එංගලන්තයේ කිරීටය උදෙසා සිදුවුණු රෝස මල් ය
එංගලන්තයේ කිරීටය උදෙසා සිදුවුණු රෝස මල් යුද්ධය... War of Roses 
වර්ෂ 1815 දී ශ්‍රීලංකාව බ්‍රිතාන්‍ය යටත්විජිතයක් ලෙස උඩරට ගිවිසුම ප්‍රකාරව අත්සන් කොට මෙරට බ්‍රිතාන්‍ය කිරීටයට යටත් කර ගන්නා විට බ්‍රිතාන්‍යයේ රජ වුයේ 3 වන ජෝර්ජ් රජුයි. ( George III )
වර්තමාන එංගලන්තයේ කිරුළ හිමිකාරිත්වය ඇත්තේ '' වින්ඩ්සර් '' පෙළපතේ 2 එලිසබෙත් රැජිණටයි.
රෝස මල් යුද්ධය
එංගලන්ත ඉතිහාසයේ රජ කිරුළ වෙනුවෙන් පැවති සිවිල් යුද්ධ අතරින් වඩාත් දීර්ඝතම සහ ප්‍රසිද්ධම යුද්ධය '' රෝස මල් යුද්ධය '' හෙවත් ලැන්කැස්ටර් පෙළපත සහ යෝර්ක් පෙළපත අතර වසර 32
( 22 May 1455 – 16 June 1487 ) පුරාවට පැවතුනු සිවිල් යුද්ධයයි.මෙය Wars of the Roses ලෙස හැඳින්වේ.
ලැන්කැස්ටර් රතුරෝස මල සහ යෝර්ක් සුදු රෝස මල.
ස්කොට් ජාතික ලේඛක Robert Louis Stevenson විසින් රචනා කරන ලද The Black Arrow: A Tale of the Two Roses නම් කෘතියේ,
පී.බී. සේනානායක මහතා විසින් පරිවර්තනය කරන ලද '' කළු ඊය '' නම් පොත ඔබ සමහර දෙනෙක් කියවා ඇති.
ඒ කතාව දිවෙන්නේ මේ රෝස මල් යුද්ධය පිලිබඳවය.
වර්ෂ 1455 වන විට එංගලන්තයේ සහ වේල්සයේ පාලනය යටත්ව තිබුනේ '' ලැන්කැස්ටර් පෙළපතේ '' 6 වන හෙන්රි '' ( Henry VI - 1422-1461 ) රජතුමාටය.
මේ සමයේදී අයර්ලන්තය සහ ස්කොට්ලන්තය වෙනමම රජවරුන් සහ ප්‍රාදේශීය පාලකයන් විසින් පාලනය විය.
ඉතිහාසයේ සඳහන් වෙන පරිදි 6 වන හෙන්රි රජතුමා වඩා අසාර්ථක සහ දුර්වල පාලකයෙකු විය.
උපතින්ම ලැබුණු අබාධිත තත්වයක් සහ ඒ සමයේ එංගලන්තය මුහුණ දී තිබු දුෂ්කරතා ඊට හේතු සාධක වූ බවට ඉතිහාස විශාරදයන්ගේ මතයයි.
වසර 100 කිට්ටු කාලයක් එංගලන්තයේ '' ප්ලැන්ටගනට් '' පෙළපත විසින් මෙහෙය වූ එංගලන්ත - ප්‍රංශ සිවිල් යුද්ධය ( 1337 - 1453 ) නිසා මේ කියන සාමය වන විට එංගලන්තය ආර්ථික සමාජීය ලෙස දැඩි පරිහානියට ලක් ව තිබු සමයෙකි.
මේ අරාජික තත්වය උඩ රජ කිරුල වෙනුවෙන් '' යෝර්ක් පෙළපතේ '' උරුමක්කාරයාව සිටි '' Richard of York '' යෝර්ක් හි ආදිපාදවරයා නැගී සිටීමත් සමග මේ සිවිල් යුද්ධයට මග පෑදිනි.වසර කිහිපයක් පුරා ඇදුනු මේ යුද්ධය අතරතුර යෝර්ක් ආදිපාද රිචර්ඩ් ගේ මරණයත් සමගින් ඔහුගෙන් පසු උරුමක්කාරයා වූ එඩ්වර්ඩ් එම සටනින් ජයගෙන වර්ෂ 1461 දී 4 වන එඩ්වර්ඩ් රජතුමා ( Edward IV ) ලෙස අභිෂේක ලැබිය.
කෙසේ වෙතත් මෙයින් අවසන් නොවුණු මේ රෝස මල් යුද්ධය නිසා දෙපාර්ශවයේම බොහෝ පිරිමින් යුද්ධයේදී මියගිය අතර ලැන්කැස්ටර් පාර්ශවය වෙනුවෙන් '' ටියුඩර් පෙළපත '' ( House of Tudor ) සහ ස්කොට්ලන්ත සහ ප්‍රංශ රාජ්‍යයන්ගේ සහයද යෝර්ක් පාර්ශවය වෙනුවෙන් ''බර්ගනඩියන් '' ( ප්‍රංශය යටතේ පාලනය වුනු කොටසක් ) වරුන්ද සහය පල කළේය.
