අදිකරණ තීන්දුව නිසා සුද්දෝ එයිද?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මේක මට හිතුන දෙයක්. ලංකවේ මේ අද විබාගවෙන නඩුවේ තීන්දුව මයිත්රිපාලට වාසි වෙන විදියට විසුරවිම හරියි කියලා තීන්දු කලොත්, අර ඉස්සර කතා උන සිද්දියක් තියනවා නේද ලංකාවේ අදිකරණය ස්වාදීන නැහැ කියලා විශේෂ අදිකරණ ගෙන්න ඕනා කියලා සිද්දියක්. එතැනදී පොසිබිලිටි එකක් තියනවා නේද දෙමෙල්ලුන්ට කියන්න මේ තීන්දුව නිසා අදිකරන්‍ය ස්වාදීන නැහැ පිටරටවල විනිසුරුවරයන් ඇවිත් මෙහෙ නඩු අහන්න ඕනා කියලා දෙමල මිනිස්සුන්ගේ ගැටළු සම්බන්දයෙන්. ඒ කතාවට මේ නඩු තීන්දුව පුර්විකාවක් කරගන්න පුළුවන් නේද?

    එහෙම වෙන්නේ නෑ. අධිකරණය මොන තීන්දුව දුන්නත් ඒකට රටේ සියලු පුරවැසියන් බැඳී සිටිනවා.

    විදෙස් රටකට කියන්න බෑ, ඒ තීන්දු වැරදියි කියලා, එහෙම කියන්න ගියොත් ඒ රවල්වල ප්‍රශ්ණ එනවා;

    ලඟම උදාහරණය - ගිය සතියේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විදේශ ඇමති කිව්වා, ඔහු හා ජාත්‍යන්තර ප්‍රජාව තවමත් රනිල් වික්‍රමසිංහ අගමැති බව පිලිගන්නවා කියලා.

    හැරෙන තැපෑලෙන්, තවත් උත්ත්‍ර මණ්ඩලයේ ජ්‍යේෂ්ඨයෙක් විදේශ ඇමතිගේ ප්‍රකාෂය විවේචනය කරලා කිව්ව... අනුන්ගේ රටක අගමැති කව්ද කියලා බ්‍රිතාන්‍යයේ විදේශ ඇමති කොහොමද තීරණය කරන්නේ කියලා - කතාව ඇත්තනෙ.

    ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් වෙනස් කරන්නත් ප්‍රතිපාදන තියෙනවා - නැවතත් මෙය සළකාබළන ලෙස අයැදුම් කරන්න පුලුවන්. එතකොට, කලින් තීන්දුව දුන්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් ගණනට වඩා වැඩි ගණනක්, එම අයැදුම සලකලා බලනවා.

    වෙනස් කරන්න බැරි, ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම් විනිසුරන්, ඒ කියන්නේ "Full Bench" එකකින් ඒකමතික තීන්දුවක් දුන්නොත් විතරයි.
     
    Last edited:

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0

    එල. එල. මේවා දැනගෙන ඉන්න එක හොදයි..
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේවගේ කථා තමා බන් තියෙන්න ඕන, නැතිව එක එකාගෙ පුද්ගලිකත්වයට ගහන මඩ ගොඩවල් කුණුහරුප නෙවේ, මෙ ත්‍රෙඩ් එකේ මෙතෙක් ආපු උඹල සේරම එල
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,962
    2
    54,658

    :yes::yes::yes::yes:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මේවගේ කථා තමා බන් තියෙන්න ඕන, නැතිව එක එකාගෙ පුද්ගලිකත්වයට ගහන මඩ ගොඩවල් කුණුහරුප නෙවේ, මෙ ත්‍රෙඩ් එකේ මෙතෙක් ආපු උඹල සේරම එල
    රට හෙන අවුලක් බන්.. සාමාන්‍ය මිනිස්සු වෙන අපිට තේරෙන්නේ නැහැ මොකක් වෙයිද කියලා.
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    මේවගේ කථා තමා බන් තියෙන්න ඕන, නැතිව එක එකාගෙ පුද්ගලිකත්වයට ගහන මඩ ගොඩවල් කුණුහරුප නෙවේ, මෙ ත්‍රෙඩ් එකේ මෙතෙක් ආපු උඹල සේරම එල

    තව ටිකකින් දේශපාලන ඔස්තාර්ලා ටික ඇවිත් රෙයි..:sorry:
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    rANILTA WASI UNOTH THEENDUA RATA THAWA AWUL WENAW
    E PAKAYA DANWATH TERUM GANNA ONA BALAYATA KADARA NOWEE INNA
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,962
    2
    54,658
    113
    රට හෙන අවුලක් බන්.. සාමාන්‍ය මිනිස්සු වෙන අපිට තේරෙන්නේ නැහැ මොකක් වෙයිද කියලා.

    තීන්දුව එනකං නැව ගිලුනත් බෑන් චූන් කියල ඉන්න තියෙන්නෙ :D
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ජනාදිපතිට පක්ශව තීන්දුව දුන්නොත් හොදයි. නැත්තම් කලින්ට වඩා ලොකූ අවුලක් වෙනවා මේ රටේ. අන්න ආයේ ඩොලරය උඩ යාගෙන එන්නෙ ඕක 200 ගහනවා මේ අවුරුද්ද ඉවර වෙද්දි.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    වචනවල අර්තය අනුවද විවස්තාව අර්ත දක්වන්නේ?නැත්තං ඒකට හේතු වුණ අරමුණ බලලද?කොහොම උනත් දැන් කියන විදිහට ආයෙත් බැරිම වෙලා unp එකට වැඩි ආසන ගාමක් ආවොත් ආයෙත් අවුරුද්දක් යනකොට විසිරවන්න පුලුවන්නේ.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඒ කිව්වේ විවස්තාව සම්බන්දවද? නැතිනම් මේ විසුරුවාහැරිම සම්බන්දවද?

