~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

thanujaka

Well-known member
  • ළමයි නැතුව ඉඳිද්දී මලොත් වයිෆ්ට භාගයයි,ඉතුරු භාගේ දෙමවුපියන්ට.
    දෙමවුපියෝ නැත්නම් ඒ භාගේ සහෝදර සහෝදරියන් අතර බෙදෙනවා.ළමයි හිටියොත් භාගයක් වයිෆ්ට,ඉතුරු භාගේ දරුවන් අතර සමසේ බෙදෙනවා.

    මෙහෙම නේද බෙදන්නේ?

    අපේ තාත්තගේ දේපල බෙදුනේ අම්මට 1/2යි.ඉතුරු භාගේ අපි 3 දෙනාට බෙදුවා.

    මහප්පා බැඳලා ළමයි හිටියේ නෑ.ඒයා නැති වුනාම 1/2ක් ඒයාගේ වයිෆ්ට,ඉතුරු 1/2 මහප්පගේ සහෝදර සහෝදරියන් අතරේ බෙදුනා.

    හරිම නීතිය පොතේ තියෙන එක තමයි ඔය මම උඩින් දාල.. ඒක තමයි නිවැරදිම ක්‍රමය...
    ලමයින්ට 1/4..
    නමුත් ඒක අසාධාරණයි..
    තාත්තා මලාම ලමයින්ගේ අම්ම තනිවෙනවා සහ ලමුන් අසරණ වෙනවා..
    ඒ නිසා විනිසුරුවරුන් මානුශීයව බලලා 1/2 ලමුන් අතරේ බෙදාදෙනවා..
    හැබැයි තාත්තගේ අම්ම තාත්ත නඩු කියන්න ගියොත් එයාලට 1/4 ලැබෙනවා..
    නාකි මිනිස්සුන්ට වඩා දේපොල ඕන හැදෙන උන්ට නිසයි එහෙම කරන්නේ..
    ඒක විනිසුරුවරු විසින් කරන දේ මිසක් නිවැරදිම නීතිය අරක .
     
    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    නඩුවකදී සාක්ෂි දෙනකොට මුලින්ම දිවුරුමක් දෙනවා. ඊට පස්සේ අපි හිතමු හොරකමක් කරපු එකෙක් ගැලවෙන්න හිතාගෙන බොරු කියනවා. පස්සේ උසාවිය තීන්දු කරනවා උ හොරකම් කල බව. එකට දඩුවම් දෙනවා. එතකොට උ උසාවියට බොරු කිව්වා කියල දඩුවම් දෙන්නේ නෑනේ. ඒ මොකද ?
     
    thanujaka

    Well-known member
  • ekedi kiyanne nadda "boru kiyanne na" / usawiyata apahasa karanne na / usawiye gawrawaya rakinawa / nomaga yawanne na ... blah blah blah wage monawama hari deyak??? :rolleyes:

    අධිකරණයේ ගෞරවය ආරක්ශා කරන බවටත්, වගකීමෙන් සහ කැපවීමෙන් කටයුතු කරන බවටත් කියලා තමයි ඕත් එක දෙන්නේ..
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    348
    83
    ආ එහෙනං ප්‍රශ්නයක් නෑ.. බැරිම උනොත් උසාවියට ගිහිල්ලා නෙරපාහැරීමේ නියෝගයක් ගන්න ඕනේ.
    චෙක් ලැබිලා නං ගැටළුවක් ඇත්තෙම නෑ..

    සමා වෙන්න ඕනේ ..

    දැන් තමයි පොර සීන් එක හරියට කිව්වේ.
    Cheque කිව්වට අවරුදු 15 ටම ලැබිල තියෙන්නේ cheque 2යි. ඒකත් දාල තියෙන්නේ වෙන account වලට එයාගේ නෑදෑයන්ගේ.
    Key money දෙනකොටවත් ලියවිල්ලක් අරන් නෑ ..අව්රුදු 15 ට කලින් ලිව්ව බදු ඔප්පුවත් register කරලා නෑ .. මාසේ ගානේ සල්ලි අතින් දීල මිසක් prove කරන්න ලියවිලි නෑ..
    මේ තත්වෙ අනුව මොකද කරන්න ඕනේ කඩේ ගන්න නම් ?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Drawing2-Model.jpg

    A-අඩි 20ක් පළල නගරසභාවට අයත් පොදු මාර්ගය
    B- C හා D යන ඉඩම් දෙකට පමණක් භාවිතා කල හැකි අඩි 10ක් පළල පවුද්ගලික මාර්ගය
    C-මා හට අයත් ඉඩම.
    D-වෙනත් අයකුට අයත් ඉඩමක්
    E-වෙනත් අයකුට අයත් ඉඩමක්

    මේකයි ප්‍රස්නේ ඔය E කියන ඉඩමට පාරක් නැහැ.ඒක අක්කර 2ක් විතර ඉඩමක්.ඔය E ඉඩම අයිති කෙනා D කියන ඉඩම මිලදී ගන්න හදන්නේ. D ඉඩම අයිති කෙනාත් කැමතියි විකුණන්න.මේ ඉඩම E කියන ඉඩමේ අයිතිකාරයා D ඉඩම මිලදී ගෙන E සහ D යන ඉඩම් දෙකම, එක ඉඩමක් ලෙසින් ලියාපදිංචි ක්ලාම E කියන ඉඩමට B කියන මාර්ගයේ අයිතිය ලැබෙනවාද?

    E ඉඩමේ එකා හදන්නේ මේ ඉඩම කට්ටි කරලා විකුනන්න.එහෙම විකුණනවා නම් අඩි 20ක ප්‍රවේශ මාර්ගයක් පෙන්වන්න ඕනි.එතකොට ඉහත B පාර අඩි 10ක් නිසා මාගේ C ඉඩමෙන් තවත් අඩි 10ක් ඔහුට නීත්‍යානුකූලව ලබා ගැනීමේ(නඩු මාර්ගයෙන්) හැකියාවක් පවතිනවද?
     
    thanujaka

    Well-known member
  • නඩුවකදී සාක්ෂි දෙනකොට මුලින්ම දිවුරුමක් දෙනවා. ඊට පස්සේ අපි හිතමු හොරකමක් කරපු එකෙක් ගැලවෙන්න හිතාගෙන බොරු කියනවා. පස්සේ උසාවිය තීන්දු කරනවා උ හොරකම් කල බව. එකට දඩුවම් දෙනවා. එතකොට උ උසාවියට බොරු කිව්වා කියල දඩුවම් දෙන්නේ නෑනේ. ඒ මොකද ?

    ඒ දිවුරුම දෙන්නේ බං ඇත්තටම කෙනෙක් කතා කරන වචන වල වගකීම ඒ කෙනා මත පවරන්න..
    මිනිස්සු පස්සෙ කියනවනේ මම එහෙම කිව්වේ අරය කිව්ව නිසා මෙයා කිව්ව නිසා කියල.. එහෙම නැතුව බොරු කියන එක ඒකට අදාල කරගන්නේ නෑ හැමෝම කියන්නේ වැරදි කාරයෝ බොරුනේ කූඩුවේ..
     
    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    14 days තියනවා..
    එච්චරයි ඉන් පස්සේ ඇප දෙනවා මචං..

    එහෙම දවස් 14 ක් තබා ගන්නා එකෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද ?
     
    thanujaka

    Well-known member
  • ape ekekge athin accident ekak wela ban..

    porage wedding ekata 7 days

    e gana hithala 14 adu karan nadda ban

    14 අඩු කරලා උසාවියෙන් දෙන්නේ නෑ..
    14 හම්බුනාම සතියකට පස්සේ ඒ කියන්නේ දවස් 5කින් වගේ මෝශන් එකක් දාන්න..
    එතකොට ඇප ගන්න පුළුවන්..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙම දවස් 14 ක් තබා ගන්නා එකෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද ?

    මහජන කෝලහාල වැලැක්වීම,සාක්ශිකරුවන්ට තර්ජනය කිරීම් බියවැද්දවීම් නවත්වාගැනීම,වින්දිතයන්ගෙන් චූදිතයාට වන හානි වලක්වාගැනීම,

    ඕක තමයි කියන්නේ වෙඩින් තියාගෙන අරහේ මෙහේ යන්න එපා කියලා
     
    Last edited:

    thanujaka

    Well-known member
  • සමා වෙන්න ඕනේ ..

    දැන් තමයි පොර සීන් එක හරියට කිව්වේ.
    Cheque කිව්වට අවරුදු 15 ටම ලැබිල තියෙන්නේ cheque 2යි. ඒකත් දාල තියෙන්නේ වෙන account වලට එයාගේ නෑදෑයන්ගේ.
    Key money දෙනකොටවත් ලියවිල්ලක් අරන් නෑ ..අව්රුදු 15 ට කලින් ලිව්ව බදු ඔප්පුවත් register කරලා නෑ .. මාසේ ගානේ සල්ලි අතින් දීල මිසක් prove කරන්න ලියවිලි නෑ..
    මේ තත්වෙ අනුව මොකද කරන්න ඕනේ කඩේ ගන්න නම් ?

    හරි අතින් හරි මෑතකදි සල්ලි අරං තියෙනවද?
     
    thanujaka

    Well-known member
  • එහෙම දවස් 14 ක් තබා ගන්නා එකෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද ?

    මහජන කෝලහාල වැලැක්වීම,සාක්ශිකරුවන්ට තර්ජනය කිරීම් බියවැද්දවීම් නවත්වාගැනීම,වින්දිතයන්ගෙන් චූදිතයාට වන හානි වලක්වාගැනීම,

    ඕක තමයි කියන්නේ වෙඩින් තියාගෙන අරහේ මෙහේ යන්න එපා කියලා

    මේක හරි
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    14 අඩු කරලා උසාවියෙන් දෙන්නේ නෑ..
    14 හම්බුනාම සතියකට පස්සේ ඒ කියන්නේ දවස් 5කින් වගේ මෝශන් එකක් දාන්න..
    එතකොට ඇප ගන්න පුළුවන්..

    okay macn thanks
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ape ekekge athin accident ekak wela ban..

    porage wedding ekata 7 days

    e gana hithala 14 adu karan nadda ban

    තීන්දුව දුන්නාට පස්සේ "හනිමුන් යන්න තියනවා" "කුබුර හාන්න යන්න තියනවා" වගේ එකක් කියල මෝසමක් දාන්න. හැබයි ඉතින් ලොකු අනතුරක් කරලා නම් නිවී සැනසිල්ලේ හනිමුන් යන්න බැරි වෙයි බන්. (මෙය වෘත්තිමය පිළිතුරක් නොවන බවත් සුදුසුම පිළිතුර සම්පත් දායකතුමා විසින් ලබා දෙන බවත් සලකන්න)
     
    thanujaka

    Well-known member
  • Drawing2-Model.jpg

    A-අඩි 20ක් පළල නගරසභාවට අයත් පොදු මාර්ගය
    B- C හා D යන ඉඩම් දෙකට පමණක් භාවිතා කල හැකි අඩි 10ක් පළල පවුද්ගලික මාර්ගය
    C-මා හට අයත් ඉඩම.
    D-වෙනත් අයකුට අයත් ඉඩමක්
    E-වෙනත් අයකුට අයත් ඉඩමක්

    මේකයි ප්‍රස්නේ ඔය E කියන ඉඩමට පාරක් නැහැ.ඒක අක්කර 2ක් විතර ඉඩමක්.ඔය E ඉඩම අයිති කෙනා D කියන ඉඩම මිලදී ගන්න හදන්නේ. D ඉඩම අයිති කෙනාත් කැමතියි විකුණන්න.මේ ඉඩම E කියන ඉඩමේ අයිතිකාරයා D ඉඩම මිලදී ගෙන E සහ D යන ඉඩම් දෙකම, එක ඉඩමක් ලෙසින් ලියාපදිංචි ක්ලාම E කියන ඉඩමට B කියන මාර්ගයේ අයිතිය ලැබෙනවාද?

    E ඉඩමේ එකා හදන්නේ මේ ඉඩම කට්ටි කරලා විකුනන්න.එහෙම විකුණනවා නම් අඩි 20ක ප්‍රවේශ මාර්ගයක් පෙන්වන්න ඕනි.එතකොට ඉහත B පාර අඩි 10ක් නිසා මාගේ C ඉඩමෙන් තවත් අඩි 10ක් ඔහුට නීත්‍යානුකූලව ලබා ගැනීමේ(නඩු මාර්ගයෙන්) හැකියාවක් පවතිනවද?

    B මාර්ගය පාවිච්චි කරන්න අයිතිය E ට ලැබෙනවා..

    නෑ කොහෙත්ම නෑ..
    උඹේ ඉඩමෙන් නඩු කියලා ඌට අඩි10ක් ගන්න බෑ..
     
    • Like
    Reactions: shaminda peiris