නැවතත් තම බලය තහවුරු කල ලැන්කැස්ටර් වරු 1470 - 1471 වසරක කාලයක් සඳහා 6 වන හෙන්රි රජු පත්කලද, යුධ පරාජයන් සහ අවාසනාවන්ත තත්වයන් මත වසරක්වත් බලයේ රැඳී සිටීමට ඔහුට නොහැකි විය.
මේ අනුව 4 වන එඩ්වර්ඩ් වර්ෂ 1483 තෙක් එංගලන්තය සහ වේල්සයේ රජකම් කල අතර ඔහුගේ හදිසි මරණයත් සමග ඔහුගේ 13 හැවිරිදි පුත් එඩ්වර්ඩ් කුමරු 5 වන එඩ්වර්ඩ් රජු ලෙස නාමිකව පත් වුනද දින 78 පසු ඔහුගේ මාමා කෙනෙක් වූ රිචර්ඩ් කුමරු 3 වන රිචර්ඩ් ( Richard III ) ලෙස එංගලන්තයේ රජ විය.
3 වන රිචර්ඩ් රජු යෝර්ක් පෙළපතේ අවසන් රජතුමා වූ අතර වර්ෂ 1485 දී බොස්වොර්ත් සටන හෙවත් Battle of Bosworth Field වලදී ඔහු මියගියේය.
ලැන්කැස්ටර් පෙළපතේ 6 වන හෙන්රි රජුගේ ඥාති සහෝදරයෙකු වූ රිච්මන්ඩ් හි අර්ල් තුමාගේ පුත් වූ හෙන්රි ටියුඩර් විසින් ඔහු පරාජය කොට 7 වන හෙන්රි ( Henry VII ) ලෙස එංගලන්තයේ රජ කිරුළ දැරීය.
Battle of Bosworth Field
මේ අනුව සියවසකට කිට්ටු කාලයක් එංගලන්තයේ සහ වේල්සයේ කිරුළ දැරූ ලැන්කැස්ටර් සහ යෝර්ක් පෙළපත් වල උරුමයන්ට තිත තබමින් ටියුඩර් පෙළපත වර්ෂ 1485 සිට වර්ෂ 1603 දක්වා එංගලන්ත කිරුළට උරුමකම් කීය.
මේ රෝසමල් යුද්ධයට තිත තබමින් වර්ෂ 1486 දී යෝර්ක් පාර්ශවයේ කිරුළට හිමිකම් කියූ යෝර්ක් හි එලිසබෙත් කුමරිය Elizabeth of York (4 වන එඩ්වර්ඩ් රජතුමා - Edward IV ගේ වැඩිමහල් දූ කුමරිය ) සරණ පාවා ගැනීමත් සමගය.
ඇය 1487 දී එංගලන්තයේ රැජිණ ලෙස කිරුළු පැළඳීමෙන් පසු වසර 32 පුරාවට ඇදුනු රෝසමල් යුද්ධය එතකින් නිමාවට පත් විය.
සමස්තයක් ලෙස රෝසමල් යුද්ධයේ ජයග්‍රහණ යෝර්ක් පෙළපතට හිමි වුනද සැබවින්ම අවසානයේ රජකිරුලට උරුමකම් කිවේ ටියුඩර් පෙළපතයි.
සංක්ෂිප්තයක් ලෙස සිදුවීම් සියල්ල සරළව මෙසේ පෙළගැස්සුවත් මෙය සංකීර්ණ සහ ආර්ථික සමාජීය වශයෙන් එංගලන්තයට මහත් බලපෑමක් ඇතිකළ සමයකි.
අතීතයේ පටන් පසමිතුරන්ව සිටි ප්‍රංශය මැදිහත්වීම සහ ප්‍රංශ - ස්කොට් එකතුව එංගලන්තය තුල දැඩි ලෙස අර්බුදකාරී තත්වයකට පත්කරලිය.
ලොව කොතැන කොහොම සිදුවුවත් බල අරගලය වෙනුවෙන් සිදුවන යුද්ධය ආර්ත්මාර්තකාමි , අමිහිරි අත්දැකීමකි.
වර්තමානයේ සිට නැවත ඉතිහාසය දෙසට හැරී බලන විට විචිත්‍ර සිතුවමක් ලෙස එය පෙනුනත් සැබවින්ම ඒවා ලෙයින් සහ කඳුලෙන් සිතුවම් කල ඒවාය.
යුද්ධය කොයිහැටි වෙතත්, අදටත් මේ රෝසමල් යුද්ධයේ එක් අවශේෂ සලකුණක් දැකිය හැකියි.
එනම් 1871 දී තම පළමු අන්තර්ජාතික රග්බි තරඟයට සහභාගී වුනු එංගලන්ත ජාතික රග්බි කණ්ඩායමේ නිල ලාංඡනය සුදු දාර සහිත රතුරෝස මලකි.ඒ ලාංඡනය තෝරා ගැනීමේදී සැලකිලිමත් වූ කරුණු අතර ප්‍රධානම කාරණය වනුවේ මේ රෝස මල් යුද්ධයයි.
England union rugby logo
එංගලන්තයේ ජාතික පුෂ්පය වන්නේද රතු රෝස මලයි.
ඡායාරුප සහ කරුණු අන්තර්ජාලයෙන්
විස්තර සහ සටහන මා විසිනි
( විශේෂ ස්තුතිය '' කළු ඊය '' පොතේ නම මතක් කරදුන් සගයන්ට )