නිවන කියන්නේ විසඳුමක් ...
විසදුමට අදාළ ප්‍රශ්නය ඔබ තුළින් නැගිය යුතුයි ...
විසඳුම තුළින් ප්‍රශ්නය නොව ප්‍රශ්නය මගින් විසඳුමට යොමු විය යුතුයි
විසඳුම ලඟා කරගන්න කලින් ප්‍රශ්නය හරිහැටි හඳුනාගන්න !
රෝග ලක්ෂණ වලට නොව රෝග මූලයට නිවැරදිව ප්‍රතිකාර කිරීම මගින් රෝගීන් මුලිනුපුරා දැමිය හැකිය, සුව කළ හැකිය.
ව්‍යාජ සිල් වෘතවලින්, ලෝකයාට පෙනෙන්න ධාර්මික වනවාට වඩා, ඒ මගින් සැබෑ ප්‍රශ්නය යටපත් කර සිත සනස ගන්නවාට වඩා, සැබෑවටම ප්‍රශ්නය කුමක්දැයි විමසා බැලීම ; තමාට තමා අවංක වීම සිදුකළ යුතුය.
රෝග ලක්ෂණයට ප්‍රතිකාර කිරීමෙන්
රෝගය නැවත මතුවිය හැකි ය
කෙටිකාලීනව සුව වුවත් ...
රෝග ලක්ෂණ මගින් රෝගය නිට්ටාවටම සුව කිරීමට රෝගයට ප්‍රතිකාර කිරීමෙන්
රෝගය මුලිනුපුටා දැකිය හැකි
නැවත ඇති නොවන්නම
අනුන් දමන ප්‍රශ්න වලට විසඳුම් සෙවීමෙන් වළකින්න
සැබෑවටම ඔබට තියෙන ප්‍රශ්නය හඳුනාගෙන ඊට ප්‍රතිකාර කරන්න
ඔබේ ප්‍රශ්නයක් නොවන
අනුන් විසින් ඔබගේ ඔලුවට දමන ලද
බලහත්කාරයෙන් ඔබගේ ඔලුවට ඇතුළු ප්‍රශ්න,
අප විසින් හදාගත් ප්‍රශ්න වලට
අපට සැබෑවටම නැති ප්‍රශ්න වලට
පිළිතුරු සෙවීමෙන් වළකින්න !
නැති තුවාලවලට බෙහෙත් නොදමන්න !
( බණ්ඩාරවෙල වංගිස ස්වාමීන් වහන්සේගේ "බුදුන් සොයා යාම" දේශනාව ඇසුරින් සකසන ලදී. )
Last edited: