දුකට ලියමි

madawa gamage

Junior member
  • Jun 8, 2017
    74
    7
    8
    පුංචි කාලෙ ඉඳන් තට්ට තනියම ජීවත් වුණ මට උඹ හම්බ වුණේ ආදරෙත් තිත්තම වෙලා උන්නු මොහොතක,
    උඹේ ඔය හිනාවට,කතාවටත් වඩා මං ඇබ්බැහි උනේ උඹ මං ගැන වදවුණු විදියට......කටුමාළු කන්න බෑ කිව්වම ඒවගේ කටුත් පුළුවන් තරම් අහක් කරල තව කන්න බෑ කිව්ව කොළ ජාතිත් හොරෙන්ම අනල මට බත් කවපු උඹ එදා හිතන්න නැතුව ඇති උඹ නැති දාක ආයෙ මට කටු මාළු කන්න බැරි විත්තිය.උඹ නොහිතුවට මං දැනන් උන්නා උඹ මට අන්තිමට ඉතුරු කරන්නෙ ගින්දරක් බව.ඒත් මං ඔහේ උන්නෙ ජීවිතේ එක පාරක් හරි මාත් ජීවත් වෙන බව දැනෙන්න ගත්ත නිසා....කාටත් හොරෙන් මගේ එක අතක් එහෙම පිටින්ම බදු ගන්න උඹට ගියෙ සතියයි.......මගේ දුක සැප කෑවද බිව්ව ද රස්සාව කරන තැන කොහොමද අරක මේක හැමදේම මං නොකිව්වත් උඹට දැනගන්න ඕනි උනා....ඉතිං කාලයත් එක්ක පට්ට තනියම හන්දියෙ කඩෙන් මොනාහරි ගෙනත් කාල නිදාගත්ත මං මගේ ජීවිතේම බෙදාගන්න හුරු වුණා උඹ එක්ක......ඒත් උඹට යන්න කාලෙ ආවාම මං යන්න කිව්වෙ ආයෙ මට උඹ මුණ ගැහෙන්න කලින් උන්නු ජීවිතේට යන්න පුළුවන් නිසා නෙවෙයි බං උඹ මං එක්ක උන්නා නම් තව උඹට විඳින්න වෙන නින්දා අපහාස ගැරහුම් දරන්න තරම් හයිය හිතක් උඹට නැහැ කියල හිතුණ නිසයි....එහෙව් උඹ අද මං උන්නද මළාද කියල බැලුවෙ නැතත් උඹ නොදැන හිටියා වෙන්න බෑ මං කොයිතරම් තනි වෙයි ද කියල......
     
    • Like
    Reactions: Dishta Didin

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    :( මං දැනන් උන්නා උඹ මට අන්තිමට ඉතුරු කරන්නෙ ගින්දරක් බව... :(