පිදුරු කන්දේ සිට සඳ සිසිල විඳිමු.....පිදුරුත&#

ravinperera206

Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    පිදුරු කන්දේ සිට සඳ සිසිල විඳිමු.....පිදුරුත&#

    පිදුරුතලාගල හා සඳතැන්න තරණය

    ඉතිං යාළුවනේ...?ගොඩ කාලෙකින් නූලක් ලියන්නත් බැරි උනා නේ...මේකත් සංචරණයට කැමති කස්ටියටම තමා ඉතිං... ගියේ නම් නුවරඑළිය පැත්තේ තමයි ...හරියටම සැප්තැම්බර් 15-16 දවස් දෙක.ගමන කොලඹින් පටන් ගත්තේ උදේ 4.00 ට විතර. අතර මග නතර කර කර ගිහින් නුවර එළිය කිට්ටුවට එද්දි දවල් 2.00 විතර උනා. කට්ටිය බලයි අපි බර කරත්තේ ද ආවේ කියලා...
    දන්නවා නේ අපේ කට්ටිය ගමන් යද්දි...

    අතර මග නතර වෙලා බලපු දේවල් නම් ලියන්න තරම් දේවල් නෙවෙයි. දවල් 2.00 ට වගේ පිදුරුතලාගල පාමුලට එද්දි හොඳටම වැස්ස. කන්ද මැද හරියට යනකල්ම හොඳට මොර සූරන වැස්ස. මෙතන බලන්න යන්න ඉන්න කෙනෙක් නම් කලින් අවසරය ගන්න.මොකද යන අයගේ නම, හැදුනුම්පත් අංක දාලා අවසර පත්‍රයක් ගන්න ඕන මෙතනට යනවා නම්.ඒ අවසරය කලින් අරන් තියා ගන්න ඕන. නැතිනම් ආපහු හැරිලා එන්න තමයි වෙන්නේ.

    පිදුරුතලාගල ගැන නම් කට්ටියට අමුතුවෙන් කියන්න දේකුත් නෑ නේ ඉතින්. මේක මීටර් 2524 ක් උස දැඩි ස්වභාව රක්ෂිතයක් වන අතර යුධ හමුදාව හා ගුවන් හමුදාව යන දෙකෙන්ම පාලනය වේ. මෙය කදු පන්තියකි. වෙනත් කදු වලට සාපේක්ෂව දැඩි ආරක්ෂාවක් යොදවා ඇත්තේ ගුවන් හමුදාවේ අධි තාක්ෂණික රේඩාර් පද්ධති හා රූපවාහිනී කුළුණු ද රාශියක් ඇති බැවිනි. විශේෂයෙන් දිවියන්, ගෝනුන්,ඌරන් වැනි සතුන්ගේ නිජ බිම වී ඇති මෙය, ජෛව විවිධත්වයෙනුත් අනූන ය.

    අප ගිය සමය වැසි සමය පටන් ගත් සමය බැවින් ඉතා අධික මීදුමක් ද පැවතිනි. වරින් වර මීදුම් තත්ත්වය පහව යන අතර එය ඉතා කෙටි කාලයකට ය. නැවතත් හාත්පස මුළු පරිසරයම මීදුම් සළුවෙන් වැසී යන්නේ ය.අනෙකුත් කදු මෙන් නොව ඉතා හොඳ මාර්ග පද්ධතියක් පවතින හෙයින් කන්ද මුදුනටම වාහනයකින් පැමිණිය හැක. මෙය ද විශේෂත්වයකි. කන්ද මුදුනේ කුඩා පන්සලක් ඉදි කර ඇත. මුදුන නම් ඉතාම සීත බවකින් යුක්ත වන අතර ඒ සඳහා සුදුසු ඇදුමක් හැඳ පැමිණෙනවා නම් ගොඩක් හොදයි. මෙම කඳු මුදුනේ සිටින හමුදා සහෝදරයන් කෙතරම් කැපකිරීමක් කරනවාද යන්න තේරෙන්නේ මෙම සීතලේ ඔවුන් රාජකාරි සිදු කරන අයුරු දකින විටදී ය. අපට නම් එක දිගට මේ සීතලේ සතියක් හිටියොත් රස්සාවත් එපා වෙනු නොඅනුමාන ය.

    ෆොටෝ ගත්තේ නම් NOKIA 6.1 දුරකතනයකින් වන අතර එහි QUALITY එක නම් ගොඩක් අඩුයි හැබැයි.

    මෙතනින් ඇතුලට නම් යන්න දෙන්නේ නෑ


    pnGZe7x.jpg



    උඩ පොඩි කඩේකුත් තියේ...ඒක කරන්නේ අපේ රණවිරුවෝ...

    jtVy9s6.jpg


    8pr7HHN.jpg


    උඩ ලස්සනට මල් එහෙම වවලා තියේ...

    QfUPcV8.jpg


    YWT4bYe.jpg


    ඔය තියෙන තැනිතලා හරියට එනකල් වාහනයක යන්න පුළුවන්..

    mYJKT48.jpg


    qt1ltpg.jpg


    Jimd5Nc.jpg


    XVEJLeY.jpg


    H2qQrjR.jpg


    මෙන්න බොලේ ටිකෙන් ටික මීදුම එනවා...

    h425C7f.jpg


    මහරත්මල් ශාකයත් තියේ...

    ge2IsJs.jpg


    කදු මුදුනේ පුංචි පන්සලකුත් තියෙනවා. මේ තියෙන්නේ ඒ පන්සල තමයි...

    Ubqbehs.jpg


    sVdGVIS.jpg


    0J4NSdK.jpg


    6uORZlV.jpg


    UCQpG1P.jpg


    7m0vgr7.jpg


    VlSVrke.jpg



    ලැබ්‍රඩෝ බවුවෙක් වගේ...

    SjLz1yM.jpg


    සන්නිවේදන කුළුණු..ලංකාවෙම සන්නිවේදනයේ මූලස්ථානය මෙතන තමයි

    eGffwx5.jpg


    Uwol4No.jpg


    FGDUhld.jpg


    y2s51GO.jpg


    39lgvuI.jpg



    අවට පරිසරය

    JG6wkUc.jpg


    x8HxBkw.jpg


    මෙන්න ළමායි....ලංකාවේ උසම තැන....හැබැයි මට මේකේ නම් පොටෝ එකක් ගන්න බැරි වුනා..මේ පොටෝ දෙකම නෙට් එකෙන් උස්සපුවා...

    tAQtXMM.jpg


    ZYPCvn5.jpg


    pEgerEf.jpg



    අවට සුන්දරත්වය....

    kvx9yBT.jpg


    OqyVQ5Z.jpg


    hwxdBwX.jpg


    S3WAJ6U.jpg


    yKbQy9e.jpg


    IzyNf8p.jpg


    gS5VGTQ.jpg


    olcLmwZ.jpg


    FW8uQZm.jpg


    මෙන්න නුවර එළිය ටවුම

    VY7x9Fr.jpg



    මේ බව්වා මේ සීතලේ ඉන්නේ ශොට් එකක් ගහලද මංදා...

    fTa26jE.jpg



    nTC2guZ.jpg


    clBL8YL.jpg


    46nBB9c.jpg


    W02rxwb.jpg


    jG2jnYS.jpg


    vK8boY7.jpg


    rEi2KhZ.jpg


    jxywmee.jpg


    37jvG3N.jpg


    I0vhFCR.jpg


    3L879ba.jpg


    කොහොමින් කොහොම හරි ලංකාවේ උසම කන්දත් තරණය කරලා පල්ලම් බැස්සා කියමුකො..
    අපගේ රාත්‍රී නවාතැන වූයේ සීතා එළිය බීජ අර්තාපල් ගොවිපලයි.. රෑ වෙද්දි නම් එලියට බහින්න වත් බැරි තරම් සීතලයි.සවස 6.30 වගේ වෙද්දි නවාතැන කරා පැමිණ මූණ කට සෝදාගෙන රාත්‍රී ආහාර ගෙන කස්ටිය නින්දට සෙට් උනා. නිදන්න කලින් කට්ටිය කොරපු දේවල් ගැන නම් කියන්නේ නැතෝ...

    පසුදා පාන්දර 5.30 පමණ වන විට කට්ටිය අවදිවුනේ තවත් සොදුරු ඉසව්වක් කරා යෑමට ඇති ආශාව පෙරදැරි කරගෙන ය. ඒ සඳතැන්නට ඉර පායන හැටි බලන්නට ය.. කට්ටිය කඩිමුඩියේ ලකලෑස්ති වුනේ ඉර නැගෙන්නට පෙරාතුව සඳතැන්නේ අට්ටාලය මතට නැග හිරු නැගෙන අයුරු රස විඳීමට ය..


    X3NtUgw.jpg


    DkmJ13U.jpg


    xmhUjxN.jpg


    සඳතැන්නේ පිවිසුමු දොරටුව දක්වා අපගේ වාහනයේ ගිය අප එතැන් සිට යාමට නියමිතව ඇත්තේ සෆාරි ජීප් රථ වල ය. එක් අයකුට 50.00 ක ටිකට්ටුවක් හා එක් ජීප් රියකට 2000.00 ක මුදලක් ද ගෙවිය යුතු වේ.

    71Dh2nK.jpg


    vXK1nOX.jpg


    5gH3Rej.jpg


    JSvQYjP.jpg


    kV9vDzu.jpg


    සඳතැන්න යනු හොර්ටන් තැන්න වැනි වූ සුන්දරත්වයක් කැටි කර ගත් තැනිතලා භූමියකි. නමුත් මෙහි පාගමනින් යාමට අවසර නොදෙයි. නුවරඑලියේ සිට 5Km පමණ පිහිටා ඇති නිසා සංචාරකයකුට ඉතාම පහසුවෙන් මෙම රමණීය භුමිය වෙත ලගා වීමට පුළුවන. මෙය රජයේ බීජ අර්තාපල් ගොවිපලේම කොටසක් වන බැවින් පුද්ගලික රථ වලට මෙම සඳතැන්නේ ඉහලටම යාමට අවසර නොදේ.මෙයට හේතුව වනුයේ මෙය බීජ අර්තාපල් ගොවිපලක් වන බැවින් පිටත වාහන වලින් අර්තාපල් වලට අහිතකර බැක්ටීරියා, දිලීර වැනි රෝග කාරකයන් ඇතුළු වීම පාලනය කිරීමට ය. මෙහි ඇති ජීප් රථ රජයේ ගොවිපලේම ඒවාය. එබැවින් එම රථ පිටතට නොයන බැවින් රෝග කාරකයන් ඇතුළු වීම බොහෝ විට අඩු වේ.

    dUfbHpW.jpg


    vRsuhDz.jpg


    RcmKOyJ.jpg


    fZS6bHX.jpg


    අප යන සමයේදී ඇතැම් ගොවි බිම් පුරන් වීම ඉඩහැර තිබූ අතර ඒවා වසර 9 ක් පමණ වන තෙක් පුරන් වීමට හැර ඇති බව පැවසී ය. එයට හේතුව ඇතැම් අහිතකර දිලීරයන් සඳහා මෙතෙක් කිසිදු බෙහෙතක් සොයා ගෙන නොමැති අතර ඒවා පාලනය කිරීම සඳහා ඇති එකම ප්‍රතිකර්මය දිලීරයේ ජීව කාලය අවසන් වන තෙක් තැබීම ය.එතෙක් එම බිම පුරන් වීමට හරී.

    Ep9uLGQ.jpg


    තවද මෙම බිම වටා විදුලි වැටක් ඇද ඇති අතර අවට කැලයෙන් ගෝනුන් ඒම පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.

    lmXbF7y.jpg


    jcqB9ly.jpg


    z3j57Sa.jpg


    PMduFWw.jpg


    මෙම ස්ථානයේ ගෝනුන් කීපදෙනෙක් සෙල්ලම් කරමින් සිටි අතර ජිප් රියේ හඩට බිය වී උන් නැවත කැලයටම වැදුනා.

    hX1QNKW.jpg


    sPLGstF.jpg


    kGkLP2M.jpg



    ජීප් රථයෙන් කිලෝ මීටර් 3ක් පමණ ආ පසු කොන්ක්‍රීට් වලින් තනන ලද අට්ටාලය පෙනෙන්නට විය.

    OeeVVbQ.jpg



    මෙය තමයි අපගේ ගමනාන්තය.කුඩා තැනිතලාවක අප ආ ජීප් රථ නතර කළ අතර එතැන් සිට මද දුරක් පාගමනින් යාමට තිබේ.

    Hes9ObT.jpg


    3smIjgT.jpg


    rSzXdym.jpg


    TxCxi2g.jpg


    අට්ටාලය මතට නැගගත් පසු අංශක 360 ක් ම මෙම ස්ථානයට හොදින් දිස් වේ.. ඈතින් කඳුවලලු වල ගාම්භීර භාවය දිස්වන්නේ මේ තැනට ආ පසුව ය. ලංකාවේ උස් කඳු 10න් 9ක් ම මෙම ස්ථානයට හොඳින් දිස් වේ. මෙම ස්ථානයට නොපෙනෙනුයේ ශ්රී පාදස්ථානය පමණි.පිදුරුතලාගල (අඩි 8281), කිරිගල්පොත්ත (අඩි 7835) , තොටුපල කන්ද (අඩි 7737) , කිකිලියාමාන (අඩි 7339), කොනිකල් හිල් (අඩි 7339), ග්‍රේට් වෙස්ටර්න් (අඩි 7257), හග්ගල (7110), සිංගල‍් ට්‍රී (අඩි 6890), නමුණුකුල (අඩි 6677) වෙයි.

    Jt1Xqwc.jpg


    iQvFHdR.jpg


    ඇත්තටම මෙවැනි ස්ථානයක් ඇත්තේ සඳතැන්න පමණි. ලංකාවේ කිසිදු ස්ථානයකට එක වර මෙම කදුවැටි සියල්ල නැරඹීමේ හැකියාවක් නොමැත.

    MZma7Oih.jpg


    FNbxtn5h.jpg


    TxCxi2g.jpg


    මෙම තැන්නේ ද දිවියන්,ගෝනුන්, වල්ඌරන් බහුලව ගැවසෙන අතර කලාතුරකින් මොණරුන් දැකිය හැකි බවත් පවසයි. ගොවිපලේ පුරන් වීමට අතහැර ඇති පිටියේ තණකොල ඉතා හොඳින් කපා දමා ඇතිමෙන් පෙනෙනුයේ ගෝනුන් විසින් ඒවා කා දැමීම හේතුවෙනි.

    Vd5cVEY.jpg


    ඇතැම් ස්ථාන වල කොටින්ගේ වසුරු ඇති බවත් අපට දැක ගන්නට හැකි විය.

    YqT39hZ.jpg


    අවට සුන්දරත්වය

    PYty9FA.jpg


    DDDd7jG.jpg


    GXZ2p1D.jpg


    9sBCIP8.jpg


    QwHfy26.jpg


    3RzCraZ.jpg


    1EW7Vwf.jpg


    UiebcYb.jpg


    l9IOTtZ.jpg


    BJ9BjBz.jpg


    kGkLP2M.jpg


    5rCxBHA.jpg


    පුරන් වීමට හැර ඇති ගොවි බිම්

    Vd5cVEY.jpg


    UiebcYb.jpg


    හැබැයි මෙතන නම් පිදුරුතලාගලටත් වඩා සීතලයි මට නම්.ගමන පුරාවටම ජර්සියක් හැද ගැනීමට අවැසි නොවූවත් මෙම ස්ථානයේදී නම් මා හට ජර්සිය ඇන්දත් සීතල නම් මදි නොකියන්න දැනිනි.ඊට හේතුව මෙම ස්ථානයේ ඇති අධික සුලඟයි.

    නමුත් මෙම ස්ථානයට යන විට තරමක් ප්‍රමාද වූ බැවින් ඉර සේවය නම් අපට හොඳින් බලා ගැනීමට හැකියාව ලැබුනේ නැත.ඒක නම් මගේ හිතට ලොකු දුකක්.ගමනේ හොඳම ටික මිස් උන එකට නම් වචනයෙන් කියාගන්න බැරි දුකක් තියෙන්නේ.පැය දෙකක් පමණ අට්ටාලය මත නැග සිටි අප හිරුගේ කිරණ දැඩිවෙත්ම එතනින් පිටත් වුනි.

    ඉන්පසු නැවත ජීප් රියේ නැග ගමන් ඇරඹූ ස්ථානයටම පැමින අප ආ වාහනයේ නැග නැවත නවාතැන කරා ගියේ උදෑසන ආහාරය ගිල දැමීමට ය..එහිදී නවාතැනේ භාර කරු කියූ කථාවකින් අප සියල්ලම භයෙන් ඇලලී ගියේ එකිනෙකාට මූණ බලා ගනිමිනි.ඒ මීට මාස 3 කට විතර ඉහතදී නවාතැනේ ඇති කළ බල්ලා කොටියකු විසින් ඩැහැගෙන ගිය බව ඔහු පැවසීමෙනි... හත්දෙයියනේ..අපි මහ රෑ නවාතැනේ අවට එහෙමෙහෙ ගියා නේද?මා කීපවිටක්ම තනිව වාහනය වෙත ද ගියෙමි. ඔහු මේ බව අපහට කලින් නොකීවේ මන්ද?මීට ඉහතදී මා විසින් මස්කෙලිය ප්රිදේශයේදී කරන ලද සංචාරයකදී උදෑසන බංගලාව අවට කැලයේ තනිවම ඇවිදීමට ගොස් පැමිණි අවස්ථාවකදී ද මා හට එහ කැලයේ කොටින් ඇති බව දැනගන්නට ලැබුනේ පසුව ය. මෙයත් එසේම ය.
    නොයෙකුත් ප්‍රශ්න හිතේ තද කරන් අප නවාතැන අස්පස් කර නැවත කොළඹ බලා ඒමට පටන් ගත්තෙමු.සවස 6.00 පමණ වන විට මා නිවස වෙත සේන්දු වූයේ තවත් එක රසවත් චාරිකාවක මතක සටහන් මනසේ තබාගෙනම ය.
    අවසන කිවයුතුම දෙය නම් අප විසින් රැගෙන යන කිසිදු අපද්‍රව්‍යයක් එම සුන්දර පරිසරයේ අතැර නොදමා නැවත රැගෙන විත් සුදුසු පරිදි ඉවත දමා එම පරිසරය තිබූ ලෙසම තිබෙන්නට ඉඩ හැරීම ය.එවිට එම පරිසරය ඉබේම අනාගතය සඳහා රැකෙන්නේ ය.

    ඔබ සැමටත් මෙ පින් බිමටත් තෙරුවන් සරණයි !
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    නියමයි. Rep added
    මචං සඳතැන්න ‌ෙගොවිපලෙ නවාතැන ‌ෙසෙට් කරගන්නේ ‌ෙකෙහොමද ?
    අපිට ඒහෙන් කෑම ගන්න පුලුවන්ද ?
    ගණං මිනුිං ‌ෙකොහොමද ?
     
    • Like
    Reactions: ravinperera206

    CARMN

    Member
    Jan 25, 2019
    105
    8
    0
    ෂා මරු මචං. Thanks
    සදතැන්න වාහන පාක් කරන තැනට වෙනකල් කාර්එකකට යන්න තරම් හොදට පාර තියනවද.
     
    • Like
    Reactions: ravinperera206

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    නියමයි. Rep added
    මචං සඳතැන්න ‌ෙගොවිපලෙ නවාතැන ‌ෙසෙට් කරගන්නේ ‌ෙකෙහොමද ?
    අපිට ඒහෙන් කෑම ගන්න පුලුවන්ද ?
    ගණං මිනුිං ‌ෙකොහොමද ?
    ස්තූතී මචං කමෙන්ට් කලාට...ගොවිපලේ ඉන්න සෙට් කර ගත්තේ මගේ යාළුවෙක් මචං..මම ඒ ගැන හරියටම නම් දන්නේ නෑ.මම අහල උඹට කියන්නම්.එහෙන් කෑම නම් ගන්න බෑ.අපි බඩු ගිහින් දුන්නම උයන්න කෙනෙක් ඉන්නවා මචං. රෙප් දුන්නා.
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    ෂා මරු මචං. Thanks
    සදතැන්න වාහන පාක් කරන තැනට වෙනකල් කාර්එකකට යන්න තරම් හොදට පාර තියනවද.
    ස්තූතී මචං...ඔවු සඳතැන්නේ වාහන පාක් එකට එනකල් පොඩි කාර් එකක උනත් යන්න පුළුවන් මචං..wagon R එකකට උනත් යන්න පුළුවන්..
     

    Similar threads