මෛත්‍රී ගේම් කාරයෙක්ද?
මෛත්‍රී ගේම් කාරයෙක් ලෙස සමහරුන් හඳුන්වති. ඇත්තටම මෛත්‍රී ගේම් කාරයෙක්ද? මෛත්‍රී ගහපු පලමු ගේම නම් " මාව මරන්න රෝ එකෙන් එනවා"යි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ජනමතයක් තමා වටා එක්කර ගැනීමට ගත් අසාර්ථක උත්සාහයයි. මේ කතාව අසැල්වැසි ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රිකයන් කොතරම් කේන්ති ගැන්වූයේද යත් ඔවුන්ව කූල් ඩවුන් කරගැනීමට දින ගනණක මහත් වෙහෙසක් දැරීමට අපේ විදේශ අමාත්‍යාංශ නිලධාරීනට සිදුවිය. ලෝකය පුරා ශ්‍රිලාංකීය රාජ්‍යය නායකයා ගැන අවඥා සහගත සිනා නැගෙන්නට විය. දෙවැන්න තමාට ඇති මරණ තර්ජනය ගණන් නොගත් බැවින් අගමැති ඉවත් කර "මහින්ද දිනුවා නම් මම අද අඩි හයක් යට'යි කී මහින්ද අගමැති වශයෙන් ව්‍යවස්තාවද උල්ලංඝනය කරමින් දිවුරුම් දීමයි.
යමක් කමක් තේරෙන පුද්ගලයෙක් නම් මේ වන විට ජනාධිපතිවරයාගේ මානසික තත්වය පිලිබඳ සැකයක් ඇති විය යුතුය. ඔහුට එම තනතුරේ රාජකාරී නිසිලෙස කිරීමට තරම් ශක්‍යතාවයක් ඇත්ද යන්න ගැන සාංකාවක් ඇති විය යුතුය.
කෙසේ වෙතත් ඒ ක්රියාදාමයත් විහිලුවක් වන්නේ "අපට තියෙනවායි කී 113" නැති බව ප්‍රසිද්ධියේ පිලිගැනීමට සිදුවීමෙනි. ඒ දෙවැනි නෝංජල් පරාජයයි. ඉන් පසු අගවිනිසුරු සහ ඇටර්නි ජෙනරාල් දෙදෙනාගේම දැඩි විරුද්ධත්වය මැද පාර්ලිමේන්තුව විසුරුවා හැර නැවත වරක් ව්‍යාවස්තාව උල්ලංඝනය කලේය. මේ වන විට එම පියවරද විහිලුවක් වී තවත් නෝංජල් පරාජයක් ගෙනදෙන්නට සමත් වී තිබේ. මේ අංක එකේ ගේම්කාරයෙක්ගේ ලක්ෂණ නම් නොවේ. මේ එක පිට එක තම ගොන් තීන්දු හමුවේ පිස්සු කෙලින මානසික අබාධිතයෙකුගේ ලක්ෂනයි.
ඒත් මේ සකල සිරින් පිරි සිරි ලංකාවේ "පොරවල්" වලට නම් ඔහු තරම් ගේම් කාරයෙකු නැති සෙයකි. ලෝකය මේ විලම්බීතය දෙස බලා සිටින්නේ අවඥාවෙනි. ලාංකිකයන්ට විදේශයන්හී තිබු ගෞරවයත් නැති කිරීමට මේ ගොන් ගමරාලයා සමත් වී තිබේ.මෛත්‍රීගේ ගේම් කතාව අසන විදේශ ලෝකය අපට පශ්චාත් භාගයෙන් සිනාසෙනු නොඅනුමානය."

Last edited: