පහුගිය දවස්වල wedding season එක නිසා මගුල් ගෙවල් 3,4 කට ගියා. දැන් කාලේ මරු pre- shoot නේ බන් තියෙන්නේ. ඔය වැඩේ පටන් ගත්තු කාලේ නම් හොඳට තිබ්බ ලස්සනට. දැන් pre shoot කියලා කරන්නේ බන් තනිකරම මනමාලිගේ හෙළුව පෙන්නන එක නේ එහෙම් පිටින්ම. මනමාලයා ඉන්නේ අයිනකට වෙන්න. මනමාලි චුට්ටි ජංගි කොටයක් වගේ කොට කලිසමක් ඇඳගෙන හරවා හරවා පෙන්නනවා. ඊට පස්සේ මනමාලයා ඒකිව වඩාගෙන කරකවනවා. බිම දාගෙන කිස් කරනවා. අපි ඉස්සර අර ටෙලිසීන් එකේ එක්සයිස් කරන කෙල්ලෝ ඉන්න ඇඩ් එක බැලුවෙත් අම්මලට හොරෙන් බන්. මුන් අඳින ඒවා ඊට අන්තයි දැන්.
ඇත්තටම උන්ට ලැජ්ජ නැද්ද බන් මගුල් ගෙදරට එන හැත්ත බුරුත්තටම ඕවා දාල පෙන්නන්න? අපේ අම්මලා ඉන්න තැන මමත් හෙන අවුලෙන් බන් බලන් හිටියේ pre-shoot එක පෙන්නද්දී. වෙඩිමට ගිහින් එන ගමන් අම්මලා කියනවා අවුරුදු 25ක් විතර මලක් වගේ පරිස්සම් කරලා දූලා හදලා අන්තිමට මගුල් දවසේ ලෝකෙටම දූගේ හෙළුව පෙන්නලා තමයි දුව දෙන්නේ කියලා.
ෆොටෝ ගහන එවුන් කොහොමහරි ඔය ෆොටෝ උන්ගේ page වල දාල තව කට්ටිය ඇද ගන්නවා. අපේ අයත් ඉතින් එක්කෙනෙක්ට එක්කෙනෙක් දෙවෙනි නොවෙන්න ගලවනවා. පිටරටවලත් නෑ නේද බන් ඔහොම preshoot කියලා එකක්?