Risk Management
හරි. මුලින්ම අපි මතක් කරගමුකෝ tp එකයි sl එකයි.tp(take profit) කියන්නේ අපි ලාබය ගන්න target එක. sl(stop loss) කියන්නේ අපි loss උනොත් අපිට දරන්න පුළුවන් උපරිම loss එක දරලා වැඩේ ඇත අරින price එක. උදාහරණයක් විදියට මම EUR/USD වලට sell limit එකක් දානවා 1.0017දි, sl එක දානවා 1.0030දී. tp එක දානවා 1.0000දි. දැන් අපේ risk එක තමයි අපි trade එකට enter උන price එකෙයි sl එකෙයි අතර වෙනස. ඒ කියන්නේ 13pips (1.0030 - 1.0017). අපේ profit එක තමයි 17pips (1.0017 - 1.0000). buy limit එකකදී මේක අනිත් පැත්ත.
දැන් ඔය pips ගණන් වලින් වැඩක් නැ ඇත්තටම. අපිට වැදගත් වෙන්නේ risk එකෙයි profit එකෙයි අනුපාතේ. එහෙම නැත්තම් අපි කියනවා risk/reward එක කියල. අපිට forex කරලා වාසියක් තියෙන්න නම් reward එක වැඩි වෙන්න ඕන risk එකට වඩා. දැන් පොඩ්ඩක් ගණන් හැදිල්ලක් තියෙනවා. risk management හොදට කරන්න නම් ඉතින් $50 වත් trading account එකක් තියෙන්න ඕන. නැත්තම් අමාරුයි risk management හරියට කරන්න. ඇයි කියලා ඔයාලට තේරෙයි.
හරි අපි ගමු $ 50ක් තියෙනවා කියල මගේ trading account එකේ. දැන් මෙහෙම දෙයක් තියෙනවා. අපි එක trade එකකට risk කරන්න යොදවන්නේ account එකේ මුළු ගානෙන් 2%ක් විතරයි. සමහරු 5% උනත් දෙනවා. ඒක තම තමන් ගේ කැමැත්ත. හැබැයි 5% වඩා නම් එපා.හරි දැන් ගණන් හදමු. ඔන්න මගේ account එකේ ඩොලර් 50ක් තියෙනවා. මම දැන් හොද තැනක් හොයාගත්තා chart එකේ trade එකක් දාන්න. අපි හිතමුකෝ EUR/USD එකේ 1.3540 දී sell limit එකක්.දැන් analyze කරලා බලල මම හොයාගන්නවා sl එක තියන්න ඕන 1.3545 කියල. ඒ කියන්නේ risk එක 5 pips(1.3545 - 1.3540). දැන් බැරි වෙලාවත් මේ trade එක fail උනොත් මගේ account එකෙන් අඩු වෙන්න දෙන්න පුළුවන් උපරිම ගැන 2% තමයිඒ කියන්නේ මේ 5 pips loss උනොත් මගේ account එකෙන් අඩු වෙන්න ඕන 2% විතරයි. ඩොලර් 50න් 2% කියන්නේ ඩොලර් 1යි. ඒ කියන්නේ මගේ sl එක hit උනොත් ලොස් වෙන්න ඕන ඩොලර් 1යි. එහෙනම් එක pip එකක වටිනාකම කියාද (ඩොලර් 1)/(5 pips) = ඩොලර් ශත 20 යි.
එක pip එකකට දොල්ලර් ශත 20ක් risk කරන්න නම් අපි දාන්න ඕන trade එකේ size එක කොච්චරද කියලා ඊලගට හොයාගන්න ඕන. මේකට ඉතින්. ලොට් එකක වටිනාකම, leverage.. එත්ක කියන ඒවා දෙනගන්න ඕන. ඒවා කියල දෙන්න වෙන්නේ නැ මේ ලිපියේ. කට්ටියට ඕනෙනම් google කරලා ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. මගේ තියෙන්නේ micro account එකක්.ඒ නිසා pip 1කට ඩොලර් ශත 20ක් set වෙන්නේ 0.02 ලොට් trade එකක් දැම්මම. ඒ නිසා මම දාන්න ඕන 0.02 ක් වටිනා trade එකක් වෙන්න ඕන. දැන් මම කලින් කිව්වා වගේ risk එකට වඩා reward එක වැඩි වෙන්න ඕන. එහෙනම් මම ඩොලර් 1ක්වත් අඩුම profit එකක් එන විදියට tp එක set කරන්න ඕන. ඒ කියන්නේ 5 pips tp එකක්. වෙන විදියකින් කිව්වොත් 1.3535 තමයි මගේ tp එක වෙන්නෝන.හැබැයි එක අවමය. ඕනෙනම් වැඩියෙන් තියන්න පුළුවන්.එහෙම උනොත් වැඩියෙන් reward එක ලබාවි. මේක මම image එකක පෙන්නලා තියෙනවා පහල.
කොළ පාට ඉර tp line එක. රතු කඩ ඉර තමයි අපි trade එක දාන්න හිතාගෙන ඉන්න price එක. රතු ඉර තමයි sl line එක. කළු ඉර තමයි අපි ඇත්තටම trade එක දාන price එක.මොකක්ද මේ කඩ ඉරෙයි කළු ඉරෙයි වෙනස? දෙකම අපි trade එක දාන price එක වෙන්න බැ නේ. එක වෙන්නේ මෙහෙමයි. sell limit/sell stop orders trigger වෙන්නේ buying price එකට. අපි buy order දැම්මොත් (buy limit/ buy stop) ඒ trade trigger වෙන්නේ selling price එකට. අන්න ඒ නිසා. අපි ඇත්තටම trade කරන්න ඕන price එකට වඩා spread අඩු කරාම එන price එකේදී තමයි ඇත්තටම trade එක දාන්න ඕන. buy order දානකොට spread එක එකතු ක්රම එන price එකට තමා order එක දාන්න ඕන. ඉහත උප්දහරණේ මම 1.3540 කියල අරන් තියෙන්නේ spread එක අඩු කරලා අපු අගය කියල හිතන්න. ඇත්තටම මම trade එක දාන්න ඕන level එක 1.3542 වෙන්න පුළුවන්. spread එක 2 pips නම් මම 1.3542න් 2 pips අඩු කරලා 1.3540 දී trade එක දානවා. sl එක set කරද්දී එකේ අනිත් පැත්ත. sell orders වලදී sl එකට spread එක එකතු කරන්න ඕන. buy orders වලදී sl එකට spread එක අඩු කරලා එන අගය දාන්න ඕන. tp එකටත් sl වගේම තමයි එහෙම්මම තමයි.
ලොස් වෙන ප්රමාණය 50%කින් අඩු කරගැනීම.
දැන් අපි මුලින් ගත්ත trade එකම ගමු. මේ trading ක්රමයේ තියෙන වාසිය තමයි. අනිවාර්යෙන් trade එක tp hit කලේ නැති උනාට price එක bounce වෙනවා අපි analyze කරන තැන් වලදී. ඒ වාසිය අරගෙන අපි කරන්නේ මේකයි. අපි දන්නවා දැන් අපිට trade කරන්න පුළුවන් උපරිම trade size එක 0.02 කියල. අපි කරන්නේ එක දෙකට බෙදල එක trade එකක් දානවා 1:1 එකට වැඩ පොඩ්ඩක් වැඩියෙන් risk reward එන විදියට. ඊට පස්සේ ඉතිරි trade එක ඔහේ දුවන්න දෙනවා අපිට ඕනේ target එකේදී tp hit වෙනවා එහෙම නැත්තම් ඕනේ වෙලාවට manually close කරනවා එහෙමත් නැත්තම් sl hit උනදෙන්. sl hit උනත් ප්රශ්නයක් නැ මොකද අපි කලින් දාපු 1:1 risk reward trade එකේ profit එකෙන් මේ trade එකේ loss එක cover වෙනවා. මේකෙන් හැමවෙලේම loss කවර් කරගන්න පුළුවන් ක්රමයක් කියල හිතන්න එපා. කවුරු හරි කෙනෙක් හරියට analysis එක කරලා orders දාල තමන්ගේ වෙන වැඩක් කරගන්න පුළුවන් විදියක්. දවසම chart එක දිහා බලන් ඉන්න ඕනේ නෑ.උදාහරණයක් දෙන්නම්. කලින් උදහරනෙන්ම. දැන් අපි 1.3540 දී 0.02 ලොට් trade එකක් දාන්නේ නැතිව 0.01 trade දෙකක් දානවා.දෙකේම sl එක 1.3545 ම තමයි. එකක tp එක දානවා 1.3533ක් වගේ. ඒ කියන්නේ tp එක 7 pips වගේ. දැන් 7 pip trade එක profit වෙලා අනිත් එක fail උනත් අවුලක් නැ. 2 pip profit එකක් තියෙනවා. නිතරම chart දිහා බලන් ඉන්න පුළුවන් කෙනෙක්ට නම් ඉතින් price එක bounce උන ගමන් sl line එක trade price එකට වඩා පොඩ්ඩක් පහලට(sell order එකක නම් පහලට, buy order එකක්නම් ඉහලට) move කරන්න පුළුවන්. Break Even කරනවා කියලත් කියනවා ඕකට.
දැන් හිතන්න ඔයාලා ඩොලර් 50ට වඩා අඩුවෙන් account එකක් හැදුවොත් කොහොමද ලොකු sl එකක් තියල trade කරන්නේ කියල. එක කරන්න බැ. මොකද එහෙම කරලා ලොට් size එක හදල බැලුවම එන්නේ 0.01 ට වඩා අඩු ගානක්. ගොඩක් broker ල ලොට් 0.01 ට වඩා අඩුවෙන් දෙන්නේ නැ. අන්න එකයි අවම වශයෙන් ඩොලර් 100ක් වත් ඕනේ වෙන්නේ. ඩොලර් 50ක් ඇති ඔයාලා හැම trade එකම 5 pip sl දානවනම්. එක වෙන්නේ නැ නේ බ්රෝ. තේරෙන්නේ නැති දෙයක්ඊ තිබ්බොත්ල අහන්න. ඊලග ලිපිය තව ටික දවසකින්!
