මේක මට හිතුන දෙයක්. ලංකවේ මේ අද විබාගවෙන නඩුවේ තීන්දුව මයිත්රිපාලට වාසි වෙන විදියට විසුරවිම හරියි කියලා තීන්දු කලොත්, අර ඉස්සර කතා උන සිද්දියක් තියනවා නේද ලංකාවේ අදිකරණය ස්වාදීන නැහැ කියලා විශේෂ අදිකරණ ගෙන්න ඕනා කියලා සිද්දියක්. එතැනදී පොසිබිලිටි එකක් තියනවා නේද දෙමෙල්ලුන්ට කියන්න මේ තීන්දුව නිසා අදිකරන්ය ස්වාදීන නැහැ පිටරටවල විනිසුරුවරයන් ඇවිත් මෙහෙ නඩු අහන්න ඕනා කියලා දෙමල මිනිස්සුන්ගේ ගැටළු සම්බන්දයෙන්. ඒ කතාවට මේ නඩු තීන්දුව පුර්විකාවක් කරගන්න පුළුවන් නේද?
එහෙම වෙන්නේ නෑ. අධිකරණය මොන තීන්දුව දුන්නත් ඒකට රටේ සියලු පුරවැසියන් බැඳී සිටිනවා.
විදෙස් රටකට කියන්න බෑ, ඒ තීන්දු වැරදියි කියලා, එහෙම කියන්න ගියොත් ඒ රවල්වල ප්‍රශ්ණ එනවා;
ලඟම උදාහරණය - ගිය සතියේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විදේශ ඇමති කිව්වා, ඔහු හා ජාත්‍යන්තර ප්‍රජාව තවමත් රනිල් වික්‍රමසිංහ අගමැති බව පිලිගන්නවා කියලා.
හැරෙන තැපෑලෙන්, තවත් උත්ත්ර මණ්ඩලයේ ජ්‍යේෂ්ඨයෙක් විදේශ ඇමතිගේ ප්‍රකාෂය විවේචනය කරලා කිව්ව... අනුන්ගේ රටක අගමැති කව්ද කියලා බ්‍රිතාන්‍යයේ විදේශ ඇමති කොහොමද තීරණය කරන්නේ කියලා - කතාව ඇත්තනෙ.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් වෙනස් කරන්නත් ප්‍රතිපාදන තියෙනවා - නැවතත් මෙය සළකාබළන ලෙස අයැදුම් කරන්න පුලුවන්. එතකොට, කලින් තීන්දුව දුන්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් ගණනට වඩා වැඩි ගණනක්, එම අයැදුම සලකලා බලනවා.
වෙනස් කරන්න බැරි, ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම් විනිසුරන්, ඒ කියන්නේ "Full Bench" එකකින් ඒකමතික තීන්දුවක් දුන්නොත් විතරයි.
Last edited:






