|ගිනිගත් මධු සමය| 18+

BloodStorm

Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    |ගිනිගත් මධු සමය| 18+

    උඹට වෙන කෙනෙක් හිටියෙම නෑ බදින්න...
    මම උබේ උගුලට අහු උනා...
    අනේ චානක එහෙම කතා කරන්න එපා...
    Please හෙමින් කතා කරන්න....
    හෙමින්.... හෙමින් කතා කරන්න නෙවෙයි තියෙන්නේ..
    මහ එවුන් ගෙත් රෙදි ගැලවෙන්න හොද දෙකක් කියන්න හිතෙනවා දැන්ම ගිහිල්ලා...
    අනේ එහෙම කතා කරන්න එපා චානක ...ඔයා මේ දේවල් දැනගෙන නේ මේ කසාදෙට කැමති වුණේ .. ඉතිං ඇයි මේ..??
    ඇයි කියලා අහන්නේ තමුසෙ දන්නෙම නෑ . මෙහ් මාධවී සුදනා වෙන්න හදන්න එපා..
    මම දන්න කෙහෙම්මලක් නෑ
    දැන් ඔක්කොම ඔප්පු උනනේ...
    මම මේක මුලින් දන්නවනම් උබට කර ගහන්නේ නැහැ ගෑනියේ....
    තමුන්ගේ ගෞරවේ රැකගන්න බැරි උන ගෑනියෙක් එක්ක මොන මගුල් ද..
    අනේ චානක මොනවද මේ කියන්නේ...
    කියන්නෙද..? කියන දේ හෙට බලා ගන්නවා. දැන් නිදා ගන්නවා ..
    එසේ කිව් චානක ඇදෙන් බැස නාන කාමරය දෙසට පිය නැගුවේ කේන්තියෙනි ....
    මාධවී ඇදට වී තම නිරුවත් වූ සිරුර ඇද රෙද්දෙන් වසා ගනිමින් ඇද විට්ටමට හේත්තු විය...
    තමාට පිටු පස හරවා නාන කාමරය දෙසට යන තම සැමියාගේ නිරුවත් සිරුර දෙස ඇය බලා සිටියේ මීට මොහොතකට පෙර තමන් ඔහුගේ මුලු ලෝකයම බව පවසා තමා හා එක්වූ ඔහුමද යන සැකයෙනි ..
    දහම් හා චානක මධුසමය සදහා පිටත්ව ආවේ දහවල් 3.30 පමන පිටත් වූ සුභ මොහොතිනි..
    යුවලකගේ ජීවිතේ වැදගත්ම සන්දිස්ථානයක් ලෙස විවාහය හැදින් වීමට හැකි අතර ඔවුන් දෙදෙනාටද එය පොදු වූවාට සැකයක් නොමැත ...
    යෝජිත විවාහයකින් හමුවූ ඔවුන් දෙදෙන කදිමට ගැලපෙන යුවලක් සේ දුටුවන් හැමදෙනෙක්ම පාහේ සිතන්නට විය..
    එහෙත් ඒ සතුට එක මොහොතින් අතුරුදහන් වුනේ මදුසමයේ දී චානක මාධවීගෙන් බලාපොරොත්තු වූ ඒ පිවිතුරු බවේ සංකේතය දක්නට නොමැති වූ තැනය...
    දෙයියනේ මම හිතුවේ චානක මේ හැම දේම දැනගෙන හිටියේ කියලා .මම මේ කසාදෙට කැමති උනෙත් අම්මලා මේ හැම දෙයක්ම චානකලට හැංගුවෙ නෑ කිව්ව නිසයි... මේ මොකද්ද උනේ??
    හෙට දවස මොකක් වෙයිද.? අම්මලත් මට ඇයි බොරු කිව්වේ??
    මගේ අතීතය එක කාලකන්නියෙක් විනාස කලා. මම හිතුවෙ චානක ඒවා ඔක්කොම දැනගෙන මාව බැන්දේ කියාලා..
    අනේ දෙවියනේ හෙට මම කොහොමද හැමෝටම මූන දෙන්නේ?? හෙට home comming එකට නෑදෑයෝ ඔක්කොම එනවා.. මෙ දේ චානක ඇදලා ගත්තොත්..
    මොනවද තවත් කල්පනා කරන්නේ?
    චානකගේ හඩින් ඇය කල්පනාවෙන් මිදුනාය.
    දැන් නිදා ගන්නවා.. අපේ කසාදේ මෙතනින්ම ඉවරයි කියල මතක තියා ගන්නවා..
    එක එකා එක්ක ගිය ගෑනියෙක් මට ඔනි නැහැ ....
    අනේ චානක මම කියන දේ අහන්න.. කලබල වෙන්න එපා... මට පොඩ්ඩක් කතා කරන්න දෙන්න...
    තව මොනව කතා කරන්නද?? මම දැක්කනේ හැම දේම දැන් ..
    ඔව් ඒක ඇත්ත. ඒත් ඔයා නොදන්න දෙයක් තියෙනවා.. මම කියන දේ අහන්න...
    ඔයා පිරිමියෙක් විදිහට ගෑනියෙක් ගෙන් ඔය දේ බලාපොරොත්තු වෙන එක සාධාරනයි..
    ඒත් මම ඔයාව රවටන්න හිතාගෙන මේ කසාදේ කලේ නැහැ මහත්තයෝ...
    යට ගිය අතීතේ ආයේ ඇදල අරන් මගේ හිත පාරව ගන්න මම ආසා නෑ .
    මම හිතුවෙ මේ හැමදේම ඔයයි ඔයාගේ අම්මලයි දැනගෙන ඉන්නේ කියලා.
    මෙහෙම දෙයක් දන්නවනම් ඔයාට බොරු කරල මම කීයටවත් මේකට කැමති වෙන්නේ නැහැ ...
    හරි හරි තෙපර බාන්නේ නැතුව කියන්න තියෙන දෙයක් කියනවා මාධවී...
    චානක වෙන කෙල්ලොන්ට වගේ මගේ අද දවස සුන්දර වෙන්නේ නැහැ කියලා මම දැනගෙන හිටියා...
    ඒකට වගකියන්න ඕනේ එකම එක කාලකන්නියෙක්..
    මොකද්ද දැන් මේ කියන්න හදන්නේ ???
    ඔව් ඒ හැම දේම මම කියන්නම් ඔයාට...
    මම එතකොට A/L පන්තියේ... අපිට නැටුම් උගන්වන්න අලුතෙන් නැටුම් සර් කෙනෙක් ආවා...
    කාලයක් යද්දි මුලු ඉස්කෝලෙම ප්‍රසිද්ද උනා ඒ sir කුකුලා කියලා..
    ඉස්කොලේ ලමයින්ට ඒ සර් ගෙන් හරියට කරදර තිබුනා..
    ඒත් ඒවා ඔප්පු කරන්න කාටවත්ම බැරී උනා.
    දවසක් මගේ කරුමෙට නැටුම් කාමරේට යන්න සිද්ද උනා වැඩකට..
    මම යද්දි sir විතරයි හිටියේ...
    මම බයෙන් බයෙන් ඇතුළට ගිහින් Principal මේ form ටික දුන්නා කියලා , sir ට දීලා එන්න හැරුණා ...
    මාධවී ඔහොම පොඩ්ඩක් ඉන්න..
    ඇයි sir??
    මොකද ලමයො ඔච්චර හදිස්සි.. මෙන්න මෙහෙට එන්නකෝ.. කියා ඇයව ඔහු ලගට අදලා ගත්තේය...
    අ..නේ...sir ම්...මට..යන්න..දෙ...දෙන්න...
    හරි හරි යන්න දෙන්නම්...ඊට කලින් පොඩි වැඩක් තියෙනව කරමුද??
    ඔහුගේ පාපතර හැඟීම වටහා ගත් ඇය දගලමින් පැන යන්න පොරකන්නට වූවාය...
    එහෙත් ඔහුගේ යකඩ වන් අත් වලින් මිදීමට ඇයට පුලුවන් කමක් නොවීය..
    අවසානයේ ඒ රෝස කැකුළ තැලී පොඩිවී අපවිත්‍ර වන්නට වූවාය...
    එදා මම මැරුණනම් හොදයි චානක....මට එහෙනම් මෙහෙම අපහසයක් අහන්න වෙන්නේ නැහැ ..
    හරි ඉතින් ඒකට නිකන්ම බෙරිලා යන්න ඉඩ දුන්නද???
    වෙන්න ඕනි ඔක්කොම උනාට පස්සේ sir මට තර්ජනය කලා...මේක උනේ මගේ උවමනාවට කියලා ප්‍රසිද්ධ කරනව කිව්වා..
    ඉතින් ??
    වෙලාව කියන්නේ ඉස්කෝලේ වැඩ කරපු මිනිහෙක් සිද්දිය දැකලා .අන්තිමට ඒ මිනිහා සාක්ෂි දුන්නා sir ට විරුද්ධව . කොහොම හරි sir ව dismisse කළා ..
    පස්සේ ආරංචියක් ආවා sir heart attacke එකකින් නැති උනා කියලා...
    එදා ඉදලා මගේ අනාගතේ ගැන මගේ දෙමව්පියෝ විදෙව්වා..
    තාත්තට අංශභාගේ හැදුනා... අම්මා මාව කසාද බන්ද වන්නේ කොහොමද කියලා දහ අතේ ක්ල්පනා කලා...
    අන්තිමට ඔයාලා දාපු මංගල දැන්වීමට අම්මා ලියුම්ක් දාලා තමයි මෙච්චර දුරකට ආවේ චානක...
    මම බදින අදහස අත ඇරලා හිටියේ.. පිරිමි සන්හතියම එපා වෙලා හිටියේ...
    අම්මා මේ හැම දේම ඔයාලගේ ගෙවල් වලට කිව්වා කීව නිසයි මම මේකට කැමති වුණේ ..
    සමහර විට අම්මා බය වෙන්න ඇති මම කසාදයක් කරගන්නේ නැති වෙයි කියලා..
    එයාගෙ පැත්තෙන් අම්මා හරි .කෙල්ලෙක් ගෙදරට නාකි වෙනවට මොන අම්මද කැමති ..?
    මට සමාව දෙන්න ම්හත්තයෝ.....
    මගේ අම්මට තාත්තට දුකක් දෙන්න එපා තවත්....
    හ්ම් ..... මෙහෙම දෙයක් මම දැනගෙන හිටියේ නැහැ මාධවී...
    මොකද්ද ඒ කාල කන්නියාගේ නම.??...
    අපි නම් ඒ කාලේ කිව්වේ විජේසුන්දර සර් කියලා..
    විජේසුන්දර??? ඔ...යා.. මොන ඉස්කෝලෙටද ගියේ එතකොට??
    ගම්පහ ධර්මානන්දෙට... ඇයි චානක ඔයාට දාඩියත් දාලා..?
    ධර්මානන්දේ ගම්පහ???
    ඔව්....ඇයි???
    ම්..මොකක්ද...ඒ sir ගේ....සම්පූර්ණ...නම..මාධවී.....?
    පියරත්න විජේසුන්දර.......
    චාන්කගේ සියොලගම දැවි යන්නාක් මෙන් විය..
    තමන් ජීවිතේ අසන ලද අමිහිරිම ,අප්‍රසන්නතම සිදුවීම මෙය විය..
    ඔහු අසල තිබූ මේසයට වැරෙන් පහරක් ගසන ලදී..
    ඇ..ඇයී චානක....මොකද මේ??? ඇයි ඔයා ඒ මිහිනව දන්නවද??
    කතා කරන්නකෝ...??
    ඇයි මේ...??
    ඇය වහාම ඇදෙන් බැස ඔහු ලගට ගොස් උරහිසෙන් අල්ලා ඔහුව ඇය දෙසට හරවා ගත්තාය..
    ඒ දෑස් කදුලින් තෙත්ව අසරනව ඇය දෙස බැලුවාය ..
    අනේ .... මොකෝ මහත්තයෝ මේ???
    ඔයා අඩනව ද?
    මට කියන්න මොකද මේ??
    ඔහුගේ උගුරින් වචන පිට නොවුනි.. ඔහු අමාරුවෙන් වචන ගැට ගසා ගත්තේය...
    මාධවී... පියරත්න විජේසුන්දර කියන්නේ මගේ තාත්තා...




     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    awulak na anthimata ginna nimenne athi



    uda balagena kela gahaganna ba kiyala hithenne athi kollata
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඔකට හෙලුවැල්ලෙන් යන කතා කියන්න ඔනි නෑනේ...:dull:
    මුන් අපේ හිත්වල හෙලුවැලි රූප මවන්න හදනවා මේව වලින්..
    හෙන ගහනව යකෝ තොපිලට:angry: මේ මහරෑ නිදාගන්න යන්න හැදුව විතරයි :P
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඔකට හෙලුවැල්ලෙන් යන කතා කියන්න ඔනි නෑනේ...:dull:
    මුන් අපේ හිත්වල හෙලුවැලි රූප මවන්න හදනවා මේව වලින්..
    *** :angry: මේ මහරෑ නිදාගන්න යන්න හැදුව විතරයි :P

    :lol: :rofl:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මධු සමය පමණක් නොව,
    මේ සියල්ල ගිනිගන්නවා...
    ගිනිගන්නේ කුමකින්ද... රාග ගින්නෙන්, ද්වේශ ගින්නෙන්, මෝහ ගින්නෙන්...

    මා විසින් මෙසේ අසන ලදී - ශ්‍රද්ධා TV