අගවිනිසුරු නීතිපති විරුද්ධයි;

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
අගවිනිසුරු නීතිපති විරුද්ධයි;

අද මධ්‍යම රාත්‍රී පාර්ලිමේන්තුව නීති විරෝධීව විසිරුවයි..! අගවිනිසුරු නීතිපති විරුද්ධයි; මැතිවරණ කොමිසමේ සභාපතිගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මතයන් මෙන්න

(ලංකා ඊ නිව්ස් -2018.නොවැ.09, ප.ව.8.35 -දෙවන සංස්කරණය ප.ව.9.30) පිස්සු ජනාධිපති ගමරාළ තමාට නැති බලතල පවරා ගනිමින් අද මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව නීති විරෝධී අන්දමින් විසිරුවා හැරීමට තීරණය කර තිබේ.

මේ වන විට රජයේ මුද්‍රණාලය, පොලිස් දෙපාර්තමේන්තුව සහ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය ජනාධිපති යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශයට පවරා ගනිමින් අමාත්‍යංශ වල විෂය පථය සඳහන් ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ අද උදෑසන සහ සවස දෙවතාවක් හමුවී සාකච්ඡා කර ඇති අතර එහිදී තව දුරටත් ඔවුන්ට පාර්ලිමේන්තුවේ 113 ක් හදා ගැනීමට නොහැකි බව පිළිගෙන ඇත.

එසේ නමුත් මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුව විසිරුවීමට කැමැත්තක් දක්වා නැත. එසේ වී ඇත්තේ ඊයේ රාත්‍රී මහින්ද සහ බැසිල් හමුවූ පොහොට්ටු කණ්ඩායමේ මන්ත්‍රී පිරිස මේ අවස්ථාවේ මැතිවරණයකට යෑමට අකමැත්ත ප්‍රකාශ කර ඇති නිසාය.

අගවිනිසුරුගේ සහ නීතිපතිගේ මතය
ඉන්පසුව ජනාධිපති පිස්සා විසින් අගවිනිසුරුවරයාගේ අදහස් විමසා ඇති අතර ඔහු පිටු 9 ක ලිපියක් මගින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට මේ අවස්ථාවේ ජනාධිපතිට බලයක් නොමැති බව පෙන්වා දී තිබිණ.

සවස යලිත් වරක් නීතිපතිවරයා කැඳවා ඇති ජනාධිපති පිස්සා පාර්ලිමේන්තුව විසිරුවීම ගැන අදහස් විමසා ඇති අතර නීතිපතිවරයා විසින් ඊට කිසිදු ඉඩ කඩක් නැති බවත් එසේ කළහොත් රට විශාල අර්බුදයකට යන බවත් පවසා ඇත. එහිදී “නීතිපතිතුමා තමුසෙගෙ බම්බුවේ උපදෙස් මට වැඩක් නෑ. මේක කරන්න පුළුවන් හැටියක් බලනවා” යයි පිස්සු ජනාධිපති පවසා ඇති අතර ඒ ප්‍රකාශයෙන් කළකිරීමට පත් වූ නීතිපතිවරයා නැගිට යාමට සූදානම් වෙද්දී ජනාධිපති ලේකම් අතින් අල්ලා වාඩි කරවාගෙන තිබේ. නීතිපති වරයා පෙන්වා දී ඇත්තේ ජනාධිපතිට මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව විසිරුවීමට නොහැකි බවයි.

සරත් නන්දගේ සහ විජමුගේ ලණුව
ඒ සියළු උපදෙස් පසෙකට ලා පිස්සු ජනාධිපති අද මධ්‍යම රාත්‍රී පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට තීරණය කර ඇත. ඔහු පිළිපදින්නේ සරත් නන්ද සිල්වාගේ සහ හිටපු කතානායකවරයෙකු වූ විජමු ලොකු බණ්ඩාරගේ උපදේශයකි. ඔවුන්ගේ උපදේශය වී ඇත්තේ පාර්ලිමේන්තු සැසිවාරය කල් දමා තිබියදී පාර්ලිමේන්තුව පිලිබඳ සියළු බලතල ජනාධිපතිවරයා සතු වන බැවින් විසිරුවා හැරිය හැකි බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 17 වෙනි වගන්තියේ (1) හි පාර්ලිමේන්තු විසිරුවා හැරීම පිළිබඳ හැකියාව සහ නොහැකියාව ගැන සඳහන්ව ඇති නමුත් පාර්ලිමේන්තු සැසිය කල් දමා තිබියදී න‌ොහැකි යයි සඳහන්ව නොමැති යයි සරත් නන්දලාගේ තර්කය වී තිබේ. එය තක්කඩි තර්කයක් මිස නීතිමය තර්කයක් නොවේ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ බහුතරය හදා ගත හැකි වෙතැයි සිතා නීත්‍යාණුකූල අගමැති පන්නා දමා කොහේවත් හිටිය මහින්ද රාජපක්ෂ අගමැතිකර 113 හදා ගැනීමට ගියද එය නොහැකි වීමෙන් පසු සිදුවී ඇති ලජ්ජාව සහ පරාජය වසා ගැනීම සඳහා තවත් අර්බුදයක් නිර්මාණය කරගෙන තිබෙන බව පැහැදිලිය.

හනික කැබිනට්ටුව පුරවයි
මොවුන්ගේ උත්සාහය වන්නේ හනි හනිකට හොර කැබිනට්ටුව සම්පූර්ණ කර ඒ ඇමැති බලතල සමග බලපෑම් සහිත නීති විරෝධී ඡන්දයකට ගොස් තක්කඩි කමින් ජයග්‍රහණයක් ලබා ගැනීමය.

ඒ හේතුව නිසාම හනි හනිකට අද රාත්‍රී තවත් ඇමැතිවරුන් පිරිසක් දිව්රුම් දුන්හ.

ඔවුන් නම්
සී.බී. රත්නායක – තැපැල් හා විදුලි සංදේශ ඇමැති
ජොන්ස්ටන් ප්‍රනාන්දු – වෙළඳ හා වාණිජ ඇමැති
එස්.එම්.චන්ද්‍රසේන – වැවිලි කර්මාන්ත ඇමැති
උදය ගම්මන්පිල – බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමැති
එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා – ජල සම්පාදන ඇමැති (මීට පෙර රාජ්‍ය ඇමැතිධූරයකද දිව්රුම් දී තිබේ)
විමල් වීරවංශ - නිවාස සහ සමාජ සුබ සාධන අමැති

මැතිවරණ කොමිසමේ සභාපතිගේ මතය
මේ අතර ලංකා ඊ නිව්ස් කළ විමසීමක දී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කර සිටියේ නීති විරෝධීව පාර්ලිමේන්තුව විසිරුවා තිබේ නම් එවැන්නක් ගැන ඡන්දයක් පැවැත්වීමට තම කොමිසමට හැකියාවක් නොමැති බවයි. ඡන්දයක් පැවැත්වීමට පෙර පාර්ලිමේන්තුව විසිරුවීම නීත්‍යාණුකූලද නැද්ද යන්න ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් අවශ්‍ය යැයි ඔහු පැවසීය.

ත්‍රිවිධ හමුදාපතිලාගේ මතය
මේ අතර ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මතය වී ඇත්තේ දැනට පවතින අර්බුදය අධිකරණ මගින් සහ පාර්ලිමේන්තුව මගින් විසඳා ගත යුතු අතර එවැනි දෙයකට හමුදාවේ මැදිහත් වීමක් අනවශ්‍ය බවත් මේ අවස්ථාවේ හමුදාවන්හි කාර්ය භාරය නම් රටේ සාමය ආරක්ෂා කිරීම බවයි. සාමය කඩවන දේ සිදුවන්නේ නම් එවිට ඒ ගැන සලකා බැලිය හැකි බව ත්‍රිවිධ හමුදාපති වරුන්ගේ මතයයි. ත්‍රිවිධ හමුදාපතිවරුන් තිදෙනා මේ පිලිබඳ සාකච්ඡා කර ඇතැයිද දැන ගන්නට තිබේ.
 
ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    474759091.jpg
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    යෙකෙ පොනිල් හාමුට ෆුකේ ටමා ඇගිල්ල ගා ගන්න වෙනවා :rofl: