🛑 BREAKING 🛑 මහනුවර ක්ෂය රෝගය පැතිරේ! 😷😱

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,892
    10,189
    113
    මහනුවර නාගරික සීමාව තුළ ප්‍රධාන බෝවන රෝගය බවට ක්ෂය රෝගය හඳුනාගෙන ඇති බවත් මේ වන විට නගර සීමාව තුළින් ක්ෂය රෝගීන් පනස්දෙනෙකු හඳුනාගෙන තිබෙන බවත් මහනුවර නාගරික වෛද්‍ය නිලධාර් පසන් ජයසිංහ මහතා පවසයි.ඒ අනුව මහනුවර නාගරික සීමාව තුළ ප්‍රධාන බෝවන රෝගය ඩෙංගු නොව ක්ෂය රෝගය බවට හඳුනාගෙන ඇති බවද වෛද්‍යවරයා කියයි.

    නිතර පවතින කැස්ස සහ සෙම ගතිය, ඇඟට පණ නැති ගතිය හා කෑම අරුචිය ආදී රෝග ලක්ෂණ ඇති ජනතාව වහාම වෛද්‍යවරයෙකු හමුවට ගොස් අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදු කරගන්නා ලෙසත් ඒ සඳහා කෙටිකාලීන ප්‍රතිකාර සඳහා යොමු වීම මගින් ක්ෂය රෝගය සඳහා අවශ්‍ය ප්‍රතිකාර නොලැබෙන බැවින් රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවද වෛද්‍යවරයා පෙන්වා දෙයි.

    ක්ෂය රෝගය වැලඳුණ අයකුට රෝගය වැලඳුණ බව හඳුනා ගැනීමට මාස හයකට ආසන්න කාලයක් ගතවන බැවින් හා දැනට මහනුවර නගරය ආශ්‍රිතව ක්ෂය රෝග තත්ත්වය බහුලව පවතින බැවින් හැකි තරම් ආරක්ෂිත ක්‍රියාමාර්ග පිළිපැදීමට ජනතාව දැනුවත් විය යුතු බවද වෛද්‍ය පසන් ජයසිංහ මහතා පවසයි.

    ෂේන් සෙනෙවිරත්න
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858

    SOURCE?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    සමහර රට වලට තදට බලනවා.
    ක්ෂය රෝගේ කොහොමත් මිනිස්සු අතරේ තියෙනවා නේද දොස්තර මහත්තයෝ. අමුතුවෙන් පැතෙරන්න දෙයක් තියෙනවද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ක්ෂය රෝගේ කොහොමත් මිනිස්සු අතරේ තියෙනවා නේද දොස්තර මහත්තයෝ. අමුතුවෙන් පැතෙරන්න දෙයක් තියෙනවද?
    තියනවා.
    එක්වරම කෙටිකාලයක් තුල වැඩි පිරිසක් වාර්තා වෙනවානම් ඒ ගැන විශේෂ අවධානයක් දෙන්නම ඕනා බං.
    ඇයි මෙහෙම වෙන්නේ? මොනා කණ්ඩායම් අතරද පැතිරෙනනේ(රොහලකට සම්බන්දද නැත්තම් පිට අයද)? ප්‍රතිශක්තිකරණ ප්‍රශ්න ඇවිත්ද? පරිසර සාදක වෙනස් වෙලාද? ඇයි අලුත් පිරිසක් අතරට ගියේ වගේ ඉතාම වැදගත් ප්‍රශ්න ටිකක් ලිහාගන්න ඕනා.
    නැත්තම් ඕක හරියට අපි බොම්බ ගහයි කියලා හිතුවා නමුත් මෙහෙම ගහයි කියලා හිතුවේ නැ වගේ තත්ත්වයක්.