන් හෝටලය කෑම සුපිරියි කීප සැරයක් ඔතනට යන්න සෙට් වෙලා තියෙන නිසා දන්නවා. ලගා වෙන්න ඉතාම පහසුයි කින්ග්ස්වුඩ් පාසල ඉදිරිපිට. පාකින් තියෙනවා ඇති වෙන්න. ෆොටෝ වලට දර්ශනීය පරිසරයක් නම් නැහැ. ප්ලේට් 2500 වගේ ඉදන් ඉහලට තියෙනවා. මේ ගනන් වෙනස් වෙන්න පුලුවන්.