මටත් ප්‍රෂ්ණයක් තියෙනවා. දැන්න කෙනෙක් කියලා දෙන්න.
1. ලංකාවේ හිටිය හැම රජෙකුටම අනතප්පුරක් හිටියා කියලා කියනවා. රජ කෙනෙක් අනතප්පුරයක් පවත්වා ගනීම පවක්ද ?
2. දුටු ගැමුනු රජතුමාටත් අනත්‍ප්පුරයක් හිටියා . ඒතකොට ඒක පවක්ද ?
3. දුටු ගැමුනු රජතුමා මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ අගසව් දෙනමගෙන් කෙනෙක් වෙනවා කියලා බුද්ධාගමේ කියනවා නේද ?
4. එහෙනම් අන්තප්පුරයක් පවත්වා ගැනීමේ ඵල විපාක අගසව් වීමට හෝ අනාගතයේ රහතක් වීමට බල පාන්නේ නැද්ද ?
5. මිනී මැරීම පවක් නේද ?
6. කුමන කාරනයක් නිසා මිනී මැරුවත් ඒක පවක් නේද ?
7. එහෙනම් ටර්මාෂෝක රජතුමා රටවල් අල්ලගන්න සටන් කරලා මිනී මැරීමත් පවක්. ගංගාවක් රත් පැහැ උනා කියලා කියන්නේ. එහෙනම් ධර්මාසොක් රජතුමා ඊළඝ ආත්මේ පිරඹුරෙක් වෙලා දින ගනනකින් දිව්‍ය ලෝකේ ඉපදුනේ කොහෛාමද ?
8. දිව්‍ය ලෝකයෙන් චුත වෙලා ලංකාවේ ඉපදිලා මහන වෙලා රහත් උනාම අර පවු සේරම අහෝසි කර්ම උනාද ?
8. ඕනම ලොකු පවක් කරලා ඒක අහෝසි කරගන්න පුළුවන්ද ?
sex කියන්නෙ පවක් නෙවෙයි, ඒක පවක් වෙන්නෙ තව කෙනෙකුට වංචාවක්, කරදරයක්, අවැඩක් වෙන විදියට කරොත් විතරයි.
So
අන්තප්පුරේ පවක් නෙවෙයි.
උබෙ ගෑනි කැමතිනම් උබටත් පුලුවන් තවත් ගෑනුන්ව බදින්න පුලුවන් ඒ ගෑනුන්ගෙ කැමත්ත අැතිව. පවක් වෙන්නෙ නෑ.

අනික අශෝක රජතුමා යුද්දදෙදි මිනිස්සු මැරුවට ලක්ෂ ගනන් රහතන් වහන්සේලාට දන්දීල තියෙනව. වෙහෙර විහාර හදල තියෙනවා. ඒ පින අර පවට වඩා බලවත්. ඒනිසයි දිව්ය ලෝකෙ ගියෙ. එහෙ ගිහින් පිස්සු නට නටා හිටියොත් ඒ පින ඉවරවෙලා වැටෙන්නෙ අපායට, නැත්තන් මනුස්ස ලෝකෙට අැවිත් දුක් විදී.
එහෙම නැතුව දිව්ය ලෝකෙ ඉදන් පින් කරොත් ඊට වඩා ඉහල දිව්ය තලවලට යන්නත් පුලුවන්.
ලංකාවෙ ගොඩක් අය හිතන් ඉන්නෙ දෙවිවරුන්ට පින් කරන්න බෑ එයාල ඉන්නෙ අපෙ පිනෙන් කියල,
ඒක වැරදි.රජතුමා මරෙන වෙලාවෙදි කෙන්ති යන හන්ද තමයි ඒ ද්වේශ හිතට අදාලව චුතිසිත සකස්වෙලා පිබුරෙක් වෙන්නෙ . පස්සෙ පින් පලදීල දිව්ය ලෝකෙ යනව.
හාමුදුරුවරු කාලීන බන කියල ඕප දූප කියනව
ගිහියො කර්මය කර්මපලය තේරුම් ගන්න බැරිව ලතවෙනව
Last edited:



