අම්මා

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    වෙනද පුරුදු විදියටම මම නැගිටල ඉක්මනට සූදානම් වෙලා ආවෙ අට පැන්නොත් වැඩ ගොඩ්ගැහෙන වග දන්න නිසාමයි.පාන්දර ජාමෙ ඉඳල නොම්මර ගන්න පෝලිමේ ලැග ගෙන පොරකන ලෙඩ්ඩු අතරින් පැනල මම සායන පවත්වන කාමරයට ගියේ දවසෙ වැඩ පටන් ගන්න.රතු නොම්මර එක,දෙක....ලෙඩ්ඩු විස්සක් විතර එක දිගට බලාගන යද්දි එක අංකයක් කතා කලාට කලාට ආවෙ නෑ..කෑමටවත් ගියාද දන්නෙ නෑ පොඩ්ඩක් බලන්න..මම සෞඛ්‍ය සහයිකාවට කිව්වෙ සායනයක නොම්මරයක් ගන්න තියෙන අමාරුව දන්න නිසා.තවත් ලෙඩ්ඩු කීපදෙනෙක් බලල ඉවර වෙනකොට ලීලාවතී අම්මා අමාරුවෙන් කාමරයට ආව.ආවෙ හැරමිටියක ආධාරයෙන් දෙකට නැවීගන.විලුඹ බිම ගෑවෙන කටු ගැහිච්ච රබර් සෙරෙප්පු දෙකක් කකුලෙ යන්තමට දැවටිලා .වයසට ගියත් සුදු ඔසරියක් ලස්සනට ඇඳල කොණ්ඩෙ පිළිවෙලට පීරල රත්තරං පාට මැකිල තඹ පාට මතුවුණ වළලු දාල එයා ඇවිත් හිටියා.
    කොහෙද අම්මෙ හිටියේ ..
    අනේ ඇස් පේනව අඩුනේ මහත්තයා මම වෙන කිලිනික් කාමරයක් ලඟ වාඩි වෙලා උන්නා ..ඕන්න බලන්නකො මට වෙච්චි වැඩේ..ඈ කියවාගෙන යන්නෙ බොහොම ලෙංගතුකමින්
    ඇයි තනියමද ආවෙ..
    ඈ සිනාවුනා මිසක් මොකුත් කීවෙ නෑ
    මොකද අමාරුව අම්මගෙ..
    අනේ මේ කකුල් දෙකම රිදෙනව මේ විලුම්බු වලින්..
    ආ කෝ බලමු අපි..මම අම්මව ඇඳට එක්ක ගිහින් පරීක්ෂා කරල බැලුව විලුඹ දෙකේම කැලෝසිටි කියන හම ඝණ වීම ඇවිල්ල ඒ මදිවට පැලිල ගිහින් කකුල් වේලිලා..එක කකුලක පොඩි තුවාලයක්..තව ටිකක් හොයල බැලුවාම ඇය දියවැඩියා රෝගියෙක්..කල්පවතින දියවැඩියා රෝගීන්ගෙ ස්නායු හානි වීම නිසා පතුල් වල සංවේදනය නැතුව යනව.මෙහෙම අයගේ කකුලෙ මොනවත් ඇණුනත් මෙයාල දන්නෙ නෑ පැසවල තුවාලෙ ඔඩු දුවනකල්..
    අනේ අම්මා කකුලෙ තුවාල දාල නෙ සෙරෙප්පු පාවිච්චි කරන් නැද්ද..අවුරුදු ගානක් පරණ සෙරෙප්පු මට ඔරවන්න ගත්තා එහෙම ඇහුවම.
    දානව මහත්තයා ..ඔය ලොකු දුව අරන් දුන්න සෙරෙප්පු දෙක
    මේ තුවාල ආපුවාම විශේෂ සෙරෙප්පු වර්ගයක් හදාගන්න ඕන තුවාලෙ බිම වත් සෙරෙප්පු වේ වත් නොවදින්න ..ඒක හදවගන්න හැටි කියල දෙන්න ඕන කවුද ගෙදරින් ආවෙ..මහත්තයා ආවෙ නැද්ද
    එයා මියැදිලා අවුරුදු දහයකට වැඩී..
    එතකොට දරුවො..
    එයාලට වැඩනෙ මම කරදර කලේ නෑ..ලොකු දු බැංකුවේ ..පොඩ්ඩි නම් කසාද බැදල රට..කොල්ල ඉතිං කොම්පැනියෙනෙ මේවට වෙලා නෑ...අම්මා ආඩම්බරයක් ආරූඪ කරගන්න හැදුවත් ඒ ඇස්වල තිබුණේ කඳුලු කතාවක්..

