බසයේ යුවතිය.....

MayuraAlwiz

Member
Oct 13, 2018
300
99
0
උපුටා ගැනීමකි.
....ධනුෂ්ක චතුරංග ....


බසයේ යුවතිය.....

මේ සිඳුවීම වුනේ පහුගිය දිනක මම කොළඹ සිට නිවස කරා එන බස් රථයෙදීය.... හිස් සීට් එකක හිදගත් මා ධර්මය මෙනෙහි කරමින් සිටියේ බ්‍ර්ක්මචාරිව සිටීමට මගේ ඇති ආසව නිසාය...

ඔහොම යද්දී කඩවතින් ගැහැණු ළමයෙකු බස් එකට ගොඩ වුනා....ඇය සිරාවටම හැඩය.ලා නිල් පැහැති බ්ලවුසයත් ඇඟටම ඇලෙන ලෙස හැඳ සිටි ඩෙනිම් කලිසමත් ඇයට මනාව ගැලපුනේය...

එතරම් උස නොවූ නමුත් පැලඳ සිටි පාවහන් යුවල නිසාදෝ උසින් අඩුවක් නොදැක්කෙමි.දෙතොල ලා රෝස පැහැතිය....බොහොම පැහැපත් සුරූපී සිහින් පෙනුමක් තිබුණු ඇය මා අසලට පැමින...මා අසලින් හිද ගත්තාය.....මෙච්චර සීට් තිබුනත් ඇය මා ලගම හිදගත් එක මට යම් අපහසුතාවයක් විය....මන්ද බොහෝ කෙල්ලන් මෙසේ තනිවුනු කොල්ලන් අසල හිදගන්නේ අපට අතවර කිරීමටය....

මෙසේ හොරාවක් පමන ගතවන්නට ඇත....ටිකෙන් ටික ඇය නිදි කිරා වැටෙමින් මගේ උරහිසට වාරු වුනෙමි.....මට වහා අම්මා කියු වචන සිහිපත් විය....

"" ධනුෂ්ක පුතේ බස් එකේ කෙනෙක් ඕනෑවට වඩා හේත්තු වෙන්න ආවෝත් ඒ කෙනා එන්නේ ඔයාට අතවර කරන්න ....""

දෙයියනේ ඒ කියන්නේ මේ කෙල්ල හදන්නේ මට අතවර කරන්න.....කිසිම ලැජ්ජා බයක් නැතිව මේ පව්කාර කෙල්ල මාව අපයෝජනය කරන්නට මාන බලන හැටි.....නැත....මෙය කිසිසේත්ම වෙන්නට ඉඩ නොදිය යුතුය.....අම්මා කිව්වේ කලබල නොවී ඉවසීමෙන් සිට බේරෙනු කියායා...මම ඉවසීමෙන් මේ පව්කාර කෙල්ල කරන්නට යන දේ ගැන බලා සිටියෙමි....

ටික දුරක් ගිය විට මම ඇයට ඇගිල්ලෙන් ඇන්නෙමි.....

මාගේ උරහිසෙන් ඉවත් වූ යුවතිය දෑස් විවර කලාය. අවුල් වූ හිසකෙස් අතරින් ඇයගේ රාගී වූ දෙනෙත් ලොකුවට දිස්වේ.... මට දැඩි බියක් ඇති විය....

සනීපෙට නින්ද ගියා නේද....? මගේ උරහිසේ කෙල එකයි " මම කීවෙමි....

"අනේ සොරි.මම හිතලා නිදා ගත්තේ නෑ. " ඇය තොදොල් වේ....

මට නැවත මවගේ වචන සිහිපත් විය.....

"" ධනුෂ්ක පුතේ ඔවුන් ඔබට ආදරේන් කතා කරයි....රැවටෙන්න එපා....

මම නැවත නිස්ශබ්ධව සිටියෙමි.....

ඔයා ෆේස්බුක් ඉන්නවද ....? ඇගෙන් පැනයකි...

නෑ....මං ෆේස්බුක් නෑ....අප වැනි බ්‍ර්ක්මචාරි තරුනයින් ෆේස්බුක් නැත...මම ඇයට තදින් පවසා සිටියෙමි ....

එහෙනම් අයියාව කොහොමද මං කන්ටැක්ට් කරගන්නේ....?

නංගි ඔයාට මං ගැන අදහසක් තියේ නම් ඇවිත් අපේ ගෙදරින් අහන්න....මං අම්ම හොයලා දෙන කෙනෙක් තමා බදින්නේ ....මා ඇයට එසේ කීවේ ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්නට බව මා ඉන්තේරුවෙන් දන්නා නිසාය....

අයියා මං ඉස්සරහින් බහිනවා....මෙන්න මගේ නම්බර් එක.....අයියා කෝල් ගන්න....මං බලන් ඉන්නවා කියා ඇය මා අතට ඇගේ දුරකථන අංකය තබා බැස ගියේ ඇගේ සියලු තුරුම්පු සාර්ථක නොවූ නිසාය.....

පසු සටහන් :-

මට මහත් සතුටක් මෙන්ම දුකක්ද දැනිනි...සතුට වූයේ මං අතවරයෙන් බේරුනු නිසාය....දුක නම් වර්තමානයේ කෙල්ලන්ගෙන් කොල්ලන්ට සිදුවන කරදර නිසාය....කොල්ලෙක්ට කරදර කරන්න කලින් දෙපාරක් හිතන්න....ඔයාටත් තාත්තෙක් සහෝදරයෙක් ඉන්නවා කියලා....

 

MayuraAlwiz

Member
Oct 13, 2018
300
99
0
:D:D
:D:D
ඉතා වටිනා ලිපියක් :D
පුරුෂ හිංසනයට තිත තබමු !!!
:P:P
Ehemath idiriyata wei bn
:rofl::rofl:
Ammata number eka denna.
:P:P
:yes::yes:
I genuinely laughed at this so much that I actually had to read this out to my wife loudly.

yup... she snorted the tea she was drinking !

Good one bro ! .. kudos !
:P:P

:D:D
 

taxacco83

Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    uba wage moda musalayek yakoww. koheta hari adinnane tibbe . yako api bus ekaka yanne koi weleda kiyala balan inne. e giyath naki hampadayek thama seat eke wadi wenna set wenne. ubalata athata gaththa de katata da ganna bane

    anyway number eka tiyanawanam pm danna machn
     

    MayuraAlwiz

    Member
    Oct 13, 2018
    300
    99
    0

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    uba wage moda musalayek yakoww. koheta hari adinnane tibbe . yako api bus ekaka yanne koi weleda kiyala balan inne. e giyath naki hampadayek thama seat eke wadi wenna set wenne. ubalata athata gaththa de katata da ganna bane

    anyway number eka tiyanawanam pm danna machn

    Yako me vage unuth innavada? Ai ban ochcharama moda?