Forex මාර්කට් එක වැඩ කරන විදිය - Free signals ;)

fdx

Active member
  • Mar 29, 2015
    487
    116
    43
    Risk Management​

    හරි. මුලින්ම අපි මතක් කරගමුකෝ tp එකයි sl එකයි.tp(take profit) කියන්නේ අපි ලාබය ගන්න target එක. sl(stop loss) කියන්නේ අපි loss උනොත් අපිට දරන්න පුළුවන් උපරිම loss එක දරලා වැඩේ ඇත අරින price එක. උදාහරණයක් විදියට මම EUR/USD වලට sell limit එකක් දානවා 1.0017දි, sl එක දානවා 1.0030දී. tp එක දානවා 1.0000දි. දැන් අපේ risk එක තමයි අපි trade එකට enter උන price එකෙයි sl එකෙයි අතර වෙනස. ඒ කියන්නේ 13pips (1.0030 - 1.0017). අපේ profit එක තමයි 17pips (1.0017 - 1.0000). buy limit එකකදී මේක අනිත් පැත්ත.

    දැන් ඔය pips ගණන් වලින් වැඩක් නැ ඇත්තටම. අපිට වැදගත් වෙන්නේ risk එකෙයි profit එකෙයි අනුපාතේ. එහෙම නැත්තම් අපි කියනවා risk/reward එක කියල. අපිට forex කරලා වාසියක් තියෙන්න නම් reward එක වැඩි වෙන්න ඕන risk එකට වඩා. දැන් පොඩ්ඩක් ගණන් හැදිල්ලක් තියෙනවා. risk management හොදට කරන්න නම් ඉතින් $50 වත් trading account එකක් තියෙන්න ඕන. නැත්තම් අමාරුයි risk management හරියට කරන්න. ඇයි කියලා ඔයාලට තේරෙයි.

    හරි අපි ගමු $ 50ක් තියෙනවා කියල මගේ trading account එකේ. දැන් මෙහෙම දෙයක් තියෙනවා. අපි එක trade එකකට risk කරන්න යොදවන්නේ account එකේ මුළු ගානෙන් 2%ක් විතරයි. සමහරු 5% උනත් දෙනවා. ඒක තම තමන් ගේ කැමැත්ත. හැබැයි 5% වඩා නම් එපා.හරි දැන් ගණන් හදමු. ඔන්න මගේ account එකේ ඩොලර් 50ක් තියෙනවා. මම දැන් හොද තැනක් හොයාගත්තා chart එකේ trade එකක් දාන්න. අපි හිතමුකෝ EUR/USD එකේ 1.3540 දී sell limit එකක්.දැන් analyze කරලා බලල මම හොයාගන්නවා sl එක තියන්න ඕන 1.3545 කියල. ඒ කියන්නේ risk එක 5 pips(1.3545 - 1.3540). දැන් බැරි වෙලාවත් මේ trade එක fail උනොත් මගේ account එකෙන් අඩු වෙන්න දෙන්න පුළුවන් උපරිම ගැන 2% තමයිඒ කියන්නේ මේ 5 pips loss උනොත් මගේ account එකෙන් අඩු වෙන්න ඕන 2% විතරයි. ඩොලර් 50න් 2% කියන්නේ ඩොලර් 1යි. ඒ කියන්නේ මගේ sl එක hit උනොත් ලොස්‌ වෙන්න ඕන ඩොලර් 1යි. එහෙනම් එක pip එකක වටිනාකම කියාද (ඩොලර් 1)/(5 pips) = ඩොලර් ශත 20 යි.

    එක pip එකකට දොල්ලර් ශත 20ක් risk කරන්න නම් අපි දාන්න ඕන trade එකේ size එක කොච්චරද කියලා ඊලගට හොයාගන්න ඕන. මේකට ඉතින්. ලොට් එකක වටිනාකම, leverage.. එත්ක කියන ඒවා දෙනගන්න ඕන. ඒවා කියල දෙන්න වෙන්නේ නැ මේ ලිපියේ. කට්ටියට ඕනෙනම් google කරලා ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. මගේ තියෙන්නේ micro account එකක්.ඒ නිසා pip 1කට ඩොලර් ශත 20ක් set වෙන්නේ 0.02 ලොට් trade එකක් දැම්මම. ඒ නිසා මම දාන්න ඕන 0.02 ක් වටිනා trade එකක් වෙන්න ඕන. දැන් මම කලින් කිව්වා වගේ risk එකට වඩා reward එක වැඩි වෙන්න ඕන. එහෙනම් මම ඩොලර් 1ක්වත් අඩුම profit එකක් එන විදියට tp එක set කරන්න ඕන. ඒ කියන්නේ 5 pips tp එකක්. වෙන විදියකින් කිව්වොත් 1.3535 තමයි මගේ tp එක වෙන්නෝන.හැබැයි එක අවමය. ඕනෙනම් වැඩියෙන් තියන්න පුළුවන්.එහෙම උනොත් වැඩියෙන් reward එක ලබාවි. මේක මම image එකක පෙන්නලා තියෙනවා පහල.

    BOxzy0g.png


    කොළ පාට ඉර tp line එක. රතු කඩ ඉර තමයි අපි trade එක දාන්න හිතාගෙන ඉන්න price එක. රතු ඉර තමයි sl line එක. කළු ඉර තමයි අපි ඇත්තටම trade එක දාන price එක.මොකක්ද මේ කඩ ඉරෙයි කළු ඉරෙයි වෙනස? දෙකම අපි trade එක දාන price එක වෙන්න බැ නේ. එක වෙන්නේ මෙහෙමයි. sell limit/sell stop orders trigger වෙන්නේ buying price එකට. අපි buy order දැම්මොත් (buy limit/ buy stop) ඒ trade trigger වෙන්නේ selling price එකට. අන්න ඒ නිසා. අපි ඇත්තටම trade කරන්න ඕන price එකට වඩා spread අඩු කරාම එන price එකේදී තමයි ඇත්තටම trade එක දාන්න ඕන. buy order දානකොට spread එක එකතු ක්‍රම එන price එකට තමා order එක දාන්න ඕන. ඉහත උප්දහරණේ මම 1.3540 කියල අරන් තියෙන්නේ spread එක අඩු කරලා අපු අගය කියල හිතන්න. ඇත්තටම මම trade එක දාන්න ඕන level එක 1.3542 වෙන්න පුළුවන්. spread එක 2 pips නම් මම 1.3542න් 2 pips අඩු කරලා 1.3540 දී trade එක දානවා. sl එක set කරද්දී එකේ අනිත් පැත්ත. sell orders වලදී sl එකට spread එක එකතු කරන්න ඕන. buy orders වලදී sl එකට spread එක අඩු කරලා එන අගය දාන්න ඕන. tp එකටත් sl වගේම තමයි එහෙම්මම තමයි.

    ලොස්‌ වෙන ප්‍රමාණය 50%කින් අඩු කරගැනීම.

    දැන් අපි මුලින් ගත්ත trade එකම ගමු. මේ trading ක්‍රමයේ තියෙන වාසිය තමයි. අනිවාර්යෙන් trade එක tp hit කලේ නැති උනාට price එක bounce වෙනවා අපි analyze කරන තැන් වලදී. ඒ වාසිය අරගෙන අපි කරන්නේ මේකයි. අපි දන්නවා දැන් අපිට trade කරන්න පුළුවන් උපරිම trade size එක 0.02 කියල. අපි කරන්නේ එක දෙකට බෙදල එක trade එකක් දානවා 1:1 එකට වැඩ පොඩ්ඩක් වැඩියෙන් risk reward එන විදියට. ඊට පස්සේ ඉතිරි trade එක ඔහේ දුවන්න දෙනවා අපිට ඕනේ target එකේදී tp hit වෙනවා එහෙම නැත්තම් ඕනේ වෙලාවට manually close කරනවා එහෙමත් නැත්තම් sl hit උනදෙන්. sl hit උනත් ප්‍රශ්නයක් නැ මොකද අපි කලින් දාපු 1:1 risk reward trade එකේ profit එකෙන් මේ trade එකේ loss එක cover වෙනවා. මේකෙන් හැමවෙලේම loss කවර් කරගන්න පුළුවන් ක්‍රමයක් කියල හිතන්න එපා. කවුරු හරි කෙනෙක් හරියට analysis එක කරලා orders දාල තමන්ගේ වෙන වැඩක් කරගන්න පුළුවන් විදියක්. දවසම chart එක දිහා බලන් ඉන්න ඕනේ නෑ.උදාහරණයක් දෙන්නම්. කලින් උදහරනෙන්ම. දැන් අපි 1.3540 දී 0.02 ලොට් trade එකක් දාන්නේ නැතිව 0.01 trade දෙකක් දානවා.දෙකේම sl එක 1.3545 ම තමයි. එකක tp එක දානවා 1.3533ක් වගේ. ඒ කියන්නේ tp එක 7 pips වගේ. දැන් 7 pip trade එක profit වෙලා අනිත් එක fail උනත් අවුලක් නැ. 2 pip profit එකක් තියෙනවා. නිතරම chart දිහා බලන් ඉන්න පුළුවන් කෙනෙක්ට නම් ඉතින් price එක bounce උන ගමන් sl line එක trade price එකට වඩා පොඩ්ඩක් පහලට(sell order එකක නම් පහලට, buy order එකක්නම් ඉහලට) move කරන්න පුළුවන්. Break Even කරනවා කියලත් කියනවා ඕකට.

    දැන් හිතන්න ඔයාලා ඩොලර් 50ට වඩා අඩුවෙන් account එකක් හැදුවොත් කොහොමද ලොකු sl එකක් තියල trade කරන්නේ කියල. එක කරන්න බැ. මොකද එහෙම කරලා ලොට් size එක හදල බැලුවම එන්නේ 0.01 ට වඩා අඩු ගානක්. ගොඩක් broker ල ලොට් 0.01 ට වඩා අඩුවෙන් දෙන්නේ නැ. අන්න එකයි අවම වශයෙන් ඩොලර් 100ක් වත් ඕනේ වෙන්නේ. ඩොලර් 50ක් ඇති ඔයාලා හැම trade එකම 5 pip sl දානවනම්. එක වෙන්නේ නැ නේ බ්‍රෝ. තේරෙන්නේ නැති දෙයක්ඊ තිබ්බොත්ල අහන්න. ඊලග ලිපිය තව ටික දවසකින්!
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    Skrill, neteller වගේ එකකින් සල්ලි wire transfer එකක් කලොත් බැංකුවට මොනවාද පෙන්නන්න ඕනේ ප්රුෆ් විදිහට.

    මම ඒ විදියටනම් කරලා නැ බොස්. දන්නා විදියට ඕක RFC එකක් open කරලා වැඩේ ගොඩ දාගන්න පුළුවන්.

    Lipiya daapn kukulo mamath aava....:)

    දැම්මා
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    Thawa eka article ekak thiyenawa. Eka dammata passe api chart analysis patan gamu. Ethakota hemotama prayogikawa profit karana hati igana ganna puluwan.
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    හරි එහෙනම් අපි මේ සතියට analysis එකක් දාමු. මුලින්ම කරන්න ඕන අපි FL ටික mark කරගන්න ඕන. නිල් පාට FL වලින් කියන්නේ price එක උඩට අල්ලාගෙන ඉන්නවා කියලා. රතු පාට FL වලින් කියවෙන්නේ price එක පහලට අල්ලන් ඉන්නවා කියල. FL එකක වැදගත්කම වැඩි වෙන්නේ FL එක හදෙද්දී chart එකේ වම පැත්තේ break උන barrier එකේ වැදගත්කම මත. barrier එකක් වෙන්න පුළුවන් තවත් FL එකක්. නැත්තම් high/low එකක්. අත ඇරපු QM level එකක්, resistance/support level වගේ දේවල්. ඕවා කලින් පාඩම් වල කළා. නිකන් ලාවට මතක් කළා ඔන්න.

    yzfofrL.png


    දැන් ඉහල image එකේ පේනවා ඇති (මම දාල තියෙන trade දෙක ගණන් ගන්න එපා), එක FL එකක් break වෙනකොට ප්‍රතිවිරුද්ධ වර්ගයේ FL එකක් හැදෙනවා. FL1 එක break වෙලා FL3 හැදෙනවා, FL3 break වෙලා FL4 හැදෙනවා, FL4 break වෙලා FL5 හැදෙනවා. හැබැයි තවම FL2 සහ FL6 break වෙලා නැ. හැබැයි ඒවා ගොඩක් පාරක් touch වෙලා තියෙන නිසා orders ගොඩක් consume වෙලා ඇත්තේ. ඒ නිසා කොයි වෙලාවක හරි break වෙනවා. අපිට trade එකකට ඉතිරි වෙලා තියෙන්නේ FL5 තමයි. දැන් price එක තියෙන්නේ FL5 සහ FL2 අතර නිසා, price එක ඊලගට යන්න පුළුවන් එක්කෝ FL2 නැත්තම් FL5. FL2 වල MPL එකේ තමයි ගොඩක් orders තියෙන්නේ. හැබැයි පෙන විදියට ඒවා consume වෙලා.MPL එක මම කොළ පාටින් දාල තියෙන්නේ. ඉතිරි වෙලා තියෙන්නේ FL5. අපි FL5 එකේ MPL ටික පොඩ්ඩක් zoom කරලා බලමු.

    yxip5Di.png

    කොළ පාට MPL එක දැනටම consume වෙලා. හැබැයි ලා නිල් පාට MPL එකයි දම් පාට MPL එකයි තවම consume වෙලා නැ. අපිට පුළුවන් ඒ තැන් වල trades දාන්න (buy limit). sl එක තියන්න ඕන මම Risk management ලිපියේ කිව්වා විදියට. tp එක වෙන්න ඕන FL5 එකේ කොළ පාට කොටුවේ ඉහල දාරය (අවම වශයෙන්). මොකද risk:reward එක 1:1 වත් නැත්තම් වැඩක් නැ. දම් පාට MPL එකේ තමයි හොදම risk:reward එක තියෙන්නේ. මොකද sl එක පොඩි. tp එක සාපේක්ෂව ලොකුයි. හැබැයි hit වීමේ සම්භාවිතාව අඩුයි.

    හරි සරලයි!! :):)

    ප.ලි : ඇයි මම කළු පාට කොටුව FL3 විදියට mark කලේ නැත්තේ?
     
    Last edited:

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    Price eka USDCHF wala hithapu places wala bounce nowee FL eka break kala. E kiyanne engulf ekak. Engulf ekak kiyanne confirmed sell ekak enawa.
     

    tron213

    Active member
  • Nov 3, 2015
    286
    39
    28
    FL ekak mark karaddi retrace eka balanna ona uda thiyena FL eka hit wenakan inna ona


    e kiyanne macn FL1 eka break karala FL 2 eka touch kaloth da kalu kotuwa thiyena thana FL eka mark karanvanvam mark karanne.
     

    tron213

    Active member
  • Nov 3, 2015
    286
    39
    28
    and machan risk management article eken passe thava TIP ekak gana article ekak daanva kiva neda. eka kavada vageda daanne mcn. thanks alot
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    e kiyanne macn FL1 eka break karala FL 2 eka touch kaloth da kalu kotuwa thiyena thana FL eka mark karanvanvam mark karanne.

    Ow. Habai, uparima retrace eka ganna ona. Uparima retrace eka wenne kalu eka newei. Mokada kalu kotuwe low ekata wada pahalata gihin thiyenawa mama mark karapu FL eka FL2 hit wenna
    Kalin
     

    Finding_Nemo

    Member
    Nov 30, 2018
    10
    1
    0
    M5 එක කොහොමද බන් ඇනලයිස් කරන්නේ ?? ෆේක් බරේක්අවුට් ෆේක් බයි,සෙල් පිරිලා.
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    M5 එක කොහොමද බන් ඇනලයිස් කරන්නේ ?? ෆේක් බරේක්අවුට් ෆේක් බයි,සෙල් පිරිලා.

    අනිත් chart ඇනලයිස් කරන විදියටමයි. වෙනසක් නැ
     

    Finding_Nemo

    Member
    Nov 30, 2018
    10
    1
    0
    sGH6SoD.png


    ඔතන මම pending buy trade එකක් දැම්මා. මම කඩේට ගිහින් එනකොට BE හිට් වෙලා ට්‍රේඩ් එක ක්ලෝස් වෙලා. TP එක සෙට් කරන්න බැරි වුණා. ඔන්න ඔය වෙලාවට තමයි දමල ගහන්න හිතෙන්නෙ. අනික පොඩ්ඩක් කියල දෙන්න ෆේක් බ්රේක්අවුට් අඳුරගන්නෙ කොහාමද ? මට නම් ඔය FL scene එක තේරෙන්නෑ. පුළුවන්නම් අපිට ලයිව් වෙබිනාර් එකක් කරන්නකෝ. fdx අපිට මේක කොහොම හරි උගන්නපන්. උබට වැඩි වැඩියෙන්ම ලැබෙනවා. good luck mcn ! :yes:
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    මෙහෙමයි මචන්. Coolkasun දාල තිබ්බ post එකට උනත් මම ඊයේ කිව්වා GBPUSD buy කරන එක අවදානම් කියල. එක මගේ ඊලග ලිපියට අදාළ එකක්. මම දැන් එක දාන්නම්. පොඩ්ඩක් කියවල බලන්න. පස්සේ තව ඕනෙනම් discuss කරමු.