ක්ෂය රෝගය

Siyalla dath

Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    රෙප් පවර් එක 20 ක් වෙලා බොලව්
    උදව් කල හැමෝටම ස්තුතියි


    ක්ෂය රෝගය

    ලොව පුරා පැතිරී තියන රෝගයක්.අපේ රටෙත් හරිම සුලබයි.නිසි ප්‍රතිකාර නොලැබුනොත් මරණය ඒකාන්තයි.

    search

    search

    ක්ෂය රෝගය සාදන්නේ Mycobacterium tuberculosis නම් වූ ස්වායු බැක්ටිරියවයි.



    අප්‍රිකාව ආසියාව පමණක් නොවේ නැගෙනහිර යුරෝපය පුරාත් ක්ෂය රෝගය පැතිර තිබෙනවා.එමෙන්ම ඇමෙරිකාව බටහිර යුරෝපයෙනුත් ක්ෂය රෝගය වාර්තා වෙනවා සංක්‍රමණිකයන් නිසා



    ක්ෂය රෝගයේ රෝගයේ මුලික ලක්ෂණ

    සති දෙකකට වඩා පවතින වියලි කැස්ස (ඇතැම් විට ලේ පිටවිය හැක)
    ශරීරයේ බර අඩු වීම
    කෑම අරුචිය
    අධික වෙහෙස දැනීම
    දිගටම පවතින මද උණ





    පෙනහළු වලට ක්ෂය රෝගය සුලබව සිදුවේ.නමුත් ශරීරයේ ඕනෑම අවයවයක් ක්ෂය රෝගය අසාදනය විය හැක.
    අසදිතයෙකුගේ කෙල බිදිති වලින් රෝගය පැතිරේ.

    ක්ෂය රෝගය කියන්නේ සුව කල හැකි එහෙත් නිසි ප්‍රතිකාර නොලැබුනොත් මරණයට පවා පත් විය හැකි රෝගයක්.එමෙන්ම නිසි ප්‍රතිකාර අතපසු කරන්නන්ව අත්අඩංගුවට ගන්න පවා බලයක් තියනවා.
    අතීතයේ මේ වගේ බෙහෙත් පෙති රැසක් ලබාගන්න සිදු උනත් රෝගීන්ගේ පහසුව සලකා සියලු බෙහෙත් එකතු කරලා එක පෙත්තක් දෙනවා දැන්.
    FIXED DOSE COMBINATION PILL


    රට පුරා ඇති ලය රෝග සායන වලින් සහ ප්‍රධාන රෝහල් වලින් රෝගීන් පරික්ෂා කිරීම,පසු විපරම සිදු කරයි.
    සාමාන්‍යයෙන් මාස 6ක් වත් අඛණ්ඩව ප්‍රතිකාර ලබා දෙයි.
    නමුත් පෙනහළු හැර වෙනත් ස්ථානයක් ආසාදනය වී ඇතිනම්,දෙවන වර රෝගය වැලදී ඇති නම් ප්‍රතිකාර වලට ප්‍රතිවිරෝදතා (MULTI DRUG RESISTANCE),ප්‍රතිකාර වලට සංකුලතා පෙන්වයි නම් ප්‍රතිකාර කරන කාල සිමාව දීර්ඝ විය හැක.
    කාල සිමාවන් ගැන රෝගියාට තීරණය කල නොහැක.කොටින්ම කිව්වොත් කට වහගෙන දෙන දෙයක් බොන්න ඕන.



    ලෝක ක්ෂය රෝග දිනය මාර්තු 24 ට යෙදේ.
    අද ලෝකය මුහුණ පාන ලොකුම අභියෝගයක් තමයි MULTI DRUG RESISTANCE හෙවත් සාමාන්‍ය ක්ෂය රෝග බෙහෙත් වලට ප්‍රතිරෝධී වීම.

    598069060689137


    ඔබ දන්නවද
    පාරාවෝ රජ පෙළපතේ සුප්‍රසිද්ද රජු ටුටන් කාමන් මිය ගියෙත් පකිස්ථානයේ නිර්මාතෘ මොහොමඩ් අලි ජින්නා,ඇමෙරිකාවේ සත්වන විධායක ජනපති අන්ද්රෙව් ජැක්සන් මහත්වරුන් මිය ගියෙත් ක්ෂය රෝගයෙන් බව
    ඇඩොල්ෆ් හිට්ලර්, නෙල්සන් මැන්ඩෙලා ත් ක්ෂය රෝගීන් වූ බව

    උපුටා ගත්තේ your family doctor ෆේස් බුක් පිටුවෙන්​
     
    Last edited: