I stuck with my mother. please help me.

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මේක ෆේක් එකක් නෙමේ. මම මේක සීරියස් කියන්නේ.
    මට ජීවිතේ එපා වෙලා තියෙන්නේ දැන් හොටම. මැරෙන්නත් හිතෙනව.
    මම ඉන්නේ පිටිසර පලාතක.
    ගෙදර ඉන්නේ අම්මයි මායි විතරයි.
    මට 30ටත් ලඟයි. මට එපා වෙලා තියෙන්නේ අම්ම එක්ක ජීවත් වෙලා දැන්.

    අපිට පොඩි කුබුරක් තියෙනව. ඒක කරල ජීවත් වෙන්නේ. ඒත් එකේ ලොකු ලාබයක් නෑ. මැරිල මැරිල මහන්සිවෙලා රු 15000ක් වත් නෑ ලාබය. ඒනිසා මම මැරෙනකන් කිව්ව අම්මට ඕක බදු දෙන්න කියල. අම්ම මම කියන කිසි දෙයක් ගානට ගන්නෑ. වැඩ කරන්න මිනිස්සු අල්ල ගන්නෑ. අල්ලගන්න මිනිස්සුත් දැන් වැඩිය නෑ. මම තමයි මැරෙන්නේ මඩ වැඩ වලට. මට තිත්ත වෙලා තියෙන්නේ මේ කරන දේ. ලාබයක් තියෙනවනම් කමකුත් නෑ. හොයන ගානට වඩා වියදම් වෙනව. අම්ම යන වියදම් ලියන්නෑ ඒත් මම ලියනව බලද්දි ඇති දෙයක් නෑ.

    මට වෙන පැත්තකට ගිහින් ජොබ් එකක් කරන්නත් බෑ අම්ම තනියම ඉන්නේ. හතර වටේම අය තරහයි අම්මත් එක්ක මොකද අම්මට කේන්ති යනව හැම තිස්සෙම කුනු හරුප කිය කිය මිනිස්සු එක්ක රන්ඩු වෙනව. ඒනිසා තනියම දාල යන්නත් බෑනේ. මම කීපසැරයක් ට්‍රයි කරා එතකොට කෝල් කර කර වද දෙනව රෑ බයික් එකක් නවත්වනව සද්දෙ ඇහුන. මිදුලෙ කව්දෝ අවිදිනව සද්දෙ අහුන වගේ දේවල් කිය කිය.

    අම්ම හරියට අදින්නෙ පලදින්නෙත් නෑ. කුනු පෙරාගෙන එකම වැරහැල්ල ඇදන් ඉන්නේ. කොච්චර ඇදුම් අරන් දුන්නත් වැඩක් නෑ එකමයි අදින්නෙ. ගෙදරට එන මනුස්සො මම ගැන හිතනව ඇති අම්මට ඇදුමක් වත් අරන්නොදෙන එකෙක් කියල. කොච්චර කිව්වත් වැඩක් නෑ. එයත් පොලේ ගියාම ඇදුම් ගන්නව. ඒත් ඒව අල්මාරියේ අදින්නෑ. :sorry:

    මම fiverr එකේ පොඩි වැඩවගයක් කරන්න ගත්තා. ඒකත් කරගන්න දෙන්නෑ. දවසට හැට සැරයක් අඩ ගහනව එක එක දේවල්වල. අනුන්ගේ කුනු ඇවිත් කනේ තියෙනව. එපා වෙනව.

    මට බදින්න කෙනෙක් හොයාගන්නත් බෑ මොකද මම ගෙදරට හිර වෙලා. කොහේවත් යන්න විදියක් නෑ මේ ගැටලුව නිසා.

    ඉස්සරනම් එච්චර ගානක් නෑ ඒත් මගේ වයස දැන් හොදටම වැඩි. ඒනිසා ස්ට්‍රෙස් එකත් වැඩි. මට හිතාගන්න බෑ මොනවද කරන්නෙ කියල. ගොඩ එන්න බැරි ලිඳක වැටිල වගේ මට තේරෙන්නේ. මමදැන් හොදටම ඩිප්‍රස් වෙලා ඉන්නේ.

    මට උපදෙසක් වත් දෙනවනම් මේකෙන් ගොඩ එන්න ලොකු දෙයක්. අම්ම තමයි ඒත් මට දැන් මේ මනුස්සව එපා වෙලා තියෙන්නේ. මට දැනෙන්නේ මම හිර කාරයක් වගේ.
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මේක බොරුවට දාපු එකක් නෙමේ. මට ඇත්තටම වෙලා තියෙන දේ. මට මේකෙන් ගොඩ එන්න පාරක් පෙන්නල දෙන්න. ලොකු පිනක්.

    කාත් කවුරුවත් නැතුව පවුලක එකම දරුව වෙන එක තරම් පාපයක් වෙන නැතුව ඇති.
     
    • Like
    Reactions: laknath123

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    mchan prasne konaka idan 1ken 1ka hemita lihaganna balapan, owa maha loku prasna nemei, podima tenin patana araganin, ikmantama hema pranayakma visadenawa, sure..
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,708
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේක බොරුවට දාපු එකක් නෙමේ. මට ඇත්තටම වෙලා තියෙන දේ. මට මේකෙන් ගොඩ එන්න පාරක් පෙන්නල දෙන්න. ලොකු පිනක්.

    කාත් කවුරුවත් නැතුව පවුලක එකම දරුව වෙන එක තරම් පාපයක් වෙන නැතුව ඇති.

    Iye uba koheda hitiye ban ?
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    Writing style එක වෙනස් කරගනින් බං සෙනාල් බොක්ක. උඹව දැන් මේකේ කොල්ලයි බල්ලයි හැම එකාම අදුනනවා.
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    mchan prasne konaka idan 1ken 1ka hemita lihaganna balapan, owa maha loku prasna nemei, podima tenin patana araganin, ikmantama hema pranayakma visadenawa, sure..

    පොටක් පාදගන්න බැරුවනේ ඉන්නේ.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    උඹවත් දැන් අර ඔරියන් පොන්ස් ගෙ ලෙවල් එකට වැටිලා තියෙන්නෙ. බල්ලා මාක්. :(
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Writing style එක වෙනස් කරගනින් බං සෙනාල් බොක්ක. උඹව දැන් මේකේ කොල්ලයි බල්ලයි හැම එකාම අදුනනවා.

    කරුමෙ පස්සෙන් එනව කියන්නේ අහන්නත් දෙයක්ද. මේකේ කාගෙන් හරි උදව්වක් ඉල්ලුවත් ඒකටත් කැපිලි කෙටිල. මට හිතාගන්න බෑ ඇයි මම මෙච්චර අවාසනාවන්නත කියල.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,660
    113
    Man nan dala enawa.call karala epa unama terum gayne.You have to break the chain
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Man nan dala enawa.call karala epa unama terum gayne.You have to break the chain

    වයසයිනේ බන් අවුරු හැට 2ක් වෙනව. සතෙක් හරි සර්පයෙක් කෑවොත් කවුරුවත් නෑ බලන්න. :sorry:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    කරුමෙ පස්සෙන් එනව කියන්නේ අහන්නත් දෙයක්ද. මේකේ කාගෙන් හරි උදව්වක් ඉල්ලුවත් ඒකටත් කැපිලි කෙටිල. මට හිතාගන්න බෑ ඇයි මම මෙච්චර අවාසනාවන්නත කියල.

    ඔය එකම වචන සෙට් එක පාවිච්චි කරන්න එපා බං.:rofl:මාට්ටු.