මහින්දගේ_බහුතරය_සම්පුර්ණයි
මහින්දගේ බහුතරය සම්පුර්ණයි ! පාර්ලිමේන්තුවත් කැඳ වෙයි !!
පසුගිය 26 වනදා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව මෙතෙක් සම්පූර්ණ කරගත නොහැකිව තිබුණු පාර්ලිමේන්තු බහුතර බලය ශ්ඊ ලංකාවේ පස්වන විධායක ජනාධිපති, අගමැති, අතිගරු මහින්ද රාජපක්ෂ මැතිඳුන් විසින් සාක්ෂාත් කරගෙන ඇති බව මහත් ප්‍රීතියෙන් යුතුව දැනුම් දෙනු ලැබේ.
මහින්ද මැතිඳුන් වෙත සහාය පළ කළ යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 10 දෙනෙක් ස්වාධීන වන්නට ගත් තීරණය සැළවීමත් සමග වහාම ක්‍රියාත්මක වූ අතිගරු චීන ජනාධිපති ෂී ජින් පින් මැතිඳුන් විසින් පාර්ලිමේන්තු බහුතරය සකස් කර ගැනීම සඳහා එතුමන්ගේ සහාය ලබාදෙන්නට තීරණය කර තිබේ.
ඒ අනුව, පාර්ලිමේන්තු බහුතරය පෙන්වීම සඳහා චීන පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රීවරුන් 27 දෙනෙකු ශ්‍රී ලංකාව වෙත පිටත් කර එවා ඇති අතර ඔවුන් මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ වෙත තව ස්වල්ප වේලාවකින් ළඟා වීමට නියමිතය.
දැනට මහින්ද මැතිඳුන් සමඟ 86 දෙනෙකුගෙන් යුත් සාතිශය බහුතරයක් සිටින නිසා මෙම චීන මන්ත්‍රීවරුන් 27 දෙනාත් සමග 113ක පාර්ලිමේන්තු බලය සපිරෙනු ඇත.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් යම් නීතිමය ගැටළුවක් ඇත්දැයි සොයා බැලීම සඳහා උදිත ලොකුබණ්ඩාර මහතා විසින් හිටපු අගවිනිසුරු, නීති විශාරද, ප්‍රවීණ සූපවේදී, ගායන ශිල්පී සරං නැද්ද සිල්වා මහතා අමතා ඇති අතර එහිදී "ඇයි මීට කලින් ඔය පාර්ලිමේන්තුවෙ ඇමරිකන් කාරයෙකුත් හිටියා දැකලා නැද්ද ? අනේ නිකම් යනවා මනුස්සයෝ යන්ඩ වැඩක් බලාගෙන" යනුවෙන් ඒ මහතා ඉතා සුභවාදී ප්‍රතිචාරයක් දක්වා ඇති බවයි වාර්තා වන්නේ.
පුරවැසිභාවය සම්බන්ධයෙන් ගැටළුවක් මතුවුවහොත් ඊට මුහුණදීම සඳහා සියළුම චීන පුරවැසියන් වෙත ශ්‍රී ලංකාවේ සම්මානනීය පුරවැසිභාවය ලබාදීමට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ විධිවිධාන ගැසට් පත්‍රයක් ද නිකුත් කර ඇති බවත් එය මේ මොහොතේ රජයේ මුද්‍රණාලයේ මුද්‍රණය වෙමින් පවතින බවත් වැඩිදුරටත් වාර්තා වේ.
මෙතෙක් බහුතර බලය ලබාගැනීම සඳහා නිහඬවම විශිෂ්ඨ මෙහෙවරක නියුතු වූ අතිගරු බැසිල් රාජපක්ෂ මහතා සිය නිහඬතාවය බිඳිමින් මේ මොහොතේ ප්‍රකාශ කර ඇත්තේ දැන් නම් පාර්ලිමේන්තුව කැඳ විය හැකි බවයි. එය කැඳ හැළියක් වුව ද විය හැකි බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
තුනෙන් දෙකක බහුතරය ලබාගන්නා හැටි ඉදිරියේදී බලාපොරොත්තු වන්න ....