මන්ත‍්‍රී වෙන්දේසිය යලි ඇරඹේ.. ඇදහිය නොහ&#353

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මන්ත‍්‍රී වෙන්දේසිය යලි ඇරඹේ.. ඇදහිය නොහ&#353

    49543277_2086357638054372_8414987006232231936_n.jpg


    නව ව්‍යවස්ථාවක් පෙබරවාරි 4ට පෙර සම්මත ගැනීමට එජාප- ජවිපෙ-දෙමළ සන්ධාන හවුල දියත් කර ඇති වැඩපිළිවෙලට අනුව පාර්ලිමේන්තුවේ 2/3 ක බලය ලබා ගැනීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් මිලදී ගැනීමේ ක්‍රියාදාමයට යටත් නොවන ලෙස ඉල්ලමින් ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය එ.ජ.නි.ස. නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට ලිපියක් යොමු කර ඇත. එම ...ලිපිය පහත දැක් වේ.

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙත,

    ගරු මන්ත්‍රීතුමනි,

    “ව්‍යවස්ථා” ද්‍රෝහීකමට සම්බන්ධ වන්න එපා !! ඒ සඳහා ඔබට අයිතියක් නැත !!

    එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය එක්ව නව ව්‍යවස්ථාවක්/සංශෝධනයක් ගෙන ඒමට ලහි ලහියේ කටයුතු යොදන බව අපි දැනුම්වත් වී සිටිමු.


    එකී නව ව්‍යවස්ථාව/සංශෝධනය මගින් විධායක ජනාධිපතිධුරය මුළු මුණින් අකර්මන්‍ය වූ නාමික තනතුරක් බවට පත් කිරීමටත්, උතුරු සහ නැගෙනහිර පළාත් එක් කර එම පළාත් දෙමළ ජනතාවගේ නිජබිම ලෙස පිළිගැනීමටත්, පළාත් එකකට හෝ ඊට වැඩි ගණනකට එක්ව හෝ වෙන් වෙන්ව ජනමත විචාරණ පවත්වා තීන්දු තීරණ ලබා ගැනීමේ අවස්ථාව ලබා දීමටත් යෝජනා වී ඇති බව ද අපි දැනුම්වත් වී සිටිමු.

    තව ද මෙකී ව්‍යවස්ථාව කිසි දිනක වෙනස් කළ නොහැකි පරිදි, සංශෝධනය කිරීමට අවශ්‍යනම් ”සියලූ පළාත් සභාවල අනුමැතිය අවශ්‍ය වේ” යනුවෙන් වගන්තියක් යෙදීමට කටයුතු කර ඇති බව ද අපි දැනුම්වත් වී සිටිමු.

    මෙකී නව ව්‍යවස්ථාව/සංශෝධනය ගෙන ඒම සඳහා දැනට පවතින පාර්ලිමේන්තුවේ 150 දෙනකුගේ ජන්දය අවශ්‍යය. නමුත් එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය එක්ව ගත් විට එම ප‍්‍රමාණය නොසැපිරෙන නිසා, මදිපාඩුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ (එ.ජ.නි.ස.) පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ඔබතුමන්ලාගෙන් සපුරා ගැනීමට දැවැන්ත ව්‍යාපෘතියක් දියත් වී ඇති බව ද අපි දැනුම්වත් වී සිටිමු.

    එසේ ඇතැම් මන්ත්‍රීවරුන් මේ ව්‍යාපෘතිය සඳහා එක්වීමට උත්සාහ දරද්දී අප සංගමයේ ඇතැම් සාමාජික ආචාර්යවරුන්ගේ ද මැදිහත් වීමෙන් ඒ කටයුත්ත ව්‍යවර්ථ කිරීමට මහත් උත්සාහයක් පසුගිය සතියේ දී ගැනුණු බව ද සිහිපත් කරමු. එ.ජ.නි.ස. එක් මන්ත්‍රීවරයකු මිලදී ගැනීම සඳහා මේ රටේ සාමාන්‍ය මිනිසකුට ඇදහීමට පවා නොහැකි ඉහළ මිලක් නියම වී ඇති බව ද අපි දැනුම්වත් වී සිටිමු.

    එ.ජ.නි.ස. පිහිට වූයේ බෙදුම්වාදයට, ත්‍රස්තවාදයට එරෙහිව ජාතික ව්‍යාපාරයක් ලෙසයි. ඒකීය රට රැක ගැනීම, කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම, ජාතිවාදී පදනමින් පළාත් බෙදීමට හෝ පළාත් එක් කිරීමට එරෙහි වීම එම දේශපාලන ව්‍යාපාරය ඇරඹීමට මූලික වූ කාරණාය. 2001-04 සමයේ ජාතිවාදී සහ විජාතික බලමුළු ශක්තිමත්ව තිබූ අවදියක ඒවා පරාජය කරමින් රට ජයගග්‍රාහී මගකට යොමු කළේ එ.ජ.නි.ස. මුල් වූ බලවේගයයි. කොටි ත්‍රස්තවාදය දේශපාලනිකව සහ යුදමය වශයෙන් පරාජය කෙරුනේ එ.ජ.නි.ස. ආණ්ඩු බලය දැරූ කාලයකදී ය. 2015 අගෝස්තු මහ මැතිවරණයේදී ද කිසිදු අඩුවකින් තොරව ජාතිවාදී අභිලාෂයන්ට එරෙහිව ඒකීය රටක් වෙනුවෙන් එ.ජ.නි.ස. පෙනී සිටියේය. එ.ජ.නි.ස. නියෝජනය කළ ඔබ වෙනුවෙන් ජනතාව ජන්දය ලබා දී පාර්ලිමේන්තු යැවූයේ ඒ මතය නියෝජනය කිරීමටයි. එහෙත් දැන් ගෙන ඒමට උත්සාහ දරන නව ව්‍යවස්ථාව/සංශෝධනය මුළුමුනින්ම විජාතික ව්‍යාපෘතියකි; නූපන් පරපුරත් අභාග්‍ය සම්පන්න ඉරණමකට ඇද දමන කොඩිවිනයකි.

    2004 දී සහ 2009 දී යුදමය අතින් පරාජය වූ බලවේග අද වෙනත් මුහුණුවරකින් නව ව්‍යවස්ථාවක්/සංශෝධනක් රැගෙන අප හමුවට පැමිණ ඇත. නව ව්‍යවස්ථාව/සංශෝධනය සඳහා කැමැත්ත පළ කිරීම ඔබට ජන්දය ලබා දුන් ජනතාවගේ අභිලාෂයට පිටු පෑමකි; මහා ද්‍රෝහීකමකි; අහස පොළව නුහුලන අපරාධයකි. එවැන්නක් සඳහා ඔබට කිසිඳු අයිතියක් නැති බව අප සිහිපත් කරන අතර මේ මහා පාවා දීමට දායක නොවන ලෙස අපි මහත් ඕනෑකමින් ඔබතුමාගෙන්/තුමියගෙන් ඉල්ලා සිටිමු.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,736
    20,253
    113
    හස්තිශෛලපුර
    • Like
    Reactions: shruk khan

    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    we

    Bro, its pathetic to say you have a PHD in engineering. You even dont know the difference between new constitution and amendments to the existing constitution.


    Go get some knowledge bro in this new year.. Happy new year 2019!

    muu gon athal denne dawasama ara tramadol eki amsi eki muge accounts:yes:;)
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Bro, its pathetic to say you have a PHD in engineering. You even dont know the difference between new constitution and amendments to the existing constitution.


    Go get some knowledge bro in this new year.. Happy new year 2019!

    Lol ok ...i sent u d only thing i ve...it s all coutosy...didnt knw u ve agenda for my wrongly use of words...good luck...wish u d same:D
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    See he asked a direct question relevant to de thread...when you r questioning abt de new constitution u should have a copy to back ur say..

    Oi... i m only the massenger...read the text again...who wrote the letter...
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,483
    113