Post only Officially Confirmed News

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අර වෙඩි කාල මැරිච්ච එකෙක් නේද මේ ඉන්නේ

    D5MDbceUcAALpES-600x277.jpg

    shik balahan munge hati witharak. we*ige puthala
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අල්ලගෙ කැමැත්තට අනුව ෆාතිමා වත් අහුවෙලා.

    අත්‍යවශ්‍ය සැකකාරියක් අල්ලයි.. දෑස් බැද මහමග දමා ගිහින්..


    wanted-238x178.jpg




    මාවනැල්ලේ බුදු පිළිම කැඩු සැකකරුගේ බිරිඳ මාවනැල්ලේ මුරුතවෙල ප‍්‍රදේශයේ නිවසක සිටියදි පොලිසිය හා විශේෂ කාර්ය බලකා සෙබළුන් එක්ව අත්අඩංගුවට ගෙන ඇයව මෙ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බව පොලිසිය පවසයි. මෙම අත්අඩංගුවට ගැනිමට සිදු වුයේ 26 වැනි දින පස්වරුවේය.

    සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන පැය 24 ක් ගත විමටත් ප‍්‍රථම මාස 05 ක් තිස්සේ ආරක්ෂක අංශවලට කට්ටි පනිමින් සිටි ප‍්‍රධාන සැකකරුවන් කිහිප දෙනෙක්ම 28 වැනි දින අලූයම් කාලයේදි ගම්පොල පොලිස් බල ප‍්‍රදේශයේදි ගම්පොළ පොලිසිය හා විශේෂ කාර්ය බලකාය එක්ව මෙ වන විට අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් 24 හැවිරිදි ෆාතිමා ලතීෆා නැමැති කාන්තාවගෙන් කරන ලද මුලික ප‍්‍රශ්න කිරිම් වලදි අනාවරණ කර ගෙන ඇත්තේ සිය බිරිඳ සහ දරුවා සමග ඇතුරුදහන්ව සිටි සැකකරු බිරිඳට තර්ජනය කර තමන් පිළිබඳ කිසිදු තොරතුරක් ආරක්ෂක අංශ වලට පැවසුව හොත් මරණයට පත් කරන බව පවසා ව්‍යාජ හැදුනුම්පතක්ද ලබා දි දෑස් බැද මහමග දමා ගොස් ඇති බවයි.

    එම හැදුනුම්පතද මාතර ප‍්‍රදේශයේ සිංහල කාන්තාවකට අයත් එකක් වන බව පොලිසිය පවසයි. කාන්තාව හා සැකකරු කොළඹ අවට ප‍්‍රදේශයක සිට මෙලෙස මාවනැල්ල ප‍්‍රදේශයට පැමිණ ඇති බවද මෙ වන විට මුලික ප‍්‍රශ්න කිරිම් වලින් සොයා ගෙන ඇත.

    මාවනැල්ල පොලිස් බල ප‍්‍රදේශයේ රන්දිවෙල හා මහත්තේගම බුද්ධ ප‍්‍රතිමා දෙකකට හානි කිරිමේ සිද්ධියක් මුලින්ම වාර්තා වුයේ 2018 දෙසැම්බර් 24 වැනි දින අලූයමයි. ඊට පසු දින එනම් 2018 දෙසැම්බර් 24 වැනි දින සවස මාවනැල්ල එක්සත් ජාතික පක්ෂයේ ආසන බල මණ්ඩල රැුස්විම පැවැති අතර එහිදි දේශපාලන නායකයින් පැවසුයේ එක්සත් ජාතික පක්ෂයට මඩ ගැසිමට මෙම ක‍්‍රියාව සිදු කර ඇති බවටයි. නමුත් ආරක්ෂක අංශ මේ සම්බන්ධයෙන් දිගෙන් දිගටම පරික්ෂණ සිදු කරන්නට විය.
    මෙම තත්වය එසේ තිබියදි මාවනැල්ල දිදුලවත්ත ( මාවනැල්ල සිමාවේ) ගම්වාසින් දෙදෙනෙකු විසින් දිදුලවත්ත මං සන්දියේ බුද්ධ ප‍්‍රතිමාවට හානි සිදු කරමින් සිටි පුද්ගයන් දෙදෙනෙක් අල්ලා ගත් අතර ඉන් එක් අයෙක් පැන දිව යන ලදි. අත්අඩංගුවට පත් වු කාන්තාව දිලූලවත්ත බුදු පිළිම කඩද්දි පැන දිව ගිය ප‍්‍රධාන සැකකරුගේ බිරිඳයි. මෙම ප‍්‍රධාන සැකකරු නමින් මාවනැල්ල දෙල්ගහගොඩ පදිංචි 25 හැවිරිදි මොහොමඞ් ඊබ‍්‍රහීම් සාදික් අබ්දුල්ලායි. අත්අඩංගුවට පත් කාන්තාව ද මෙම සිදු විමෙන් පසුව ප‍්‍රදේශය අත හැර පලා ගොස් තිබුණි.

    බුදු පිළිම කැඩිමේ සිද්ධියට සම්බන්ධයෙන් මෙ වන විට 15 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් සියලූ දෙනා අවුරුදු 20 ත් 30 අතර තරුණයන් වෙයි. මෙම සිද්ධියේ විමර්ශනයන් සිදු වන අවස්ථාවේ ප‍්‍රධාන සැකකරුවන්ට අයත් බව කියන පුත්තලම වනාතවිල්ලූව ලැක්ටොවත්ත ප‍්‍රදේශයේ ගොවි පොලක තිබි පුපුරණ ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 100 ක්, ඩෙටනේටර් 100 ක් ඇතුළු සැකකටයුතු භාණ්ඩ තොගයක් 2019 ජනවාරි 17 වනදා අත්අඩංගුවට ගෙන අධිකරණ වෙත ඉදිරිපත් කර තිබුණි.

    පාස්කු ඉරුදින ස්ථාන කිහිපයකට එල්ල වු ත‍්‍රස්ත ප‍්‍රහාරයටද බුදු පිළිම කැඩු සැකකරුවන්ගේ සම්බන්ධතා ඇති බව මෙ වන විට ආරක්ෂක අංශ විසින් සොයා ගෙන ඇත.

    කෙසේ හෝ සිද්ධියෙන් පසුව මාස 05 කට ආසන්න කාලයක් සැගව සිටි ප‍්‍රධාන සැකකරුගේ බිරිඳ 26 වැනි දින පස්වරු 1 ට පමණ මෙසේ අත්අඩංගුවට පත් විය. ඇය අත්අඩංගුවට පත් වි ඇත්තේ අදාල කාන්තාවගේ දෙමාපියන් විසින් ඇය නැවත නිවසට භාර ගැනිම ප‍්‍රතික්ෂප කරන ලද පසුබිමක් යටතේය. පසුව මෙ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් මාවනැල්ල නිවසේ අදාල සැකකාර කාන්තාවගේ දෙමාපියන් විසින් දුරකථන ඇමතුමකින් දැනුවත් කර තිබුණි.

    මෙම අත්අඩංගුවට ගැනිමෙන් පසුව එම කාන්තාව රැදි සිටි නිවස අවට හා එම ප‍්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් කිහිපයක් සිදු කරද කිසිවක් අත්අඩංගුවට ගැනිමට ආරක්ෂක අංශ වලට නොහැකි විය. බුදු පිළිමේ කැඩිමේ සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණ කර දුන් හා වැරදි කරුවන් පොලිසිය අල්ලා දුන් පිරිස් මාධ්‍යයට අදහස් දක්වමින් පැවසුයේ මෙ වන විට තමන්ට තර්ජන පවතින බවයි.

    බුදු පිළිම කැඩිමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු නිදහස් කිරිමට දේශපාන මැදිහත් විමක් සිදු වි ඇති බවද පසුගිය දින කෑගල්ල දිස්ත‍්‍රීක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එජාපයේ සභාපති අමාත්‍ය කබිර් හෂිම් මහතාද ප‍්‍රසිද්ධියේ මාධ්‍ය වෙත අදහස් පල කර තිබුණි.

    – කෑගල්ල සමන් විජය බණ්ඩාර
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,631
    2,424
    113
    “අවසානය මෙය නොවේ – තවත් පුදුමය දනවන ප්‍රහාරයන්” – අනතුරු අඟවා ISIS පණිවුඩයක් නිකුත් කරයි



    ඉදිරියේදී ලොවපුරා “පුදුමදනවන” ප්‍රහාරයන් සිදුකරන බවත් එල්ලවූ ප්‍රහාරයන් හි අවසානය මෙය නොවන බවත් ඉස්ලාමිය රාජ්‍ය හෙවත් ISIS සංවිධානය සිය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ යලිත් වරක් අනතුරු අඟවා තිබෙනවා.
    මේ අතර සයින්දමරදු ප්‍රදේශයේ නිවසක් තුල මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදුකර ගනිමින් මියගිය අන්තවාදී සාමාජිකයෙක් සහ ජාතික තව්හිත් ජමාත් නායක සහරාන් හෂීම් එකට ලබා ගත් ජයාරූපයක්ද මේ වන විට ISIS සංවිධානයේ සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබෙන බවයි SITE අන්තර්ජාල බුද්ධි ඒකකය සඳහන් කරන්නේ.
    පසුගිය පාස්කු ඉරිදා දින මෙරට දේවස්ථාන තුනකට සහ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් තුනක් ඉලක්ක කර ගනිමින් එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරය සහ සවුදි අරාබියේ ද එදිනම IS ත්‍රස්තයින් සිදුකළ ප්‍රහාරය අබු මුකාටිල් අල් අම්රිකි ඇතුළු ප්‍රධාන පෙළේ ISIS ත්‍රස්තවාදී නායකයින් පිරිසකගේ සැලසුමකට අනුව සිදුකර ඇති බව මෙම ජාත්‍යන්තර නිරීක්ෂණ කණ්ඩායම් සඳහන් කරනවා.
    ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාරයෙන් පසුව ගතවූ සතියක කාලය තුලදී ISIS සංවිධානය විසින් ලොවපුරා රටවල් 15ක ප්‍රහාර සිදුකර ඇති බවයි එම නිරික්ෂකයින් සඳහන් කරන්නෙ.




    IS-3-936x1024.jpg
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,631
    2,424
    113
    මාවනැල්ල ප‍්‍රදේශයේ බුදු පිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනා ගම්පොළ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 27 හැවිරිදි මොහොමඞ් ඊබ‍්‍රාහීම් සහීඞ් සහ 30 හැවිරිදි මොහොමඞ් ඊබ‍්‍රාහීම් සාදික් යන සහෝදරයින් දෙදෙනකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
    සැකකාර මෙම සහෝදරයන් දෙදෙනාගේ පියා රෂීඞ් මොහොමඞ් ඊබ‍්‍රායීම් නමැති මවුලවිවරයෙකු වන අතර ඔහු ද මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනවා. එම මවුලවීවරයා ඉකුත් දා අත්අඩංගුවට ගැනුණේ මාවනැල්ලේ පිහිටි නිවසක තිබුණු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමගයි. මෙම මවුලවීවරයා ඉස්ලාමීය අන්තවාදී වහාබ් දේශනද සිදු කර ඇති බවටයි පැවසෙන්නේ.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අත්අඩංගුවට ගත් 24 හැවිරිදි ෆාතිමා ලතීෆා නැමැති කාන්තාවගෙන් කරන ලද මුලික ප‍්‍රශ්න කිරිම් වලදි අනාවරණ කර ගෙන ඇත්තේ සිය බිරිඳ සහ දරුවා සමග ඇතුරුදහන්ව සිටි සැකකරු බිරිඳට තර්ජනය කර තමන් පිළිබඳ කිසිදු තොරතුරක් ආරක්ෂක අංශ වලට පැවසුව හොත් මරණයට පත් කරන බව පවසා ව්‍යාජ හැදුනුම්පතක්ද ලබා දි දෑස් බැද මහමග දමා ගොස් ඇති බවයි.
    me mona harupayakda mata terenne meke ? ::confused::
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,631
    2,424
    113
    Colombo,Maradana Islamic Book House Website Hacked by the Hackers. It shows, "Warning from Lions, Don't hurt innocent civilians"




    D5OB_tZW4AEnwCQ
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    Colombo,Maradana Islamic Book House Website Hacked by the Hackers. It shows, "Warning from Lions, Don't hurt innocent civilians"




    D5OB_tZW4AEnwCQ

    Mamath gihin beluwa site ekata. Wede eththa. Thama site eke news eka thiyenawa. :confused:

    Meka ape un kara da, nethnam unma karala nikan awadane wena peththakata aran yanna hadanawada danne ne.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    me page eka block karanam hodai.
    https://www.facebook.com/apemedia.l...IOpsNMjeXNOKd-amPfZADw0e0jDoU&fref=nf&__xts__[0]=68.ARDXYkqodS6qm5F0w4Iu-xfqiH_5biawzwVVUVZdXoPCe2ZN02cXCD3PYAUh-3iCxXuSosqbkgQzIcbyf9XnfmqNcadVQIV0Q2JCrKOHtFsGqGaoKsb2sCdK6EUAtVbs7H3eksMx3kbtmcfzZ88EWHUAhSHIiXLY1M53FU-2_tEtwS-qtjjMvBd1MMiCzJn5Bae5Eh3zna52hLqyt7FUjBNszgju_tJjtAUaOumgAg1JvBvdo71IxGDFmKMehe93HkPD7NDVR4_LwZviMqkNE-dg-oep0v0K9x5i1r1Kn88F9HdnDKFPckhkl82n3bTon4XLRkE-iABD4xGvTeRpHFrEvtVASFRU7k9v4BL3mlol3PPvhTUWx3uVzQ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    me page eka block karanam hodai.
    https://www.facebook.com/apemedia.l...IOpsNMjeXNOKd-amPfZADw0e0jDoU&fref=nf&__xts__[0]=68.ARDXYkqodS6qm5F0w4Iu-xfqiH_5biawzwVVUVZdXoPCe2ZN02cXCD3PYAUh-3iCxXuSosqbkgQzIcbyf9XnfmqNcadVQIV0Q2JCrKOHtFsGqGaoKsb2sCdK6EUAtVbs7H3eksMx3kbtmcfzZ88EWHUAhSHIiXLY1M53FU-2_tEtwS-qtjjMvBd1MMiCzJn5Bae5Eh3zna52hLqyt7FUjBNszgju_tJjtAUaOumgAg1JvBvdo71IxGDFmKMehe93HkPD7NDVR4_LwZviMqkNE-dg-oep0v0K9x5i1r1Kn88F9HdnDKFPckhkl82n3bTon4XLRkE-iABD4xGvTeRpHFrEvtVASFRU7k9v4BL3mlol3PPvhTUWx3uVzQ

    E moko?oka JVP page ekak.