බෝම්බ කල්ලිය

chanaka

Well-known member
  • May 4, 2006
    3,198
    754
    113
    වනාතවිල්ලුවේදි අත්අඩංගුවට ගත් මාවනැල්ලේ බෝම්බ කල්ලිය​


    පුත්තලම වනාතවිල්ලූව ප‍්‍රදේශයේ පොල් වත්තක වළදමා තිබූ බෝම්බ නිෂ්පාදනයට යොදා ගන්නා අධිබල පුපුරන ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 100 ක්, ඩෙටනේටර් තොගයක් ඇතුළු තවත් නීති විරෝධී භාණ්ඩ රැුසක් සමග සංවිධානාත්මක කණ්ඩායමක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (17 දා* අත්අඩංගුවට ගෙන ඇත.

    අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති දෑ අතර ඩෙටනේටර් 100 ක් , වයර් කෝඩ් තොගයක් , ශ්‍රී ලංකාව තුළ තහනම් නයිට්ට්‍රේට් ඇසිඩ් ලිටර් 20 බැගින් වු කැන් හයක් , බල්බ තොගයක්, අධිබල පිපිරවිම් සඳහා යොදා ගන්නා සිෆෝ (වෙඩි බෙහෙත් )කිලේ 75 කට ආසන්න ප්‍රමාණයක්,බොර 12 ගිනිඅවියක් සහ පතෝරම් තොගයක් , වායු රයිෆල් එකක් ,ආරක්ෂිත කුඩාරම් දෙකක් සමඟ දින 20 කට ආසන්න කාලයකට සරිලන වියලි ආහාර තොගයක්,පරිඝනක,කැමරා,ආගමික පොත් පත් තොගයක්, පැදුරු ඇතුළු තවත් දෑ සෝදිසි කිරීම් වලදී සොයා ගෙන තිබුණි.

    සිව්දෙනකුගෙන් සමන්විත වූ මෙම සංවිධානාත්මක කණ්ඩායම පොල්වත්තක් මැද කූඩාරම් ගසාගෙන එහි සැගවී සිටිමින් කිසියම් විනාශයක් සඳහා බෝම්බ නිෂ්පාදනය කිරීමට සැලසුම් කළේද යන්න පොලිසිය සැක පහළ කරයි.

    පසුගිය දිනවල මාවනැල්ල හා ඒ අවට ප‍්‍රදේශවල බුද්ධ ප‍්‍රතිමා විනාශ කළ ආගමික අන්තවාදීන් පිරිසක් අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත කළ විමර්ශනයකදී මෙම අධිබල ඩෙටනේටර් ඇතුළු පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීමට හැකිවී ඇත.

    පරික්ෂණ නිලධාරීන් ආපසු පිටත් වීමට සැරසි සිටියදී එක් ස්ථානයක් පිළිබඳව සැක සිති පරීක්ෂා කිරීමේදී එම ස්ථානයේ වල දමා තිබූ සිෆෝ නැමති අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කැන් වල අසුරා වල දමා තිබියදී සොයා ගැනීමට නිලධාරීන් සමත්ව තිබේ.

    පරීක්ෂණ අවසන් වන තුරු පොලිස් විශේෂ කාර්ය බළකාය ඉඩම වටා ආරක්ෂාව යොදවා තිබූ අතර සිද්ධියේ පරීක්ෂණ සඳහා පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ නිලධාරීන් , ඇඟිලි සලකුණු අංශය, පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට පොලිස් සුනඛ ඒකකයේ රිනා සහ ලැසි නැමති සුනඛයින්ගේ සහායද ලබා ගෙන තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂණ කටයුතු සඳහා රජයේ රස පරීක්ෂකවරයා පැමිණ තිබූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් විශාල පිරිසක් පැමිණ පරීක්ෂණ වලට එක්ව සිටියහ.

    අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිව්දෙනා කුමන කටයුත්තක් සඳහා මෙම පුපුරන ද්‍රව්‍ය තොගය රැගෙන ආවාද යන්න තවමත් හෙළිව නැතත් ඒ සම්බන්ධව මාධ්‍යයට තොරතුර ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේක කෙරුණි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    කොටි නෑගිටලා ඉවරයි. දෑන් නෑගිටින්නේ හම්බයෝ
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    When the country is in serious security threat MS dissolved the parliament and sacked PM and put country to anarchy and that fueled the attack
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    pathale wada walata owa genne naha ne , terrorist attack walata misak , mun nikan gal katas ahu una ganata dala thinne anduwen
    awlak naha un 225ta security wadi kara ne wenna kalin
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඈයි ආන්ඩුවේ උන්ම කිව්වේ බදුර්දීන්, මුජිබර්, හුස්බුල්ලා එකතු වෙලා ඕකුන් ටික එලියට දාලා කේස් එක යට ගෑහුවා කියලා.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඈයි ආන්ඩුවේ උන්ම කිව්වේ බදුර්දීන්, මුජිබර්, හුස්බුල්ලා එකතු වෙලා ඕකුන් ටික එලියට දාලා කේස් එක යට ගෑහුවා කියලා.

    ow ban wedak ne katha karala
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,198
    754
    113
    Breaking news
    කොටහේන පොලසිය බෝම්බ ලොරිය සොයා ගනී​

    මෙහෙ බෝම්බ සවිකර ඇතිද යන්න මේ වන විට පරික්ෂ කරමින් පවතී