දිය යටින් හමු වූ රාවණ රාජධානිය-Atlantis

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දිය යටින් හමු වූ රාවණ රාජධානිය-Atlantis



    ඇට්ලාන්ටිස් යනු ලoකාවයි.දිය යටින් හමු වූ රාවණ රාජධානිය ලොවක් කළඹයි. - Ravana Underwater City

    48413043_1986302455003611_669307834889928704_n.jpg


    Atlantis_after_Kircher.gif


    මධ්යස්ත මනසින් බලන්න මේ සිතියම් 2හි ඇති අධිසමානකම.ටොලමි විසින් ඊජිප්තු සහ ග්‍රික කටකතා නිසා ඇට්ලන්ටිස් සිතියම ඇද ඇත්තේ උතුර දකුණ මාරු කරය :rolleyes:

    මෙම සිතියම් 2හි අසමානකමකට ඇත්තේ පුත්තලම ප්‍රදේශයේ මුහුද බොහෝ රට ඇතුලට ඛාදනය වී තිබීමය .එනම් එම ප්‍රදේශයේ ගොඩබිම අතුරුදහන් වී ඇත . ඔබත් මාත් කම්පනය කල පුවතක් මට හමුවන්නේ මෙවිටය .එය මෙසේය .

    "විල්පත්තු සිට හබරණ දක්වා අකණ්ඩ ජනාවාස සමූහයක නටබුන් ඇත . ස්වාභාවික විපත්තියක් හේතුවෙන් ජනාවාස විනාශ විය . මෙය මෙතෙක් මෙලොව සිදු නොවූ තරම් ස්වාභාවික විපතකි . කිසියම් වස්තුවක් පොලොවට කඩා වැටීමෙන් මෙම ජනාවාස අලුවී ගිය අතර ඇතැම් ජනාවාස මුහුදට බිලිවිය . සුනාමි තත්වයක්ද හට ගත්තේය . මෙම විනාශය නිස උනුසුම් මුහුදු ජලය ගොඩට විත් එකදු ජීවියෙක්වත් ඉතිරි නොවු අතර ගිනිජාලා නිසා දවා අලුවිය . වත්මන් ගල්ගමුව -ගිරිබාව ප්‍රදේශ වල අඩි 10-15 පමණ යටින් වැලි තට්ටු වලින් මෙය තවදුරටත් සනාථ වේ . විල්පත්තුවේ විල්ලු බිහිවූයේ මෙම විනාශයේ ප්‍රතිපල නිසාවෙනි . පොලොව මතුපිට පිලිස්සි ගොස්ය . මක්කම,ලලාටදේශය සම්පුර්ණයෙන් මුහුදට බිලිවි ගොස්ය . රාජාන්ගනය-නොච්චියාගම ප්‍රදේශ වල කලුපස අදටත් දැකිය හැක .මෙම විනාශය හබරණ දක්වා සිදු විය (එනම් සීගිරියද ඇතුලුව ) තම්මෑන්නාවේද අඩි 15ක් යට ඇත්තේ වැලි නිධියකි .තම්මෑන්නාවේ පසද පිලිස්සී තඹ වී ගල්ද දෑවී ඇත මෙම විනාශය නිසා පොලොව මතුපිට තිබූ ජනාවාස ගිලා බැස්සේය . රජාන්ගනය යාය 8 ශ්‍රි දක්ශිනාරාම විහාරයේ ලිදක් කැනීමේදී අඩි 10 ක් යටින් ගල්කණු මතු විය . "-පණ්ඩිත මානෑවේ විමලරතන හිමි - රවි ශයිලාශ වන්ශ කතාව

    මුන්වහන්සේගේ මේ ජනාවාස කතාව තහවුරු කරමින් රූපවාහිනි සoස්තාව අරුම පුදුම සොයා ගෑනීමක් සිදු කලේය



    විනාඩි 24-තප්පර 37 සිට:shocked::shocked::shocked:

    දැන් සියලු කරුණු ගැලපෙමින් එයි .ආටානාටි සුත්‍රයේ සදහන් යක්ෂයින් මෙරට යක්ෂගොත්‍රිකයින්ය .ආටානාටි යනු නීති සමුදායක් ඇති සුත්‍රයකි.මෙය සම්මුතියකි .වත්මනේද විවිධ සම්මුති නගරවල් වල නමින් හදුන්වයි උදා- පැරිස් සම්මුතිය ,කොලඹ ප්‍රකාශනය

    ආටානාටි= ඇට්ලන්ටා විය . මීවනපලානේ හිමිට අනුව මෙය යක්ෂගොත්‍රිකයන්ගේ අගනගරයයි.මෙය පිහිටා තිබුනේ මහවිලච්චිය අවටය . මුහුද දක්වාම සීමාව ව්යාප්ත වන්නට ඇත . ලoකාපුරයද මෙයම විය .:shocked:

    දැන් අප ටොලමිගේ ඇට්ලාන්ටිස් කතාව විමසමු .අත්ලාන්තිස් පුරවරය හදිසියේ මුහුදට ගිලී ඇත .රාමායනයට අනුව ලන්කාපුරයද මුහුදට ගිලුණි .ප්ලේටෝට අනුව ඇට්ලාන්ටිස් වල මන්දිර මැණික් පුරවා රන් ආලේප කර තිබුණි .රාමායනයද ලන්කාපුරය සම්බන්දයෙන් එලෙස පවසයි . ප්ලේටොට අනුව ඇට්ලාන්ටිස් වලට වර්ෂාකාල 2ක් සහ අස්වනු 2ක් තිබුණි.මෙරටද අදටත් වැසි ලැබෙන්නේ ඊසාන දිග සහ නිරිත දිග වැසි වලිනි.යල.මහ යනු කන්න 2යි . භූගෝල විද්යාවට අනුව මෙවන් තත්වයක් පවතින ලොව එකම රට ලන්කාවයි . ප්ලේටෝගේ ඇට්ලාන්ටිස් වල අඹ ගස් අලියා,අශ්වයා,කෙසෙල්ගස් තිබි ඇත .



    නිගමනය- මුහුදට බිලිවූ ආටානාටා හෙවත් ඇට්ලාන්ටිස් නගරය අදත් පුත්තලම විල්පත්තු සාගරයේ සැගව පවති.සිතියමට අනුව කුඩා රාවණා මහා රාවණා කොටු ආශ්‍රිත සාගරයේද මීට පෙර තිබි ඇත්තේ ගොඩබිමකි .එය ලෙමුරියාවේ/කුමාරි කණ්ඩම්හී අවෂේෂයක් විය හැක.ලෙමුරියාව තිබුනේ රාවණා යුගයටත් බොහෝ පෙරය :yes::yes::yes:

    maxresdefault.jpg


    මිට වසර දහස් ගණනකටත් පෙර ඇට්ලාන්ටිස් අවට සිදු වූ විශාල යුද්ධයක් පිළිබදව තොරතුරු හමු වී ඇත.ඒ සදහාද විශාල ගුවන් යානා කිහිපයක් යොදා ගෙන ඇති අතර පරමාණු සහ විකිරණශීලී අවි ආයුධ යොදා ගෙන ඇත.උගතුන් මෙය පිටසක්වල ජීවින් අතර පැවති සටනක් ලෙස ප්‍රකාශ කරත් ,"මහා රාවනා" චරිතය කරලියට පිවිසීමත් සමග මෙය රාම -රාවනා යුද්ධය බවට ප්‍රකාශ කිරීමට උත්සහ ගත්හ.මහා රාවනයන්ටද ගුවන් යානා සහ විකිරණශීලී අවි ආයුධ තිබූ බැවින් ,ඇතැම් විට එය එසේ විය හැක.මෙවන් ගුවන් යානා තාක්ෂණයක් පිළිබදව විස්තර ඇති පැරණි ග්‍රන්ථ රැසක් ඉන්දියාවෙන් හමු වී ඇත.ඒ ග්‍රන්ථ වල රාවනයන්ගේ අහස් යාත්‍රාව පිළිබදවද තොරතුරු රැසකි.ගුවන් යානා වල කටු සටහන් සහ සැලසුම්ද ඇතුළත් වේ.එම ග්‍රන්ථ වලින් ඇතැමක් තවමත් පරිවර්තනය කර නැත.

    ඇට්ලාන්ටිස් යනු ඉජිප්තු වාසීන් මගින් ටොලමි දැනගත් කරුණු අනුව කල හෙලිදරව්වකි.මෙය කටින් කට ආ කරුණක් වුවද මේ සදහා යම් සත්යවූ කරුණක් පාදකවී තිබුණි .ටොලමි විසින් මේ ශිෂ්ටාචාරය පිලිබද කරුණු යම් පමණකට විකෘති කර ඇත්තේ එකල ඊජිප්තු රටේ කටකතා මත පිහිටාය .මේ නිසා ඇට්ලන්ටිස් අත්ලාන්තික් සාගරයට ඇලවීමට කටකතා බුරුතු පිටින් විශ්වාස කල ටොලමි කටයුතු කලේය .

    ටොලමිගේ සිතියම්වල පවා ඇත්තේ ටොලමි සිටි කාලයේ ලෝකය නොව ඊට පෙර තිබූ ලෝකයකි .ලන්කාව විශාලව ඇද ඇත්තේ ඒ නිසා මිස කලුසුද්දන් කියන පරිදි ග්‍රිකයන් වෙලදාම හරහා වැඩියෙන් දැනගත් රටක් නිසා ලන්කාව විශාලව ඇන්දා නොවේ . එසේ කිරිමට තරම් ඔවුන් මෝඩයන් නොවේ. ප්‍රතිපලය වූයේ ඇමරිකා යුරෝපය අතර සාගරයට අත්ලාන්තික් නම් ව්යාජ නම ලැබීමය
    .
     
    Last edited:

    Yasankaelakiri

    Active member
  • Nov 13, 2018
    93
    56
    28
    Youtube Higanno. Umbala thamai Kohewtah nethi labbawal hoyagena ewith Minissunge oluwata daanne. Wishwakarma newei Mala karume apeth mewage Higana ratakata Youtube wage Entertainment website ekak Gossip Video Higannonge Video balanna wena eka gena :angry:
     

    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    මෙය සත්යකි....
    බුද්ධිමත්ව අතීතය හාරා බලමු...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,962
    67,233
    113
    Enan ara ramage wanara set eka mudata gal dada palamak hadagena after 20 years mona labbakatada muden awe.lankawa ohoma indiawata connect wela nan.anika adala tiyena scale eka balapan.australiawath wada 3 times witara lokui.oka athule rawange kindom eka hoyanna plane eke giyath sathiyak wath yanawa
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Enan ara ramage wanara set eka mudata gal dada palamak hadagena after 20 years mona labbakatada muden awe.lankawa ohoma indiawata connect wela nan.anika adala tiyena scale eka balapan.australiawath wada 3 times witara lokui.oka athule rawange kindom eka hoyanna plane eke giyath sathiyak wath yanawa

    ලෙමුරියාවේ හෙවත් කුමාරි කණ්ඩම් රාවණා යුගයට බොහෝ පෙර පැවතිණි .එම යුගය වන විට ලෙමුරියාවේ බොහෝ කොටස් මුහුදුබත්වී තිබුණි. ඉන්දියාවෙන් ලoකාව වෙන්වී තිබිණි :rolleyes:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,962
    67,233
    113
    ලෙමුරියාවේ හෙවත් කුමාරි කණ්ඩම් රාවණා යුගයට බොහෝ පෙර පැවතිණි .එම යුගය වන විට ලෙමුරියාවේ බොහෝ කොටස් මුහුදුබත්වී තිබුණි. ඉන්දියාවෙන් ලoකාව වෙන්වී තිබිණි :rolleyes:

    Ehema ekak meke liyala nane.:rolleyes: oya tiyenne lankapura kiyanne atlantis kiyala liyala.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Ehema ekak meke liyala nane.:rolleyes: oya tiyenne lankapura kiyanne atlantis kiyala liyala.

    නිගමනය- මුහුදට බිලිවූ ආටානාටා හෙවත් ඇට්ලාන්ටිස් නගරය අදත් පුත්තලම විල්පත්තු සාගරයේ සැගව පවති.සිතියමට අනුව කුඩා රාවණා මහා රාවණා කොටු ආශ්‍රිත සාගරයේද මීට පෙර තිබි ඇත්තේ ගොඩබිමකි .එය ලෙමුරියාවේ/කුමාරි කණ්ඩම්හී අවෂේෂයක් විය හැක.ලෙමුරියාව තිබුනේ රාවණා යුගයටත් බොහෝ පෙරය :yes::yes::yes:

    උඩ කොටස එහෙම්මම තියනවා:yes:ආයි බලන්න
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Youtube Higanno. Umbala thamai Kohewtah nethi labbawal hoyagena ewith Minissunge oluwata daanne. Wishwakarma newei Mala karume apeth mewage Higana ratakata Youtube wage Entertainment website ekak Gossip Video Higannonge Video balanna wena eka gena :angry:

    මෙහෙම මොලේ වැඩෙන දේවල් දාන එක කොච්චර හොදද බන් වැඩියෙන්ම ලෝකේ කුණුහරුප බලන රටක ..:rolleyes:
     
  • Nov 16, 2018
    158
    13
    18
    දිය යටින් හමු වූ ලොවක් කළඹණ රාවණ රාජධානියත් ආටානාටියත් අරන් ගහ ගනින් පුකේ..
     
    • Like
    Reactions: waca

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,190
    113
    පුරාන පුස්කොල පොතකින් සොයාගත් රාවන රජුගේ දුර්ලබ චායාරූපයක්

    aquaman-1280-1543622354275_960w.jpg
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මූ දාන වැල් බයිලා සෑහෙන කාලයක් තිස්සෙ බැලුවා. මහින්ද මහත්තයා සම්බන්ධ වැදගත් මොකක් හරි සංසිද්ධියක් සිද්දවෙන කාලෙක මූ දාර බයි පිංවතෙක් වෙනවා. අනිත් කාලවලට ඔය “විශ්ව කර්ම“ වගේ මිනිස්සුංගෙං හිට්ස් ගන්න මොකක් හරි අලබෝලයක් දාන ව්ලොග් පඩංගුවලයි, බ්ලොග් පඩංගුවලයි යන මොනා හරි හුයන්නක් පේස්ට් කරනවා.

    හරි දැං මේ ලිපිය සම්බන්ධයෙන් මගෙ තියන ඔබ්ජෙක්ෂන්ස් ටික කියලා ඉමුකෝ. නැත්තං සාධක නැතිව දෝසාරෝපන කරන එක වැරයිදිනේ.

    ඉතිහාසික විශ්ලේෂනයක් කරද්දි, අපිට අතීතය ගැන දැනගැනීමේ ඥාණය නැති නිසා ඉතිහාසික සාධක, ලිපි ලේඛන , මූලාශ්‍ර මත පදනම් වෙන්න සිද්දවෙනවා. ඇතැම් මූලාශ්‍රවල දාර කෙබර තියෙන්න පුලුවන්. අන්න ඒ අවස්ථාවල අපිට පුලුවන් මූලාශ්‍ර කීපයක්, ඉතිහාසික සාධක කීපයක් මත පදනම් වෙලා තීරණ ගන්න.


    මධ්යස්ත මනසින් බලන්න මේ සිතියම් 2හි ඇති අධිසමානකම.ටොලමි විසින් ඊජිප්තු සහ ග්‍රික කටකතා නිසා ඇට්ලන්ටිස් සිතියම ඇද ඇත්තේ උතුර දකුණ මාරු කරය

    එහෙම කියන්න හේතු මොනාවද ? මොන කරුණු මත පදනම් වෙලාද එහෙම කියන්නේ ?

    පණ්ඩිත මානෑවේ විමලරතන හිමි කියන කතාව ගැන කියන්න තියෙන්නේ ඒ හිමියන් ඒ කරුණු කියන්නේ මොන කරුණු මත පදනම් වෙලාද කියන එක මත. දැං ඉන්න කෙනෙකුට හිතුමනාපෙට මෙහෙම වෙන්න ඇති කියල කියන්න බෑනේ. මූලාශ්‍ර තියෙන්න ඕන. ඉතින් මෙතන රවි ශෙලාශ වංශ කතාව කියන ඒ හිමියන්ගේ ඒ පොත මූලාශ්‍ර කරගන තියෙන්නේ “රවි ශෛලාශ තෙද්දය“ නං ඒ හාමුදුරුවො ඒක හොයාගත්තෙ කොහෙන්ද කියලා දැනගන්න මාත් කැමැතියි.

    ආටානාටිය = ඇට්ලැන්ටාව
    මොනාද මූලාශ්‍ර, මොනාද සාධක

    මීවනපලානේ හිමියන්ට අනුව....
    මීවනපලානේ හාමුදුරුවො කියන එකක් ඉතිහාසික මූලාශ්‍රයක් විදිහට පිළිගන්න බෑ. ඒ හින්දා ඒක අමතකම කරලා දාමු....

    දැං ප්ලේටො කියපු කතා ගැන
    රත්තරං පුරවලා මැණික් ඔබ්බපු මන්දිර ගැන සඳහන් වෙනවා විවිද රටවල. දැං දකුණු ඇමරිකාවෙ එල්ඩෙරාඩෝ ගැන සඳහන් වෙන්නේ මොනා කියලද ?

    ප්ලේටොට අනුව ඇට්ලාන්ටිස් වලට වර්ෂාකාල 2ක් සහ අස්වනු 2ක් තිබුණි.

    අන්න පුතා වහලා ගැහැව්වා. "Timaeus by Plato" වල සඳහන් වන්නේ මෙහෙමයි.

    Twice in the year they gathered the fruits of the earth--in winter having the benefit of the rains, and in summer introducing the water of the canals.

    දැං මේකෙ කොහෙද වර්ෂාකාල දෙකක් ගැන සඳහන් වෙන්නේ ? තමන්ගෙ වාසියට යන්තං ඉතිහාසික මූලාශ්‍ර විකෘති කරනවා.

    අහස් යානා ගැන සඳහන් වෙන්නේ වෛමානික්‍ය ශාස්ත්‍රයේ. ඒකෙ ඉංග්‍රීසි පරිවර්තන තියනවා. ඇරත් ඒක මෑත කාලෙ සංස්කෘත ශ්ලෝක ආශ්‍රෙයන් ලියවෙච්චි එකක් මිසක් මේ පට්ට පරණ එකක් නෙමෙයි.

    දැං උඹ ලෙමූරියාවක් ගැන කියනවානේ.
    ඕක ආවෙ මෙහෙමයි. මට නං ගං මතක නෑ. ඕන කෙනෙකුට මේ කරුණු ඉන්ටර්නෙට් එක බලලා තහවුරු කරගන්න පුලුවන්. බැරි උනොත් කියන්න. මම මූලාශ්‍ර දාන්නං.

    කාලෙකට කලින් එක්තරා විද්‍යාඥයෙක් හොයාගත්තා මැඩගස්කර් වල ඉන්න ලීමර් සත්තු ( අර I like to move it move it dance එක දාන්නේ) ව්‍යුහයාත්මකව ඉන්දියාවෙ ඉන්න ලීමරයන්ට සමානයි කියලා. හැබැයි අප්‍රිකාවේ එහෙම එව්වො හිටපු නැති හින්දා ඒක බුවාට ප්‍රශ්නයක් උනා. බුවා උපකල්පනය කලා අතීතයේ ඉන්දියාවත් මැඩගස්කරයත් එකට තියෙන්න ඇති කියලා. ඒ කාලෙ මහාද්වීප ප්ලාවිතය කියන එක සොයාගන තිබ්බෙ නැහැ. ඒ නිසා බුවා දැන ගන උන්නේ නැහැ මහද්වීප කාලයත් එක්ක පාවෙලා යනවා කියන කතන්දරේ. එතකොට බුවාට එන්න තිබ්බ එකම නිගමනේ තමයි “එහෙනං ඉන්දියාවයි මැඩගස්කරයයි අතර තව භූමියක් තිබිලා තියෙනවා. දැං ඒක ගිලිලා ඇති කියලා“ ඒකට මිනිහා නම තිබ්බා ලෙමූරියාව කියලා.
    මිනිහා හිතපු එක යම් දුරකට හරි. මැඩගස්කරයයි ඉන්දියාවයි එකට තමා තිබ්බේ. ඒ පැන්ජියා මහද්වීපය තියන කාලෙ. කාලෙත් එක්ක මහද්වීප ප්ලාවිතය හරහා මැඩගස්කරය දැන් තියන තැනට ආවා. මහද්වීප ප්ලාවිතය කියන එක තහවුරු උනාට පස්සේ ඒ ලෙමූරියාව කියන කතන්දරේ අවලංගු උනා. වැඩේ කියන්නේ ලංකාවෙ සමහර උන් තාම අප්ඩේට් වෙලා නෑ. ඉතිං මනස්ගාත කියනවා.

    අන්තිමට... කුමාරි කන්දම් ගැන මේ සිතියමේ තියනවානේ.

    ලෙමූරියා සංකල්පය ආපු කාලෙ ඉන්දියාවෙ හිටපු මේ තෙඩ් එක දාපු ඩයල් එක වෙගේ ආතබූත ඩයල් ෆෝම් උනා. උනුත් මූලාශ්‍ර ගැන මුකුත් තකන්නෙ නැතිව හීන්සීරුවේ මූලාශ්‍ර තමන්ගෙ වාසියට සුට්ට සුට්ට වෙනස් කරමින් මෙහෙම මහද්වීපයක් ගැන පොත් ලියන්න ගත්තා.

    කුමාරි කන්දම් බොරුද එතකොට
    කුමාරි කන්දම් ගැන සඳහන් වෙන්නේ “ස්කන්ධ පුරාණම්“ කියන පොතේ. මේකෙ පස්සේ දෙමල්ලු උන්ගෙ පොතක් වගේ පරිවර්තනයක් ගැහුවා “කන්ද පුරාණම්“ කියලා. ඒකෙ කුමාරි කන්දම් ගැන සඳහන් වෙනවා.

    ඒකෙ තියෙන්නේ මෙහෙමයි “ශිව අදහන වේද සජ්ජායනා කරන බ්‍රාහ්මණයන් වෙසෙන රාජ්‍යය තමයි කුමාරි කන්දම්“ කියන්නේ කියලා. නැතිව ගිලිච්චි මහද්වීප උලව්වක් ඒකෙ නෑ.

    දැං අන්තිමට උඹට කියන්න තියෙන්නේ ලොවෙත් නැති වැල් බයිලා දාන්න එපා බං සාධක එක්ක මූලාශ්‍ර එක්ක දාපං. ඉන්ටර්නෙට් එකේ මොකෙක් හරි උණහපුලුවෙක් ලස්සනට අයිසිං දාල දාපු කතන්දර ඉතිහාසය කියලා දාල මිනිස්සු මුලා කරන්න එපා.
     
    Last edited: