මේක වෙලා දැන් අවුරුදු 3ක් විතර වෙනව. මම මගේ පලවෙනි ජොබට ගියා විතරයි. මට හෙන ඇම්මක් තිබ්බ ගත්ත පළවෙනි පඩියෙන් මොකක් හරි හොද වැඩක් කරන්න ඕන කියල. මම එෆ්බී එකේ දැක්ක කටු මැටි ගහල අටවගත්ත පවුලකගෙ විස්තරයක් පේජ් එකක. බලනකොට අපේ ගෙවල් ලඟ ඉදල කිලෝමීටර් 10ක් නෑ. පාර අයිනෙ අනවසරෙන් අටවගෙන ඉන්නේ ගග ඉවුරෙ.
මම ගියා බලන්න මගේ යාලුවෙක් එක්ක. ඒ ගෙදර හිටිය 3 වසරේ ස්කෝලෙ යන කෙල්ලෙක් මට මහලොකු දෙයක් කරන්න බැරි නිසා මම පොරොන්දු උනා මාසෙට රු 3500ක් දෙන්න ස්කෝලෙ යන ළමය වෙනුවෙන්. මම ඒ අම්මට රුපියල් 2000ක් එවෙලේ දීල කිව්ව බැංකු ගිනුමක් ඇරල මට කෝල් එකක් දෙන්න කියල මම ෆෝන් නම්බරෙත් දීල ආවෙ.
එදා ඉදන් මම හැම මාසෙම මම පඩි ගත්තම 3500ක් දැම්ම නොවරදවාම. සමහර දවස්වල මට දවසක් දෙකක් පරක්කු උනොත් කතා කරල කියනව කෝ මහත්තයා සල්ලි වැටිල නෑනේ කියල.
එහෙම කතා කරල කිව්වට අවුලක් නෑ නමුත් ඒ මහ ගෑනියි මිනිහයි කතා කරන විදිය තමයි අවුලට හිටියේ හරියට මසෙ පඩි වැටිල නෑ වගේ මට කතා කරේ හෙන ටෝන් එකකින්. මම වැඩිය ඒ ගැන හිතන්න ගියේ නෑ මොකද වැඩිය උගත් අය නෙමේනේ මැනර්ස් අතින් අවුල් කියල හිතල සහ පොඩි එකා වෙනුවෙන්නේ කියල නිකන් හිටිය.
ඔහොම සල්ලි දදා ඉන්න කොට හිටපු ගමන් කතා කරල දරුවට සනීප නැති උනා. ස්කෝලෙට ඕන එක එක දේවල් අරන් දෙන්න ඕන සල්ලි දෙන්න කියල ඉල්ලන්න ගත්ත. මම ඒ වෙලා වල් වලට කීය කීය හරි දුන්න. නත්තලට මම එයාලව එක්ක ගෙදර එක්ක ඇවිත් හොදට කන්න දීල ඇදුම් වගයකුත් දුන්න. මගේ අම්මයි තාත්තයි දෙන්නත් සල්ලි දුන්න. ඔහොම අවුරුද්දක් විතර සල්ලි දිදී ඉන්න කොට ලැබෙන සල්ලි මදි කිව්ව ස්කෝලෙට ඕන දේවල් ගන්න රුපියල් 5000ක් වත් ඕන කිව්ව.
මම අවලක්නෑ නේ කියල 5000ගානෙ දැම්ම. එක දවසක් ඔෆිස් එකේදි මට ඒ ගෑනි කතා කරල මහත්තකය පොඩි ගෙයක් හදාගන්න උදව් කරන්න කියනව. මට ඇහෙනව මිනිහ ලඟ ඉදන් කියන්න ඕන ඒව කියනව. මට ටිකක් කේන්ති ගියා ඒ වෙලාවේ. මම කිව්ව මම දරුවට උගන්වන්න තමයි උදව්කරන්නේ මට ගෙවල් හදල දෙන්න පුලුවන්කමක් නෑ කියල මම කට් කරා. පස්සේ කරදර කරා රුපියල් ලක්ෂයක් විතරක් දෙන්න ෆවුන්ඩේෂන් එක දාගන්න කියල. මම කමක්නෑ කියල හිතල මගේ පොතේ තිබුන සල්ලි අරන් දුන්න ලක්ෂයක්.
හැබැයි දාපු ෆවුන්ඩේෂන් එකක් නෑ මම ගිහින් බැලුවම. අනික කෙල්ලත් ගෙදර එදා ස්කෝලෙ දවසක්. කෙල්ලට අසනීප නිසා ගියේ නෑලු. මම කෙල්ලගෙන් ඇහුවම පොඩිඑකා මුකුත් කිව්වෙ නෑ. මම ස්කෝලෙට ගිහින් හොයල බැලුවම පොඩි එකාව ස්කෝලේ එවල නෑ මාස ගානකින්.
මට ඒකෙන් පස්සේ එපාම වෙලා ගියා උන්ව. ඉන් පස්සේ මම සල්ලි දැම්මෙ නෑ සතයක්වත්.
යකෝ ඊට පස්සෙ මාසෙ මට ඉන්න දෙන්නෑ සල්ලි වැටිල නෑ සල්ලි දාන්න කියල. මම කතා නොකරම කට් කරල බ්ලොක් කරල දැම්ම. ඊට පස්සේ මුන් අපේ ගෙදර ගිහින් මගේ අම්මගෙන් සල්ලි ඉල්ල. ඒ වෙල් කියල මම කිව්වයි කියල අපේ ගෙදර ගිහින් මගේ අම්මගෙන් ඉල්ලගන්න කියල
අම්ම එයාලට ඉදගන්න කියල මට කෝල් කරල ඇහැව්ව ඒ ගැන මම කිව්ව දෙන්න එපා එයාල හොද මිනිස්සු නෙමේ කියල. කොහොම හරි වදෙන් මේරෙන්න බැරි තැන අම්ම රුපියල් 2000ක් දීල ආයි මේ පැත්තේ එන්න එපා කියල යවල. යකෝ මේ ගෑනි ගේට් එකෙන් එලියට ගිහින් හොදටම මටයි අපේ ගෙදර අයටයි කෑගගහ බැනල ගිහින් තියෙන්නේ.
පස්සේ මට ඕක ආරංචි උනාම යකා නැගල මම ගිහින් පොලිසියේ පැමිනිල්ලක් දැම්ම මොකද කියන්න බෑනේ ගෙදර අයට කරදරයක්කොලොත් මමත් ගෙදර නෑ නේ. පොලිසියෙන් බැන්න උන්නට හොදටම එදා එදායින් පස්සේ ගෙදරට ගිහින් නෑ. ඒත් මට වෙන නම්බර්වලින් කතා කර කර ආයි මාව ගොනා කරන්න හැදුව. කතා කරන කරන නම්බර් එක බ්ලොක් කරා. කොහොම හරි මාස ගානක් ගියා ඉවරෙටම නවතින්න. අනිවා මාසෙට කෝල් එකක් දෙකක් එනවමයි.
මට ඔය වැඩෙන් එපා උනා ඔය වගේ මිනිස්සුන්ව. ගොඩක් ඔය වගේ උන්ට කිසිම මැනර්ස් කියල දෙයක් තේරෙන්නෑ
කොච්චර කරත් මදි. තව වවන් කන්න හදන්නේ.
මම ගියා බලන්න මගේ යාලුවෙක් එක්ක. ඒ ගෙදර හිටිය 3 වසරේ ස්කෝලෙ යන කෙල්ලෙක් මට මහලොකු දෙයක් කරන්න බැරි නිසා මම පොරොන්දු උනා මාසෙට රු 3500ක් දෙන්න ස්කෝලෙ යන ළමය වෙනුවෙන්. මම ඒ අම්මට රුපියල් 2000ක් එවෙලේ දීල කිව්ව බැංකු ගිනුමක් ඇරල මට කෝල් එකක් දෙන්න කියල මම ෆෝන් නම්බරෙත් දීල ආවෙ.
එදා ඉදන් මම හැම මාසෙම මම පඩි ගත්තම 3500ක් දැම්ම නොවරදවාම. සමහර දවස්වල මට දවසක් දෙකක් පරක්කු උනොත් කතා කරල කියනව කෝ මහත්තයා සල්ලි වැටිල නෑනේ කියල.
එහෙම කතා කරල කිව්වට අවුලක් නෑ නමුත් ඒ මහ ගෑනියි මිනිහයි කතා කරන විදිය තමයි අවුලට හිටියේ හරියට මසෙ පඩි වැටිල නෑ වගේ මට කතා කරේ හෙන ටෝන් එකකින්. මම වැඩිය ඒ ගැන හිතන්න ගියේ නෑ මොකද වැඩිය උගත් අය නෙමේනේ මැනර්ස් අතින් අවුල් කියල හිතල සහ පොඩි එකා වෙනුවෙන්නේ කියල නිකන් හිටිය.ඔහොම සල්ලි දදා ඉන්න කොට හිටපු ගමන් කතා කරල දරුවට සනීප නැති උනා. ස්කෝලෙට ඕන එක එක දේවල් අරන් දෙන්න ඕන සල්ලි දෙන්න කියල ඉල්ලන්න ගත්ත. මම ඒ වෙලා වල් වලට කීය කීය හරි දුන්න. නත්තලට මම එයාලව එක්ක ගෙදර එක්ක ඇවිත් හොදට කන්න දීල ඇදුම් වගයකුත් දුන්න. මගේ අම්මයි තාත්තයි දෙන්නත් සල්ලි දුන්න. ඔහොම අවුරුද්දක් විතර සල්ලි දිදී ඉන්න කොට ලැබෙන සල්ලි මදි කිව්ව ස්කෝලෙට ඕන දේවල් ගන්න රුපියල් 5000ක් වත් ඕන කිව්ව.
මම අවලක්නෑ නේ කියල 5000ගානෙ දැම්ම. එක දවසක් ඔෆිස් එකේදි මට ඒ ගෑනි කතා කරල මහත්තකය පොඩි ගෙයක් හදාගන්න උදව් කරන්න කියනව. මට ඇහෙනව මිනිහ ලඟ ඉදන් කියන්න ඕන ඒව කියනව. මට ටිකක් කේන්ති ගියා ඒ වෙලාවේ. මම කිව්ව මම දරුවට උගන්වන්න තමයි උදව්කරන්නේ මට ගෙවල් හදල දෙන්න පුලුවන්කමක් නෑ කියල මම කට් කරා. පස්සේ කරදර කරා රුපියල් ලක්ෂයක් විතරක් දෙන්න ෆවුන්ඩේෂන් එක දාගන්න කියල. මම කමක්නෑ කියල හිතල මගේ පොතේ තිබුන සල්ලි අරන් දුන්න ලක්ෂයක්. හැබැයි දාපු ෆවුන්ඩේෂන් එකක් නෑ මම ගිහින් බැලුවම. අනික කෙල්ලත් ගෙදර එදා ස්කෝලෙ දවසක්. කෙල්ලට අසනීප නිසා ගියේ නෑලු. මම කෙල්ලගෙන් ඇහුවම පොඩිඑකා මුකුත් කිව්වෙ නෑ. මම ස්කෝලෙට ගිහින් හොයල බැලුවම පොඩි එකාව ස්කෝලේ එවල නෑ මාස ගානකින්.
මට ඒකෙන් පස්සේ එපාම වෙලා ගියා උන්ව. ඉන් පස්සේ මම සල්ලි දැම්මෙ නෑ සතයක්වත්. යකෝ ඊට පස්සෙ මාසෙ මට ඉන්න දෙන්නෑ සල්ලි වැටිල නෑ සල්ලි දාන්න කියල. මම කතා නොකරම කට් කරල බ්ලොක් කරල දැම්ම. ඊට පස්සේ මුන් අපේ ගෙදර ගිහින් මගේ අම්මගෙන් සල්ලි ඉල්ල. ඒ වෙල් කියල මම කිව්වයි කියල අපේ ගෙදර ගිහින් මගේ අම්මගෙන් ඉල්ලගන්න කියල
අම්ම එයාලට ඉදගන්න කියල මට කෝල් කරල ඇහැව්ව ඒ ගැන මම කිව්ව දෙන්න එපා එයාල හොද මිනිස්සු නෙමේ කියල. කොහොම හරි වදෙන් මේරෙන්න බැරි තැන අම්ම රුපියල් 2000ක් දීල ආයි මේ පැත්තේ එන්න එපා කියල යවල. යකෝ මේ ගෑනි ගේට් එකෙන් එලියට ගිහින් හොදටම මටයි අපේ ගෙදර අයටයි කෑගගහ බැනල ගිහින් තියෙන්නේ. පස්සේ මට ඕක ආරංචි උනාම යකා නැගල මම ගිහින් පොලිසියේ පැමිනිල්ලක් දැම්ම මොකද කියන්න බෑනේ ගෙදර අයට කරදරයක්කොලොත් මමත් ගෙදර නෑ නේ. පොලිසියෙන් බැන්න උන්නට හොදටම එදා එදායින් පස්සේ ගෙදරට ගිහින් නෑ. ඒත් මට වෙන නම්බර්වලින් කතා කර කර ආයි මාව ගොනා කරන්න හැදුව. කතා කරන කරන නම්බර් එක බ්ලොක් කරා. කොහොම හරි මාස ගානක් ගියා ඉවරෙටම නවතින්න. අනිවා මාසෙට කෝල් එකක් දෙකක් එනවමයි.
මට ඔය වැඩෙන් එපා උනා ඔය වගේ මිනිස්සුන්ව. ගොඩක් ඔය වගේ උන්ට කිසිම මැනර්ස් කියල දෙයක් තේරෙන්නෑ
කොච්චර කරත් මදි. තව වවන් කන්න හදන්නේ.





