ඊට වඩා වටින දේවල් මේ ත්‍රෙඩ් එකෙන් ලැබෙනවා කියලා තේරෙන්නේ නැද්ද? පුදුම ජාතියක්නේ.


දැන් අර පාර්ලිමේන්තුව විසිරුවාහැරීම ගැන ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන තීන්දුව යම් පුරවැසියෙක් මොනයම් ක්‍රමයකින් හෝ (සමාජ ජාලා මාධ්‍ය ඇතුළුව) විවේචනය කරන්නේ නම් ඔහුට විරුද්ධව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ලක්විය හැකිද? ලබාදෙන දඬුවම කුමක්ද?
විවේචනය කරනවා කියන එක ප්‍රශ්නයක් නෑ, නමුත් අධිකරණයට අපහස සහ අවමන් වෙන අයුරින් විවේචනය කලොත් සිර දඩුවම වසර දෙකයි.

උඩරට නීතිය දැන් වලංගු නැද්ද? ඒකෙ තියන මූලික වෙනස්කම් මොනවද?
එහෙනම් විවාහ ගිවිසගෙන යම් කාලයකට පස්සේ දික්කසාදෙකට නොයා නළුනිලියෝ කොහොමද වෙන් වෙන්නේ .
එලකිරියෙ දැන් පුදුම රෙප් හිගන්නො ටිකක් ඉන්නෙ. කොහෙද මේකෙ මහ එකා 2012 විතර ඉදන් තවම රෙප් සිස්ටම් එක කැන්සල් කරනවනෙ.
ගෙයක් හදද්දී plan එක approve කරගන්න එක නීතියෙන් අනිවාර්ය දෙයක්ද ?
දික්කසාද වෙන්න එහෙම හරි ලේසි..
දෙන්න කැමැතිනං ටක්ගාල ඩිවෝස් වෙන්න පුලුවන්..
දීග විවාහ බින්න විවාහ කියල දෙකක් තියෙනවා..
බින්න බැස්සොත් වයිෆ් මලාම වයිෆ්ගේ දේපොල මුකුත් හස්බන්ඩ්ට අයිති වෙන්නේ නෑ කෙලින්ම ලමයින්ට යන්නේ..
විවාහ නීතිය යටතේ තමයි ඔය වගේ වෙනස්කම් තියෙන්නේ...
තාම වලංගුයි, නමුත් මිනිස්සු පාවිච්චි කරන්නෙ නෑ..

තනුජක අය්යේ, පොඩි ප්‍රශ්නයක් තියෙනවා ගොඩක් අයට ඇති මේ ප්‍රශ්නේ....
ගේදරට එන පාර ආඩි 10 වගේ කොන්ක්‍රීට් පාරක් තියෙන්නේ...
ඒක පටන් ගන්නේ බී ශ්‍රේණියේ පාරකින්, හය් වේ එකට ලග...
ප්‍රශ්නේ ඇවිල්ල පාර අය්නේ මිනිස්සු කොන්ක්‍රීට් ගැට්ට ලගටම තියල වැටවල් දානවා , ගස් ඉන්දනවා , තාප්ප දාල තියෙනවා අඩියක් වගේ තියල.....
වාහනයක යන්න බැ කටු කම්බි පාරට පැනල ...ග්‍රාම සේවකට කම්ප්ලේන් කළා එයා ඇවිල්ල බලල ගියා තාම මුකුත් උනේ නැ ....
මම තාප්පේ දාල තියෙන්නේ පාරට අඩි 3 ඉඩ තියල....
මේකට කරන්න දෙයක් නැද්ද අය්යේ... පුදුම වදයක්, පොඩි ළමය් දෙන්නෙක් ස්කුටියකත් වැදිලා තිබ්බ වංගුවක් ලග... පාර ක්ලියර් නැ..... තැන්ක්ස් අය්යේ.... ඔබට ජය.....
අන්න ඒ පාවිච්චි කරනවා කියන දේ කොහොමද කරන්නේ? උඩරට නීතිය යටතේ විවාහ වීම කියල දෙයක් තියනවද? ඒක කරන්නේ කොහොමද? ඒකට තියෙන්න ඕනේ prerequisites මොනවද?![]()
රෙප් රිටන් කරන්නෙ නෑ කියල චෝදනාවක් ආපු නිසයි මේ දැනුවත් කිරීම කරන්නේ..
රෙප් කොහොමත් අවශ්‍ය නෑ මට..

අයියටත් වෙන වැඩ
ඒකට ඔරිජිනල්ම උඩරැටියෝ වෙන්න ඕනේ.. ඒ කියන්නේ නිදහස ලබන කාලේ වෙනකොට එහේ පදිංචි කාරයො වෙලා හිටපු, උඩරට පෙලපත් නාමයක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ.. දැන් ගාල්ලේ කෙනෙක් නුවර ගිහිං පදිංචි උනා කියල උඩරට නීතිය ගන්න බෑ..
නිදහසට කලින් ඉදලා උඩරැටියෙක් විදිහට ආපු පරම්පරාවක් තියෙන්න ඕනේ..
ඕක කරන්න ලේසි නෑ දැන්..


පිස්ටල් එකක් ලගතබාගෙන අහු උනොත් පොලීසියට දඩුවම මොකක් ද ?
බේරෙන්න බැරිද ? දඩයක් ගෙවලාවත්.
කඩුවක් ගතබාගෙන අහු උනොත් පොලීසියට දඩුවම මොකක් ද ?
බේරෙන්න බැරිද ? දඩයක් ගෙවලාවත්.
මුව අං තට්ටුවක් තිබුනොත් ලග පරණ එකක් අවුරුදු 50 ක් 60ක් පරණ. ගෙයක් සර්ච් කරන වෙලාවකදි පොලීසියට අහුඋනොත් ඒකට හිරේ දාන්න පුලුවන්ද?
වාහනේක එන්ජින් එකක් මාරු කරලා අහුඋනොත් නීතිය කොහොමද? ඒත් හිරේ යන්න වෙනවද? ලයිසන් කැසල් වෙනවද?
ඕකනං විසදන්න වෙන්නෙ ග්‍රාමසේවකටම තමයි..
තාප්ප දාද්දි අඩි 3ක් පාරට අරින්න කිව්වට වැටවල් හෝ අන්දර වැටවල් වලට එහෙම නීතියක් නෑ..
ගොඩින් බේරගන්න තමයි තියෙන්නේ .
පලවෙනි අවස්ථාව සදහා වසර 10කුත්, දෙවනි අවස්ථාව සදහා වසර දෙකකුත් සිර දඩුවම් නියම වෙනවා..
සර්ච් කරනකොට අහු උනොත් කොහොමත් නඩු දානවා..
පස්සේ පරණයි කියලා ඔප්පු කරන්න පුලුවන්..
නමුත් මෙහෙම එකක් තියෙනවා කියල ග්‍රාම සේවකව දැනුවත් කරලා තියන්න එතකොට ප්‍රශ්නයක් නෑ..
දඩේ 50000යි.
