චේතනා

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    විශ්වය සචේතනිකය. එනම් විශ්වයට චේතනාවක් තිබෙයි. ලෝකය අනියතයි කියන්නේ මේ චේතනාව වෙනුවෙන් විශ්වීය ක්‍රියාවලිය ක්ෂණයක් පාසා නොනැවතී වෙනස් වීමයි.
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    E mokakda e une
    හරි, විශ්වය මොහොතකට අමතක කරමුකෝ. මේ පෘථිවිය මත සිද්ධවෙන ක්‍රියාවලි ගැන හිතුවොත්, හැම (ස්වභාවික) දෙයක්ම සිද්ධවෙන්නේ මොකක් හරි අරමුණක් වෙනුවෙන් කියලා හිතෙන්නේ නැද්ද?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    avatar17937_4.gif
    avatar17937_4.gif
    avatar17937_4.gif
    avatar17937_4.gif
    avatar17937_4.gif
    avatar17937_4.gif
    avatar17937_4.gif
    avatar17937_4.gif
    avatar17937_4.gif
    avatar17937_4.gif
    avatar17937_4.gif
    avatar17937_4.gif
    avatar17937_4.gif
    avatar17937_4.gif
    avatar17937_4.gif
    avatar17937_4.gif
    avatar17937_4.gif
    avatar17937_4.gif
    avatar17937_4.gif
    avatar17937_4.gif
    avatar17937_4.gif
    avatar17937_4.gif
    avatar17937_4.gif
    avatar17937_4.gif
    avatar17937_4.gif
    avatar17937_4.gif
    avatar17937_4.gif
    avatar17937_4.gif
    avatar17937_4.gif
    avatar17937_4.gif
    avatar17937_4.gif
    avatar17937_4.gif
    avatar17937_4.gif
    avatar17937_4.gif
    avatar17937_4.gif
    avatar17937_4.gif
    avatar17937_4.gif
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,851
    67,088
    113
    To transform from limited enitity to infinite.That is the desire
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    teleology is dead. era of machines and mechanization has begun. bow before machines you deterministic material souls for there is no victory :no:
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    teleology is dead. era of machines and mechanization has begun. bow before machines you deterministic material souls for there is no victory :no:
    ඒ මොකක් වුණත් මිනිස් කියාකාරකමක ප්‍රතිඵලයක් නේ. අපි ඒ තැනකට සීමා නොවී සමස්ථ විශ්වීය ක්‍රියාකාරීත්වය සිද්ධවෙන්නේ අරමුණක් වෙනුවෙන්ද කියලයි බලන්න ඕන.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ මොකක් වුණත් මිනිස් කියාකාරකමක ප්‍රතිඵලයක් නේ. අපි ඒ තැනකට සීමා නොවී සමස්ථ විශ්වීය ක්‍රියාකාරීත්වය සිද්ධවෙන්නේ අරමුණක් වෙනුවෙන්ද කියලයි බලන්න ඕන.

    ඒක තමා කිව්වෙ teleology දැන් මැරිල කියල. :yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ටිකක් පැහැදිළි කරලා කියන්නකෝ

    සිදුවීම් ඒව ඉටු කරන අරමුණ ඇසුරෙන් පැහැදිලි කරන චින්තනේ මැරුණ. teleology කිව්වෙ එ්ක. ඒ කාලෙ වහින්නෙ කොහොමද කියන ප්‍රශ්නෙ නෙමේ ඇහුවෙ වහින්නෙ ඇයි කියන ප්‍රශ්නෙ. මිනිස්සු ඉපදෙන්නෙ කොහොමද නෙමේ මිනිස්සු ඉපදෙන්නෙ ඇයි. හේතුව තිබ්බෙ අන්තිමට.

    පස්සෙ ටික ටික සංස්කෘතිය වෙනස් වුනා. හේතුව මුලට ගියා. සියල්ල යාන්ත්‍රික නීති පද්ධතියකට යටත්ව ක්‍රියා කරන මැශින් එකක් විතරයි. විද්‍යාවේ අරමුණ ඒ නීති සොයාගැනීම සහ ඒ නීති පාවිච්චි කල්ල සොබාදහම කියන යන්ත්‍රයෙන් ප්‍රයෝජන ගැනීම. තව දුරටත් වහින්නෙ ඇයි, අපි ඉපදෙන්නෙ ඇයි වගේ ප්‍රශ්න වලට තේරුමක් නෑ.
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    සිදුවීම් ඒව ඉටු කරන අරමුණ ඇසුරෙන් පැහැදිලි කරන චින්තනේ මැරුණ. teleology කිව්වෙ එ්ක. ඒ කාලෙ වහින්නෙ කොහොමද කියන ප්‍රශ්නෙ නෙමේ ඇහුවෙ වහින්නෙ ඇයි කියන ප්‍රශ්නෙ. මිනිස්සු ඉපදෙන්නෙ කොහොමද නෙමේ මිනිස්සු ඉපදෙන්නෙ ඇයි. හේතුව තිබ්බෙ අන්තිමට.

    පස්සෙ ටික ටික සංස්කෘතිය වෙනස් වුනා. හේතුව මුලට ගියා. සියල්ල යාන්ත්‍රික නීති පද්ධතියකට යටත්ව ක්‍රියා කරන මැශින් එකක් විතරයි. විද්‍යාවේ අරමුණ ඒ නීති සොයාගැනීම සහ ඒ නීති පාවිච්චි කල්ල සොබාදහම කියන යන්ත්‍රයෙන් ප්‍රයෝජන ගැනීම. තව දුරටත් වහින්නෙ ඇයි, අපි ඉපදෙන්නෙ ඇයි වගේ ප්‍රශ්න වලට තේරුමක් නෑ.
    මේක හරි වැදගත් කාරණයක්. ඒ කියන්නේ ග්‍රීක ක්‍රිස්තියානි සංස්කෘතිය, මධ්‍ය ඉන්දියානු සංස්කෘතියට යටවුණා කියලද?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේක හරි වැදගත් කාරණයක්. ඒ කියන්නේ ග්‍රීක ක්‍රිස්තියානි සංස්කෘතිය, මධ්‍ය ඉන්දියානු සංස්කෘතියට යටවුණා කියලද?

    ග්‍රීක සංස්කෘතිය ක්‍රිස්තියානි සංස්කෘතියට යට වුනා. (යට වුනා කියන වචනෙ 100%ක් නිවැරදිද කියන්න දන්නෙ නම් නෑ)
    ඉන්දියාවෙ තිබුණු සංස්කෘතියත් teleology පැත්තට බරයි. teleology පැත්තටත් වඩා animism වලට බරයි. ජ්‍යෝතිශයෙ එහෙම ග්‍රහලෝක විස්තර කරල තියෙන හැටි බලන්න. ජීවත්වයක් ආරෝපනය කරල ඇවිදින පුද්ගල චරිත විදිහට විස්තර කරන්නෙ.

    පුනරුදයත් එක්ක සියල්ල යාන්ත්‍රිකව දකින චින්තනය ප්‍රචලිත වුනා. දෙවියන් වහන්සෙ මැදිහත් වෙන දැක්ම පරද්දල දෙවියන් වහන්සෙ ආරම්භයේ සියල්ල අංග සම්පූර්ණව සැලසුම් කල්ල නිර්මාණය කලා, එතනිං එහාට ඔරලෝසුවක් වගේ දෙවියන් වහන්සෙ දීපු නීති වලට යටත්ව ක්‍රියා කරන යන්ත්‍රයක් විතරක් බවට සොබාදහම පත්වුනා. ඒ දෙවියන් වහන්සෙ පනවපු නීති සෙවීම විද්‍යාවෙ අරමුණ වුනා. අද දෙවියන් වහන්සෙ පුද්ගලයෙක් විදිහට පැවැත්ම ප්‍රතික්ශේප කරල simulation hypothesis කියල දෙවියන් වහන්සෙට 21 වෙනි සියවසට ගැලපෙන අලුත් විදිහකට ඉපදිලා ඉන්නව. අද දෙවියන් වහන්සෙ කියන්නෙ programmer කෙනෙක්.

    ග්‍රීක සංස්කෘතියෙත් ක්‍රිස්තියානි සංස්කෘතියට ගැලපෙන දේවල් සේරම අවශෝෂණය කරගත්ත. atomism, atomism වලට පදනම දාපු reductionism ඒව නැති වුනේ නෑ. එකම ගඟට දෙපාරක් බහින්න බෑ කියපු අයගෙ දර්ශණ ක්‍රිස්තියානි ලෝක දැක්මත් එක්ක තියෙන නොගැලපීමත් එක්ක ඉබේම යට ගියා. දැන් එකම ගඟට දෙපාරක් බහින්න බැරි එක තේරුම් ගැනෙන්නෙත් වෙනස් නොවන යමකිං වෙනස් වන යමක් විදිහට ගඟයි මිනිස්සුයි හැදිල තියෙනව ඒ වෙනස් වීම කියන emergent phenomena එක නිසා බහින්න බෑ වගේ්‍.

    මේ ගැන වැඩි විස්තර දැනගන්න ආස නං Jeremy Lent බැබිලෝනියානු, මෙසපොතේමියානු ශිෂ්ඨාචාර වල ඉඳන් මුලු ලෝකෙම වගේ සංස්කෘතීන් ගැන අධ්‍යනය කරල ලස්සන පොතක් ලියල තියෙනව Patterning Instinct කියල. ඒකෙ තනිකරම තියෙන්නෙ වෙනස් වෙනස් සංස්කෘතීන් වල මිනිස්සු සොබාදහමෙ රටා ඒ සංස්කෘතීන් වල චින්තනයන් තුල වෙනස් විදිහට දැක්කෙ කොහොමද, ඒ චින්තනයන් ඒ මිනිස්සුන්ගෙ ජන ජීවිතේට බලපෑම් කලේ කොහොමද, අද අපි ජීවත් වෙන මේ සංස්කෘතියට පදනම ආවෙ කොහෙන්ද, අපේ සංස්කෘතියෙ පතුලෙ සැඟවිලා තියෙන විශ්වාසයන් මොනාද, ඒව ලෝකය, සොබාදහම මරමින් ඉන්නෙ කොහොමද, ඒක වෙනස් කරන්න නම් අපි තේරුම් ගන්න ඕනෙ මොනාද කියල සරලව ගැඹුරින් සාකච්ඡා කරනව.
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    Pessimist
    ඔබගේ අදහස් දැක්වීම හරිම අගෙයි, නිරවුල්.
    අපි මේ කාරණයේ මුලට නැවත ගියොත්, ජීවයේ සම්භවය ඇතිවුණේ ඇයි කියන ප්‍රශ්නයට වඩා එය සිදුවුණේ කොහොමද කියන ප්‍රශ්නය වැදගත් වන බව ඇත්ත. ඒත් යම් ආකාරයකින් සම්භව වූ ජීවය පවතින්නේ කොහොමද කියන ප්‍රශ්නය තරමටම එසේ පවතින්නේ ඇයි කියන ප්‍රශ්නයත් එක වගේ වැදගත් කියලා මේ නූතන දෘෂ්ටිවාදය පිළිගන්නේ නැද්ද?