    මේ වගේ රෝගී න්ගේ පාදයේ පීඩනය වැඩි ස්තාන තෙරපීම වලක්වල තුවාල එන්න නොදී තියාගන්න පුලුවන් ස්පත්තු ර්ජයේ රෝහල්වලින් නොමිලේ හදල දෙනව..තුවාලෙට බේත් දාල සෙරෙප්පු හදාගන්නත් ලෑස්ති කරල මම අමමව පිටත් කලා..ඔන්න දරුවො ..සෞඛ්‍ය සේවිකාව කියද්දි මට මතක් උනේ මම ලියපු නිසදැසක්...

    අඳ අම්මා...

    පිලිකෙව් කලෙත් ඔහු
    නෙත් අඳ විරූප ගැහැනිය
    අසා ඇවිදින ඔහු නම
    කියාගෙන තම පුතු වග
    සිප් හල අවටම සරන
    නෙත් අඳ විරූප ගැහැනිය

    ලජ්ජාවට කරුණෙකි අම්මා ඔහුට
    හිත උපන් ඉලන්දාරිකම් මැද
    මවා පෑ නොහඳුනන බව
    නමුදු ඈ වත දන්නා නිසා මම
    ඇසූයෙමි හිතමත කුහුල පිරිසිඳ
    කවුද අම්මේ නුඹ?
    සිනාවකි සරන වත මුව
    නොකියයි කිසිත් දෙය ඇය
    හොඳම මිස පුතු ඈ නමින් ලද
    බලවත් පෙරැත්තය අඹිමුව සිට

    ගතවූ දින සති වලට
    දෙස් නොදී ඈ අම්මා විය මටද
    පහරනා පුතුමතක
    තෙමාලයි හිස් වූ නෙත් කවුලු
    අවසන ඈ මුලපිරීය තම කතාවට
    නොකියනා පොරොන්දුව පිට පුතු හට

    පෙනුණි ඈ නෙත් නියම විලසින
    දුටුවැ ලොව හිරු සඳුද නිතියෙන
    ලබන්නට පෙර පුත්‍ර රත්නය
    දැක ඇත ඇයද කිරට හැරවුණ පැහැය ලේ වල

    දින සති මාස මව් පදවි උත්තම
    ගෙවුණු තැන දැනු කියූ කටුක සත්‍යය අඹිමුව
    සිතුවාය ඈ වරද තම අත වග
    සරණ ආවාට ඇවැස්ස නෑකමට

    පිය උරුම නොලද රහල් පුතු ලෙද
    නමුදු ඈ විය යශෝදරාවක උත්තම
    පුදා දෑසම සිඟිති පුතු හට
    සිනාසුනි ඈ අඳුර සතුටක් කොට

    කැත නිසා පුතුට මම
    හැඳිමි නොපෙනෙන්නට ඔහුට
    නමුදු මියැදෙන්නට පෙරාතුව
    ආසයි අසන්නට අම්මා කියන පුතු හඬ

    අම්මා වී වැදූ
    නිම්මා නැත සෙනේ පිදූ
    සිතුමක් ඇත මා සිත පිරූ
    කොතරම් උත්තම ද ඈ සිත තුඟූ

    නිමාකොට තම ජීවන අන්දරය
    නැගුණු ඈ කීවාය වත රැඳි හස මතම
    "යන්නම් පුතේ"
    තුටුවෙමි අදත් කීවාට
    "හා අම්මේ
    නොදුටුව ලෙදින් ඈ කිසිදින ඉන් පස්සේ
     
    Last edited:

    Bronco

    Junior member
  • Jul 12, 2015
    108
    8
    18
    Inna kale hodata salakapalla ban, nathi unama tama eke aduwai wedanwai danenne. me mata wage.