Uba danatama mamathwaya nathi karagenane.
මමත්වය නම් තියෙනවා. නමුත් මේ ලෝකෙ හේතුවක් මත ඇතිවෙන හැමදෙයක්ම නැති වෙනවයි කියලා අවබෝදයෙන් ඉන්නවා. තව මොහොතකින් ජීවිතේ නැති වේවිද කියන සැකෙන් පුලුවන් හැම වෙලේම පින් කටයුතු කරනවා.
අද බලපන්. උදේ පංසලට හීල් දානයක් දුන්නා, පිරිකරට සීනි, ෆ්රෙශ් මිල්ක්, තේකොල සහ මුදලින් රුපියල් 2000 ක්. ගිහින් කාර් එක පන්සලෙන් එලියට ගන්න රිවස් කරද්දි ගිහින් වැදුනා බිම දාලා තිබ්බ පරාලෙක. පස්සෙ බෆර් එක තැලුනා පැත්තක්. රිවස් කැම් එක්ට පෙනුනෙ නෑ ඒක. ගානක් නෑ ඉතින්. ඉස්ස්සරනම් මොකක් හරි උනාම හිතාවා ඒ ගැන සෑහෙන්න.දැන් නම් කිසිම සත පහක දුකක් නෑ. මට එකම දුක අද දවසෙ මගෙ පැය හතරක් විතර නාස්ති වෙච්ච එක විතරයි. කාර් එක ගරාජ් එකට දාලා ගෙදර ආවා බස් එකේ.
මට නම් හිතෙන්නෙම පෙට්ටියෙන් ගෙදර එන්න තිබිච්ච ගමනක් මොකක් හරි වාසනාවකට ඔයින් ගියා කියලා.මොකද මම හැබෑ ජීවිතේ මිනිස්සුන්ට කැරි වැඩ ,බලු වැඩ කරලා නැති නිසා. මට කවදාවත් නොවෙන වැඩක් අද උනේ.