කවි සංකල්පනා

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
එළකිරිය තුළ සාහිත්‍යය සංවාද වියැකීයන කාලයක,
කවිය නිසඳැස කවිකාරකමට ඉඩ හසර ලබාදීමේ
අරමුණින්
"කවි සංකල්පනා" නවමු කවි මණ්ඩපය
මේසේ ඇරඹේන වගයි.

W8ue8tH.gif
ツ ツ ツ ツ ツ ♩ ♩ ♩ ♩ ♩ ♩ ♩ ツ ツ ツ ツ ツ ツ ツ



ළබඳ කවිකාර සිත
නිබඳ තනියට හිඳි ළඟම
පබඳමි ඔබට මෙවදන්
වැඳ සරසවිය පණවන්

ආලය හිතේ තෙරපෙද්දී ළඟ සිටියා
ප්‍රථම ප්‍රේමය පුරද්දී පෙම කවියෙන් ලිව්වා
පෙම හිත පෙළද්දී දුක් ගීපද බැඳුණා
විරහව ලැබෙද්දී නිසඳැසකින් කිව්වා

අම්මේ ඔබේ ආදරේ මට වචන උනා..
පිය සෙනෙහසට කවිලිව්මා සතුටුඋනා
රට රැකගත් විරුවන්ටත් බැතිය ගෙනා
හිමි කවි සිතට පතනෙමි තුති කවිම ගොතා

දහමට නැඹුරු වී ඉන්නා කවිකාර
කවි සිත පබැඳුවේ කවි වැල් පින්සාර
ගඟ ඇළ දෝළ නියරේ රුව සිරිසාර
දැක ලියු කවිය නිසඳැස පිරි බරසාර

නූලක් ඇරඹුවා කවියට ඉඩදීලා
සොයුර සොයුරිය ලියමුද කවි රස කරලා
හිත රැඳි සතුට දුක කඳුලැලි කැටි කරලා
කවිපොත පෙරලුවා ලියමුද පද හදලා

යහපත් අරමුණින් ඇරඹෙන කවිමඩුව
යහපත් වචනයෙන් අරමුණු පෙරදැරිව
එකී මෙකී දෙස හිඳිනා හැමදෙනම
පිළිගමි සැවොම කවි සංකල්පනාවට



ddffffgfghfg.jpg
 
Last edited:

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ඔබ සැමගේ අවධානය පිණිසයි!

    නැවත එලකිරි කාව්‍ය හා නිසදැස් අංශය නගා සිටුවිමේ අරමුනින් ඇරඹි මේ නුලෙහි ඔබේ සිතට නැගෙන කාව්‍යමය අදහස් පලකරන මෙන් ඉල්ලා සිටන අතර ඇසැබි වදනින් යුතු කාව්‍ය නිර්මාණ පල කිරිමෙන් වලකින ලෙසද කාරුණිකව ඉල්ලා සිටිමු..

    ඕනෑම බාශාවකින් ඔබගෙ කාව්‍ය නිර්මාණ මෙහි පල කල හැකි අතර අන් අය ලබා දෙන ප්‍රතිචාර සම සිතින් දාරාගන්නා ලෙසද ඉල්ලා සිටිමු..

    එලෙසම ඔබ වෙනත් තැනක දුටු අලංකාර කාව්‍ය පංතින් වුව මෙහි පල කල හැකි අතර ඔබ විසින් නිර්මාණය කල නිර්මාණ වැඩි වශයෙන් පල කිරිමට උනන්දු වන ලෙස ඉල්ලා සිටිමු...

    එලෙසම ඔබට නිර්මාණය කල කොටස් 10ට නොවැඩි කෙටි කතා වුව මෙහි පලකිරිමට ඔබට අවස්තාව තිබෙන අතර උපුටා ගන්නෙ නම් ගන්නා ස්ථානය සදහන් කිරිම කරන ලෙස ඉල්ලා සිටිමු....
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,887
    35,807
    113
    වොන්ඩර් ලැන්ඩ්
    I was feeling so lonely,
    But then one day I met you!
    We roamed, in every dark road, with our hands tied together
    You gave me many unforgettable memories,
    But then you left…
    I wish that my dream, which only belongs to you, will be written in your sky
    And I wish that there comes a time you will only look for my eyes again…
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,887
    35,807
    113
    වොන්ඩර් ලැන්ඩ්
    විඳි දුක් ගැහැට අඩු නැත මහමෙර උසට
    හද ගිණි නිවන කඳුළැල් අඩු නැත නෙතට
    පෑළ දොරින් පැන ගිය පෙම්බර නමට
    තව ණය ගෙවයි පෙම් කල පුරුවේ පවට…
    පහන් කන්ද සේ බබළන රූ සපුව
    ගිණි කන්දට පෙම් බැන්දා රුවැත්තිය
    හිම මෙන් දියවුනත් ආදර සිත් පොදිය
    කඳුල සුසුම තනි රැුක්කා නුඹ අසළ…
    අඩුවී නොමැත අව්වේ ඇති රැුස් මලා
    මන්දිර නොමැත ගව්වෙන් ගව්වට සදාලා
    කුසුම් කැකුළ අකලට ලොව තනිවීලා
    විඳවයි තනිව හැමදාමත් වැලපීලා…
    සිහින පොදි බැඳන් සිටියත් ලොවට හොරා
    බිඳුණු කැඩපතින් නොබනල් රූ වරුණා
    මේ බවයේ තනි වුවත් ආල නුරා
    ආදර නමට නුඹ වුවා යසෝදරා…
     
    Last edited:
    • Like
    Reactions: sat_12

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,887
    35,807
    113
    වොන්ඩර් ලැන්ඩ්
    I smoke two joints in the morning
    I smoke two joint at night
    I smoke two joint in the afternoon
    It makes me feel alright

    Daddy he once told me
    "Son, you be hard workin' man"
    And momma she once told me
    "Son, you do the best you can"
    Then one day I met a man
    He came to me and said
    "Hard work good and hard work fine
    But first take care of head"

    :baffled::baffled::baffled:
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සිංහලෙන් විතරද දාන්න පුළුවන්:oo:
    ඉංග්‍රීසියෙන් දෙමලෙන් දැම්මට කමක් නැද්ද?
     

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    රස්සාවට ගමෙන් ආවෙ
    කීයක් හරි හොයගන්න
    හීනෙන්වත් හිතුවද මන්
    එලිවෙනකන් නිදිමරන්න