    About the Section 33 of the constitution. Whether that should be read with Section 70 or not. An interpretation is on the power of the President to dissolve Parliament, given by the 19th amendment to the constitution.

    Since these are Fundamental Rights applications, they will analyse whether this Act of the President breaches a right of a citizen. Therefore they will first consider merits of this case.
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    වැඩේ තියෙන්නේ 19 තියෙන්නේ පිටු 70ක් විතර,
    මේක සම්මත කරන්ඩ කලින් පාර්ලිමේන්තුවේ හැම එකාටම කොපියක් දෙනවා
    මුන්ට පිටු 70ක් තියන විවස්තාවක් හදාගන්ඩ බැරුව රටක් හදන්නේ කොහොමද?
    පක්ෂ භේදයක් නැ මම කියන්නේ ඔක්කොම එකෙක්වත් ඔකේ වැරද්දක් කිව්වේ නැ නේ
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    වචනවල අර්තය අනුවද විවස්තාව අර්ත දක්වන්නේ?නැත්තං ඒකට හේතු වුණ අරමුණ බලලද?කොහොම උනත් දැන් කියන විදිහට ආයෙත් බැරිම වෙලා unp එකට වැඩි ආසන ගාමක් ආවොත් ආයෙත් අවුරුද්දක් යනකොට විසිරවන්න පුලුවන්නේ.

    ඔය ප්‍රශ්නේ අධිකරණයේදිත් ඇහුවා සුමන්තිරන් -

    ඊලඟට පත්වෙන අගමැතිට මේ ජනාධිපති අකමැති වුනොත් ආයෙත් පාර්ලිමේන්තුව විසුරුවලා චන්දෙකට යනවා වගේ විගඩමක් කරන්න ඉඩ දෙන්න ව්‍යවස්ථා ප්‍රතිපාදන තියෙනවාද කියලා?

    බලමු උත්තරේ - ඔවු නම්, අවුරුද්දකට සැරයක් පාර්ලිමේන්තු මැතිවරණ තියමු ඉතින් :lol:

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113

    වැඩේ තියෙන්නේ 19 තියෙන්නේ පිටු 70ක් විතර,
    මේක සම්මත කරන්ඩ කලින් පාර්ලිමේන්තුවේ හැම එකාටම කොපියක් දෙනවා
    මුන්ට පිටු 70ක් තියන විවස්තාවක් හදාගන්ඩ බැරුව රටක් හදන්නේ කොහොමද?
    පක්ෂ භේදයක් නැ මම කියන්නේ ඔක්කොම එකෙක්වත් ඔකේ වැරද්දක් කිව්වේ නැ නේ

    Because they don’t have the slightest idea of what is constitution. You know priorities of these guys are to make self profits. So they(MPs) will vote for anything their party leaders say and will crossover regularly to make the maximum luxury living.
     
    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43

    එහෙම වෙන්නේ නෑ. අධිකරණය මොන තීන්දුව දුන්නත් ඒකට රටේ සියලු පුරවැසියන් බැඳී සිටිනවා.

    විදෙස් රටකට කියන්න බෑ, ඒ තීන්දු වැරදියි කියලා, එහෙම කියන්න ගියොත් ඒ රවල්වල ප්‍රශ්ණ එනවා;

    ලඟම උදාහරණය - ගිය සතියේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විදේශ ඇමති කිව්වා, ඔහු හා ජාත්‍යන්තර ප්‍රජාව තවමත් රනිල් වික්‍රමසිංහ අගමැති බව පිලිගන්නවා කියලා.

    හැරෙන තැපෑලෙන්, තවත් උත්ත්‍ර මණ්ඩලයේ ජ්‍යේෂ්ඨයෙක් විදේශ ඇමතිගේ ප්‍රකාෂය විවේචනය කරලා කිව්ව... අනුන්ගේ රටක අගමැති කව්ද කියලා බ්‍රිතාන්‍යයේ විදේශ ඇමති කොහොමද තීරණය කරන්නේ කියලා - කතාව ඇත්තනෙ.

    ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් වෙනස් කරන්නත් ප්‍රතිපාදන තියෙනවා - නැවතත් මෙය සළකාබළන ලෙස අයැදුම් කරන්න පුලුවන්. එතකොට, කලින් තීන්දුව දුන්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් ගණනට වඩා වැඩි ගණනක්, එම අයැදුම සලකලා බලනවා.

    වෙනස් කරන්න බැරි, ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම් විනිසුරන්, ඒ කියන්නේ "Full Bench" එකකින් ඒකමතික තීන්දුවක් දුන්නොත් විතරයි.

    අභියාචනාධිකරණයට යන්න බැරිද මේ තීන්ධුවට එරෙහිව?
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    විරුද්ධව තීරණය ආවොත් ජනමත විචාරණයක් ගේන්න ඉඩ තියෙනව. මැතිවරණය ඕනද එපාද අහන්න
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    විරුද්ධව තීරණය ආවොත් ජනමත විචාරණයක් ගේන්න ඉඩ තියෙනව. මැතිවරණය ඕනද එපාද අහන්න

    ඒකත් මැතිවරණයක්නෙ බන්.... ඊට වඩා ලේසි නැද්ද මහ මැතිවරණේ තියලා ඉවරකරන එක......... :rofl::rofl: