මචන්ල මට දැනගන්න ඕන ඔයාල ඔබතුමන්ලගෙ අසල්වැසියො ගැන කොච්චර තෘප්තිමත්ද කියල? මම මේක අහන්නෙ ඕගොල්ලො ගොඩක් අය දන්නව ඇතිනෙ මම හිටපු ගෙදර විකුනල අලුත් ගෙයක් ගත්ත කියල ඒකයි. දැන් මම මෙහෙට ඇවිල්ල අවුරුදු 2ක් වෙනව දැන්නන් ගොඩක් අසල්වැසි කරදර අඩුයි. ඒත් තාමත් අර රවල බලන සීන් සද්ද බද්ද තියෙන සීන් එහෙම හරියට තියෙනව. ඒ කියන්නෙ තව සීන් එකක් තමයි අපේ එහාගෙදර මනුස්සය ගෙදර වඩු මඩුවක් දාගෙන ඉන්නව මිනිහගෙ ගෙදර බිත්තියයි අපේ තාප්පෙයි අතර. මේකෙ වැඩනන් කරන්නෙ දවල්ට විතරයි ඒත් වෙලාවකට මාර කරදරේ කනක් ඇහිල ඉන්න බෑ. අර ලී ඉරන මැශින් එහෙම දැම්මම. මුට මොනවත් කියන්නත් බෑ මේකට තරහවෙයි කියල.කලින් තැනත් මේවගේ සීන් තිබුන හින්ද මෙතන්ට ආවෙ දැන් මෙතනත් ඊටත් වැඩිය කේස් වගේ වෙලාවකට.උඹලගෙත් මේවගේ සීන් තියෙනවද? මම මේ ත්‍රෙඩ් එකේ පෝල් එකක් දානව.........